IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


අපහාස නඩු තීන්දුවෙන් නළු ජොනී ඩෙප්ට වැඩි වාසි

හොලිවුඩ් නළු නිළි යුවළක වන ජොනී ඩෙප් සහ  ඔහුගේ හිටපු බිරිඳ ඇම්බර් හර්ඩ්, එකිනෙකාට අපහාස කර ගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි.

දෙපාර්ශ්වයේම පැමිණිලිවලට හොඳින් කන්දීමෙන් පසු ජූරි සභාව ඔවුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ ඩෙප් සහ හර්ඩ් දෙදෙනාම වරදකරුවන් බව පෙන්වා දෙමිනි. කෙසේ නමුත්, තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ නළු ජොනී ඩෙප්ට වාසි වන අයුරිනි.

‘පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්’ චිත්‍රපට මාලාවේ කැප්ටන් ජැක් ස්පැරෝ ලෙස ජනප්‍රිය 58 හැවිරිදි ජොනී ඩෙප්, හොලිවුඩයේ ඉහළ වටිනාකමකින් යුත් නළුවකු වන අතර ඔහු ලොව පුරා ලොකු කුඩා කා අතරේත් ජනප්‍රියය. ජොනී ඩෙප් තරම් ජනප්‍රිය නොවුණත් ඇම්බර් හර්ඩ් ද හොලිවුඩ් චිත්‍රපට කීපයකට රංගනයෙන් එක් වී ඇත. ඇය බොහෝ දෙනා ජනප්‍රිය ‘ඇක්වා මෑන්’ චිත්‍රපටයේ කළ රංගනය හේතුවෙනි. හර්ඩ් 36 හැවිරිදි වියෙහි පසුවෙයි.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ ජොනී ඩෙප්ට අපහාස කරමින්, ඔහුගේ කීර්ති නාමය කෙළසීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 15 ක (රුපියල් කෝටි 540 ක් පමණ) වන්දියක් ඩෙප්ට ලබා දිය යුතු බව හර්ඩ්ට පවසමිනි. ඇම්බර් හර්ඩ් ට අපහාස කිරීම සම්බන්ධයෙන් ජොනී ඩෙප්ට වන්දි ලෙස ගෙවීමට නියම කෙරුණේ ඇමෙරිකන් ඩොලර් මිලියන2 කි. නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරද්දී ඇමෙරිකාවේ වර්ජීනියා ප්‍රාන්තයේ ෆයර්ෆැක්ස් නුවර අධිකරණ ශාලාවට ඇම්බර් හර්ඩ් පැමිණ සිටි අතර, ජොනී ඩෙප් එංගලන්තයේ සිට එම අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය. ඩෙප් ලන්ඩන් නුවරට ගොස් ඇත්තේ​ ෂෙෆීල්ඩ් හි පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගීවීම සඳහාය.

ඩෙප් සහ හර්ඩ් යුවළ නඩු මඟට යොමු වූයේ 2018 දී හර්ඩ්, ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් මුල්කොට ගනිමිනි. එහිදී හර්ඩ්, ඩෙප්ට​ චෝදනා නගා තිබුණේ ඔහු ඇයට ලිංගික අඩන්තේට්ටම් කරන බවත්, ඩෙප් නිසා ඇය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ ගොදුරක් වූ බවත්ය.

කෙසේ නමුත් වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ ජොනී ඩෙප්ගේ නමක් සඳහන් නොවිණි. ඒ වනවිට ඇම්බර් හර්ඩ් විවාහ වී සිටියේ ඩෙප් සමග බැවින්, ඇය චෝදනා නැගුවේ ඩෙප් ගැන බව ලොවට රහසක් නොවිණි.
ජොනී ඩෙප් සහ ඇම්බර් හර්ඩ් විවාහ වූයේ 2015 වසරේදීය. ඒ, 2011 දී ‘රම් ඩයරි’ චිත්‍රපටයේ එකට රංගනයෙන් යෙදීමෙන් පසුව එකිනෙකා හඳුනාගෙනය.

2015 දී විවාහ වී වසරක් යෑමටත් පෙර විවාහය අවුල්සහගත වූ අතර,  2016 දී හර්ඩ්, ඩෙප්ට ඓරහිව තහනම් නියෝගයක් ද අධිකරණයෙන් ලබා ගත් බව පැවැසෙයි. දෙදෙනා දික්කසාද වූයේ 2017 දීය. හර්ඩ්, නම සඳහන් නොකර ඩෙප්ට අපහාස වන ආකාරයට ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාව ලබා දුන්නේ  2018 වසරේදීය.

පුවත්පත් සම්මුඛ සාකච්ඡාවෙන් පසු, ජොනී ඩෙප්, ඇම්බර් හර්ඩ්ට එරෙහිව නඩු මඟට ගියේ,හර්ඩ් තම හොඳ නම කැත කළේ යැයි පෙන්වා දෙමින් ඇමෙරිකන් ඩොලර් මිලියන 50 ක වන්දියක් ද ඉල්ලමිනි. හර්ඩ් ඊට ප්‍රතිචාර දක්වමින් නඩු මඟට ගියේ ඩෙප්ගෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක වන්දියක් ඉල්ලමිනි. චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය පසුගිය සති 6 ක කාලය පුරා ෆෙයාර්ෆැක්ස් අධිකරණයේ දී පැවැත්වූයේ ඉන් අනතුරුවය.

ජොනී ඩෙප්ට වැඩි වාසි වන ආකාරයට නඩු තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසු හැඬූ කඳුළින් ඇම්බර් හර්ඩ් පැවැසුවේ, ලිංගික හිංසනයකට සහ අඩන්තේට්ටම්වලට ලක්වුණු තමන් වැනි කාන්තාවකට සාධාරණයක් ඉටු නොවුණු බවය. සාමාජිකයන් හත් දෙනකුගෙන් සමන්විත ජූරි සභාව ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් වුණු බවත්, ජූරි සභාව තමන් තම ජීවිතය ආපසු ලබා දුන් බවත් ජොනී ඩෙප් පැවැසීය.

(රොයිටර්)



අදහස් (0)

අපහාස නඩු තීන්දුවෙන් නළු ජොනී ඩෙප්ට වැඩි වාසි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 577 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 602 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 575 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 426 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 416 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 3822 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25131 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18850 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 368 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1839 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site