(යොහාන් භාසුර)
ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී) ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින් ඉහළ දමා තිබේ.
එම ඉහළ දැමීමත් සමඟ පෙට්‍රල් ලීටරයක් රුපියල් 204 සිට රුපියල් 254 දක්වා ද, ඩීසල් ලීටරයක් රුපියල් 139 සිට රුපියල් 214 දක්වා ද, ඉහළ ගියේය.
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම
සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අපේක්ෂා පොදි බැඳගෙන ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සියල්ල නියත වශයෙන්ම ඉටු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.
හෝටල් කාමරවල රැඳී සිට අඹු සැමියන් ලෙස අනියම් ඇසුරක් පවත්වමින් හෝටල්වල සේවය කරන සේවකයින් හා එම ප්‍රදේශවල ජීවත්වන ප්‍රදේශවාසීන් මුලා කරමින් අයිස් මත
නැවත දැනුම් දෙනතුරු ඓතිහාසික මහනුවර සිරි දළදා වන්දනාවට බැතිමතුන්ට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දන්වා සිටි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අයි.ඕ.සී. ඉන්ධන මිල යළිත් ඉහළට
ඩි. පි ප්‍ර්‍රසාද් Friday, 11 March 2022 07:04 AM
රටේ සම්පත් වරින්වර විදේශීය සමාගම්වලට විකුණා රට අගාධයට ඇද දැමීමට කටයුතු කළ කපටි දේශපාලන පක්ෂ වු ශ්‍රී ලංකා, යූ.එන්.පී. හා පොහොට්ටුකාරයින් ඉදිරියටත් රටේ බිම් කොටස් සම්පත් ඇමෙරිකාව, ඉන්දියාව ඇතුළු බලවත් රටවලට විකුණනු ලබයි. ඉදිරියේදී ඛනිජ තෙල් පමණක් නොව විදුලිය, ජලය, ඖෂධ, ගෑස් හා ආහාරවල මිල නියම කරනු ලබන්නේ විදේශ සමාගම් මගිනි. එවැනි තත්වයකට රට ඇද දැමීමට කටයුතු කළ හා කරන සෑම දේශපාලුවෙකුටම හෙන ගහන්න ඕනේ යන ප්‍ර්‍රාර්ථනාව තමයි කරන්න තියෙන්නේ..!.
සමිත සේනක අලුත්ගමගේ. Friday, 11 March 2022 07:07 AM
"ඉන්ධන ඇතුළු සියළුම දේ ඉහළ යතේ... ඒවා අල්ලන්න අප වෙත සවිය නැතේ... කිසිදා නොමැති විපතක් දැන් සිදුව ඇතේ ... රට දැය රැකගන්න පෙරටම වරෙන් පුතේ ..."
Nimesh Friday, 11 March 2022 07:31 AM
දැන්නම් ලංකාවේ ඉන්න බය හිතෙනවා.., රටේ ඉන්න ඉහළම පුද්ගලයින් දෙන්නා මේ ප්‍රශ්නේ ගණන් ගන්නේ නැතිව හැසිරෙන විදිහ දැක්කාම ඉස්සරහට මේක තවත් උග්‍රවෙයි කියලා හිතෙනවා...
Samantha Friday, 11 March 2022 08:04 AM
කැබිනෙට්ටුව අඩු කරපල්ලා...
Asiri Friday, 11 March 2022 08:11 AM
තව මදි, තව තව ඕන... ඡන්දේ දුන්නු අපිට සලකනවා මදි... ශෝක් ...!
sachith Friday, 11 March 2022 08:15 AM
වෙළඳ ඒකාධිකාරයක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න. අන්තිමට මෙයාලා කීයද කියන්නේ ඒ ගාණට අපිට ගිහින් ගන්න වෙනවා.
wicky Friday, 11 March 2022 09:49 AM
කොහොමත් අපිට නිෂ්පාදනය නොකරන තෙල්වලට සහන දෙනවා කියලා... මේක කරන්න පුලුවන් දෙයක් නෙවෙයිනේ. දැන් පේනවනේ ඩොලර් එක සැරේටම 260 වෙලා. ඕක පොඩ්ඩ පොඩ්ඩ වුණාම මෙච්චර එක සැරේ දැනෙනවද...? කොහොම වුණත් මේකෙන් වෙන්නේ තවත් පෝළිම වැඩිවෙන එක තමයි. සිපෙට්කෝ එක වැඩි කරාවි කියලා මිනිස්සු තෙල් ගහන්න පටන් ගන්නවා. අනික අයි.ඕ.සී. එකේ වැඩි කියලා බස් ගාස්තු, ඉඳලා හැම එකම වැඩිවෙනවා. ඩීසල් වැඩි කරන්න ඕනෑ.. ඒකට පෙට්‍රල් වැඩි කරලා හරි යන්නේ නැහැ.. ඕකයි ඉතින් තත්වේ..
gb Friday, 11 March 2022 12:25 PM
දැන් සැපද?
Jagath Friday, 11 March 2022 07:52 PM
ඩොලර් එකක් රුපියල් 350ට වඩා ඉහළ යනවා ඉතාමත්ම ඉක්මණින්. දැන් ඉතිං වාහන ගෙදර තියලා පයින් පලයල්ලා. නන්දසේනව ඕනෑ කියලා ඡන්දෙ දීපු 69 ලක්ෂයට දැන් හොඳටම සැප ඇති නේද..?