(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට අවතීර්ණවූ පසු ඒ පිළිබඳ විස්තර අදාළ කමිටුවලට ලබාදීමට සූදානම් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (04) පැවසීය.
දැනට තිබෙන්නේ එකඟතා ගිවිසුම් පිළිබඳ කෙටුම්පතක් පමණක් බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
අගමැතිවරයා මෙසේ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය ඇතිකරගෙන ඇති කාර්ය මණ්ඩල ගිවිසුම සභාවට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම පිළිබඳ ප්‍රශ්නය කිහිප වතාවක්ම පාර්ලිමේන්තුවේදී නැගූ බවත් ඒ සම්බන්ධයෙන් මීට පෙර සභානායකවරයාද, මුදල් අමාත්‍යංශයද පිළිතුරු දී ඇති බවත් අගමැතිවරයා සඳහන් කළේය.
විමල් වීරවංශ මහතා:
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය කාර්ය මණ්ඩල ගිවිසුමකට ගිහින් තියෙනවා.ඒ ගිවිසුම ඇයි සභාවට ඉදිරිපත් කරන්නේ නැත්තේ? රට දැනගන්න ඕනේ නැද්ද?"
අගමැති දිනේෂ් ගුණවර්ධන :
තවම ගිවිසුමකට අවතීර්ණය වෙලා නෑ... එකඟතා ගිවිසුමක කෙටුම්පතක් පමණයි තිබෙන්නේ. ඉන් අනතුරුව ඒ පිළිබඳ විස්තර අදාළ කමිටු වලට සුවිශේෂව ලබාදීමට පුළුවන්කම ඇති වෙනවා.
විමල් වීරවංශ :
"ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඇතැම් ප්‍රකාශකයන්, මම දන්නේ නෑ ප්‍රවෘත්ති වරදවා දාලාද කියලා. කාර්ය මණ්ඩල ගිවිසුමකට අවතීරණවී ඇත කියන එක ඒ වාර්තාවල තිබුණා. නමුත් ඔබතුමා කියනවා නම් වගකීමෙන් කාර්ය මණ්ඩල ගිවිසුමක් නෑ කියලා අපිට ඒක පිළිගන්න පුළුවන්. නමුත් එහෙම වාර්තා තිබුණා.
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයි.එම්.එෆ් ගිවිසුම කමිටුවලට දෙනවා
ganegoda Tuesday, 04 October 2022 02:26 PM
අලුත් මරලතෝනියක් ?
samaadi Tuesday, 04 October 2022 03:17 PM
කමිටු පිහිටුවලා ගෙදර ඉන්න බල්ල පුස වෙනකන් පාර්ලිමෙන්තුවට දාගෙන ජතාවගෙ මුදල් හොදට බෙදල දීපල්ලාඅ ! ! මගෙ රටට දෙයියන්ගෙම පිහිටයි .. තොපිට හෙනම ගහපියව් කියන්නත් අමතක උනේ නැහැ !