IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


අභියාචනය බාරගැනීම ප‍්‍රතික්ෂේප කරයි

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීමට ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලය නොමැති බවට විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව අභියාචනය බාරගැනීම ප‍්‍රතික්ෂේප කළ බව ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ සභාපති විනිසුරු සම්පත් අබේකොන් මහතා  අද (22) දැනුම් දුන්නේය.

වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළැයි රාජපක්ෂ මහතාට චෝදනා ගොනු වී තිබේ.

අදාළ චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන්ගේ උත්තරවාද ඉදිරිපත් කිරීම සඳහා මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී සභාපති විනිසුරුවරයා ඒ බව දැනුම් දුන්නේය.

ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලට මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න (සභාපති විනිසුරු) සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.

2013 සැප්තැම්බර් මස 03 වැනිදාත් 2015 පෙබරවාරී මස 02 වැනිදාත් අතර කාලය තුළ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් ලක්‍ෂ 339 ක් වැයකොට වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීම සඳහා කුමන්ත‍්‍රණය කළ බවට සියලූ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා  චෝදනා නඟා ඇති අතර එම රුපියල් ලක්‍ෂ 339  වැය කර වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමෙන් එම මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් වු 02 සිට 06 දක්වා වන විත්තිකරුවන්ට එරෙහිවද ඒ සඳහා ආධාර අනුබල දුන් බවට 01 සහ 07 වැනි විත්තිකරුවන්ට එරෙහිවද නීතීපතිවරයා චෝදනා නඟා ඇත.

දණ්ඩ නිති සංග‍්‍රහය යටතේ සහ පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරදි පිළිබද පනත යටතේ විත්තිකරුවන් මෙම වැරදි සිදුකොට ඇති බවද නීතීපතිවරයා ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දී ඇත.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී නඩුවේ 06 වැනි විත්තිකාර මහින්ද සාලිය නමැත්ති හැර සෙසු විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
 



අදහස් (10)

අභියාචනය බාරගැනීම ප‍්‍රතික්ෂේප කරයි

Chandana Friday, 22 February 2019 11:26 AM

දැන් තමන් නිවැරැදි නම් මොකටද නඩුවට සමාවක් නැති අභියාචනා.., තහනම් නියෝග ගන්නේ? හේතුව උසාවියට බයයි. තමන් වැරැදි කළ බව දන්න නිසා..

:       3004       1300

nimal Friday, 22 February 2019 12:13 PM

චන්දන... මේ ඔක්කොම බය නිසා කියලා තේරෙන්නේ නැද්ද? කරපු කියපු දේවල් ඔක්කොම රාජපක්ෂවරු ඉදිරියට එන එක වළක්වා ඩයස්පෝරාව සතුටු කරන්න කරන්නේ...

:       764       2008

athuraFriday, 22 February 2019 01:22 PM

ඒ පාර ආයි කොටි නැගිටියි ද?

:       343       326

මහාචාර්ය කුෂාන් ලියනාරච්චි Friday, 22 February 2019 12:23 PM

දැන් පේන්නේ ගිය අවුරුදු ව්‍යවස්ථා කුමන්ත්‍රරණයෙහි ඇත්ත තත්වය...

:       456       509

chathuri Friday, 22 February 2019 02:56 PM

මෙවැනි විශාල මුදලක් සොහොනට වියදම් කෙරුවේ රජයේ මුදල්... දෙමව්පියන්ට ඔක්සිජන් බට හයිකරලද ඇතුළට... මහින්ද කොහොමත් යන්ත්‍ර මන්ත්‍රවලට දක්ෂයිනේ... නැතිවුණ බලය ගන්නද මේ විදියට වැඩකෙරුවේ?

:       502       559

ruwan Friday, 22 February 2019 03:54 PM

බබා බයවෙලා. මිග් ගනුදෙනුව ගැනත් හෙව්වා නං හරි දේශප්‍රේමීන්ගේ පැටිකිරිය බලන්න

:       604       349

ranjith Saturday, 23 February 2019 02:05 AM

මෙලෙස මහජන මුදල් අවභාවිතා කරන විට නීතියෙන් දඬුවම් නොලැබුණද මේවට අාත්ම ගණනක් කඹුරන්න වෙනවා.

:       504       221

උදය Saturday, 23 February 2019 04:34 AM

මෙවැනි පුවත් කියවලාවත් හොරු, මිනීමරුවෝ ජනාධිපති කරන්න වලිකන අයගේ දෑස් පෑදේවා!

:       0       38

මායිමේ banda Saturday, 23 February 2019 04:56 AM

රාජපක්ෂ පරපුර තමා රටේ විශාල දේපළ මංකොල්ල කන්න පටන් ගත්තේ... ඊට පෙරත් නොතිබුණාම නොවේ සුළු සුළු වශයෙන් නමුත් මේ පරම්පරාව සහ ගෝලබාලයෝ රට විනාශය දක්වාම රැගෙන ගියා. ඒ ගමන රනිල් සහ ගෝලයෝ කීපදෙනෙක් බැංකු සුද්දකර ණය කන්දරාවකින් රට ඉතාම අවදානම් තත්ත්වයකට පත් කළා. දැන් මේ කාලකණ්නි නායකත්වයට එන්න දඟලනවා. හැබෑවටම තමන්ගේ තියෙන පව් වහගන්න සහ කරන අපරාධ වසන් කර ගන්න දුක පරම්පරා හතකට සාප වේවා මේ කළ විනාශයට...!!!

:       0       23

Rata Perata Saturday, 23 February 2019 08:44 AM

අපේ සල්ලි හොරකම් කරලා බලු වැඩ කරලා, දැන් නීතියෙන් බේරෙන්න නහින නැහිල්ලක්. කාලකන්නි.

:       0       80

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 974 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 214 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 391 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 407 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 481 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 852 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 83 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 431 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 922 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site