පණ්ඩිත් අමරදේවයන්ගෙ අභාවයෙන් ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ පිරිමැසිය නොහැකි පාඩුවක් ඇති වූ බව විපක්ෂ නායක ආර් සම්බන්දන් ශෝක ප්‍රකාශයක් නිකුත් කරමින් කියයි.ලක්ෂ සංඛ්‍යාත සංගීත ලෝලීන්ගේ හදවත්හි නොමැකෙන සළකුණක් තැබීමට අමරදේව මහතා සමත් වූ බව ඔහු පැවසීය.
“ශ්‍රී ලාංකික ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ සංගීතවේදී පණ්ඩිත් අමරදේව කලාකරුවාණන්ගේ අභාවය ශ්‍රී ලංකාවේ සියලුම දෙනාට දැඩි සංවේගයක් ගෙන දෙන ප්‍රවෘත්තියකි.සංගීත සංගීත ක්ෂේත්‍රෙය් උන්නතිය උදෙසා ස්වකීය දායකත්වය සපයමින් ගායකයෙකු,වයලීන් වාදකයෙකු හා සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහු සුවිශාල කර්තව්‍යයක් ඉටු කළේය.ඔහුගේ අසමසම වූ දක්ෂතාවයෙන් රිදී තිරයද සුපෝෂණය කිරීමට සමත් විය.“

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් ප්‍රභාකරන් නැති පාඩුව මකන්න බැහැ වගේ කතා කරන එක්කෙනානේ! (අ)
අම්මට සිරි, සම්බන්දන් මහත්යා දන්න දේවල්. (අ)
එතුමා අමරදේව මාස්ටර් ගැන හොඳ ප්‍රකාශයක් කළා. ඉතින් අපි එතුමාට වෙන වෙන දේවල් නොකියා ස්තුති කරමු. (නි)
සම්බන්දන් මහතාගේ කාලෝචිත ප්‍රකාශය ඉතාම ප්‍රශංසනීයයි. ප්‍රවීණ සිංහල කලාකරුවෙක් ගැන උගත් ද්‍රවිඩ මහත්මයෙක් පිරිනමන ප්‍රණාමය නොතේරෙන සමහර මිනිසුන් සිංහලයන් අතර ඇතිමුත් සෑම සිංහලයෙක්ම එසේ නොවෙයි. (නි)
අපේ අයියලට හොඳක් කිව්වත් වලි. නරකක් කිව්වත් වලි . කට වහගෙන හිටියත් වලි. (අ)
කියන දේ 100% හරි. කිව්ව කෙනා තමයි ප්‍රශ්නේ.(අ0
රටේ සම්පත්, ජාතික වස්තු අගය අගය කරන්න ආගම් කුලබේද අවශ්‍ය නැහැ. මේ පොළොවේ ඉපදිච්ච හැම පුරවැසියෙකුටම එය අගය කරන්න අයිතියක් තියෙනවා. (අ)
ජාති බේද නැතිව හිතන්න පුරුදු වන්න. අපි හැමෝම ලංකාවේ පුරවැසියෝ.කියන කරන දේවල් විතරක් අගයන්න. කවුරු කිව්වත් හොද දෙයක්. (හේ)
චන්ද්‍රත් මරුවට සම්බන්දන් මහත්තයට සම්බන්ද වෙලා ඉන්නේ (අ)
සමහරුන්ගේ අදහස් දකිනවිට හිතෙනවා හදිසි ව්‍යසනයකදී විතරක් භේද අමතක කර එකට එකතුවෙන අපි, අැයි සාමාන්‍ය අවස්ථා වලදී මෙතරම් අනුන්ට ගොරවන්නේ කියලා. මෙතන සම්බන්ධන් මහත්මයාත් ශෝක පණිවුඩයක් දීලා තිබෙන්නේ අැයි? එ්ක ඇයි අපිට ධනාත්මකව සිතන්න බැරි? (නි)
සම්බන්ධන් මහතා අමරදේවගේ රසිකයෙක් ලෙස වගේම රටේ විපක්ෂ නායක ලෙස කළ එම ප්‍රකාශය අප අගය කළයුතුයි. අපි හැමෝම මේ රටේ මිනිස්සු නම් අැයි දැන්වත් මේ ජාති බේද අමතකකොට රටක් විදියට හිතන්න බැරි. ඔහු වුණත් දැන් තේරුම් ගනිමින් ඉන්නවා කියලයි මම නම් හිතන්නේ. අපි කළයුත්තේ සියලු මිනිසුන් දිනාගැනීම මිස බෙදී වෙන්වීම නොවේ. (නි)
ගාමිණි, හිනා ගිහින් පුටුවෙනුත් ඇදගෙන වැටුනා ඒ කතාව දැකලා. සම්බන්දන් වැඩියෙන්ම ආො අමරදේවයන්ගේ සින්දු වලින් "මේ සිංහල අපගේ රටයි" සින්දුවටද දන්නෙ නැහැ (නි)
අපි ඔබතුමාට ගරු කරනවා ඔබේ ඔය ප්‍රකාශයට. ඒ වගේම ඔබතුමාා හිතන්න ඕනෑ ඔබතුම විපක්ෂ නායකයා කියලා. ඒ දෙමළ ජනතාවට විතරක් නොව මුළු ලංකාවටම (නි)