අම්බලන්තොට නගර කිට්ටුවට අද (26) අලුයම සිට මීටර් 500 ක් පමණ ඈතින් වල් අලි දෙදෙනෙකු නගර වැසියෝ අලින් බැලිම සඳහා එම ස්ථානයට පැමිණිම අවදානමක් වී ඇති බව වනජිවි අඩවි සහකාර ඩබ්.එම්.ඒ.ගුණතුංග මහතා කීය.
වල් අලි නිජබිමක් වු රුහුණේ ඇතැම් පෙදෙස් සංවර්ධනය සඳහා යොදා ගැනීමත් සමඟ අලින් ඇතුළු වන සත්තු යන එන මං නැතිව සිටිති. හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය , මත්තල ගුවන් තොටුපළ ඒදා වල් අලි රාජධානියක් ඉදිකිරිමත් සමඟ අලි ඇත්තු වරාය අසල ද කුඩා වනරොදකට කොටු වී සිටිති.
අම්ලන්තොට ආ මේ අලි දෙදෙනා නිර්වින්දය කරන්නට නොහැකි බවත් ඔවුනට නිදහසේ යන්නට ඉඩ දිය යුතු බවත් වනජිවි නිලධරයෝ කියති.
ජායාරූප - සනත් ගමගේ
ජායාරූප - චන්ද්‍රසේන ගමගේ

![DSC04686[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC046861.png)
![DSC04695[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC046951.png)
![DSC04699[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC046991.png)
![DSC04701[1].png_img_8](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC047011.png_img_8.png)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විල්පත්තුව ගැන කතාකරලා කවුරුත් සංහිඳියාවට බාධාවක් ඇති කරන්න එපා (නි)
චතුරි ගේ අදහසට මම එකග වෙනවා. සත්‍ය වශයෙන්ම අලින්ට විශාල භුමි ප්‍රදේශයක් වෙන් කරානම් හරි.(හේ)
ඉන්න සත්තු ටිකවත් ආරක්ෂා කරගන්න වැඩපිළිවෙළක් යෙදුවොත් මේ සත්තු තව ටික කාලයක් ජීවත්වෙයි. නැත්තම් උන්ට වෙන්නේ කෝච්චි, වගා ළිං, හක්කපටස්, අකාරුණික මිනිසුන්ගේ වෙඩි උණ්ඩ වලට ගොදුරුවී අකාලේ මියැදෙන්නයි. (නි)
තව ටික දවසකින් විල්පත්තුවේ අලිත් නගරෙට එන දවස වැඩි ඈතක නෑ (බ)
රටක් සංවර්ධනය වෙන්න ඕනෑ යම් ක්‍රමයකට. එහෙම නොවුණොත් රටේ විනාශය (නි)
අලි-මිනිස් ගැටුම් හේතුවෙන් අන්තිමේදී මිනිස්සු වගේම අලිත් අසරණයි (නි)
පන්සල් වල පෙරහරේ යන්න මේ සතුන් මෙල්ලකරගෙන අරන් යනවා. නමුත් මේ සතාට කරන හිරිහැර... හක්කපටස් තියනවා, වෙඩි තියනවා, අසරණ සතා දුක් විඳලා මැරෙනවා. මේ වෙනුවෙන් එක හිමිනමක් හෝ නැඟී සිටියාද? මොනවා කරන්නත් මේ සතුන්ට නිදහසේ ජීවත්වෙලා ඉන්න එක ගමක් හෝ කැලෑවක් මොවුන් වෙනුවෙන් වෙන්කරන්න ඕනෑ. (නි)
මේ වගේ රටක ඉපිදෙන එකත් අලින්ගේ අවාසනාව. (නි)
සමහරු හදන පන්සල් ගැන කතාකරනවා. විල්පත්තුව කැලේ කපන එකට කටක් අරින්නේ නැහැ. ජාතිද්‍රෝහීද මොනවද කියලා නම් තේරෙන්නේ නැහැ. හැබැයි දිව දෙකේ කතා. (නි)
කැලේ කපන්නේ රට දියුණු කරන්න කියලා තේරෙන්නේ නැද්ද ඔයාලට. අපි අද ලෝකේ හොඳ තැනක ඉන්නවා මෝඩකම පැත්තෙන් නම්. (නි)
අලි නගරය බලන්න ආවේ නැහැ මහත්තයෝ. කැලේ එලිකරගෙන නගරය කැලේට ගියා. පව් මේ අහිංසක සත්තු තව වැඩි කාලයක් ලංකාවේ ඉන්න එකක් නැහැ. පහුගිය ටික දවසට අලි කිදෙනේක්නම් මැරුණද. කෝච්චියේ හැපිලාම එක සැරේ 4 දෙනෙක්ම මැරුණා. (බ)
මේ සතුන්ට හරි දුක ඇති ඒ අයගේ පුරුදු තැන නැති වෙනකොට. අපි මින්ස්සු වෙලත් ඉන්න තැනින් මැරෙනතුරු වෙන තැනකට යන්න කැමති නැහැ. එ්ත් මේ අහිංසක සත්තු වෙන මොනවා කරන්නද, අලුත් තැන් හොයාගෙන යන්නේ නැතුව. අනේ ඇත්තට මේ අහිංසකයන්ට නිදහසක් නැති හැටි? අපි හරිම පවුකාරයෝ (නි)
අපි වගේ පුංචි රටකට මේ වගේ දැවැන්ත සත්තු කියන්නේ සම්පතක්. අපේ රටේ දේශපාලකයින්ට ඒකවත් රැකගන්න වුවමනාවක් නෑ. (බ)
කට කට, තහනම් වචනය විල්පත්තුව. විල්පත්තුව කිලය කියන්නේ මොකද්ද. අපිනම් අහලත් නැහැ, දැකලත් නැහැ, මතකත් නැහැ. (බ)
අන්තිමේට අපිට මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. වරාය , මත්තල ගුවන් තොටුපළ සුදු අලි වුනාට කළු අලි බේරා ගමු. (බ)
අලින්ගේ මුල් වාස භූමි වලට මින්නිස්සු ගියාම ඔහොම තමයි.(හේ)
විජේපාල හරි..අලි නගර හෝ ගම් වදින්නේ නැහැ..අපේ මිනිස්සු කැලැ වදිනවා..විල්පත්තුවට වුන දේ පේනවනේ..(බ)
විජේපාල මහතා හරියටම හරි. අලි කවද්ද ගම නගර වැදුනේ මිනිස්සු වන වැදුන මිසෙක. (බ)
වන සතුන්ට දැන් ඉන්න තැනක් නැති නිසයි ඒ සත්තු දැන් නගර වලට පැමිණෙන්නේ.(හේ)