මිනුවන්ගොඩ පීල්ලවත්තේ නේවාසිකාගාරයක දින පහකට පෙර මිය යන්නට ඇතැයි සැළකෙන තරුණියකගේ සිරුරක් සොයා ගත් බව පොලීසිය කියයි.
ගිය ඉරිදා ජෝඩුවක් එහි පැමිණි බවත් කාන්තාව සමඟ එතැන සිටි පුද්ගලයා ගැන තොරතුරක් නැති බවත් පොලීසිය සඳහන් කරයි.
මිනුවන්ගොඩ පීල්ලවත්තේ නේවාසිකාගාරයක දින පහකට පෙර මිය යන්නට ඇතැයි සැළකෙන තරුණියකගේ සිරුරක් සොයා ගත් බව පොලීසිය කියයි.
ගිය ඉරිදා ජෝඩුවක් එහි පැමිණි බවත් කාන්තාව සමඟ එතැන සිටි පුද්ගලයා ගැන තොරතුරක් නැති බවත් පොලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බියගම තියන්නේ කොහෙද ? පීල්ලවත්ත තියන්නේ කොහෙද ? (ස)
ඒ දවස් වල කිට්ටුව තිබුන හෝටලය පැය 24ම හවුස් ෆුල්. ඕවට විරුද්දව හඬ නැගීම නිසා මට මගේ දත් දෙකකුත් නැති උනා. දත් දෙකක් නැති වෙලා බේරුනේ ඉස්සර නිසයි .දැන් වුනානම් කපල කොටලා මරලම දාවි. නැතිනම් සුදු වෑන් වලින් උස්සලා කොහේ හරි මරලා දාවි නැතිනම් සදහටම අතුරුදන් කරලා දාවි.(නදී)
එතකොට මේවද මේ සංවර්ධනය වෙලා කියලා කියන්නේ? (නි)
පිටිගල මහත්මයාණනි, එදා ඔබ මුහුණ දුන් සිද්ධිය මෙහෙයවපු පුද්ගලයා එම ආකාරයටම පරලොව ගියේ, දිට්ට ධම්ම වේදනීය කර්මය පලදුන්න වගේ. අසරණ ගැහැණු ළමයින් විනාශ කරන්න පහසුකම් දුන්නේ පැය ගානට මුදල් අයකරලයි. හැබැයි, එදා කරදරයට පත් පිටිගල මහත්මා ඔබම බව දැනගත්තේ අදයි. එදා මම රජයේ නිලයක් දරමින් කලාපයට සමීපව පරිසර සංරක්ෂණ කටයුතුවල යෙදුණා. දැන් මම විශ්‍රාමිකව සිටිනවා. පිටිගල ඔබතුමාට ජය සතුට පතමි.(නදී)
මේ වගේ දේවල් වලට නම් රජයකට වත් පොලිසියට වත් දොස් කියල වැඩක් නැහැ. තම තමුන් දැන ගන්න ඕන තමන්ගේ පුත්ගලික ආරක්ෂාව සපයා ගන්න. තමන් ඇසුරු කරන පුද්ගලයින් ගැන බුද්ධිමත්ව හිතන්න ඕන. මුදල් ගැන පමණක් හිතල වැරැද්දට යොමු උන ගැහැණු ළමුන් ඉන්නවා. නමුත් ලංකාවේ සමහර පිරිමි අහිංසක ගැහැණු ළමුන් මුලා කරමින්, ඔවුන්ගේ මුදල් කොල්ල කන "පිම්පි" රැකියාවටත් යොමු වී සිටිනවා. අදටත් වැඩිය ඇගලුම් කර්මාන්තය බොහෝ සේ ව්‍යාප්ත උන සමයේ මෙය, රැකියාවක් වශයෙන් සමහරුන් කල බවද රහසක් නොවේ. මෙම තරුණියගේ මරණයයත් කුමන අරමුණකින් සිදු කලා ද කියල අපට අනාවැකි කියන්න බැහැ. (දී)
ඔහොම තමා අසාධාරණයට එරෙහි උනොත්. අපේ දිව කපනවා ,දත් ටික කඩනවා ,දැන් කාලේ වගේ නම් සුදු වෑන් එක ගෙදරටමයි ඇවිත් අරගෙන යන්නේ ..? අපි සද්ද නැතිව වෙන දේවල් දිහා බලාගෙන ඉමු ..? එහෙමත් බැරි උනොත් දරු පවුලත් අරන් පිට රටකට තමයි යන්න වෙන්නේ ..නිදහසේ මැරෙනකම් ජීවත් වෙන්න පුළුවන්. මේ මට වගේ. (ස)
