ගව ඝාතනයට එරෙහිව මහනුවරදී ගිනි තබාගෙන අපවත් වූ බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ආදාහනය අඟහරුවාදා කහවත්ත පොරෝනුවදී සිදු කිරීමට නියමිතය.
දේහය ශ්‍රී සුගතාරාමයේ තැන්පත් කර ඇත.
ගව ඝාතනයට එරෙහිව මහනුවරදී ගිනි තබාගෙන අපවත් වූ බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ආදාහනය අඟහරුවාදා කහවත්ත පොරෝනුවදී සිදු කිරීමට නියමිතය.
දේහය ශ්‍රී සුගතාරාමයේ තැන්පත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර දේවදත්ත පරපුරේ කට්ටිය, හිමියන්ගේ දේහයටත් බනින්න, හිමියනි ඔබට අජරාමර නිවන් සැප ලැබේවා, ගවමස් කෑමෙන් වැළකෙමු.(නදී)
හාමුදුරුවනේ ඔබවහන්සේට නිවන්සුව අත්වේවා. මමත් ලංකාවේ හිටියනම් ඔබවහන්සේට අවසන් ගෞරව දන්වන්න එනවා.(නදී)
අපවත් වී වදාල ඔබ වහන්සේට නිවන් දොරටු විවර වේවා. මීට වඩා විකල්පයක් උවමනායි. අපේ රට හැදෙන රටක් නෙවෙයි. රටේ වැටෙන දෙය නැතිවෙන එක විතරයි වෙන්නේ.(නදී)
එළුවන් ,කුකුලන් , ඌරන්, පාත්තයින්, තාරාවන්, වැනි ගොඩ බිම් කාණ්ඩයන් ඇතුළු හාල්මැස්සන්, හුරුල්ලන්,තෝරු ,කෙලවල්ලා ,ඉස්සන් ,පොකිරිස්සන් ඇතුළු සියලුම කාණ්ඩ යටතේ ගිනි තියා ගැනිමට අයදුම් පත් කැදවනු ලැබේ. (පලිබෝදනාශක ,කෘමින් නාශක ,මැස්සන් මදුරුවන් වේයන් නාශක ලෙස පාවිච්චි කරන රසායනික ද්‍රව්‍ය වලින් මැරෙන සතුන් වෙනුවෙන් ගිනි තියගැනීමේ අයදුම් පත්ද සලකා බලනු ලැබේ ). අයදුම් යොමු කරන්න.(නදී)
සිංහලයා මෝඩයා කියන එක මේ හාමුදුරුවොත් ඔප්පු කළා.(නදී)
මගේ සාතිශය සංවේගය, ඔබට දෙවියන්ගේම පිහිටයි.(නදී)
උන් වහන්සේගේ ප්‍රාර්ථනය ඉටුවේවා.(නදී)
උන් වහන්සේට නිවන් සුව අත්වේවා!(නදී)
මහා මෝඩ වැඩක්. මෙහෙම ප්‍රශ්ණ විසදෙනවද? නිවන් සුව පතමි.(නදී)
මහේෂ්, චතුරිකා ඔබලා සිංහල බෞද්ධයෝද? නැත්නම් ජාතියක් ජම්මයක් නැති අයද? උන්වහන්සේ අපවත් උනේ සියලු සිංහල බෞද්ධයන් වෙනුවෙන්. එය බෞද්ධ දර්ශනයට අනුව හරි හෝ වැරදි එය අවතක්සේරු කරන්න එපා. ඔබලා මොන ආගමක අය උනත් ලියන්න දෙයක් නැත්නම් අඩුම තරමින් කටවත් වහගෙන ඉන්න අපවත් වී වදාළ ඒ ස්වාමීන්වහන්සේට අවමන් නොකර.(නදී)
මේ ස්වාමින්වහන්සේ ජීවිත පූජාව කලේ සියලු සිංහල බෞද්ධයා වෙනුවෙන්. ඒ නිසා උන්වහන්සේගේ අවසන් කටයුතු කරන දින ජාතික ශෝක දිනයක් කල යුතුයි. උන්වහන්සේට ජාතියේ ගෞරවය හිමිවිය යුතුයි. උන්වහන්සේට අමා මහා නිවන්සුව ලැබේවා.(නදී)
උන් වහන්සේගේ ප්‍රාර්ථනය ඉටුවේවා.(නදී)
දාල තියෙන ප්‍රතිචාර දැක්කාම නම් පේනවා කටිටියගේ තරම. ස්වාමීන් වහන්සේ ජීවිතය පූජා කලේ බයිබලය හෝ කුරානය කියවල නෙමේ. උන් වහන්සේ තමන් විසින්ම හොඳට සිතා බලලා සත්ව කරුණාවෙන් ගත්තු තීරණයක්. උන් වහන්සේ නැවත අපි අතරම ඉපදේවා.(නදී)
අද අපට රුවන්වැලි මහා සෑයක් තියෙන්නේ දුටුගැමුණු රජකෙනෙක් ගැන කතාකරන්නේ රටම එක්සත්වූ අනුරාධපුර යුගයක් ගැන මහත් අභිමානයෙන් කතා කරන්නේ එදා විහාර මහාදේවිය රට වෙනුවෙන් මහා මුහුදට බිලිඋන නිසා නොවේද? ගාමිණී සෙබලා එදා කොටින්ගේ රථයට පැන්නේත් මේ වගේම රට ගැන සිතා නොවේද? එහෙමනම් ඔබගේ මෙම දිවි පිදීමත් කවදාක හෝ පල ලබනු නියතය. එදාට ඔබට එරෙහිව වදන් පලකල අයද එහි පල භුක්ති විඳිනු ඇත. ඔබගේ දිවි පිදීමෙන් කල යම් ප්‍රාර්ථනයක් වේද එය එසේම ඉටුවේවා! යනු මගේ පැතුමයි. ඔබ කල මේ මහා ජීවිත පරිත්‍යාගයේ අනුහසින් ඔබ පතන බෝධිය කින් උතුම් වූ නිවන් සුව ඔබට අත්වේවා!(නදී)
ප්‍රදීප, කව්රු කලත් වැරැද්ද වැරද්දමයි. බල සේනාවක් ආවට පස්සේ සිදුවන දේවල් බැලුවම දේව කෝපය වෙන්න ඇති.(නදී)
මොනවා කලත් සත්ව ඝාතනය රජයෙන් වුනත් නවත්වන්න බැහැ, හේතුව සංචාරක ව්‍යාපාරය තිබිය යුතු නම් සත්ව ඝාතනය සහ තැබෑරුම් තිබිය යුතුයි. (ස)
මෙහි ගවයෙක් සත්ව අදහස් දක්වා ඇත. ඒ ගවයා වෙනුවෙන්ද සිය දිවිය පූජා කළ හිමියනි ඔබට නිවන් සුව පතමි. (ස)
අය්යෝ ලංකාවේ අද කොච්චර දේවල් තියෙනවද විසඳන්න. ළමයි දූෂණය කරනවා. මිනි මරනවා අනේ මන්දා ?(නදී)
මහේෂ්- ඔබ හුඟාක් නිවැරදි
ගවයා අපේ දෙවැනි මව හා සමානයි. අපට ලොකු වුනාම මව්කිරි බොන්න බෑ. ඒ වගේම මව මියගිය දරුවා ජීවත් කරන්නේ එල කිරි බීලා. අත දරුවන්ට වෙන ආහාර දෙන්න බැහැනේ. ඉතින් ඒ වගේ සතා මරාගෙන කන එකා ඊටවඩා තිරිසනා. ඉතින් මේ හිමියන්ගේ ජීවිත පූජාව විහිළුවට ලක්කරන මිනිස්සු කව්ද කියලා කාටත් තේරෙනවා ඇති කියලා මම හිතනවා. උන්වහන්සේට නිවන් සුව අත්වේවා. (ස)
මම නම් කියන්නේ මේක බුදු දහමට අගෞරවයක්. මේ හිමි නම මැරුන ආකාරය. එහෙත් මෝඩ බුදු බන නොදන්නා නමට බෞධයන් වුන අයට බොහෝ දේ කීමට ඇත. තිරිසන් සතෙක් වත් සිය දිවි හානි කර ගන්නේ නැහැ. සත්ව කරුණාව තිබුනා නම් මොකද අනික් සතුන් මරනවට කතා නැත්තේ. කුකුලන් මාළුවන් ඌරන් ඉබ්බන් අපේ නැතිවන අලි පරපුර. මේවා සත්ව ඝාතන නෙමේද ? බුදු බනෙහි කොහෙවත් අනුමත කරන්නේ නැහැ සිය දිවි නසා ගැනීම. මේවා හුදෙක් මෝඩ කමට සහ වෛයිර සිතෙන් කරන දේවල්. අනික් එක මේ හිමිනම මලේ බෞධයන් වෙනුවෙන් නොවේ ගවයන් වෙනුවෙන්. සමහරු මෝඩ තර්ක දානවා. ඕනේ නම් මෙය පැහැදිලි කලාට මට බනින්න අන්‍ය ආගමිකයෙක් කියලා. මම හොඳ බෞධයෙක්.(නදී)
