ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළයේ මහා ගායක අමරදේවයන්ගේ දේහය බහාලු මංජුසාව සෙසු පිරිස සමඟ නිදහස් චතුරස්‍රයේ දී බාර ගෙන විශේෂ පීටිකාවේ තැන්පත් කිරිමට උදව් විය.
අභාවප්ප්‍රාප්ත ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහය රැගත් රිය පෙරහර අද (4) පෙරවරු 10.45 නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට ළඟා විය.
පාසල් සිසුහු ද කලාකරුවෝ ද ඇතුළු විශාල පිරිසක් පෙරහරට සහභාගී වෙති.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිදහස් පිටිය අසල දී මල් ඉස්සේය.
ජායාරුප - ළහිරු හර්ෂණ
ජායාරූප - ඉසංක සුනිමල්
ජායාරූප - ඩයනා උදයංගනී
වීඩියෝ ළහිරු හර්ෂණ






















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සසර වසන තුරු නිවන් දකින තුරු ....පින් කේත හෙළ මේ දෙරණේ යලි උපදින්නට හේතු වසනා වේවා . ඔබට නිවන්සුව ලැබේවා (හේ)
මෙතුමා නැති අඩුව කිසිවෙකුට පිරවිය නොහැක (නි)
ජාතිය වෙනුවෙන් මේ අසහාය ගායකයාට ජනාධිපතිවරයෙක් ලෙස කවුරුත් හෝ නොකරන ගෞරවයක් කිරීම ගැන සතුටුවෙමි. (නි)
අමරදේවයන් ලොස් අැන්ජලිස් වලට අා වෙලාවක මා සමඟ කියූ දෙයක් තමයි මහගමසේකරයන් සහ ධර්මසේන හේමපාලයන් සමග කළගෙඩිහේන පළාතේ වෙලක් මැද තුන්මං හන්දියක ගීත ලියූ හැටි. එතුමා හරිම සොඳුරු මිනිසෙක්. කිසිම ආඩම්බරයක් නැති කාරුණික මිනිසෙක්. සුදු නෙළුම කෝ සොරබොර වැවේ, පිපුණු කුසුම පරවුවා, මුනි සිරිපා පියුමේ මා මතක් කරන්නේ කඳුළු සලමිනි. ඔබතුමාට නිර්වාණ සම්පත්තිය ලැබේවා! (නි)
හෙළ ගාන්ධර්වයාණෙනි, ඔබට නිවන් සුව! නමුත් අද රටේ පතින තත්වය අනුව පින්කෙත හෙළ මේ දෙරණේ යළි උපදින්නට පෙර දෙවරක් සිතනු මැනවි. (නි)
නළුවන් වු විජය කුමාරතුංග විජය නන්දසිරි ඒ වගේම ගායකයන් වූ ජෝතිපලයාණන් අපගේ මහා ගන්දර්ව්‍යනන් වූ අමරදෙවයනන් අපගේ හර්දය අප මියෙන තුරාවට ස්පන්දනය කළා
ඉදහිට හෝ අපට අපේ මවු බිමේ අභිමානය මතක් කළ දුන් ඔබ තුමා නැතිවිමෙන් අප අද ගොළු වුවා වගෙය . ඔබට නිවන් සැප . (අ)
ජනාධිපති කෙනෙක්ගේ කරපිටින් අවසන් ගමන් ගිය ලෝකයේ එකම කලාකරුවානන් අප ගාන්ධර්වයන විය හැකිය . ඔබ මෙසේ ගෞරව ලැබිය යුතු උතුමෙකි ඔබට නිවන් සැප (අ)
