කහවත්ත කොටකෙතන දෙමිනිමැරීම් නඩුවේ පැමිණිල්ලේ සාක්කියට සැකකාර අඹුසැමි යුවළගේ දරු දෙදෙනා කැඳවන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජයන්ත විජේසූරිය මහතා රත්නපුර මහාධිකරණ විනිසුරු මොහාන් සෙනවිරත්න මහතා හමුවේ කියා සිටියේය.
නයනා නිල්මිණී (52) සහ කාවින්ද්‍යා චතුරංගි (18) මව සහ දියණිය 2012.01.31 වැනිදා ඝාතනය කළැයි ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු සහ රසිකා චාන්දනී උදයකුමාරි හෙවත් බට්ටිට අද අධිචෝදනා බාර දුන්නේය.
ජූරි සභාවකින් තොර නඩු විභාගයකට සැකකරුවෝ කැමැත්ත පළ කළහ.
සැකකරුවනට ඇප ලබා දෙන ලෙස සැකකරුවන්ගේ නීතීඥවරු ඉල්ලා සිටියහ.
සැකකාර අඹුසැමි යුවළගේ දරුවන් පැමිණිල්ල වෙනුවෙන් සාක්කී දීමට නියමිත හෙයින් සැකකරුවනට ඇප ලබා දුනහොත් ඉන් නඩුවට හානියක් විය හැකි බව පැවසූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විජේසූරිය මහතා ඔවුනට ඇප ලබා නොදෙන ලෙස ඉල්ලා සිටියේය.
නඩුවේ සැකකරුවනට ඇප ලබා දීමෙන් යුක්තිය පසිඳලීමට බාධාවක් විය හැකි නිසා දෙවැනි සැකකාරියට නියම කර තිබූ ඇප අවලංගු කරන ලෙසත්, සැකකරුවන් දෙදෙනාම නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසන් විනිසුරුවරයා නියම කළේය.
සැප්තැම්බර 30 වැනිදා සිට එක දිගටම නඩුව විභාග කරන බව ද විනිසුරු සෙනවිරත්න මහතා පැවසීය.
සබැඳි පුවත්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාවේ පසුබිම අනුව ඇයි මේ ජෝඩුව මිනිමරන්න පෙළඹුනේ කියලා තේරුම් ගත යුතුයි. කුඩු බෙදාහැරීම ගැනත්, ඒ වැඩේට තිබුන දේශපාලන සම්බන්ධකම් ගැනත්, මියගිය අම්මයි දුවයි කුඩු බිස්නස් එකට එරෙහිව ගිය නිසා ඔවුන්ව විනාශ කරන්න ඕනෑවූ අයුරුත් පරීක්ෂණ වලදී අනාවරණය වුන බව පුවත්පත්වල සඳහන්ව තිබුනා.(නදී)
අනේ මම දන්නේ නැහැ මේකට මොන වගේ උත්තරයක් ලියන්නද කියලා (නි)
ඉතාම කනගාටු දායක පුවතක් තම දෙමාපියන් මොන වරද කලත් නොදන්නා දරුවන්ව ඒ අයට විරුද්ධධව යෙදවීම ඉතාම පහත් වැඩක් (අ)
අස්මිත් ඇත්තටම හරි. අනික මේ සමාජෙන් මේ දරුවන්ට කොච්චර ගැරහුම් ඇද්ද? එයාලගේ අනාගතේ සමාජයත් එක්ක ගැටෙන්නේ කොහොමද?කතා කරලා වැඩක් නැහැ. (නි)
දෛවයේ සරදමක්
අස්මිත් කියන දේ හරි. අනික මේ දරුවන්ට කිසිසේත් මේ දෙමව්පියන්ගෙන් යුතුකම් හෝ ආරක්ෂාවක් ලැබේවිද? ළමයින්ගේ සිත් පිවිතුරුයි. එයාලට මේ දෙන්නවත් පිළිකුල් ඇති. සමහර විට මේ දෙන්න අපරාධ කරුවෝ දෙන්නෙක් විදියට දරුවන්ට විශාල බියකුත් ඇති; කණගාටුදායක සිද්දියක්.(නදී)
තම දෙමාපියන්ට විරුද්ධව ළමයින්ගේ සාක්කි අරන්ද පොලිසිය ගොඩයන්න හදන්නේ. ලජ්ජයි. (නි)
මේ දරුවන් ලොකු වුණහමයි ඇත්ත තේරෙන්නේ. ඔවුන්ගේ ජීවිත කාලයම කදුලින් ගෙවයිද දන්නෙ නැහැ (නි)
