වැලිසර සතොස ගබඩාවෙන් සීල් කළ ලොරිවලින් යැවෙන අල, ලූනු පරිප්පු ඇතුළු භාණ්ඩ මිනුවන්ගොඩ ගෙදරක දී සීල් නොගලවා සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලොරියක් හිමි කතක සහ ඇගේ සැමියා ද, තවත් තිදෙනෙක් ද, මිනුවන්ගොඩ පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
ලොරි දෙකක් ද, වෑන් රියක් ද සොරකම් කළැයි කියන ලක්ෂයක පමණ භාණ්ඩ ද සොයාගෙන ඇත.
සීල් නොකඩා ලොරියේ ලෑල්ලක් ගලවා ඇතුළට රිංගා බඩු එළියට ඇද ඇතැයි පොලිසිය කියයි.
මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී ලුඩවයික් මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මිනිස්සු. (ස)
අපරාධයක් කර කිසිදා සැඟවිය නොහැක. මොවුන්ට නිසි දඩුවම් ලබා දෙන්න. (ස)
ඕනෑම දෙයක් කිරීමට දැන් නිදහස ඇත. අහු උනත් නිදහසේ බේරීමට ක්‍රමද ඇත. (දී)
අනේ තුෂාරිකා නැති බැරිකමට මිනිසුන් සොරකම් කරන්නේ. (ස)
ලලිත් මහත්මයා කියන්නෙ නැති බැරිකමට නම් මිනිස්සු හොරකම් කරන්නෙ කියලා, එහෙම වුණොත් ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ට ගෙදර නෙවෙයි ඉන්න වෙන්නෙ. හිරගෙදර (ස)
නැතිබැරි කමට ලක්ෂයක්ම?? (ස)
ලලිත් මහත්තයෝ ලොරියක් හිමිකාරයෙකුට නැතිබැරිකම් තියනවද. මේක තනිකරම මහාපරිමාණ හොරකමක්. රෝද දෙකේ බයිසිකලයක්වත් නැතත් අවංකව ජීවත් වෙන ගොඩක් මිනිස්සු ලංකාවේ ඉන්නවා. (දී)
හොරකමේ හැටියට නැති බැරිකමේ තරම හිතාගන්න පුළුවන්. (ස)
ලලිත් මහත්තයත් ඒ ගොඩේම කෙනෙක් වගේ නේද ? (ස)
ලලිත් මේ වෙනකොට මොනවගේ දේවල් ද හොරකම් කරලා තියෙන්නේ ? (දී)
කොහොමත් මේ පැත්තෙ ඉන්න ගොඩක් අය හොරු තමයි. (ස)
කෙනෙක් හොර වැඩක් කල පමණින් මුළු ගම් පළාතම හංවඩු ගහන එක හරි මදි නේද මිනිස්සු වැඩියෙන් හම්බ කරන්න ගියාම ඉහ මොළ අදගෙනනේ කන්න හදන්නේ.ඉතින් එකට අනෙක් මිනිස්සු පලි නැහැ නේද?(දිල්)
අපේ ලාංකිකයන්ගේ දක්ෂකම මොනවට පෙන්නුම් කරනවද?? සියල්ල නරක පැත්තට දක්ෂකම යොදවන්නේ. (ස)
හවුලේ සොරකම් කිරීම (දී)
ලොරියේ බඩු ඔක්කොම බාගෙන නැහැ. ඉතුරුව ගෙදර ගෙනිහින්. වැරැද්ද බඩු බාපු අය අතේ. පවු අහිංසක අඹුසැමි යුවල (ස)
ලොරියක් හිමි කාන්තාවක් කසාද බැඳ ගැනීම නිසා අහිංසක පිරිමියෙකුට වූ හදිය! කරුණාකර පිරිමියා නිදහස් කරනු! (නි)