ඉපදීපම වගේම මරණයත් පොදු දහමක ප්‍රතිපලයක්. උපන් සෑම සත්වයාම මේ තත්වයට සමානවම මුහුණ දිය යුතුයි. එහෙත් කිසිදාක මිය නොයන මිනිසුන් ලෙස ජීවත්ව සිටි කාලයේ විරාජමාන බව හා තේජෝ බලපරාක්‍රම ය මරණින් මත්තටත් ගෙනයන්න වෙර දරන මිනිසුන් සිටින සමාජයක එක් සුවිශේෂ මිනිසෙක් සම්පුර්ණ වෙනස් මගක යමින් තම ජීවිතය හා මරණය සමස්ත සමාජය තුලම දැවැන්ත කම්පනයක් සනිටුහන් කරමින් චාම් ලෙස සමුගෙන ඇත. ඔහු කාගේවත් පහනින් ආලෝකය නොපතා තම නෛසර්ගික හැකියාව මතම විශ්වාසය තබා තමන් උපන් භූමියට කිසිදා නොනිමෙන ආලෝකයක් උරුම කර අද නිහඬව ඇත. ජීවත්ව සිටි කාලයේ ඉටු කළ යුග මෙහෙවර ට අමතරව මරණය නම් ප්‍රපඥයට මිනිසෙකු ලෙස දීමට හැකි ගැඹුරුම අර්ථය දුටු ගැමුණු රජුට පසු හෙළ ඉතිහාසය ට එක් කළ ඒ උතුම් මිනිසා අද දිනයේ අපෙන් සමුගත්තද, ඔහුගේ ගීතය ට මුසු කර අපට දුන් පණිවිඩය කිසිදා නොමියණු ඇත. (අ)
ඔබතුමා වැදු මවටත්, උපන් රටටත් ණය නැති උතුම් මිනිසෙක්.ඔබගේ ගීත අපගේ හදවතේ සදා රැදී ඇත.තම සිරුර අනෙකෙකුගේ යහපත වෙනුවෙන් දන්දීම යනු උතුම්ම පුණ්‍ය කර්මයක්. එවැනි දෙයක් කල හැක්කේ මනසින් උසස් කෙනෙකුට පමණයි. එයත් වැලකුව නේද? (අ)
අපි දැක්ක පහුගිය සතියේ කලාකරුවන්ට රජය සලකන විදිහ . කලාකරුවන් තමන්ගේ අයිතිය රැකගන්න උද්ඝෝෂණ කරන හැටි. බොරුවට මළමිනිය කරගහල වැඩක් නැහැ. ජනාධිපති කෙනෙක්ගෙන් ඔයිට වැඩි දෙයක් ජනතාව බලාපොරොත්තු වෙනවා.(අ)
දේශපාලකයෙනි, කරුණාකර උතුම් මිනිසුන්ගේ දේහයන් ඔබේ වාසියට ගන්නේ නැතුව එම තැනැත්තන් සහ ඔවුන්ගේ පවුල්වල අයගේ කැමැත්තට ඉඩ දෙන්න. (අ)
අමරදේවයන් සදා අප සිතේ ජීවමානයි (නි)
මා මෙය ලියන්නේ කඳුලින් බරවූ දෙනෙත් සමඟිනි. හෙළයේ මහා ගාන්ධර්වයාණනි, ඔබගෙන් සංගීතයට සිදුවුණ සේවය කිසිවෙකු මඟින් සම කළ නොහෙක. ඔබගේ අඩුව පිරවීමද යළි කිසි දිනෙක පියවිය නොහැකිවෙනවා නොඅනුමානය. ඔබට අජරාමර නිවන් සුවය ප්‍රාර්ථනා කරමි. (නි)
මේ උතුම් මිනිසා යළිත් අප අතරම ඉපදේවා! (නි)
පෙරේරා සමග මමත් එකග වෙනවා . (හේ)
වාදන හඬින් පසුබිම තාලෙට නැඟුම... හෙළ සංගීත රසවත් කරමින් ගැයුම... ඔබ ගැයු ගීත දෙසවන රැව්දේ තවම... මුළු ලොව අමරණීයයි ඔබ සැමදාම.. ඔබට නිවන් සුව පතමි. (නි)
ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ.. අතරතුරේ නොමැරි මැරේ දස දහස් වරේ.. අද දින සමුගන්න ඔබට අම මහා නිවන්සුව අත්වේවා.(අ)
හෙළයේ මහා ගාන්ධර්වයානාණෙනි! විදග්ධයාණෙනි! මතුනොව සුභාවිත ගීතාවලියේ නිම්වලළු පුළුල් කරමින් එහි මං පෙත් එකලු කළ මහරජාණෙනි, සසර සරණ කාල පරාසයේ තවත් වරක් මේ ස්වරණ වර්ණ පුණ්‍ය භූමිය ස්පර්ශ කරන්නට ආරාධනා! ආරාධනා!! (අ)
වැස්ස වලාහක දෙවියනි, හෙළයේ මහා ඝාන්ධර්වයාණන්ගේ, විදග්ධයාණන්ගේ මේ හෙළ දෙරණින් සමු ගැනීමේ ශෝකකුල අවසන් හෝරාවේ බැස යන මළ හිරුට අවසන් ගෞරව දැක්වීමට ඉඩකඩ සලස්වා කරුණාකර ඔබ පසෙකට වී නොපෙනී ඉන්න. (අ)