හරක් මස් කෑල්ලට ගිජු වෙච්ච අය සිංහල නම් දාගෙන හාමුදුරුවන්ට අපහාස කරනවා.(නදී)
හමුදුරුට දෙවියන්ගේ පිහිටයි ..... (ස)
මහේෂ්ගේ කතාවට මත එකයි,එක නොතෙරෙච්ච උදවිය තමයි සම්ප්‍රදායික බය්ලේ ගහන්නේ,ගව ගාතනය පමණක් නෙවේ සියලුම සත්වයන් ගාතනය නැවැත්විය යුතුය,එතකොට තේරේවි ඔය කට්ටියට කොයිතරම් ප්‍රයොගිකද කියල ඔය නිතිය,ඇත්තටම අපහසුය,මෙය නැවත්වීමට නම් ගව මස් කෑමෙන් වැළක්විය යුතුය,ගව මස් කන පිරිස කොන් කල යුතුය,නැතුව ඉක්මන් වීමෙන් කිසිවක් නොලැබේ, (ස)
හරක් මස් කෑල්ලට ගිජු වෙච්ච අය සිංහල නම් දාගෙන හාමුදුරුවන්ට අපහාස කරනවා. මේ ස්වාමින්වහන්සේ ජීවිත පූජාව කලේ සියලු සිංහල බෞද්ධයා වෙනුවෙන්. ඒ නිසා උන්වහන්සේගේ අවසන් කටයුතු කරන දින ජාතික ශෝක දිනයක් කල යුතුයි. උන්වහන්සේට ජාතියේ ගෞරවය හිමිවිය යුතුයි. උන්වහන්සේට අමා මහා නිවන්සුව ලැබේවා.(නදී)
නිලූ මට කියල දෙන්න කොහෙද බුධාගමේ හරක් මස් ගැන කියල තියෙන්නේ කියල .සිය දිවි නසා ගැනීම අනුමත කරලා තියන්නේ . ඔයාල වගේ මෝඩ බුද්ධාගම් කාරයින් නිසා තමා සමහරු ආගම අත හැර වෙනත් ආගම් වලට යන්නේ . කවුරු හෝ හරි වැරෙද්ද පෙන්නුවොත් ඒ අය අන්‍යාගම් කාරයෝ . ඔය මෝඩ වැඩ අනුමත කළොත් බුද්ධාගම් කාරයෝ. මෙහෙම කිව්වට තරහ ගන්න එපා. (ස)
මේකේ අදහස් දක්වන සමහරු මැරුණම වළවල් වලටත් හෙණ ගහවී (ස)
මොන දේ කිවත් සිය දිවි නසා ගැනීම වැරදි කියල , එක අන්‍යාගම් කාරයෙක් . මම කියන්නේ හාමුදුරුවෝ කළේ හොද වැඩක් දැන් මම බුද්ධාගම් කාරයෙක් ද ? ජාති වාදී අන්ත වාදී බවේ හිනි පෙත්තට නැගපු අය ඉන්නේ. මේ අය ඉන්න වෛරය ක්‍රෝධය අත්මාර්ථකාමී බවෙන් ඉහ වහා ගිහින්. (ස)
මට ඒ සිදිය තවම බලන්න බැහැ
මේ දාල තියෙන අදහස් දිහා බලපුවහම හරිම දුකක් තමයි ඇති වෙන්නේ. මෙතන අදහස් දාලා තියෙන අය සමහර විට වෙනත් ආගම් වල කට්ටිය වෙන්න ඇති.නමුත් මිනිසුන් ලෙස උප්පත්තිය ලැබූ ඔබට කියන්න තියෙන්නේ ඔබ ලැබූ උතුම් මිනිසත්කමෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න.මොකද ඔබ මේ ආත්මය තුල කරගෙන යනු ලබන මෙම පව්කාරකම් හේතු කොට ගෙන ඊලග ආත්ම භාවය නිරයේ හෝ අපායේ ඉපදෙනු නියතය.එම නිසා මිනිසුනේ ඔබ කුමන ආගමේ වුනත් සත්ව හිංසනයෙන් වලකින්න.පස් පවින් වලකින්න.ජීවත්ව සිටි කාලයේ කුමන දේ කළත් මළ මිනිසෙකුට ගෞරවය දක්වන්න. මිනිසත්කම ලග තියාගන්න මියෙන තුරාවට.ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ඇත.තෙරුවන් සරණයි. (නි)
ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා! (නි)
බුදු දහමට අනුව සියදිවි හානි කරගැනීම විශාල පාපයකි. බුදුදහම ගැන හොදින් හදාරා කතාකිරීම නුවණට හුරුයි. සත්වයා මැරීම මම තරයේ හෙළාදකිනවා. උන්වහන්සේට නිවන් සුව පතනවා! (නි)
මේ මරණයට වග කිව යුතු අය බොහෝය. නීතිය අනුව ඔවුන්ට දණ්ඩ නීති සංග්‍රහයට අනුකුලව දඩුවම් ලැබිය යුතුය. නීතිය ගැන මම දන්නා නිසයි කියන්නේ. (නි)
බාරගන්නවා නම් මෙන්න අභියෝගය. පුලුවන් නම් සංඝයා වහන්සේලා හරක් මස් වලදන එක නවත්වන්න. මම හරක් මස් කන්නේ නැහැ. මරනවට එකගයි (නි)
මෙම හිමිනම ජීවත්වෙලා හිටියා නම් තව කෙනෙකුට බණ කියන්නවත් තිබුනා. ඔබ වහන්සේට නිවන් සුව පතමි! (නි)
මම මස් නොකමි. සතුන් නොමරමි. මේ විෂ්ණු වින්ෂතියයි. ගිනි විපත් බහුලයි.ගව මස් බුදින්නන්ට සුවිශේෂ අපලයි. හාමුදුරුවන්ට නිවන් සුව. (නි)
මේ හමුදුරුවො නම් හරිම මෝඩ වැඩක් තමා කරගත්තේ. ජීවත්වෙලා නේද මේවට විසදුමක් හොයන්න තිබ්බේ ? දැන් ගව ඝාතනය ඉවර කරනවද ? දිවි නසා ගත්තහම සසර දුකෙන් අත මිදෙන්න අමාරුලු කියලා බුදු බණේ කියනවනේ.නමුත් හාමුදුරුවනේ ඔබවහන්සේට නිවන් සුව! (නි)
එක යුද්ධයක් ඉවරවුනා තවත් යුද්ධයක් හදන්නයි හාමුදුරුවරු හදන්නේ. (නදී)
මෙවන් වැඩ නැවත කවුරුත් කර ගන්න එපා
පෙරේරා, පිහියක් ගෙන ඔබගේ බෙල්ලට තබා බලන්න. එතකොට මරණ බියෙහි තරමත් ආගමත් සිහිවෙයි. බෞද්ධයින්ට ආගම උගන්වන්න ඔබ අවශ්‍ය නැත. උන්වන්සේගේ සියලු ඉල්ලීම් අපි අමතක නොකිරීම උන්වහන්සේට කරන ගෞරවයකි. 1. මෙම ධර්මද්වීපයේ ගව ඝාතනය නතරවේවා. 2. ත්‍රස්තවාදය තුරන් වේවා. 3. බලහත්කාරයෙන් ආගම් වලට හරවා ගැනීමට එරෙහි පනත පාර්ලිමේන්තුවේදී සම්මත වේවා. 4. සර්වාගමික බුදුදහම විනාශ කරන පූට්ටු නැති වේවා. 5. බෞද්ධ රටට ගැලපෙන ව්‍යවස්තාවක් නිර්මාණය වේවා. (නි)
මෙතරම් සත්ව කරුණාව ඇත්තෝ ඉතාම හිගය (නි)
එළ කිරි අපි බලෙන් බොනවා. මේකත් පව්කාර වැඩක් නේද? (නි)
භික්ෂුවකගේ ප්‍රධාන කාර්ය වනුයේ සත්වයා නිවන් මාර්ගයට යොමු කරවීමයි. මේ විදියට සිය දිවි නසාගෙන මෙම හිමියන් සත්වයන් හට සපයා තිබෙන්නේ ඉතා වැරදි පුර්වාදර්ශයකි. (නි)
