IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අම්පාර අලියා තවම වැවේ

මාසයක් තිස්සේ අම්පාර හිමිදුරා වැවේ සිටින වෙඩි කෑ අලියාට ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන බවත් අලියා ගොඩ ගෙන ප්‍රතිකාර ලබා දිම අපහසු බවත් එකම ප්‍රතිකාරය අලියා දුර්වල නොකර අවශ්‍ය ආහාර ලබා දිම බවත් අලියා නිර්වින්දනය කර ප්‍රතිකාර කිරිමට තරම් සුදුසු තත්වයක මේ වන විට අලියා නොමැති බවත් වනජීවි දෙපාර්තුමේන්තුවේ නැගෙනහිර පළාත් භාර පශු වෛද්‍ය නිලධාරි නිහාල් පුෂ්ප කුමාර මහතා පවසයි.

වනජීවි දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ඡනරාල් එච්.ජී.රත්නායක මහතා පවසන්නේ අලියාට ප්‍රතිකාර ලබා දිමට වනජීවි දෙපාර්තුමේන්තුවේ කණ්ඩායමක් පිටත් කර යැවිමට කටයුතු යොදා ඇති බවයි.

සංචාරක හා ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය  වසන්ත සේනානායක මහතා පැවසුයේ අලියාට ප්‍රතිකාර කරන ලෙස වනජීවි දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවයි.

නමුත් පාරිසරික සංවිධාන පවසන්නේ අලියා ජලයේම මියයන තෙක් වනජීවි දෙපාර්තමේන්තුව අලියාට ප්‍රතිකාර ලබා දිමට අපහසුතා පෙන්වා දෙමින් සිටින බවයි.

තුවාල ලත් අලියා බේරා ගැනිමට පැමිණෙන නිලධාරින්ට අවශ්‍ය සියලුම සහයෝගයන් ලබාදීමට ගම් වැසියන් සියල්ලන්ම කැමැත්තෙන් සිටින බව අභයපුර ග්‍රාම නිලධාරි කේ. ධනංජය පීරිස් මහතා පවසයි.

මේ අතර අලියා බේරා ගැනිමට පැමිණෙන බලධාරීන්ට ඹ්නැම අවස්ථාවක පුර්ණ සහයෝගයක් ලබා දිමට අම්පාර දිස්ත්‍රික් අණදෙන නිලධාරි 24 සේනාංක ප්‍රධානි මේජර් ජනරාල් රෝහණ බන්ඩාර මහතා පවසයි.

අද (05)පස්වරුවේ  බණ්ඩාර මහතා සහ අණ දෙන නිලධාරි ලුතිනන් කර්නල් කේ. එන්. සිල්වා යන නිලධාරිහු අලියා නිරික්ෂණයට ගියහ.

 



අදහස් (0)

අම්පාර අලියා තවම වැවේ

කවින්ද Sunday, 05 July 2015 11:22 AM

අනේ දෙවියනේ! අහිංසක සතා පවු! (නි)

:       0       0

කමණි Sunday, 05 July 2015 11:25 AM

උපදෙස් දීලා බලාගෙන හිටියහම හරිද? කරුණාකරලා මේ අහිංසක සතාව ගොඩට අරගෙන ප්‍රතිකාර කළොත් නේද හොඳ? වනජීවී නිලධාරීන් ඉන්නේ වන සතුන්ව ආරක්ෂා කරන්න නේද?? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 72 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 1465 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 80 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1280 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 254 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 6365 12

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31550 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23770 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 142 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 437 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 203 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site