ජාතියක් නැළවු.. ජාතියක් සැනසු.. හෙලයේ ගාම්භීර.. ප්‍රතාපවත්... සප්තස්වරය. නිහඬවීය. හෙලයේ මහා ගාන්ධර්වයාණෙනි.. ඔබට නිවන් සුව ලැබේවා..! (හේ)
සසර වසන තුරු ... නිවන් දකින තුරු ... පින් කෙත හෙළ රන් දෙරණේ ... යලි උපදින්නට ... හේතු වාසනා වේවා .... හේතු වාසනා ....(හේ)
සියලු දේ අනිත්‍යයි.එතුමාට නිවන් සුව පතමු.(හේ)
අන්තිම කැමැත්තට අපි ගරුකරන්න ඕනේ තමයි . එතුමා මරණය ගැන මනා අවභෝදයකින් සිටියේ (හේ)
අන්තිම කැමැත්තට අපි ගරුකරන්න ඕනේ තමයි . එතුමා මරණය ගැන මනා අවභෝදයකින් සිටියේ . ඒ ගාන්දර්වයා තමා ගැන මහා ලොකුවට හිතපු කෙනෙක් නොවේ . නමුත් මුළු ජනසමාජයම කැමති වෙන්නේ නැහැ එතුමාගේ නිසල සිරුර කපා කොටා දානවට .ලාංකීය සහුර්දයන් එපමණ කුරුරි නැහැ . අපි තවම මාර්ග පල ලබල නැහැ .(හේ)
නොදැනිම දරුවන් අැකයෙන් වැටුනා (අ)
ඔබට නිවන් සුව! (නි)
පතමි මොක් සුව......! (නි)
ඔබට නිවන් සුව මැතිඳුනි! (නි)
"සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි" මෙවැනි වටිනා ගීත ගායනා කරන මිනිසෙකු නැවත ඉපදීම අවිනිශ්චිතයි. සමහර ඔහුගේ ගීත ඇසෙනවිට අපගේ පෙර අත්මයන්ගේ මතකයන් අවදි වෙනවදෝ කියා මට හැගෙයි. විටක දුකද, විටක ප්‍රීතියද ,විටක සාන්කවද තනිකමද අපේ හදවත් තුල උද්දීපනය වෙයි. එයනම් ආශ්චර්යක්! අමරදෙවයණනි ඔබට නිවන් සුව ලැබේවා.! (ර)
මෙවන් දක්ෂයෙකු මිහි පිට යළිත් උපදිනවාද සිතාගන්නට නොහැකිය. උතුමාණනි, ඔබට නිවන් සුව අත් වේවා ! (නි)
අපිව ජීවිතකලයම පුරාවටම සතුටින් තියන්න පුළුවන අය අතරින් දෙමාපියන්ට පස්සේ ඉන්නේ මෙවැනි ගීත ගැයූ කලාකරුවන් බව මගේ පෞද්ගලික අදහසි (හේ)
මේ පුණ්‍යවත් උතුම් පුද්ගලයාගේ දේහය විනාශ නොකර ..බෙහෙත් ගල්වා...ඒ දේහය මේ හෙළ ලක්දෙරණේ තැම්පත් කර තබන්න ..වසර ගානක් පවතින සේ .... (ම)
අතිගරු ජනපතිතුමනි මහා ගාන්ධර්වයාණන්ගේ ශ්‍රි දේහය ඔබ සුරත රදවා දැක්වූයේ හෙළයේ මුලු මහත් පුරවැසියාම වෙනුවෙන් දැක්වූ භුහුමනයි.(ම)
අපි මිනිසුන් බව පෙන්වීම අගය කරමි. (අ)
අමරදේවයන්ට ගුවනින් මල් ඉසීම හොඳයි .නමුත් නියම උපහාරය එතුමා අවසාන කාලයේ කළ ඉල්ලීම ඉටුකිරීමයි .එසේම ළමුන් අතර එතුමා ජනප්‍රිය කිරීම සඳහා පාසල් තුළ යම් වැඩ පිළිවෙලක් ඇති කල යුතුයි.(අ)
ඉතාම නිහතමානී ජනාධිපතිවරයෙක් (ම)
මහා ගාන්ධර්ණෙනි ඔබට නිවන් සුව!!!!! (ම)
පින් කේත හෙළ රන් දෙරණේ යළි ඉපදේවා (ම)
ඔක්කොම හොඳයි දේශපාලන පෙරහරක් කරගන්න එක තමයි හොඳ නැත්තේ. (ම)
හෙළයේ මහා ගායක අමරදේවයන්ට ජාතියේම උපහාරය . ඔබට නිවන් සුව අත්වේවා.(හේ)
