අභාවප්‍රාප්ත අමරදේව ශූරීන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ගෙවිය යුතු මුදල රජය විසින් ගෙවීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා ඒ ගැන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට උපදෙස් දී ඇතැයි ද, එම තීරණය සෞඛ්‍ය ඇමැතිවරයා අද පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහඳලියනගේ මහතාට සහ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත් සේනාරත්න මහතාට දැනුම් දුන්නේයැයි ද එම අමාත්‍යංශය පවසයි.
අමරදේව මහතා අද පෙරවරුවේ ශල්‍යකර්මයකට බාජනය කර ඇතැයි ද, ඒ සඳහා අය විය යුතු මුදල සහ වෛද්‍ය ගාස්තුව රුපියල් හාර ලක්ෂ හැට නව දහසක් යැයි ද කියති. එම මුදල අමරදේව මහතාගේ පවුලේ උදවියගෙන් අය නොකරන ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා උපදෙස් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්. ඔව්. 15%ක්ම වැට්නේ. ලොකු දෙයක් කරලා තියෙන්නේ. (නි)
සමන්ත මම ඔබගේ පැතුම එලෙසම ඉටුවේවා කියා පතනවා! කෙනෙක් මියගියාට පසුව කරන සැලකිලි වලට වඩා ජිවතුන් අතර සිටියදී කලා කරුවන්ට මිට වැඩ සැලකිල්ලක් දක්වනවා නම් කොතරම අගෙයිද? (හේ)
නැසීගිය අමරදේවයානන් වෙනුවෙන් කළ ක්‍රියාව අගය කරනවා.(හේ)
මේක ඉතා විශාල මුදලක්නේ?(හේ)
ඔහුගෙන් දේශයට වෙච්ච සේවය අගයලා මොනවා හරි කියන්න (හේ)
සරත් බොහොම හරි.මුලික පහසුකම් ටිකවත් නොදී හොරකන පාලන තන්ත්‍රයක් තමයි ලංකාවේ එදා ඉදං අද දක්වා පවතින්නේ (අ)
ඔය තරම් දුර නොගිහින් රෝහල් බලධාරීන්ට තිබුණා එතුමාගේ පව්ලේ උදවියට බිල් පතක් ඉදිරිපත් නොකර ඉන්න. එතකොට මුළු රටම දන්නවා අමරදේව නැමෙති මහා ගන්ධර්වයාට නියම අවංක කෘත ගුණ සැලකිමක් කරපු බව . (අ)
ඉතිං ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල රජයේ රෝහලක්නේ. ඉතිං ඒකේ ඔපරේෂන් එකක් කළාම සල්ලි ගෙවන්න ඕනෙද? (අ)
මේවගේ ඒවා අඩ බෙර ගගහ කරන්න ඕනි වැඩ නෙමෙයි.. මේවා යුතුකම් (ම)
මෙතුමාගේ අගය නොදන්නා ඉතාමත් සුළු පිරිසක් ලංකාවේ ඉන්නවා. මට පෙරේරා ගැන කනගාටුයි. (අ)
ඉතා හොඳ තීරණයක්. ස්තුතියි ජනපතිතුමනි.(හේ)
රජයෙන් ගෙවනවා කියන්නේ අපේ මුදල්නේ. පුද්ගලික ධනයෙන් දෙනවා නම් තමා හොඳ. මුදල් නැතුව ශල්‍යකර්ම කරගන්න බැරි තරුණ අය කොච්චර ඉන්නවද. ඒ අය ගැනත් බලනවා නම් තමා හොඳ. (නි)
අර රඹුක්වැල්ල මහතාටත් මිලියන 20 ක් ගෙවුවා නේද? ඉතින් එහෙම බලද්දී මෙවන් උතුම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුට මේ කරන සේවය හොඳටම මදි (නි)
අනේ ඉතින් ඕක ඔච්චර කියන්න තරම් දෙයක්ද රජයට? (නි)
රසකාමී හදවතක් ඇති ජනපතිතුමනි, අපගේ ගාන්ධර්වයෝ වෙනුවෙන් හැකි සියලු දේ රට වෙනුවෙන් කළ සහ කරන ඔබට තුති! (නි)
අමරදේවයන්ව සිංගප්පුරුවේ මවුන්ට් එළිසබෙත් වෙත ගෙනයාම නොකිරීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයේ පිළිතුරු දැනගන්න කැමතියි අපි (නි)
එය අනිවාර්යයෙන්ම එසේ වියයුතුමයි (නි)
රෝහල්, අධ්‍යාපන පහසුකම් නොමිලේ ලැබිය යුතුයි තමයි. මිනිස්සු මෙච්චර බදු ගෙවද්දී, මුලික පහසුකම් ටිකවත් නොදී හොරාකන ජාතියක් අපි (නි)
මට හිතෙන්නේ මෙතුමාගේ පවුලේ අයටත් මේ වියදම දරන්න පුළුවන්. රටේ විශාල රෝහල් ප්‍රමාණයක අත්‍යවශ්‍ය බෙහෙත් හිඟයක් තිබෙනවා. වෛද්‍ය උපකරණ හිඟයක් තිබෙනවා. රටේ විශාල පිරිසක් ඌණ පෝෂණයෙන් පෙළෙනවා. ගරු ජනපතිතුමනි, රජයෙන්, මන්ත්‍රී වාහන පර්මිට්, මන්ත්‍රී ලේකම් වාහන පර්මිට්, පළාත් සභා වාහන පර්මිට් අහෝසි කර දෙන්න. ඉස්පිරිතාල වල බෙහෙත් අඩුව පුරවන්න, අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දෙන්න, කන බොන දෑ මිල 50% කින් අඩු කරන්න. ඔබට තෙරුවන් සරණයි. (නි)
හොඳ කෙළෙහිගුණ සැළකීමේ ක්‍රියාවක්. ලංකාවේ බදු ගෙවන්නාට මේ පින් ලැබේවි (නි)