ලංකාව වගේ රටක මෙහෙම ප්‍රශ්න විසදන්න බැහැ. යමෙක් හිතනවා නම් මේ ස්වාමීන් වහන්සේගේ ක්‍රියාකලාපය නිවැරදියි කියලෙ බුද්ධ ධර්මයට අනුව එකග වෙන්න බැහැ. මෙවැනි මනස්ගාත වැඩ වලින් ගව ඝාතනය ලංකාවෙන් තුරන් කරන්න බැහැ. අද ලංකාවේ ඉන්න මහා නායක ස්වාමීන්වහන්සේලා මේ පිලිබදව කිසිම ප්‍රකාශයක් කරලා නැහැ. දේශපාලන බලවතෙක් හමුදාවට හරක් මස් සපයනවා. දේශපාලන බලවතුන් මස්කඩවලට බලපත් දීල තියනවා ඒවා අවලංගු කරන්න ගියොත් දේශපාලන ගැටළු මතුවීම කාටවත් වලක්වන්න බැහැ. පිට පළාත් වලින් හොර හරක් ලොරි ගණන් ප්‍රවාහනය කරන්නේ දේශපාලන බලවතුන්ගේ හවුහරන මතයි. ලංකාවේ ප්‍රථම වතාවට ගව ඝාතනය තුරන් කරමු කියන තේමාව යටතේ විරෝධතාවයක් ආරම්භ කලේ මීට වසර 30 කට පෙර රත්නපුර ප්‍රදේශයෙන් ඊට පසු නොයෙක් ප්‍රදේශ වල විරෝධතා පැවැත්වුනා. මේ වෙනකම් කිසිම රජයක් ගවඝාතනය පිලිබදව තීන්දුවක් අරගෙන නැහැ. මින් පෙනී යන්නේ මේ ප්‍රශ්නය බීරි අලින්ට වීණා වාදනය කරන්නාක් මෙනි .පෞද්ගලිකව අපිට කිව හැක්කේ ඔබ වහන්සේට අමා මහා නිවන් සුව ලැබේවා කියායි.(නදී)
මහේෂ් ඔයාලා වගේ අය නිසයි රටට මෙහෙම වෙලා තියෙන්නේ.(නදී)
කකුල් හතරේ හරක් තණකොළ කන්නේ. කකුල් දෙකේ හරක් මළකුණු කන්නේ.( ඉතින් කවුද හරක් කියල ඔබම තීරණය කරන්න.)(නදී)
බෞද්ධ මිතුරු මිතුරියනි, බාලයන් හා තර්ක නොකරන්න. හිමියනි, ඔබට අමා මහ නිවන් සුව පතමි (නි)
අමාලි සිල්වා, ඔයා බුදුදහම දන්නවද.? මේ හිමියන් සිය දිවි නසා ගත්තා කියන්න බැහැ. උන් වහන්සේම කියලා තියෙන්නේ තමන් වහන්සේ ජීවිතය පූජා කරනවා කියලයි. අමතක කරන්න එපා බුදු දහමේ කියන්නේ චේතනාහං භික්ඛවේ කම්මං වදාමි කියලයි. (නි)
හරක් මස් කෑල්ලට දිවිනසා ගන්නවා. අද අපේ රට විනාශ කල කුඩු කාරයෝ හා කුඩු ගැන ගිනි තියාගන්න කවුරුවත් නැද්ද ? කුඩු වලට අත තිබ්බොත් වෙන දේ මොක්කක්ද කියලා හාමුදුරුවරු දන්නවා. කුඩු අයිතිකාරයෝ ලොකු අය බවත් ඔවුන් දන්නවා. ඒ නිසා මස් කෑල්ලට සෝබන දානවා. කුඩු වලට ගිනි තියා ගත්තොත් පහුවෙනිදාට පන්සල සමතලා වෙන බවත් දන්නවා.(නදී)
දැඩි මානසික ආතතිය නිසා ඔබ වහන්සේ මෝඩ තීරනයක් ගත්තේ. එමගින් ඔබෙන් බණ අසා එක මිනිහෙක් හෝ යහමගට ගැනීමට තිබූ අවස්ථාව අහිමි වුණා. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
අමිල , අදහස් දැක්වීම නිදහස් දෙයක්. ඔබ ඉතාමත් ද්වේශයෙන් පිරි පුද්ගලයෙක්.ඔහොමද කතා කරන්නේ.මම හිතුවා පත්තරේ කියවන කට්ටියට මොලේ තියෙනවයි කියා.මම වැරදියි. මෝඩ ඔබ වැනි අය මිනිස්සුද කියලත් සැකයක් තියෙනවා. නිලූ , අපිට ඊට වැඩිය දේවල් තියෙනවා ශෝක දින කරන්න. අසිරිමත් සිරි ලංකාව මුල් තැන ගන්නවා වැඩියෙන්ම නිවාඩු තියෙන රට හැටියට. (නි)
මේ විදිහට දරුණු තීරණ බුදුදහම අනුමත නොකරයි.ගිනිතබා නොගෙන, වකුගඩු, ඇස්,අක්මාව වැනි ඉන්ද්‍රිය දන්දීමට ඉදිරිපත් වුනානම් මීට වඩා කොච්චර බුද්ධිමත්ද? බුදුදහම බුද්ධියෙන් විමසා බලන්න! (නි)
වියත් සභාවක අදහස් අගයමි (නි)
අපරාදේ කියන්න බැහැ , අන්‍ය ආගම් භක්තිකයෝ දන්නවා බුද්ධාගම ගැන අපේ සිංහල බෞද්ධයන්ට වඩා. පුදුම ලැජ්ජාවක්. නමට විතරයි ආගම. (නි)
සුසිල් මිලානෝ ,මීට කලින් නුබට උත්තර ලිව්වා. එක පළවුණේ නැහැ. මමත් හොද බෞද්ධයෙක්. අපේ අම්බලන්ගොඩ එක මස් කඩයක් නැහැ. මරන්න ගිය ගවයෝ තුන් දෙනෙක් මම මරණෙන් නිදහස් කරල තියෙනවා. නුබ මට කිව්වේ අපහස කරන දෙයක් මීට කලින්. ඔහේ මොනවද කොරලා තියෙන්නේ. නිකන් කට තිබ්බ පලියට ගරහන්න එපා. දැක්ක නේද සමහර සන්ඝයා මරා ගන්නවා මැරුණු මල මිනිය බෙදා ගන්න බැරුව. මේ කලේ මිනිස් ආත්මයට නිගරුවක්. අනගාරික දම්පල් උතුමා ඔය විදිය ගොන් තක තීරු දේ කලේ නැහැ. අන්න එව්ව ආදර්ශයට ගන්න. දේශපාලනේ වෙනයි, ආගම වෙනයි හරිද?. ඔය මිලානෝ විදියට හැසිරෙන්න. අපි ශ්‍රීලාංකිකයෝ.(නදී)
අනේද කියන්නේ? ලංකාවේ මස් කඩයක් ගාව ඉන්නකෝ බලන්න. වැඩියෙන්ම මස් කන අය කවුද කියලා? අපේම සිංහල අය. එකත් එකටම අද ලංකාවේ තියෙන ප්‍රශ්න හැටියට මස් කන එක තමා මුලින්ම නවතන්න ඕනෑ. (නි)
කව්රු මොනවා කීවත්, කලත්, කල්දේ කිව කිව දෙය කල, මෑත කාලයේ ආඩම්බරයෙන් සිංහල බෞද්ධ අපට කතා කල හැකි ආදර්ශමත් චරිතයකි මේ එඩිතර හාමුදුරුවෝ. මම ඔබ වහන්සේට නිවන් දකින්න ප්‍රර්ථනා කරන්නේ නැහැ. ඔබ වහන්සේ නිවන් දැක්කොත් නැවත උපදින්නේ නැති නිසා. ඔබ වහන්සේ නැවතත් අපේ රටේ ඉපදී සිංහල ජාතිය වෙනුවෙන් හඬ නගන්නට ඉපදේවා කියා අපි ප්‍රර්ථනා කරනවා. ලංකාවේ මේ සිදුවීම වාර්තා කල අය අත්අඩංගුවට ගැනීම නොව රට තුල මේ හාමුදුරුවෝ නොකරන ලෙසට ඉල්ලා සිටිය දේවල්,රට තුල අදත් කරන අය අත්අඩංගුවට ගැනීමට නීති සැකසීමට ජාතික,ආගමික හැගීමක් නැති මෝඩ මිස දිටු පාලකයන්ට ශක්තිය දිරිය ලැබේවා! ජාතිමාමක ගරු බෝවත්තේ සමිඳුනි ඉන්ද්‍රරතන නැවතත් අප රටේම ඉපදේවා!ඉපදේවා!ඉපදේවා!(නදී)