අපේ රටේ පින්වන්තම කලා කරුවෙක්.අපේ ආදරය හැම දම ඔබට ලැබුණා (ම)
සුවඳවත් ඔබ අප හදවත් තුල කිසිදා මිලින නොවේ. (ම)
වාදන හඬින් පසුබිම තාලෙට නැඟුම.. හෙළ සංගීත රසවත් කරමින් ගැයුම..ඔබගේ ගීත දෙසවන රැව් දේ තවම.. මුළු ලොව අමරණීයයි ඔබ සැමදාම.ඔබට නිවන් සුව පතමි.(හේ)
අජරාමර නිවන් සුව ලැබේවා.(හේ)
අමරදේවයන්ට නිවන් සුව අත්වේවා (හේ)
ලෝකයටම උතුම් වූ මිනිසෙක් ගේ අන්තිම කැමත්තවත් ඉටු නොවෙන රටක් මේක....(ම)
මහා ගායක අමරදේවයන්ට උපහාර පිණිස සතියක් පුරා රටේ ශෝක ප්‍රකාශ කරන එකේ හොඳයි (හේ)
හෙළයේ මහා ගායක අමරදේවයන්ට ජාතියේම උපහාරය (හේ)
හෙළයේ මහා ගායක අමරදේවයන්ට ජාතියේම උපහාරය . ඔබට නිවන් සුව අත්වේවා (හේ)
ගුරැ පියානණි හෙට දිනයේ දේශයට ඔබ නැති අඩුව පුරවන්නට කිසි කෙනෙකු නොමැත. ඔබට නිවන් සුව ලැබේවා! (ම)
ගාන්ධර්වයානණ්ගේ නැතිවීම නව පරපුරේ සංගීතඥයන්ට ආදර්ශයක් ලෙස ඔහු විසින් ඔහුගෙ විෂය දැනුමින් සහ උසස් නිර්මාණ හෙළයට කළ අමරණීය සේවය අද ඔහුගේ දූවිල්ලක් තරමටවත් නොවටිනා නව පරපුරේ බිහිවන සංගීත හරුපය ට තිත තබන්න ,ප්‍රායෝගික ඉලක්කය මත ප්‍රමිති ගත නිර්මාණ සමාජයට වැමෑරීමේ වාසනාව උදාවේ නම් වටී.සංගීතඥයා සංගීත විද්‍යාඥයෙක් බවට පරිවර්තනය වේ නම් ඒ ඔහුගේ ආත්මයට කෙරෙන ගරුත්වය සහ පණිවුඩය අමරණීයයි.(හේ)
ඔබට නිවන් සුව අත්වේවා (හේ)
තෙරුවන් ගුණ සත් ගයනා කිරීමෙන් ඔබ ලබා ගත පින ඔබට සුගතියේ සැප ලබන්න හේතු වේවා. ඔබට නිවන් සුව! (ම)
සිත් සතන් අපගේ නිවාලූ මහා කිවිදුන් හෙලූ ඒ අවසන් හුස්ම පොද,කළඹවා සිරි ලක්බිමම අද හඬ වැටෙනවා සෝක බරිතව ප්‍රියන්ගෙන් වෙන්වීම දුක බව පහදලා දුන්නාට බු දු හිමි.අපි කෙසේ ඉවසම් මෙලෙස වෙන්වී යනවිටදී සෑම?(හේ)
සසර වසන තුරු නිවන් දකින තුරු ....පින් කේත හෙළ මේ දෙරණේ යලි උපදින්නට හේතු වසනා වේවා! (හේ)
ඔබට නොදන්වා මරු මෙහි ආදා... යන්නට සිදුවන්නේ.... ඉන්නට බැරි වන්නේ... පණ්ඩිත් අමරදේවයානනි ඔබට නිවන් සුව,(හේ)
නිහතමානී ජනාධිපති වරයෙක් සහ ශ්‍රේෂ්ඨ ගායකයෙක් (අ)
ඔබ නික්ම ගියත්, ඔබගේ ස්වර්ණමය මිහිර අප රට තුළ සැමදා හිරු මෙන් බැබළෙනු ඇත. (අ)
ජාතියක් නැළවු.. ජාතියක් සැනසු.. හෙලයේ ගාම්භීර.. ප්‍රතාපවත්... සප්තස්වරය.. නිහඬවීය... හෙලයේ මහා ගාන්ධාර්වයාණෙනි... ඔබට නිවන් සුව ලැබේවා..! (අ)
හෙළයේ මහා ගාන්ධර්වයානෙනි ඔබට නිවන් සුව....ජනපතිතුමා ඇතුළු සැමට තුති.නමුත් මේ වැස්සේ හෙට වෙනකල් දේහය තියන්නේ මේ එළිමහනේද....එතකොට පවුලේ සාමාජිකයින් කොහෙද ඉන්නේ. (අ)