අම්බලන්ගොඩ වෙළේ පන්සලේ වෙසක් පෙරහරේ ගමන් කළ අලි දෙන්නාගෙන් එකෙකු මින් මද වේලාවකට පෙර කුලප්පු වූවත් කිසිවකුටත් අනතුරක් සිදු නොවු බව එහි සිටි මාධ්‍යවේදීහු කියති.
දුම්රිය නළාවක හඬත් සමඟ අලියා කුලප්පු වී දුවන්නට විය.
මිනිත්තු කිහිපයකින් අලියා ගස් බැඳ දැම්මේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පැත්තේ මිනිස්සු කුලප්පු වෙලා තස්තවදින්ගෙන් රට බෙර නොගත්තා නම් අද චින්තකලාට රටක් නෑ (අ)
ඕක මොකක්ද අලි පිටින් නැට්ට මැරෙන්නේ නැද්ද? (ස)
පහුගිය දවස්වල කෝච්චි ඇක්සිඩන්ට් වෙච්ච හැටි දැක්කම අලියට වුනත් බය හිතෙන්නෙ නැද්ද? (නදී)
අලියා දැකලා කෝච්චිය කුලප්පු වෙලාද? (නදී)
අලියා කුලප්පු උනේ හෝන් එකට නොවේ . උගේ කකුල් ගොතා තිබුණ නිසා. (ස)
අපි ඉතින් කොහොමත් අහක යන ඒවටත් කුලප්පු වෙනවා. එක අපේ ගමේ හැටි. (ස)
වනාන්තරගතව සිටිය යුතු මේ අහිංසක සත්ත්වයන් ඔවුන්ගේ නිදහස අහිමිකර මෙසේ පාරවල් වල ඇවිද්දවන එකට නම් මම පුද්ගලිකව අකමැතියි (නි)
අලියා කුලප්පු වුණත් ටික වෙලාවකින් නැවත සන්සුන් වෙනවා (නි)
අසාධාරනේට, මැර කම්, වල් කම් වලට ඉඩක් නෑ අපි එක්ක, (ස)
කාන්තාවන් දෙදෙනෙක් රේල් පාරේ ගිහින් එයාලට ගහපු හෝර්න් පාරට අලියා කලබල උනේ....චීත්ත තමා කොතනත් අවුල (ස)
හැම අදහසකටම, මොකක් හෝ කොනක් අල්ලා ගැනීම පුරුද්ද වෙන්නැති නේ. (ස)
කුලප්පු උණු අලි සිංහයෝ තමයි කොටියෝ මැරුවේ.මතක නැතුව ඇති නේද? (ස).
චින්තක ඔයා ඔය කියන පැත්තේ කට්ටිය කුලප්පු වෙලා නොහිටියනං අද අපිට රටක් නැත. අජිතා ඔබටත් කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමා (ස)
ලොක්කා මවු බිමට ආපසු ආවා විතරයි.(ස)
මීට මස දෙකකට කලින් අපේ ගමෙත් පෙරහරක් තිබුණ. අලි ඇත්තු 12 ක් හිටිය. එම පෙරහැර සංවිධායක මණ්ඩලය විසින් වන ජීවී දෙපාර්තමේන්තුවේ අලි නිර්වින්දන ඒකකයේ නිලධාරීන් ඊට සහභාගී කරවාගෙන තිබුණා. (අ)
දුම්රිය කළේ වැරැද්දක් නේද? අලියට මාර බයක් ඇතිවෙන්න ඇති නේද? (නදී)
අජිතා, චින්තකට පැහැදිලි චින්තනයක් නැහැ. රූපසිංහ කලබල වෙලා නෙමෙයි. මොළය පාදා දුන්නා පමණයි. (නි)
චින්තකගේ කීමට රූපසිංහත් කලබල වෙලා (නි)
චින්තක, අනවශ්‍ය දේවල් කියා අහිංසක මිනිස්සු කුලප්පු නොකර ලිපියේ කරුණු වලට අදාලව පමණක් අදහස් දැක්වුවහොත් ඔබගෙන් රටටත්, ඔබ ඔබටත් වැඩදායක වේවි. ඔබට ලිපිය පිළිබද යමක් කීමට නැත්නම් නිශ්ශබ්ද වීම වටී. (නි)
අලි කුලප්පු වීම සාමාන්‍ය දෙයක් අද කාලේ වෙන දේවල් සමඟ බැලුවහම (නි)
දැන් මෙහි වරද කාගේද? (නි)
අලි කුලප්පු නොවී තියේවිද අද කාලේ වෙන දේවල් වලට? (නි)
කෝච්චිය හු කියනකොට අලියා හිතන්න අැති ඒ අලියාට කියලා (නි)
මොකද මේ අලියාගේ ඇඳුම් බාගෙට ගැළවිලා? (නි)
කොහොමත් ඉන්නෙම කුලප්පු වෙච්ච ගමන් (අ)
දුමිර්යට දොස් කියන්න බැහැ මෙතනදී. මොකද ඔවුන් ආරක්ෂිත ක්‍රමවේද හැමවිටම අනුගමනය කරනවා (නි)
අලියා බැන්දේ ලයිට් කණුවක. (ස)
අපේ පැත්තෙ අය නිකං කුලප්පු වෙන්නෙ නෑ. (ස)
ඔය පැත්තේ අය කොහොමත් නිකම්ම කුලප්පු වෙනවා. (නදී)