ප්‍රදීපා,කාලිංග, මම මහේෂ්. මගේ නමින් කවුද කෙනෙක් මේ ශ්‍රේෂ්ට හිමිනමට අපහාස කෙරුවට මේකත් මේ අපි දාන අදහස් වලට වඩා සම්පූර්ණයෙන්ම විරුද්දයි. මම දකුණේ හොඳ සිංහල බෞද්ධ ජාතිවාදියෙක්, ආගම්වාදියෙක්. අපි ඔය මීගමුවේ පැත්තේ වගේ ආගම, ජාතිය පාවා දීපු අය නෙවෙයි. ඉතින් මම දන්නේ නෑ අපේ ශ්‍රේෂ්ට ස්වාමීන් වහන්සේට අපහාස කරලා එහෙම දේවල් දාන්නේ කව්ද කියලා. ඉතින් මම කියන්නේ මම ජාතිය ආගම බේරගන්න අන්ත ජාතිවාදී සහ ආගම්වාදී අයෙක් තමයි. ඉතින් අර මගේ නමින් පත්තරේ දාපු කෙනාට මොකද වෙන්නේ දන්නවද?(නදී)
උන්වහන්සේට ප්‍රාදේශීය සභාවටවත් එන්න බැරි වුනේ විදුලිබල දෙපාර්තුමේන්තුවේ රැකියා දෙනවා කියල ලක්ෂ ගණන් අරගෙන වංචා කිරීම හේතුවෙන්. එම තරුණ තරුණියන් උන්වහන්සේව කොටු කරගන්න ප්‍රාදේශීය සභාව ඉදිරිපිට හිටපු නිසයි. වීරකැටිය පොලිසියේ අංක 193/2013 B වර්තාව අනුව චෝදනා රැසක් ඉදිරිපත් කරලා තියෙනවා. අදිකරණය මගහැරීම පිළිබඳව අත්අඩංගුවට ගෙන අදිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කර ඇත. සිවුරේ අනුහසින් මෙවැනි දේවල් වලින් බේරී හිටියත් ඔබවහන්සේට කල කම් පල දී ඇත.(නදී)
ප්‍රදීපා කියන විදිහට හාමුදුරුවෝ ගිනි තියා ගත්තේ සිංහල බෞද්ධයන් වෙනුවෙන්ලු. මුළු රටම දන්නේ හාමුදුරුවෝ ගිනි තියා ගත්තේ හරක් මරණ එක නවත්තන්න කියල. මැරෙන්න කලින් රූපවාහිනියට කතා කරලා කිව්වේ එහෙමයි. කොහොමත් ලංකාවේ දැන් වෙන දේවල් වල හැටියට ලංකාවේ ඉන්නේ ඔක්කොම හරක් වෙන්නත් බැරි නෑ නේද? මහා ලොකුවට බෞද්ධයෝ කියලා බෙරිහන් දුන්නට මේකේ සාදු සාදු කියල අපවත් වෙච්ච හාමුදුරුවන්ව පුප්පන්න හදන මෝඩයෝ ටික කරන්නෙම බුද්ධාගමේ කරන්න එපා කියන ඒවා. පුලුවන්නම් මට මේකේ ප්‍රතිචාර දාන පන්සිල් පද පහම හරියට තිතට පිලි පදින බෞද්ධයෙක් ඉන්නවනම් කියන්න. බෞද්ධකම කියන්නේ ගිනි තියා ගන්න එක නොවෙයි. බුදු හාමුදුරුවන් ලෝකෙට දුන්නු වටිනා දර්ශනය අනුව ජීවත් වීම තමයි නියම බෞද්ධකම . අපවත් වූ හාමුදුරුවෝ බුදු දහමට විරුද්ද වැරදි ආදර්ශයක් දුන්නේ. මේකේ ප්‍රතිචාර දාන සමහර සිංහල බෞද්ධ කියලා හිතන අය ඇත්ත කතා කරන අයට බැනලා ලියනවා. ඕවා දෙනු පරහට, තමා සම්මතයේ පිහිටා සිට.(නදී)
ලංකාවේ සමහරක් හිතන් ඉන්නේ බුද්ධාගම ලංකාවට ලියල දීලා කියලා. යුද්දෙන් පස්සේ බුද්ධාගමට නැති ආලයක් පෙන්නන්නේ වෙනත් ආගම් සහ ජාතීන් මර්ධනයට. මම උඩහමුල්ල ධර්මදීප්ති දහම් පාසලෙන් දහම් ඉගෙන ගත්තේ එම්. දී ගුණපාල මහතාගෙන්. ඔවුන් ඉතා ගුණවත් දේශමාමකයෝ හා දේශ හිතෛශියෝ. මට එකක් කියන්න පුළුවන් ඉන්දියාවෙන් පරිප්පු ප්ලෛන් එකක් ගොඩ බෑමට ඉතා ආසන්නයි.(නදී)
මේ හාමුදුරුවෝ බුදුදහම නොදන්නා කෙනෙක්. අපි කොහොමද නිවන් සුව ප්‍රර්ථනා කරන්නේ ? සිය දිවි නසා ගැනීම පවක්. (නදී)
මෙවැනි දේ සිදු කරන කුමණ ආගමක වුවත් කෙළින් වීදිය පිටකොටුව වගේ කිළින් වීදිය නිරය තමයි. එහි කිසිම සැකයක් නොමැත. නිකං අපි නිවන් සුව ප්‍රාර්ථනා කර ඵලක් නොමැත.(නදී)
මේ සවමින් වහන්සේ දිවි දුන්නේ ගවමස් කෑම නැවැත්වීමට යැයි ලගු නොකරන්න. මේ ජීවිතේ පුජා කලේ ඔබ සැමගේ ඇස් ඇරවීමටය. බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියත් , මුස්ලිම් අන්තවාදයත් මේ රටට කරමින් සිටින විනාශයෙන් මේ සිංහල බෞද්ධයන් බේරා ගැනිමටය. මේ වටිනා ජීවිත වලට ණය නොවී සිංහල බුදු දහම බේරා ගැනිමට අවදිවන්න (නි)
බුදුහාමුදුරුවෝ කොතනද සියදිවි හානිකර ගැනීම අනුමත කරලා තියෙන්නේ? හාමුදුරුවෝ ඉන්නේ නිවැරදි දේ කියලා දෙන්න. මේ ආදර්ශය දෙන්නේ කාටද? නිර්මල බුදුදහම ප්‍රචාරය කරන්න ඉන්න අය මෙහෙම ආදර්ශ දුන්නම අහිංසක බෞදයට යන කල මොකක්ද? අද ලංකාවේ හාමුදුරුවන්ගේ ක්‍රියා කලාපය දැක්කම අර සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ සිංදුව මතක් වෙනවා "අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ" (නි)
මේ හාමුදුරුවන්ගේ අධිෂ්ඨානශීලි බවට මම ගරු කරනවා. ඒත් මේ හාමුදුරුවො ජීවිතය විනාශ කරගැනීමෙන් භික්ෂුන් වහන්සේලාගේ බලපෑම් කිරිමේ සමාජ බලයට විශාල හානියක් වුණා. මම හිතන්නේ මේ හාමුදුරුවො වයසට ගිහින් මහන වුණ කෙනෙක් විය යුතුයි. අඩුම වශයෙන් පැවිදි ජීවිතය වසර දහයක්වත් ගතවෙලා නැතුව ඇති. දීර්ඝ කාලයක් පැවිදි වී හිටියා නම් ඔයවගේ තත්වයට පත්වෙන්නේ නැහැ (නි)
මේ ස්වාමින් වහන්සේ ජීවිතය දුන්නේ පහත කාරණා නිසාය. 1. සිහල බෞද්ධයාගේ රජය සුරක්ෂිත කිරීම 2. සිංහල බෞද්ධන්ගේ මොළ හෝදන බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනය නැතිකොට , සිංහල බෞද්ධ අධ්‍යාපනයක් ඇතිකිරීම 3 .සිංහල බෞද්ධ ආහාර සංස්කෘතියක් ඇතිකිරීම 4. මුස්ලිම් අන්තවාදය පැරදවීම 5. උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ සුරක්ෂිතබව ඇතිකිරීම (නි)
සියදිවි නසාගැනීම බුදු දහමට පටහැනිය. (නි)
මේ හාමුදුරුවෝ ජිවිත දානය දුන්නේ මේකේ අදහස් දක්වලා තියෙන සිංහල බෞද්ධ අයගේ අනාගත දරු පරම්පරාවේ අභය දානය වෙනුවෙන්. ගව ඝාතනය වෙනුවෙන් විතරක් නෙවේ. ඔබ වහන්සේට නිවන් සුව පතමි.(නදී)
