(අංජුල මහික වීරරත්න)
විෂ වර්ග, අබිං හා අන්තරාදායක ඖෂධ වර්ග(නඩු භාණ්ඩ බැහැර කිරීම) පිළිබඳ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විෂ වර්ග,අබිං සහ අන්තරාය දායක ඖෂධ වර්ග ආඥා පනතේ 77 ආ වගන්තියේ( 6) උප වගන්තිය යටතේ ඖෂධයක්, ද්‍රව්‍යයක් භාණ්ඩයක් හෝ සැකසුමක් ඇතුළුව නඩු භාණ්ඩ බැහැර කිරීමේ ක්‍රමවේදය අධිකරණ සේවා කොමිෂන් සභාවේ එකඟතාවය ඇතිව නියෝග මගින් නියම කිරීමට අධිකරණ විෂය බාර අමාත්‍යවරයාට බලතල පැවරී ඇතැයි රජය පවසයි.
නීතියේ පරාමිතීන්ට අනුකූලව ඖෂධ ද්‍රව්‍ය, භාණ්ඩ හෝ සැකසුම නඩු භාණ්ඩ බැහැර කිරීමේ යාන්ත්‍රණය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇතැයි ද රජය කියයි.
අදාල නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අබිං ගැන නියෝග පාර්ලිමේන්තුවට
Lalla Wednesday, 10 January 2024 07:45 AM
දැනට පවතින තත්ත්වය නම් අල්ලාගෙන එන මත්බඩු පොලිසිය හරහා වෙලඳපොලට එනවා.... කුඩු නොව කසිප්පුත් ඇතුලුව... ටිකයි උසාවියට යන්නේ...