1992 මම මහ කොලඹ ආර්ථික කොමිසමට පුද්ගලිකව සම්බන්ද ව සිටියා. ඒ කාලේ ප්‍රසිද්ධ පුවත් පතක මාද්‍ය වේදියෙක් එක්ක මම ඔය බෝඩිම් ගැන , අසරණ ගැණු ළමයි ගැන, මැඩම් ලා ගැන මැඩම් ට ගැණු ළමයි සොයා දෙන පිම්පි යනුවෙන් හඳුන්වන පිරිමි ගැන අලුතෙන් එන ළමයි වරදට පොළඹවා ගන්න හැටි ගැන ලොකු ආර්ටිකල් එකක් කළා. පින්තූරත් එක්ක. ඊට පස්සේ සියඹලාපේ හන්දියේදී මට ගැහුවා. ඒ පිම්පි කියන කට්ටියක්. මගේ කැමරාවත් සල්ලිත් ගත්තා. එදා පොලිසිය මගේ කීම පිලි ගත්තේ නැහැ..එදා තත්වය නම් හරිම කනගාටු දායකයි, අද තත්වය හොඳයි. එය බොහොම උතුම් කොට සලකනවා. ඒ දවස් වල කිට්ටුව තිබුන හෝටලය පැය 24ම හවුස් ෆුල්. ඕවට විරුද්දව හඬ නැගීම නිසා මට මගේ දත් දෙකකුත් නැති උනා. මේ මරණය නිදහස් වෙළඳ කලාපයට සම්බන්ධ නැතුවා වෙන්නත් පුළුවන් කරුණාරත්න මහතා නිදහස් වෙළඳ කලාපයේ කටයුතු ගැන උසස් දැනීමක් ඇති කෙනෙක් බව මා කලින් සිට දන්නවා. ඔබට ස්තුතියි.(නදී)
නිලු,හිනායන්න තරම් දෙයක් මම කිවුවේ නැහැ. දැන් රටේ හැමදේම වෙන්නේ ආශ්චර්යයට අදාලවනේ. ඒකයි මම කිවුවේ (නි)
නිදහස් වෙළඳ කලාප පටන්ගත් කාලයේ නම් තරුණ ළමයි නිදහස අයුතු ලෙස පාවිච්චි කළා. සමහර ගැහැණු ළමයි විවාහ නොවීම මවුවරුන් වුණා.හැබැයි දැන් කලාපවල ළමයි එච්චර මෝඩ නැහැ. මුලදී වගේ අසුන්දර කතා දැන් අහන්න ලැබෙන්නේ නැහැ. මේ මරණය කලාපය සම්බන්ධ කාන්තාවකගේ නොවේවා කියා පතනවා. (නි)
පිටිගල, ඔබ නිදහස් වෙළඳ කලාප ගැන කියූ දේ හරියටම හරි. නිදහස් වෙළඳ කලාප වල වෙන සමහර දේවල් ඉතාම සංවේගජනකයි. ආණ්ඩුව මේවා ගැන හොයන්න වෙනමම, අපක්ෂපාතී, බලතල ඇති කණ්ඩායමක් පත්කරන්න අවශ්‍ය කාලය දැන් ඇවිල්ලා. නමුත් මම අදහස් කරන්නේ නැහැ මෙම අවාසනාවන්ත, දුක්මුසු මරණයත් සමග නිදහස් වෙළඳ කලාප කෙලෙසක හෝ සම්බන්ධයි කියා. (නි)
පොලීසියෙන් කොහේ අල්ලන්නද? ඔවුන්වත් මරණ විට. (ස)
මේවා බලලා අදහස් දාන සමහර අය කිසිම තේරුමක් නැතුව ඔහේ ලියනවට ලියනවා. කෙනෙක් හොටෙල් එකක් ගැන කියනවා, තව කෙනෙක් ආශ්චර්ය ගැන ලියනවා. තවම මොනවා වෙලාද දන්නෙත් නෑ. ස්වභාවික මරණයක්ද දන්නෙත් නෑ. පිස්සු නැත්නම් හොදයි. (ස)
ඔන්න අපේ වෙසක් ආරංචිය... (නි)
කසුන්.ඔබ.හරි.(ස)
අන්තිමට අසරණ අහිංසක.කෙල්ලෝ.
ආශ්චර්යය. (ස)
කසුන්,ඔබේ කතාවට ඇත්තටම හිනා ගියා.හතර බිරි කතානේ මේවා නේද. (අ)
කොහේ හරි පිටිසර පළාතකින් රස්සාවකට ආපු දුප්පත් ළමයෙක් වෙන්න ඇති. බියගම නිදහස් වෙළඳ කලාපයේ වැඩට ආපු ඈත පිටිසර ළමයින්ට සිද්ධවෙලා තියෙන දේවල් සොයන්න බලන්න කෙනෙක් නැහැ.සමහර ළමයි මැඩම් ගේ අත් අඩංගුවේ. ඒගොල්ලන්ට ගැලවීමක් නැහැ.(අ)
හොටේල් එකේ හැමෝම නිදාගත්තාලු දවස් පහම (අ)
ආශ්චර්යය කියන්නේ ඒක තමයි යාළුවනේ (නි)
දවස් 5ක් යනතුරු මේ ස්ථානයට කිසිවෙක් ගියේ නැද්ද? (නි)
අපේ රටේ ඕවා දැන් සාමාන්‍ය දේවල් වෙලා තියෙන්නේ. පොලීසියට කරගන්න දෙයක් නැහැ. කිසිම කෙනෙක් අල්ලා ගන්නත් බැහැ (නි)
අයිරාංගනී, ලංකාවේ හැටි ඔහොම තමයි (නි)