අන්‍ය ආගමික අය හාමුදුරුවන්ට අපහාස කරන්නෙ නැතුව කටවල් වහගෙන ඉන්නවද? හිමියනි, ඔබට අජරාමර නිවන් සුව! (නි)
අපි මෙ හිමිනමට අපහාස කරන්නේ නැහැ. හේතුව මොනවා වුනත් හිමිනමකට ජීවිතේ අහිමි කර ගැනීම නම් පිළිගන්න අමාරුයි. . මීට වඩා බුද්ධිමත් විදිහකට ඔය ප්‍රශ්නෙ විසඳා ගන්න තිබුනෙම නැද්ද?(නදී)
කුමාර, බුදු දහම දන්නේ නැත්තම් ඉගෙන ගන්න දැන්වත්. බුදු හාමුදුරුවෝ බුදු වෙන්න පාරමිතා පුරන කොට ජිවිත දානය දීපු අවස්ථා ඕනා තරම් තියෙනවා. ඇට, ලේ, මස්, ඇස්, හිස් දන් දීපු අවස්ථා ගැන දේශනා කරලා තියෙනවා.(නදී)
ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ කළේ උතුම් වූ මහා පූජාවක්. නමුත් සමහරු ඊටත් වැරදි අර්ථකථන දීම කණගාටුදායකයි (නි)
මහසෙන් ඔබ හරි. අන්ත වාදීන්ට ආගමවත් තේරෙන්නේ නැත. බෞද්ධාගම ආරක්ෂා කරගන්න හදන ඔබට පින්.(නදී)
හිමියනි ඔබ ඉතා නිවරදිය. විදුලිය වැඩිකිරීමට විරුද්දව මමත් ඔබ කළ දේම කරමි.(නදී)
අපවත් වී වදාල හාමුදුරුවන්ට අපහාස කරන්න එපා, ඔබ ජාති හිතෛශියෙක් නම්. තම ආගමට ආදරෙයි නම් සත්ව ඝාතනය අත් හරිමු. මිනිස් ඝාතන තුරන් කරමු. බෝවත්තේ හාමුදුරුවන්ට නිවන් සුව. සතුන් මැරීම පොසොන් පෝයට පෙර නවත්වමු. (නි)
අපේ අම්මල ණය වෙලා හොඳම දේ උයලා දානේ දෙනවා හාමුදුරුවරුන්ට. අපි බත් කන්නේ පරිප්පු එක්ක. අපි එහෙමයි පූජ්‍ය ලක්ෂයට සළකන්නේ (නි)
ශ්‍රී, ඔයාට ගොඩක් පින්. මම බුදුදහම ඉගෙන ගන්නම්. ඔයා සිංහල ඉගෙන ගන්න. මම ලියලා තියෙන්නේ "බුදුහාමුදුරුවෝ කොතනද සියදිවි හානිකර ගැනීම අනුමත කරලා තියෙන්නේ?" කියලා. සරල දෙයක්වත් තේරුම් ගන්න බැරි ඔයා වගේ අයට අනුකම්පා කරන්න ඕනෑ. මට දහම් පාසලේදී උගන්නලා තියෙන්නේ එහෙමයි. ඔයාට බුදු සරණයි! (නි)
ලංකාව එතරම් දැහැමි නම් මහා බැංකු වාර්තා අනුව රජයේ ආදායමෙන් ප්‍රදාන අදායම සිගරට් සහ අරක්කු වෙන්නේ කොහොමද? එතොකට මේ රටේ බහුතරය සිංහල බෞද්ධයෝ කියලා කියනවා. එතොකට රජයේ සිගරට් අරක්කු ආදායම මේ තරම් වැඩි උනේ අන් ආගමීකයන් නිසාද? පිස්සු බහුබූත කතා ලියන මිනිස්සු මේවා ගැන හිතලා බලන්ඩ. පස් පවු ගැන කතා කරනවා මිනිස්සු ඩෝප් දාලා ගෙදර ගෑනිට ගහනවා. දරුවන්ට ගහනවා ගේත් කාලා ගමත් කාලා රටත් කනවා. නිකන් හරකෙක් නිසා අපේ හාමුදුරුවෝ වටිනා ජීවිතයක් නැති කර ගත්තා. හරකෙක් නිසා ඇයි මේ අපරාද. මේවා මෝඩ වැඩ. කන කෙනා කන්න ඕනා. අනිත් කෙනා නිකන් ඉන්න ඕනා. මම කිව්වා රජයේ ආදයම් මාර්ග ප්‍රදාන අරක්කු සහ සිගරට් නීත්‍යානුකූල ඒවා එතොකොට හොර කසිප්පු සහ සිගරට් මේවා නිකන් විහිළු තහළු. අපරාදේ ජීවිතයක්. ජනතාවට හොදින් ජීවත්වෙන්ඩ කියල දෙන්නයි ස්වාමීවන්වහන්සේලා ඉන්නේ. නැතිව චන්ඩි වගේ හැසිරෙන්න නෙමෙයි.(නදී)
ඔබ වහන්සේට නිවන්සුව අත්වේවා!(නදී)
ගරු හිමියනි, ඔබගේ පරාමිතාව සඵල වේවා! තණකොළ කන හරකුන් වෙනුවෙන් ඔබගේ ජීවිතය පුජා වුවත්, බත් කන හරක් මේ රටේ බහුල බව දැනගන්නට අද ඔබ, අප අතර නැත හිමියනි. මෙවැනි පිරිසක් සමග ඔබ පතන ලංකාව කෙසේ ගොඩනගන්න හැකිවේද? තවම කල්පනා කරමි. (නි)
මහේෂ් කියන්නේ මස් වැද්දෙක්.(නදී)
කුමාර ඔයා ජාතක කථා කියවලා නැද්ද? බුදුන් වහන්සේ පාරමිතා පුරද්දි තම ජිවිතය පුජා කරලා තියෙනවා. ඔයා දන්නවද වියට්නාමේ හාමුදුරුනමක් ගිනි තියාගෙන මුලු වියට්නාමෙම ඇමෙරිකා විරෝධී කළා. ඒක මතකද? (නි)
නිවන් සුව ලැබේවා! (නි)
මුස්ලිම්,දෙමල හෝ කතෝලික අයව පැත්තකින් තියමු. ලංකවේ ඉන්න ඔක්කොම සිංහල බෞද්ධ කට්ටිය මස් මාළු කන එක නවත්වන්න. එතකොට පලවෙනි අරමුණ ඉටුවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දෙවැනි එක බලමු. (නි)
" සිංහල දිවයින තුල කුලවත් කාන්තාවකට පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා කිසිදු කරදරක් නොවී ගමන් කළ හැක "රෝබර්ට් නොක්ස් .. මේ බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනය , දේශපාලනය හරහා සිංහල බෞද්ධයන් ගේ මොලය සේදීමට කලින්ය. නමුත් දැන් ඔබව මහා රැවටීමකට හසුකොට බටහිර දැනුමට නමස්කාර කරන දෙසට යොමු කොට ඇත. ඔබ නමින් බෞද්ධ වුවත් ඔබ සංස්කෘතිකව ක්‍රිස්තියානි කොට ඇත. (නි)
විවිධ මිනිසුන්ගේ අදහස් විවිධ වේ. නමුත් මෙම ප්‍රවෘත්තියේ අදහස් දක්වනකොට කොයි කවුරුත් උපහාසයෙන් හෝ අපහාස වන අන්දමෙන් අදහස් පලනොකරනු. එය මිනිසත් බවයට කරන අපහාසයකි. (නි)
දැන් කෘමිනාශක පාවිච්චිය ගැන සේනාව මොකද කියන්නේ? (නි)
ගව ගතනයට වැඩිය වෙන අපරාධ ලංකාවේ නැද්ද?මත්පැන් සිංහල බෞද්ධයා විනාශ කරන්නේ නැද්ද?කුඩු සහ මත් ද්‍රව්‍ය සිංහල බෞද්ධයා විනාශ කරන්නේ නැද්ද ? (නි)
ලංකාව පුරාම ඉන්න බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටිමු කාරුණිකව ජිවතය පුජා කල හිමියන්ගේ ඉල්ලීම් වහාම ඉටුකරන්න කියා. ඉන්ද්‍රරතන හිමියන්ට අමා මහා නිවන් සුවම අත්වේවා! (නි)
බුදු දහමට නිගාවක් නේද මේක? (නි)
