අම්බලන්තොට ථෙරපුත්ත ජාතික පාසලේ පරිපාලනයට හා පාසල් දරුවන් යට කැර ගෙන ඇතැයි කියන ටියුෂන් මාෆියාවට එරෙහිව අම්බලන්තොට නගරයේ අද උද්ඝෝෂණයක් පැවැතියේය.
වසර දහයකට වඩා එකතැන සිටින ගුරුවරුන් මේ ටියුෂන් මාෆියාවට සම්බන්ධ බවඋද්ඝෝෂකයෝ කීහ.
අම්බලන්තොට ථෙරපුත්ත ජාතික පාසලේ පරිපාලනයට හා පාසල් දරුවන් යට කැර ගෙන ඇතැයි කියන ටියුෂන් මාෆියාවට එරෙහිව අම්බලන්තොට නගරයේ අද උද්ඝෝෂණයක් පැවැතියේය.
වසර දහයකට වඩා එකතැන සිටින ගුරුවරුන් මේ ටියුෂන් මාෆියාවට සම්බන්ධ බවඋද්ඝෝෂකයෝ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමුන් ටියෂන් පන්තියට ගොස් ඔවුන්ගේ කැමැත්තෙන් අමතර අධ්‍යාපනය ලබා ගැනීමේ වරදක් මා දකින්නේ නැහැ. නමුත්, සමහර තැනක එය ළමුන්ගේ බෙල්ලට තොන්ඩුව දමා ගෙන සෙල්ලම් කිරීමට සැරසෙන මාෆියා ස්වරුපයක් ගෙන ඇති බවට උදාහරණයක් ලෙස මම මිට දින කීපයකට ඉහතදී සිදුවුන සිද්ධියක් ගෙනහැර දක්වන්නම්. මිගමුව නගරයේ කොම්පියුටර් අධ්‍යාපනය සඳහා ටියුෂන් ලබාදෙන එක්තරා ආයතනයක් එම ආයතනය තුල කලින් සිට මේ විෂය හදාරන සිසුන්ගෙන් එකවරම ඇතුළුවීමේ ගාස්තුව නැවත සංශෝධනය කර ඇති බව කියමින් රු,400 මුදලක් හා එකවර මාස 3 ක පන්ති ගාස්තු ලෙස මාසික ගාස්තුවද ඉහල දමමින් තවත් රු,5000 ක් ගෙවිය යුතු බව දන්වා ළමුන් අත මව්පියන්ට ලිපි එවා තිබෙනවා. මෙයින් අපහසුවට පත් මව්පියන් දැනටමත් මේ ටියුෂන් කඩය වර්ජනය කරමින් වෙනත් තැන් වලට ළමුන් යැවීමට සිදුවී තිබෙනවා. මෙම හදිසි වැඩිකිරීම සිදුකොට ඇත්තේ මේ වසරේ අපොස.(සා.පෙ) පෙනී සිටින සිසුන්ට වීම නිසා සිසුන් සහ මව්පියන් දැඩි අපහසුවට පත්වී තිබෙනවා. මෙය අනෙකුත් ටියුෂන් පන්ති වලටත් බෝ උනොත් තත්වය කෙබදු වේවිද? කොම්පුටර් විෂයට ඉතාමත් දක්ෂ මේ ගුරුවරයාගේ බිරිඳ අදායම් බදු දෙපාර්තමෙන්තුවේ සේවය කරන්නියක නිසා මෙම සැලැස්ම ඇය විසින් ක්‍රියාත්මක කල එකක් බවද සිසුන් පවසනවා. (නදී)
ටියුෂන් කාරයෝ කියන්නේ ජෝතිෂ කාරයෝ පේන කාරයෝ වශී ගුරකම් කාරයෝ වගේ පහල වෙච්ච පරපෝෂිතයෝ පිරිසක්. හේතුව ? වර්තමාන අධ්‍යාපනයේ බංකොලොත් භාවය. ඇයි නතර කරන්න බැරි? නීතියෙන් තහනම් කරලා පාසල් අධ්‍යාපනය උසස් මට්ටමකට ගෙනාවා නම් ඉවරයිනේ. අද රටේ තියෙන්නේ උගතුන් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් නොවෙයි. සමහර මහාචාර්ය වරුන්ට වුනත් පට්ටම් තිබුනට විභාග සහතික තිබුනට උගත් කමක් නැහැ! (නදී)
ටියුෂන් පන්ති නවත්වන්න මේ කපේදි බැහැ. අම්බලන්තොට උද්ඝෝෂකයන්ට අන්තිමේදී වෙන්නේ අකුලාගෙන යන්න (නි)
ලංකාවේ සමහර දෙමවුපියන්ට ළමයින්ව ටියුෂන් ගෙනියන එක මානසික ලෙඩක් වෙලා. අපි ළමා වයසේ කළ දේවල් දැන් කාලයේ ළමයි කරන්නෙ නැහැ (නි)
