මව රට ගිය දා සිට තනිවම ගෙදර සිටි අට හැවිරිදි දියණිය හා දස හැවිරිදි පුතා රත්නපුරයේ ලොකු අම්මාට භාර දෙන ලෙස කැස්බෑව වැඩ බලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය නියෝග කළාය.
පිළියන්දල සිරි මංගල මාවතේ සිටි මේ දෙදෙනාගේ පියා ත්‍රිරෝද රියදුරකු බවත්, මව රට ගිය දවසේ සිට ඔහු ඉඳහිට ගෙදර ආ බවත්, යාබද නිවසේ පදිංචිකරුවන් දරු දෙදෙනාට කෑම දී ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටු දායක පුවතක් (දී)
අපි තනි වෙලා අප්පච්චිත් නෑ ගෙදර පාලුයි අපිට... නෑ කිසිවෙක් අප අතර නැති කරලන්න බය පාළුව ගණ අඳුර අම්මේ එන්න දැන් හිටියා මදිද? දුර (දී)
තාත්තව නම් එල්ලන්න වටිනවා. (දී)
අසරණ වෙන්නේ ළමයි (දී)
රට ජාතිය බේරා ගන්න දඟලන සංවිධාන වලට නරකද මේ වගේ දේවල් වලට සහනයක් ලබා දෙන්න උත්සාහ කරන්න. (දී)
කෝ මේ අපේ රට ජාතිය ගලවා ගන්න සංවිධාන ? ඉදිරිපත් වෙන්නකෝ බය නැතිව . ජාතියේ දරුවන් දෙන්නෙක් රැකවරණයක් නැතිව ඉන්නවා. (දී)
මේ තාත්තාව අල්ලන්න ඕනේ (දී)
මේක තාත්ත කෙනෙක්ද (දී)
මර්වින් මාමා කියනවා තව දරුෙවා් හදන්න කියලා හදන්න හදන්න ජය වේවා (දී)
අපේ කාන්තාවන් රට යැවීම නතර කළ යුතු කාලය ඇවිත්.(නදී)
පොඩි ළමයි ඉන්න අම්මලාට රට යන්න දෙන්නේ නැහැ කියලා පම්පෝරි ගැහුවට ඔය යන්නේ. යන අයට ඒජන්සියෙන් ලක්ෂයක් දෙනවා. කිරි දෙන අම්මලාට කිරි නැතිවෙන්න බෙහෙත් විදලා රට යවනවා, සල්ලි ගන්නවා. සෞදි අරාබියේ ඒජන්සි වලට ගෙනත් ගාල් කරලා ලොකු ගණන් වලට විකුණන ජාවාරම තවමත් කෙරෙනවා. මොන බොරුද ඔය කියන්නේ? (නදී)
අනේ අසරණ දරුවෝ (දී)
මේ අසරණ දරුවන් භාරගත හැකි කෙනෙක් නැද්ද? (නි)
මම ඉන්නේ මැදපෙරදිග. මෙහෙ ඇවිල්ල ඉන්න ලංකාවේ අම්මල දැක්කම අපි ලංකාවේ කියන්න ලැජ්ජයි. ඒ අයට ලංකාවේ ළමයි, මහත්තයෙක් තියා ඒ අයගේ වයසවත් මතක නැහැ.ආර්ථික ප්‍රශ්න වලට ගෘහ සේවයට එනවා කියන්නේ අමුලික බොරුවක්. මෙහෙ එහෙම අයට ලැබෙන්නේ 26500 ක් . එ'කෙන් 20000 ක් විතර වැඩිම වුණොත් ඉතිරි කරන්න පුළුවන්. (ස)
මේ දරුවන්ගේ අම්මා මේ විස්තර මොකුත් නොදැන තමන්ගේ ආදරණීය සැමියට හම්බ කරන සේසතම එවනවා ඇති. එයා ඒවගෙන් කරන දේ හිතාගන්න පුළුවන්නේ. ඒ නිසා මේ තත්වය පිළිබඳව ඇය දැනුවත් කළ යුතුයි නේද? (ස)
පිරිමින්ව රට ඇරියත් කාන්තාවන් රට යවන්න එපා බුදු මහත්තයෝ. පවුල් කඩාකප්පල් වෙන්න එක හේතුවක් මේක. (දී)