අපේ රටේ හාමුදුරුවරු තිස් හත් දහක් ඉන්නවා. ඉන් සුළු පිරිසක් තමයි බුදුන් වහන්සේ දෙසු දහම අනුව අන් අයටත් ධර්මය දේසනා කරමින් ඉදිරියට ගමන් කරන්නේ, කොණ්ඩය බු ගහල සිවුර දාගත්තට වැඩක් නැහැ හිත පැවිදි නොකර. (නදී)
උන්වහන්සෙගේ ආගමට අනුව උන්වාහන්සේට නිර්වාන සුවය ප්‍රර්ථනා කරන්න. උන්වහන්සේ කල දේ හරි හෝ වැරදි හෝ අපවත් වූ උන්වහන්සේට නිග්‍රහ නොකරන්න. ඔබගේ මිනිසත් කම පෙන්වීමට තරම් කාරුණික වෙන්න.(නදී)
බුදු දහමට අනුවනම් සිය දිවි හානි කර ගැනීම ලොකු පවක්. ඒත් මම අහල තියනවා චේතනානම් බික්කාවේ කම්මන් වදාමි කියලා. මම හාමුදුරුවන්ට නිවන් සුව පතනවා.(නදී)
අපවත් වූ ඉන්ද්‍රරතන හිමියන්ට නිවන් සුව පතමි. බුදු දහම ගැන අවබෝධයක් නැති බෞද්ධයන් යැයි කියා ගන්නා පිරිස ගැන කණගාටු වෙමි. කිසිම ආකාරයේ ජිවිත පුජාවක් සිදු කිරීම බුදු දහමට පට හැනිය. එය බුද්ධ දේශනාවට පට හැනිය. වසරක් පාසා ගවයින් පුජා කිරීම සමහර ආගම්වල අනුමත වී තිබුනත් බුදු දහමේ එවැන්නක් නැත. තවද, ගවයාට අනිකුත් සත්ත්වයන්ට වඩා වටිනාකමින් වැඩි ප්‍රාණයක් ඇති බවක් සඳහන් වී නැත. සෑම තිරිසන් සත්වයකුගේම ප්‍රාණය එකය.(නදී)
මමත් කැමැතියි යමක් ලියන්න. හැබැයි පොඩ්ඩක් වෙනත් විදිහකට බලනවානම් පමණක් කියවන්න. මේ අපේ හමුදුරු නමක්. අපි අපේ හමුදුරුවන්ට කොතනත් ගරු කරනවා. හිස නමනවා. මේ හාමුදුරුවන්ටත් එහෙම මයි. හාමුදුරුවන්ගේ අදහස හරිම වටිනවා. තම ජීවිතය උනත් කැප කරනවා සත්ව ඝාතනය නතර කරනවා නම්. මෙවැනි අය අද හොයා ගන්න බැහැ. හැබැයි අපේ හාමුදුරුවෝ ටිකක් හදිස්සි උනා වැඩියි. අපි හිමි නමකගෙන් ටිකක් පරිනත බුද්ධිමත් යමක් නිතරම පතන්නේ. බුදු දහම ගැන කතාකරන්න මෙතන ඉන්න කිසිවෙක් දන්නේ නැහැ නිවැරදිව. දන්නේ ටිකයි. සිය දිවි හානිකරගැනීම සුදුසු දෙයක් නෙමෙයි. හැබැයි කාලයට උචිත දෙයක් ඇත්තෙත් නැහැ. මොක උනත් අපේ හමුදුරුවන්ට්ට නිවන් සුව ලැබේවා. සත්ත්ව ඝාතනයට අපි අකමැති වෙමු. (නදී)
චතුරිකා, මෝඩ ඔයා මිසක් මේ හාමුදුරුවෝ නෙමෙයි. (නි)
තමන්ගේ නමෙන් ලෝකේ ඉන්න ඕනෑ එක්කෙනයි කියලා හිතන තරම් මෝඩ අන්තවාදියෝ ඉන්නකම් අපේ රට මිලේච්ජයන් වගේ මිනිස්සු ඉන්න රටක් කියා ලෝකෙට තේරෙනවා (නි)
උන්වහන්සේගේ මරණය බුද්ධ ධර්මයට නිගරුවක් කියන, ගැඹුරු බුද්ධ ධර්මය නොදන්නා අය සදහා ධර්මාවබෝදය පිණිසයි. ගෙළ සිඳගෙන අපවත් වූ වීර්යාධික, අධිෂ්ඨානශීලි “ගෝධික” තෙරුන් වහන්සේ http://www.lakehouse.lk/budusarana/2013/02/25/tmp.asp?ID=fea14 දැන් අප සිතිය යුත්තේ උන්වහන්සේගේ අවසන් ඉල්ලීමයි. 1. මෙම ධර්මද්වීපයේ ගව ඝාතනය නතරවේවා. 2. ත්‍රස්තවාදය තුරන් වේවා. 3. බලහත්කාරයෙන් ආගම් වලට හරවා ගැනීමට එරෙහි පනත පාර්ලිමේන්තුවේදී සම්මත වේවා. 4. සර්වාගමික බුදුදහම විනාශ කරන පූට්ටු නැති වේවා. 5. බෞද්ධ රටට ගැලපෙන ව්‍යවස්තාවක් නිර්මාණය වේවා. (නි)
සියලු බෞද්ධයන් ගව මස් නොකා සිටිය යුතුයි. ඒක තමා බෞද්ධයෙක් හැටියට කළ යුතු හොදම දේ. ගව ඝාතනය මුවාවෙන් අන්තවාදයට යාම අපි අනුමත කරන්න අපහසුයි (නි)
සියලු සතුන්ගේ ජීවත්වීමේ අයිතිය පිළිබද කියාදීම උතුම් කටයුත්තක්. නමුත් , පර පණ නැසීම මෙන්ම තමාගේ පණ නසාගැනීමත් බුදුදහමට අනුව මහා පාපකර්මයක්. (නි)
අපේ හාමුදුරුවන්ට ගරු කරනවා නම් බෞද්ධයන් හැටියට ගවමස් කෑමෙන් වැළකෙමු. අපවත් වූ ඉන්ද්‍රරතන හිමියන්ට නිවන් සුව ලැබේවා. (නි)
අපේ රටේ මිනිසුන්ගේ ආත්මාර්ථකාමී ගතිගුණ මෙහි තිබෙන අදහස් වලින් හිතාගන්න පුළුවන්. අපවත් වුණු ස්වාමින් වහන්සේට අගෞරව නොකරන ලෙස කරුණාවෙන් ඉල්ලමි. එසේ කරන අය පිළිබද අප තේරුම් ගන්නේ ජාතිවාදය හා ආගම්වාදය අවුසන්න හා ජාතිය ජන්මය පාවා දෙන දුෂ්ට පවුකාරයන් ලෙසයි (නි)
මම නම් හිතන්නේ ඔය හාමුදුරුවන්ට වෙන ප්‍රශ්නයක් තිබිලා ඇති. හොඳ මානසිකත්වයෙන් පෙලෙන කෙනෙක් මෙවැනි හදිසි තීරණයකට යන්නේ නැහැ. අනික ඔය හාමුදුරුවන්ගේ අතීතය සම්බන්ද ලංකා ඊ නිව්ස් එකේ රචනයක් පලකරලා තිබුනා. හාමුදුරුවරු කියන්නෙත් මිනිස්සුනේ. එමනිසා මෙවැනි දේවල් සිදුවීම සාමාන්‍ය දෙයක්. ආශාවන් අපේක්ෂාවන් පාලනය කරමින් ඉතාමත් නිහතමානීව කටයුතු කරන උතුම් හාමුදුරුවරුන් අද දකින්නේ ලැබෙන්නේ ඉතා කලාතුරකින්. (නි)
ඔබට නිවන් සුව පතමි. හිමියනි, මතු උපදින කිසිම හදිසි තීරණ නොගන්න (නි)
නිවන් සුව ලැබේවා! එහෙත් මෝඩ තීරණයක් ඔබවහන්සේ ගත්තේ (නි)
අමු අමුවේ 1983 අපේ අහිංසක දෙමල ජනයාව ගිනි තියලා පුච්චලා මැරුවා. මනුස්සයා වටිනවා ඔය සත්තුන්ට වඩා, මෝඩ මිනිස්සුන්ට සත්‍ය පෙනෙන්නේ නැහැ. (නි)
හරක් මස් කඩ වසා දැමීමෙන් මස් හිඟයක් ලංකාවේ ඇති වීම අනිවාර්ය වන අතර සංචාරක ව්‍යාපාරයට ද එය ඉතාමත් දරුණු ලෙස බලපානු ඇත. ඒ තත්ත්වය යටතේ ටින්කළ හරක් මස් ආනයනය කිරීමේ ව්‍යාපාරයට විශාල පිටුවහලක් ලැබෙනු ඇත. (නි)
නිවන් දකිත්වා ඔබ
