අම්පාරේ ඉමෝස් තිවංක නම් හෝටල් හිමියාට පහරදුන්නැයි සැකපිට අම්පාර නගරාධිපති ඉන්දික නලීන් ජයවික්‍රම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
තමා නගරාධිපති කාර්යාලයයට කැඳවා පහරදුන් බව ද ඔහු කියයි.
අම්පාරේ ඉමෝස් තිවංක නම් හෝටල් හිමියාට පහරදුන්නැයි සැකපිට අම්පාර නගරාධිපති ඉන්දික නලීන් ජයවික්‍රම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
තමා නගරාධිපති කාර්යාලයයට කැඳවා පහරදුන් බව ද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉමොෂ් කියන්නේ අම්පාරේ ඉන්න ඉතාමත් අහිංසක කොල්ලෙක්. මේ වගේ කොල්ලෝ මැරයෝ කියනවනම් මැරයන්ට කියන්න වෙන්නේ තාපසයෝ කියලද? නගර සභාවේ සභාපති කවුද කියලා අම්පාර ගැන දන්නා කවුරුත් දන්නවා.(නදී)
සිංහල ව්‍යාපාරිකයෙකුට ගහපු හින්දා මේ තත්වයෙන් තියෙනවා වුණත් මුස්ලිම් හරි දෙමල හරි ව්‍යාපාරිකයෙකුට පහර දුන්නා නම් අද හරතාල්. (නි)
ඉමොස් හොඳ කොල්ලෙක්. අපිට පැය 24ම පේන මානේ ඉන්නෙ. (නි)
මේක ලස්සන අම්පාර.(ස)
ඕවගේ ප්‍රතිපල ඊළග චන්දයේදී ලබාවි (නි)
ඉමෝස් තිවංක ,හොටෙල් බිස්නස් කරන අවංක කෙනෙක්. පුරපතිතුමාට එයාව තේරුම් ගන්න බැරි වෙන්න ඇති (නි)
මෙයාලගේ ඔලු වලට මොනවා වෙලාද මන්දා? මේ අපරාද වලට නිසි දඩුවම් දිය යුතුයි. (නි)
අපි හරි දුක් වෙනවා අපේ ගමේ නම මේ විදියට දකින විට (නි)
නගරාධිපති තුමෝ අහිංසක ජනතාවගේ ඡන්දෙන් පත්වෙන්නේ මේවගේ වැඩ කරන්නද ලැජ්ජාවක් තියෙනවනම් ඉල්ලා අස්වෙන්න.(නදී)
මමත් දන්නා තරමින් ඉමොෂ් කියන්නේ හොද ගතිගුණ තියන කොල්ලෙක්. මිනිහෙක්ගේ පෙනුමෙන් මනුස්සයෙක් මනින්න හොද නැහැ. ලක්සිරි කිව කතාව හරි. මාත් අම්පාරේ නිසා මාත් දෙන්නා ගැනම දන්නවා.(නදී)
අම්පාරේ වගේම බලපිටියේ චන්ඩියාවත් අත් අඩංගුවට ගන්න.(ස)
නගරාධිපතිත් මගේ යාළුවා ගුටි කාපු කෙනත් මගේ ලගම යාළුවෝ එකක් කියන්නම් මේ ගුටි කාපු කෙනා මැරයෙක් නොවේ ඔහු අඩි 5ක් වත් උස නැති අහිංසක ප්‍රියමානප කොල්ලෙක්. නගාරාධිපති කියන්නේ අඩි 6ක් උස පුද්ගලයක් මෙතන උනේ මොකක්ද කියන්න මම දන් නෑ. මට ඕනි කම තිබ්බේ සමහරු ඉමෝෂ් මැරයෙක් කිව්ව එක වැරදියි කියන්න.(නදී)
හත් ඉලව්වේ, මේ පළාත් පාලන ලොක්කෝ කාට හරි ගහන්න බලාගෙනමනේ ඉන්නේ. පොලිසියටයි, අපිටයි ගගහ හිටපු මේ ගොල්ලෝ දැන් මන්ත්‍රීලටත් ගහනවා කියල තිබුනේ. ඔන්න දැන් නම් පැහැදිලියි අර කියපු තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය රජවීගෙන එන බව. (නදී)
මෙයාගේ පෙනුමෙනුත් චන්ඩියෙක් වගේ.(ස)
සියලුම දේශපාලන පක්ෂවල නායකයන් ගෙන් ඉල්ලන්න ඕන මේවගේ මානසික රෝගීන්, චන්ඩින් තමන්ගේ පක්ෂවලට ගාවගන්න වත් එපා කියලා. ඒකත් බැහැනේ. එතකොට කොහොමද ජයග්‍රහණය ලබා ගන්නේ? චන්දෙ දීපු අපිටමයි ගහන්න ඕනා.(නදී)
ලංකාව දිනකට අත්අඩංගුවට ගන්න පොලිසියේ අය සහ මන්ත්‍රීවරුන් තව ලංකාවේ ඉන්නවද ? මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාම බලන්න දින 365 අත්අඩංගුවට ගන්න මන්ත්‍රීවරු 365ක්.(නදී)
දින 365 ට මන්ත්‍රී වරුන් 365 අත් අඩංගුවට ගන්න රටක්. (ස)
අපි නම් මෙයා ගැන දන්නේ නැහැ දසුන් කියනවා මැර පුතෙක් කියල දසුන් මෙයාගේ ගමේද? එහෙනම් වෙන්න ඇති.(නදී)
නගරාධිපති උනාම ගෙනැල්ලා තමා ගහන්නේ. නැත්නම් තත්වෙට හොද නැහැනේ. හොදට කරලා තියනවා.(නදී)
මේ කඩ කරයා ගැන අපි දන්නවා ලෝක මැර පුතෙක්.(ස)
අත් අඩංගුවට අරන් මදි නගරය මැදට ගෙනියල දඬුකඳේ ගහන්න ඕනේ.(නදී)
මොවුන්ට ඡන්දෙ දුන්න අය කවුද ? (ස)
ඉස්සර ගිහිල්ලා ගැහුවෙ , දැන් කාලෙ එන්න කියලම ගහනවා. අපි ඉතාමත් දියුනු ජාතියක් බවට පත් වේගන එන ලකුණු පේනවා. සැමට සුභ අනාගතයක් වේවා! (නි)