පොසොන් උත්සවය නිමිත්තෙක් අබුඩාබි තානාපති කාර්‍යාල පරිශ්‍රයේදී පින් කම් රැසත් පැවැත්විණි.
එරට විවිද රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයෝ හයසීයකට අධික පිරිසක් තානාපති කාර්‍යාල පරිශ්‍රයට පැමිණ මේ පින්කම් වලට සහභාගී වූහ.
බත්, ඉදි ආප්ප සහ සිසිල් බීම දන්සැල්ද එහි විය. වෙසක් කූඩු නිර්මාණද විය.
අඩුඩාබි තානාපති ආචාර්‍ය මහින්ද බාලසූරිය මහතා සහ තානාපති කාර්‍යාල විහාරස්ථ දායක සභාව විසින් මෙය සංවිධානය කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගම අදහන්න නිදහස නම් තියෙනවා. ඔක්කොම ඇදහිලි තාප්පේ ඇතුලත තමයි ඉතින්. නරකම නැහැ.(නදී)
මේ තියෙන්නේ අරාබි රටවලත් පොසොන් . අපේ මිනිස්සු අරාබිකාරයාගේ නරකමනේ කියන්නේ. එහෙත් අරාබි රටවල් තියෙනවා අපිට වැඩිය දියුණු මනසක් තිබෙන (නි)
බුදු සරණයි
මම නම් අගය කරනවා ඒ වැඩේ (දී)
ලංකාවෙ බොරුවට හලාල් බෝඩ් ගහගෙන හිටියට මැදපෙරදිග ඕනෑතරම් දේවල් තියෙනවා හලාල් ලේබල් නැති. ශ්‍රීනාත් මහත්තයා කියන විදියට මේසෙ උඩ තියෙන "අල් මරායි" කියන වෙළඳ නාමය සඳහන් බීම වර්ගයේ හලාල් සහතික ලේබලයේ සඳහන් වෙන්නෙ නැහැ. ඒ වගේම අබුඩාබි හෝ ඩුබායි වල සම්පූර්ණ ආගමික නිදගසක් නැහැ.(යම් තරමකට තියෙනවා) බෞද්ධයන්ට ආගම අදහන්න තමාගෙ ගෙදර හෝ පෞද්ගලික ස්ථානයක බුද්ධ ප්‍රථිමා තියාගන්න නිදහස තියෙනවා. නමුත් කතෝලික පල්ලි ආණ්ඩුවෙ අනුග්‍රහයෙන් හදලා දෙන රටේ බෞද්ධ පන්සලක් හදන්න තවම නිල වශයෙන් අවසර දීල නැහැ හින්දු සහ ශීක් දේවාල තියෙනවා. මේ රටේ බෞද්ධ ආගමිකයන් අඩු නිසා මෙහෙම කරනවද වෙනත් හේතුවක් තියෙනවද කියලා දන්නෙ නැහැ. (නි)
මේසයේ තියෙන කෑම බීම ඔක්කම නම් හලාල් වගේ(අ)
රෂීඩ්, මෝඩ ප්‍රශ්න අහන්න එපා. තුන්ගසිරි හිටියේ සෞදියේ. අබුඩාබි කියන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එක ප්‍රාන්තයක් (එමීරයක්). බහරේන් හා එමීර් රාජ්‍යයේ ආගමික නිදහස යම් පමණකට තියෙනවා. සෞදිය වගේ නෙමෙයි. ඔබ මේ ලෝකයට තවම ළදරුවෙක්. (නි)
කෝ මේ තුන්ගසිරි ...?(අ)
අපේ බොදුබල ඇත්තෝ මේකට මොනවා කියයිද දන්නෙ නැහැ (නි)
සෑම්, ඇයි බැරි වියදම් කරන්න සල්ලි තියෙනවානම් පුලුවන්. මම ඉන්නෙ බහරෙන් මෙහෙ තනාපති කාර්යාලයක් ආවෙ ගිය මාසෙ ඉදන්. අපි දන්සල් අවුරුදු උත්සව තියන්නෙ ගොඩ කාලෙක ඉදන්ම හෙටත් දන්සැලක් තියෙනවා. රටෙ නීතියට පටහැනී නොවී ඔනම ආගමික උත්සවයක් තියන්න පුළුවන්.(නදී)
බොහොම හොදා, සෑම් හැම දෙයකම වැරදි පමණක් හොයන්න එපා. (අ)
https://www.facebook.com/DubaiSriLanka (නි)
මෙන්න නියම මුස්ලිම් රටවල්.තමන්ට ඕනෑ ආගමක් අදහන්න නිදහසක් තියනවා. සෑම්ගේ ප්‍රශ්නෙට උත්තරේ නම් ඔව් මේවා එලියේත් කරන්න පුළුවන්. (නි)
සෑම් ඔබ හරි...මම ඉන්නේ අබුඩාබියේ. නමුත් සවුදියට වඩා දහස් වාරයක් අබුඩාබිය හොදයි. (නි)
සෑම්, ඔව් එළියේ පුළුවන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඩුබායි නගරයේ වෙසක් උත්සවය තියෙන්නේ තානාපති කාර්යාලයෙන් පිට (අල වසල් ක්‍රීඩාංගනයේ)... (අබුඩාබි,ඩුබායි නගර දෙකම අයත් වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ) (නි)
අර මේසයේ තියෙන්නේ හලාල් බීම වර්ගද? (නි)
මේ හැමදෙයක්ම තානාපති කාර්යාලවල පමණයි නේද? එළියෙ පුළුවන්ද? (නි)
ඔන්න බහුතරයක්ගේ මතය අමිලගෙන් එළියට ආවා. වෙසක් පොසොක් කියන්නේ සතුටු වෙන්න තියෙන කානිවල් එකක් කියලයි දැන් අපේ අයගේ ඔලුවලට වැටිලා තියෙන්නෙ. ඒ අයට වැරැද්දක් කියන්නත් බැහැ. (නි)
අයියෝ, සිංහලයන්ගේ වෙසක්, පොසොන් ඔක්කොම ඉවරයි. නත්තල් එන්නත් තව කොච්චර කල් තියෙනවද? කිසිම සතුටක් නැති කාලයක් ඉස්සරහට එන්නේ (නි)
අබුඩාබි කියන්නේ තමන් කැමති ආගමක් අදහන්න නිදහස තියෙන රටක් (නි)
හරිම ලස්සනයි. ඉදිරියටත් මේ වගේ දකින්න ලැබේවා! (නි)