අදවෙනකන් මේ සම්බන්දයෙන් කිසිම අදහසක් මම දාලා නැත. නමුත් බෞද්ධයෙක් හැටියට මට දෙයක් සිතට නැගෙනවා මීට වඩා ලොකු දේවල් ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධ දර්ශනයෙන් ලෝ වැසියන්ට තේරුම් කරලා නියමාකාරයෙන් සියලු රටවැසියන්ට ධර්මය පහදා දී සියල්ලෝම පවෙන් මුදවාගත් සැටි බුද්ධ දර්ශනයේ මොනතරම් හොදට කියාදී තිබෙනවද? කළ යුත්තේ තමන් පස්පවින් තොරවී ධර්මානුකූල ජිවිතයක් ගතකිරීම නොවේද? කිසිම කෙනෙකුට මේ අදහස් වලින් අහේතුවක් නොවේවා! සියලු සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා!! ඔබ සැමට තෙරුවන් තෙරුවන් සරණයි. (නි)
අක්මීමන දයාරතන ඉහල පොලිස් නිලධාරීන් සමග ගැටුමේදී මහනුවර පමණක් නොව අනුරාධපුරය ඇතුළු බෞද්ධ පූජා භූමි තුල තවත් චීවරධාරීන් හතර පස් දෙනෙක් ගිනි තබා ගන්නා බවද ප්‍රකාශ කර තිබේ.(නදී)
සින්හල බෞද්ධයින් බහුතරයක් ගව මස් නොකෑ යුතු බව කිවුවත් අපේම අය ටිකක් තමා ඕවට උඩ ගෙඩි දෙන්නෙත්. පොඩිකාලේ ඉදන් හදලා, කිරිටික අරන්,පොහොර ටික අරන් වයසට ගියාම විකුනන අය කොච්චර ඉන්නවද? හැබැයි මේ බවයේදීම ඕවා පටිසන් දෙනවා ඕනෑ තරම්.අනික අපේ රටේ තියෙන ෆාර්ම් වල ඉපදෙන වසු පැටවුන්ට මොකද වෙන්නේ? ඒ අහිංසක සත්තුත් අනිතිමට යවන්නේ කොක්කට.අපේ හාමුදුරුවෝ ජිවතය පුජා කලේ මේ අහිංසක සත්වයෝ බේරගන්න. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අමා මහා නිවන් සුව අත්වේවා.. !!! (නි)
කොච්චර මිනිස්සු මොන කතා කිවුවත් සිවුරක් දරාගෙන ඉන්න කෙනෙක්ට වඩා ඔන්ලයින් ඉන්න අය පව් කරනවා කියලා දන්නවද? පස් පව් නොකරන එකෙක් ඉන්නවා නම් කියන්න බලන්න. හාමුදුරුවරු තමයි යුද්දෙ පටන් ගන්න මාවිල් ආරුවට පා ගමනින් ගියේ. නැතුව ඔන්ලයින් ලොකු ලොකු කතා දාන මේ වගේ සර්ව ආගමික නපුන්සකයො නෙමෙයි. හාමුදුරුවරු ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් , ඔහේලා ඊට වඩා හොඳනම් ගෙවල් අත් හැරලා පැවිදි වෙලා සිවුරක් පෙරවාගෙන පන්සලක ගිහින් මහන වෙන්න. එතකන් චීවරදාරියෙක් විවේචනය කරන්න කාටවත් අයිතියක් නැහැ (නි)
සමහරු හරකට පමණයි ආදරේ. කුකුලත් එක්කනම් මාර තරහයි.(නදී)
ඉන්දරතන හිමියන් ගිනි තබාගැනීමෙන් රටට හා සසුනට දුන්නේ නපුරු පූර්වාදර්ශයක් යැයි පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ පවසති. එසේම ගිනිතබාගෙන දිවි හානිකර ගැනීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි යැයිද උන්වහන්සේ අවධාරණය කරති. මුළු ලොවම කරුණාවෙන් තෙත් කළ සම්බුදු පියාණන්ගේ තෙමඟුල සිහිකරන වෙසක්දා භික්ෂුවක් සිරි දළදා මාලිගාව ඉදිරිපිට ගිනි තබාගෙන කළේ සසුනටත් රටටත් හානියක්. මේ රටේ අතීතයේ සිට ජාතික, ආගමික හා සමාජයීය ප්‍රශ්නවලදී ඉදිරියට එන රැඩිකල්වාදී අදහස ඇති තරුණ භික්ෂු පරපුරට මේ සිද්ධියෙන් ලැබුණේ ඉතාම නරක පූර්වාදර්ශයක්. ඒ නිසා මෙවැනි උගුල්වලට හසු නොවන ලෙස මා ඉතා කාරුණිකව තරුණ භික්ෂූන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. බෝධි සත්වයන් වහන්සේ ජීවිතය පූජා කළේ සතුන්ගේ ආහාරය පිණිසයි. එය පාරමිතාවක්. මේ හිමියන්ගේ ගිනි තබාගැනීම ජිවිත පූජාවක් ලෙස සලකන්න බෑ. මෙතනදී වී ඇත්තේ ප්‍රාණඝාත අකුසලයක් නොවේ. තමන්ගේ දිවිය හානිකර ගැනීම නිසා මෙය අත්ථඝාතක අකුසල කර්මයක් ලෙස හැඳින්විය හැකියි. යමෙකු මෙය ජීවිත පූජාකිරීමක් ලෙස හඳුන්වනවා. උන්වහන්සේ ජීවිත පූජාකළේ කාටද? හරකෙකුටද? අනෙක් කාරණය තමන්ගේ ජීවිතය හානිකර ගන්නාවිට උන්වහන්සේට සතුන් ගැන කරුණාවක් නොව තමන් ගැන වෛරයක්, ක්‍රෝධයක් ඇතිවෙනවා. තමන්ගේ ජීවිතය හානිකර ගැනීමෙන් ගව ඝාතන හෝ සත්ව ඝාතන නතර කරන්න බෑ. එසේම එය නීතියෙන් පමණක් කරන්නත් බෑ. ඒ සඳහා මිනිසුන්ට ප්‍රාණභීතියේ විපාක කියාදිය යුතුයි. ඔක්කෝම භික්ෂූන් කොළඹට ඇවිත් පෙට්‍රල් වත්කරගෙන ගිනිතියා ගත්තත් සත්ව ඝාතන නතර කළ හැකි යැයි මා සිතන්නේ නෑ. මේ භික්ෂුව කර ඇත්තේ සීමාව ඉක්මවා යාමකි. මේ භික්ෂුව දුන් නරක පූර්වාදර්ශය ආදර්ශ පාඨයක් කරගනිමින් ඇතැමුන් විවිධ මත පළකරන බව පෙනෙනවා. එය කිසිසේත්ම අනුමත කරන්න බෑ. මේ හරහා නැති ප්‍රශ්න ඇති නොකළ යුතුයි. යැයිද මේධානන්ද හිමියෝ පැවැසූහ.(නදී)
උන් වහන්සේ තම ජීවිතය කැප කළේ එක පාරම නොවේ. මෙම අවස්ථාවට පෙර කළ හැකි සෑම උත්සාහයක්ම අරගෙන බලය ඇති කිසිවෙකුගේ අවධානය මේ සාධාරන ඉල්ලීම් වෙත යොමු නොවුන නිසාවෙනි.තම ජීවිතය කැපකොට මේ ඉල්ලන්නේ දැන්වත් ඇස් ඇර බලාපල්ලා කියල නොවේද ?නැත්නම් අනාගතයේ මිනිසා මිනිසාවම මරා ආහාරයට ගන්න යුගයක් ඒවි.එදාට මේ අපහාස කරන අයම තේරුම් ගනීවි බෝවත්තේ හිමියන් ගින්නෙන් දැවී දැවී ඉල්ලුවේ මොකක්ද කියලා.ඔබ වහන්සේට නිවන් සුව ! (නි)
මෙතන ගොඩක් අය මෝඩ බව පේනවා. හොදම උදාහරණය බුද්දදාස. ලගදීම අංදෙක ඒවි. වල්ගය ඇවිල්ලා ඇති. (නි)
බුදු හාමුදුරුවනේ, අනේ නැවත වඩිනු මැනවි පියාණනි. මේ අයට අනුකම්පා කරනු මැනවි. (නි)
මේ හාමුදුරුවන්ගේ ලිපිය කියවා බලන විට යම් රෝගී තත්වයකින් පසු වූ බව පෙනී යනවා. කොහොමත් බුද්ධ වචනය හා අද සග පරපුර ගෙන බැලීමේදී වැඩි පිරිසකගේ ක්‍රියා කලාපය පිළිබද එකග විය නොහැකියි. ප්‍රථමයෙන් තමන් තමන්ටම අවිහිංසාවාදී විය යුතුයි (නි)