අද නීතිය අන්දවී ඇති නිසයි මෙහි පළමු චුදිතයා නිදැල්ලේ පසුවෙන්නේ. අපි ස්වබාව ධර්මයට ඉඩදීමෙන් තමයි රටේ විශාල වශයෙන් අපරාද වර්ධනයක් උද්ගත වී තිබෙන්නේ. පළමුව අපරාදකරුවන්ට ඇප දීමේදී වඩාත් ගැබුරට විනිශ්චකාර තුමන්ලා සිතිය යුතුයි. දැන් ඕනෑම අපරාදයකට සැකකරුවන්ට ඇප දීම සාමාන්‍ය දෙයක් වී තිබෙනවා. පෙරකදෝරු මහත්වරු වරදේ ස්වභාවය බලන්නේ නැහැ. මුදලේ වටිනාකමට තසමයි වාද කරලා හෝ ඇප ලබන්නේ .මේ ක්‍රමය වෙනස් නොවෙන තාක් රටේ අපරාද යම් තම් හෝ අඩුවිය නොහැකිය.(නදී)
එතකොට නිදහස් කරපු අනිත් කෙරුමට මොකද වෙන්නේ?මේ සේරම ප්ලෑන් එයාගෙනේ?එයාගේ පැවැත්මටයි මෙවැනි අපරාද කලේ (නි)
මේ ළමයි අනාගතයේදී ජීවිතය ගැන කළකිරෙන්න වුණත් බැරි නැහැ (නි)
මේ අපරාධය පිලිබඳ මුල්පෙළේ වගකිවයුත්තන් තමන්ගේ දරුපවුල් එක්ක සතුටින් ජීවිතය ගෙවනවා ඇති.මේ දරුවන්ට අත්වෙන අනාගත ඉරණම කොහොම වෙයිද? මෙසේ සාක්ෂි ගැනීමත් අපරාධයක් නොවෙයිද? (නි)
ඇප දෙන්න නම් එපා (නි)
ළමයි බොරු කියන්නේ නැහැ ..වැඩිහිටියෝ තමයි බොරු කියන්න කියල උගන්නන්නේ.(අ)
අම්මා සහා අප්පච්චි (තත්තා) යනු ලොව ඇති උතුම්ම වස්තුවයි.(නදී)
දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තව කෙනෙකුගේ දරුවෙක්ව මරන්නේ කොහොමද? අපි අපේ දරුවන්ට ආදරෙයි නේද, ඇයි කාගෙවත් දරුවෙක්ව මැරුවේ. අපි අපේ දරුවන්ට පන වගේ ආදරෙයි. ඒ වගේ තමා අනෙක් අම්මලත් මේ ටික මතක තියා ගන්න. මොනවද ලබාගත්තේ, අන්තිමට තමන්ට තමුන්ගේ දරුවොත් නැති වෙනවා.(නදී)
ආදර්ශමත් දරුවෝ දෙදෙනෙක් (නි)
සාධාරණය වෙනුවෙන් සාක්කි දීමට ඉදිරිපත් වීම ගැන මුලින් ඒ ළමයින්ට මාගේ ප්‍රණාමය. කවුරු කළත් වැරැද්ද වැරද්දමයි. දෙමාපියන් දරුවන්ට ආදර්ශමත් විය යුතුයි. දරුවන්ගේ සිත්වලට, ඔවුන්ගේ අනාගතයට දෙමාපියන්ගෙන් ක්‍රියා කලාපයන් තදින්ම බලපාන බව අවාසනාවකට හුඟක් දෙමාපියන්ට තේරෙන්නේ නැහැ. (නි)
මේ දරුවෝ පස් දෙනාම පොඩියි. මව්පියන්ගෙන් වෙන්ව ඉගෙන මව්පියන්ටම විරුද්ධව සාක්කි දීමට දරුවන්ට සිදුවීම ගැන තාත්ත කෙනෙක් ලෙස මටත් ගොඩක් කනගාටුයි.(නදී)
ධර්මසිරි කියන මන්ත්‍රීට නිදහස දීලා දැන් නඩුද ?(නදී)
උහුලගන්න බැරි මේ වගේ අපරාධ වලට නීතියෙන් සමාව ලැබෙයි. ඒක අපේ ලංකාව හැටි. නමුත් අපි බෞද්ධයෝ හැටියට කවදාවත් ස්වභාව ධර්මයෙන් සමාවක් ලැබෙන්නේ නැහැ. අපි අවධානයෙන් මේ ගැන බලන් ඉන්නවා.(නදී)
මොන නඩුද? වාස් එහෙ ඉදිද්දී මේ අයට ඇප දුන්නනම් මෙලහකට ගේම් එක ඉවරයි.(නදී)
අනේ කාලේ වනේ වාසේ (දී)
වරදක් කල බව රටම දන්නා කරුණකි. එහෙත් තම දෙමාපියන්ට විරුද්ධව මෙවන් දෙයකට එම දරු දෙදෙනා යොදා ගැනීම ඒ කුඩා දරු දෙදෙනාගේ මුළු ජීවිට කාලයටම ඔවුන් හඩ වැලපෙන කරුණකි. මන්ද නොතේරුම්කමට ඇත්ත එලිකලාට ඔවුන් ලොකු වූ විට ජීවිත කාලයම හඩාවැටෙනු ඇත. මෙය අපේ රටේ පවතින සාරධර්ම වලට එකග නොවෙනු ඇත. ඔවුන් අපටද රටටද මතු යම් දිනයක ශාප කරනු ඇත (නි)
තවත් අම්මා කෙනෙකුයි දුවකුයි ඝාතනය කරන්න මේ මවුපියන්ට හැකිනම් මොවුන්ගේ දරුවන්ට එයට විරුද්ධව සාක්ෂි දීමට ශක්තියක් ලැබීම ගැන එක අතකින් සතුටු විය හැක,, (අ)