අද මේක ජාතික ව්‍යයසනයක් වෙලා. පාසල් තියෙන්නේ නමට දරුවන්ට ඉගෙනගන්න වෙලා. දැන්වත් ජනාධිපතිතුමාවත් මේ ගැන හොයලා අහිංසක දරුවෝ මේ උගුලෙන් බේරුවොත් පින් අයිති වෙනවා (නි)
ඔය උද්ඝෝෂණය කරන අයගෙ ළමයි ටියුෂන් යන්නෙ නැද්ද දන්නෑ. (ස)
රණතුංග මහත්තයා, ඔබ හරි. මගේ ගුරුතුමාත් ඔයදේම කරා. (ස)
මම දන්නා ගණිත ගුරුවරයෙක් ඉන්නවා එතුමා ඉස්කෝලෙක උගන්නන ගමන් ළමයිට ටියුෂන් පන්තිත් කරනවා. නමුත් ඔහු උගන්නන ඉස්කෝලේ කිසිම ළමයෙක්, ඔහුගේ ටියුෂන් පන්ති වලට ප්‍රතිපත්තියක් හැටියට ඇතුලත් කර ගන්නේ නැහැ. මම ඇහැව්වා ඒ ඇයි කියලා. ඔහු මට දීපු පිළිතුර තමයි " මම පාසලේදී මගේ ළමයිට, හොදට උගන්නනවා. ඒ නිසා,ඒ ළමයි මගේ ටියුෂන් පන්තියට පැමිණීමට අවශ්‍ය වන්නේ නැහැ" කියා. ඒ වගේම ළමුන්ගේ උසස් පෙළ ප්‍රතිපලත්, ඉහලම මට්ටමක තිබෙනවා. මෙහෙමත් ගුරුවරු අප අතර ඉන්නවා නේද කියලා මට හිතුනා.(නදී)
ටියුසන් පන්ති නොයන ළමයෙක් ඉන්නවනම් හොයාගන්න බලන්න අදකාලේ. හිටියත් බොහොම අතලොස්සක් ඇති. සමහරුන් නැතිබැරි කමට නොගොස් ඇති. දෙමාපියෝ තීරණය කරන්න ඕනේ තමන්ගේ දරුවා ටියුසන් පන්ති යවන නොයවන එක. නැතුව ටියුසන් පන්ති බලෙන් ළමයි ගෙන්න ගන්නේ නැහැනේ. (නදී)
බලාගෙන උද්ඝෝෂණ කරන්නේ. ඔය පැත්තේ මහජන නියෝජිතයෝ සෙල්ලම් පිස්තෝල අරගෙන දුවගෙන එන්න බැරි නැහැ. (ස)
පාසල තුළින් ලබන්නේ අධ්‍යාපනය පමණක් නෙමෙයි ප්‍රදීප් මහත්තයෝ.පෞරුෂය සහ අනෙකුත් සියලු යහගුණ එතනින් ලැබෙනවා. මාත් ටියුෂන් ගියා. නමුත් කැම්පස් ගොහින් උපාධි අරන් අද වටිනා රැකියාවක් කරන්නේ මගේ විදුහල් මෑණියන්ට පින් සිද්ධ වෙන්නයි. (ස)
ටියුෂන් පන්ති තිබ්බ නිසා අපි සා. පෙළ සහ උ.පෙළ ගොඩ ගියා. ඔය කවුරු මොනවා කිව්වත් අමතර පන්ති වලින් තමා ලොකුම රුකුල ලැබෙන්නේ. පාසැල නරකයි කියල කියනවා නෙවෙයි. (ස)
ටියුෂන් පන්ති වල තියෙන වරද මොකද්ද (දී)
ටියුෂන් කියන්නේ එකතරා මෆියාවක්දැයි ම දන්නේ නැහැ. නමුත් මේ උද්ගෝෂණය කරන කට්ටිය "නොමිලේ ටියුෂන් " කිවුවානම් ඉස්කොලේටවත් ළමයින් නො යවා ටියුෂන් පන්තිවලටම ළමයින් යවනු ඇත. පාසලේදී නිසි ලෙස විෂයමාලාව උගන්වනවානම් ඉවරයි (දී)
මේක වැරදි මතයක් අමතර පන්ති නවත්තන්න නම් පාසලේ හොදට උගන්වන්නකෝ වෙන කිසිම ක්‍රමයක් නැහැ .උද්ගොසන කරන අයගේ ළමයින්ට ගෙවල්වලට ගෙනල්ල උගන්වනවා .නිදහසේ කොහෙන් හරි ළමයින්ට ඉගෙනගන්න දෙන්න කුහකකම් නොකර (දී)
අම්බලන්තොට පමණක් නොව මුලු රටේම ළමයි ට්යුෂන් මාෆියාවට යට වෙලා. මුලු රටේම මිනිස්සු පාරට බැසිය යුතුයි. (ස)
ඹය පිළිලය අහිංසක පැටවු බිලි අරගෙන ඉවරයි.(දිල්)