බුද්ධ දේශනාවෙන් පනවල තිබෙන ශික්‍ෂාපදයක් රකින එකත් ප්‍රායෝගික නැහැ කියන බෞද්ධයෝත් මෙතන අදහස් දක්වලානේ. (නි)
ඝාතනයක් කරන්න එපා කියාගෙන ගිනිතියාගෙන ප්‍රාණය පුච්චලා වේදනාවක් දීලා අපවත් වීම බුද්ධාගම අනුමත කරනවද ?(නදී)
ඉන්දියාවේ හරක් මැරීම තහනම් නෑ. ඉන්දියාව වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටක එහෙම කරන්නත් බෑ එහෙම කරන්න කියන මානසික ලෙඩ්ඩු එහෙ නෑ. ඉන්දියාව කියන්නේ ලෝකේ විශාලම ගවමස් අපනයනකරුවෙක්.(නදී)
ශීලා ඔයා අම්බලංගොඩද. ඔය නගරය මැදම ෆූඩ් සිටි එකේ ඔනේ තරම් මස් තියෙන්නෙ. නිකම් බොරු බෞද්ධකම් එපා. අම්බලන්ගොඩ අය පොල් රා බීල නේ පන්සල් යන්නේ. ඔයා මන් ඉදිරිපත් කරපු අදහසට උත්තර නොදී ගොඩයෝ ගැන කතා කරනවා. වෛර කරන එක තරහ ගන්න එක ඔයාගේ බෞද්ධකමද? ඔයා තව දුරටත් දහම් පාසල් ගියානම් හොදයි. (නදී)
කවුද ජීවන වියදම අඩුකරන්න බලකරලා ජීවිතය දන්දෙන්න සුදානම්. ඒක මීට වැඩිය කාලෝචිතයි. (නි)
මිලානෝ ට නිකන් අපහාස කරන්න එපා. ෆූඩ් සිටි කොහෙත් තියෙනවා.මම කිව්වේ ගව ඝාතන ගැන.මන්ද බුද්ධිකයොත් ඉන්නවද මිලානෝ වල? 'අසේව නාච බාලානං -පණ්ඩිත නංච සේවනා.' (නි)
මෙතැනදී අන්‍ය ආගමිකයන් නිහඬව සිටීම යෝග්‍යයි. මන්ද අප ආගම් වලට අනුව සිය දිවිය නසා ගැනීම විශාල වරදක් වුවත් බෞද්ධ ධර්මයේ එය කෙසේ දේශනා කර තිබෙනවාද දන් නැහැනේ. මෙහි බහුතර බෞද්ධයා එය අනුමත කර තිබෙන්නේ ඔවුන් එය ගැන දැනුවත් නිසාවෙන් විය හැකියි. බෞද්ධ ධර්මයද එය හා සම්බන්ද සියලු දේ ඔවුනට බාරදී අප වෙනදේ බලා සිටිමු. මන්ද මෙය බෞද්ධයාගේ දෙයකි.(නදී)
ඔබ වහන්සේ අපට නැති වුනා. ඒත් ගව ඝාතනයනම් තව ඉදිරියටම වෙනසක් නැතුවම කරගන යාවි. ඔබ වහන්සේට නිවන් සුව.(නදී)
ගවයන්ට සහ අනිත් සතුන්ට හිංසා කිරීම අනුමත කරන්න බැහැ. මේ හාමුදුරුවෝ සසර කෙටිකර ගන්නේ නැතුව සියදිවි නසා ගෙන සසර දිගුකර ගත්තා. මේ ගැන බෞද්ධයෙකු ලෙස මම කණගාටු වෙනවා. ඒ වගේම මේ සියදිවි නසා ගැනීම අනුමත කරන උදවිය හෙළ දකිනවා. සෞදි අරාබියට කාන්තාවන් යැවීමට විරුද්ධව මම සටන් කරනවා. නමුත් මම මගේ අරමුණ සඳහා වෙනත් අයකු ඝාතනය කිරීමට හෝ සියදිවිනසා ගන්න බලාපොරොතු නොවෙමි. ආගම භේද කිරීමටද බලාපොරොතු නොවෙමි.(නදී)
බොහොම කැත විදියට සමහරු ලියනවා. සමහරු ඉතාමත් අපහාසෙන් ,වෛරයෙන් ලියනවා. මේ අය මිනිස්සුද නැත්නම් කවුද?. ලංකාවේ ජීවත් වෙන අය විතරයි දන්නේ මේකේ කාරණා කාරණා. (නි)
මිලානෝ මෑන්. මේ නිකන් ගොඩේ කතා කියලා අපහාස කිරීම නොවටී. ගොඩයෝ නොහිටියානම් අද ලංකාවක් නැහැ. ඔහෙට මිලානේම තමයි ඉන්න වෙන්නේ. කට පොඩ්ඩක් ප්‍රෙව්ශම් කලානම් හොදයි නේද? (නදී)
ඔබට නිවන් සුව පතමි
ජාතියේ ප්‍රණාමය ඔබට
දැන් කට්ටිය හිතාගන ඉන්නේ හාමුදුරුවෝ ජීවිතේ නැති කර ගත්තේ රට ජාතිය ආගම වෙනුවෙන් කියලද. මෝඩ මිනිස්සු මේක තවත් එක්තරා ආදර්ශයක් විතරයි. ත්‍රස්තවාදය මගින් ඉල්ලීම් දිනීම සඳහා උදාහරණයක්. රටේ වැඩිවෙන විදුලි බිලට ජීවන වියදමට ගහන ගැට තමා මේවා. මේවගේ මෝඩ මිනිස්සු ඉන්න රටකට දෙවියන්ගේම පිහිටයි.(නදී)
මේ සිද්ධිය ගැන අනුවේදනීයව කතා කරන බොහෝ දෙනා නොදන්නා කරුණ වන්නේ, මේ සිද්ධියට හරියටම දින 14 කට පෙර, බෝවත්තේ ඉන්ද්‍රසාර හිමියන් ජාතික හෙළ උරුමයෙන් නෙරපා හරිනු ලැබීමට ගත් තීරණයයි. ජාතික හෙළ උරුමය නියෝජනය කල පැල්මඩුල්ලේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එම පක්‍ෂය පියවර ගෙන තිබේ. පක්ෂයේ ප‍්‍රතිපත්ති හා විනයට පටහැනිව කටයුතු කීරීම නිසා ඉන්ද්‍රරතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් ඇමති පාඨලී චම්පික රණවක මහතා පැවසීය. දැන් එතකොට මේ ගිනි තබා ගැනීම කෙළේ ගව ඝාතනයට එරෙහිව ද, නැත්නම්, තමන් පක්ෂයෙන් නෙරපා හැරීමට ප්‍රතිචාරයක් ලෙස දැයි ඇසීමට අපට සිදු වේ.(නදී)
ඉන්ද්‍රා, කාලෝචිත සහ වැදගත් මනා ලෙස සකස් කරපු සත්‍ය ප්‍රවෘත්තියට බොහෝසේ ස්තුතියි.දැන්වත් මේකට නාඩගම් අදහස් දැක්වූ අයගේ ඇස් ඇරේවා! ඔබට සහ ලංකාදීප පත්තරේට බොහෝ පින්! (නි)
අපරාදේ ජිවිතයක්
හාමුදුරුවනේ, මම බුද්ධාගම ගැන නොදන්නවා වුණත් ඔබ වහන්සේට නිවන් සුව පතමි. අපේ ක්‍රිස්තියානි ආගමේත් මුස්ලින් ආගමේ අයගේ බඩත් හරක් මස් කාලා අමු සොහොනක් (නි)
නිවන් සුව ඔබට
මහේෂ්, ඉල්ලගෙන කන්න හදන්න එපා. තමන්ගේ දෙමව්පියන්ටත් අගෞරව කරන්න එපා. (නි)
මම තවම සිංහල ඉගෙනගන්නවා.......මගේ වාක්‍ය හරිද බලන්න.? හිමි "මම ජීවිතය අහිමි කර ගනිමි" යැයි තීරණය කල සේක. (දී)
අඳුරේ අතපත ගාමින් විවිධ උපකල්පනයන් මත පදනම් වෙමින් මෙම හිමියන්ට අපහාස කරන අයට ගිනි තියන්න මට හිතෙනවා.(නදී)
මහසෙන් ඇතුළු පිරිස අපවත් වූ හිමියන්ට අපහාස කර පවු කරගන්නවා. සස ජාතකය කියැවූවා නම් හිමියන් කළේ උතුම් ජීවිත පූජාවක් බව තේරුම් ගන්න පුළුවන්. (නි)