IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අයි.පී.දෙන්නාගේ වැඩ තහනම්

ගලහ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති හා අපරාධ අංශයේ ස්ථානාධිපති රාජකාරි වේලාවේ බීමත්ව සිටියේ යැයි කියන චෝදනාවක් මත අද (29) සිට වැඩ තහනම් කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයය කියයි. පෙර දින රාත්‍රී බීමත්ව රාජකාරී කරන බවට ලැබුණු තොරතුරක් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණි පෙරේරා මහතා සිදුකළ නිරීක්ෂණයකින් පසු මෙම තීරණයගෙන ඇත.



අදහස් (0)

අයි.පී.දෙන්නාගේ වැඩ තහනම්

නිමල් ජයසිංහ Sunday, 30 June 2013 10:24 AM

"මතට තිත" තියන්න ඉන්න අය ඉන්නේ මතින්ය. මහජනයා ආරක්ෂා කළයුත්තෝ කොන්ත්‍රාත් ගෙන මිනී මරන්නේය. පියා දුව දූෂණය කරන්නේය.දේශපාලකයා රට පාලනය කිරීම හැර අනෙක් සියලුම දුශ්චරිත වැඩෙහි යෙදෙන්නේය. ලෝක සත්වයාට මෙත් පතුරවන සංඝයා මිනී මරන්නේය. සියල්ල කණපිට හැරී ඇත. මේ ආසියාවේ ආශ්චර්ය වන්නේය. කොසොල් රජු දුටු සිහින 16 කියවන්න (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 29 June 2013 06:52 PM

හැම තැනම වගේ එහෙමයි. මේක වෙන කොක්කක් වගේ.(නදී)

:       0       0

සෑම් Saturday, 29 June 2013 06:58 PM

ඇත්තටම මුන්ට අමුකවිලද. මේ හැම දෙකටම මුල මේ අයගේ විනයක් නැතිකම. ආණ්ඩුවේ අය වැරදි කලහම දේශපාලන හයියෙන් නිදහස් කරගන්න නිසා දැන් රටේම විනය අන්තිමටම පිරිහිලා. යුද්දේ දිනුවට දැන් රටම නැතිවෙලා.(නදී)

:       0       0

උපුල් Saturday, 29 June 2013 07:10 PM

මේ විදිහට පොලීසියේ භාගයක්ම එලවන්න වේවි. (නදී)

:       0       0

මොහෙමඩ් Saturday, 29 June 2013 07:22 PM

පොඩ්ඩක් අඩියක් ගහල පගාවක් ගහල ගෙදර රකින්න ඉන්න අපේ රාලහමිලගේ වැඩ තහනම් කරපු එක සාදාරන නැහැ. මිට වඩා දරුණු දේවල් කරන පොලිසියේ ලොකු නිලදාරීන් ඉන්නේ.(නදී)

:       0       0

ඩෙනිස් Saturday, 29 June 2013 07:26 PM

මෙය ඇත්තටම ක්‍රියාවට නගනවා නම් ඔබට මගේ ප්‍රණාමය පුද කරන්නෙමි. එතනින් නොනැවතී මින් මතුවට මෙවැනි දේ අකුරටම පිළිපදිනවනම් නිසැකයෙන්ම සතුටුවෙමි.(නදී)

:       0       0

ලලිත් Saturday, 29 June 2013 07:39 PM

එහෙම පොලිසියෙන් අල්ලනවද. මම පහුගිය දවසක පොලිස් පැමිණිලි අංශයට කතා කරලා තබූත්තේගම පොලිසියේ ඕ.අයි.සී බිලා ඉන්නේ කියල කිව්වම මට කිව්වා කොලඹට ඇවිත් පැමිණිලි කරන්න කියලා. මම කොළඹ ඇවිත් පැමිණිලි කරලා කොලඹින් යනකොට ඕ.අයි.සී ගේ වෙරි හිදිලා ඉතින් මම වැඩේ අත ඇරලා දැම්මා.(නදී)

:       0       0

ගාමිණී-සිරි Saturday, 29 June 2013 07:40 PM

ඔය කියන කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තියෙනවා. කව්රුත් කන බොන මිනිස්සු. පගාවක්, අල්ලසක්, දුෂණයක් නොවන නිසා වැඩ තහනම් නොකර තරයේ අවවාද කිරීම වඩාත් යෝග්‍ය බව පෙනී යනවා.(නදී)

:       0       0

රංජන් Saturday, 29 June 2013 08:10 PM

අනේ මුන්ට පිස්සු හැදිලාවත්ද? අප්පා මොනවද මේ වෙන්නේ.(නදී)

:       0       0

රොෂාන් සංජීව Saturday, 29 June 2013 08:13 PM

රයිගමයයි ගම්පලයයි වගේ.(නදී)

:       0       0

පද්මිණී Saturday, 29 June 2013 08:16 PM

ලංකාවේ පොලිසියේ රාජකාරි කරන්නේ කොහොමද නොබී. සිහියෙන් කරන්ට දෙනවද? නාහෙන් ගිහිල්ල තියෙන එකේ ඔලුවට ඉහලින් ගැලුවම මොකද?(නදී)

:       0       0

පෙරේරා Saturday, 29 June 2013 09:50 PM

මේ සෑම් කාරයා ඉපදිලා තියෙන්නේ මහින්ද මහත්තයා ජනාධිපති උනාට පස්සේ. අනේ අම්මේ කුක්කු ටිකක් දීලා සුප්පුව කටේ ගහලා දොයි කරවන්න. පොලිස් කාරයෙක් අඩියක් ගහපු එකත් මෙයා දැකලා අහලා තියෙන්නේ අද.(නදී)

:       0       0

සංජිව Saturday, 29 June 2013 10:31 PM

ඇත්තටම පොලිසියේ මාමලා බොනවද මන් අහලවත් නැනේ (අ)

:       0       0

බණ්ඩා Sunday, 30 June 2013 12:09 AM

මොහෙමඩ්,පෙරේරා සහ හැමදාම විහිලු කතා කියන ගාමිණී-සිරිට, රාත්‍රී බීමත්ව රාජකාරී කරන පොලිස්කාරයා ලොකු වරදක් කරන්නේ නැහැ.අපිට නම් බීමත් රියදුරා දරුණු වරදක්, දවසක මිනිස්සු ගොඩක් යටකරගෙන යන නිසා. බීමත් දොස්තර වරදක්, ලෙඩෙක්ට වැරදි බෙහෙතක් හෝ දුෂණයක් කල හැකි නිසා. බිමත් පොලිස්කාරයා වරදක්, හොද සිහියෙන් නොවෙන නිසා. පොඩි දෙයකට තුවක්කුව අරන් ඔලුවටම වෙඩිතියන හෝ දරුණු ලෙස පහරදී අහිංසකයන් මිය යන නිසා.එහෙත් නොබී ඉන්න වෙලාවටත් අමන කතා කියන සමහරු දැක්කම දැන් හැම කෙනා ගැනම බයයි.නොබිත් ඔලුව අවුල් වුන අය ගොඩක් ඉන්නවා (නි)

:       0       0

අජිත් Sunday, 30 June 2013 12:39 AM

පොලිස්පතිතුමා මධ්‍යසාරය නොබොන හොද මහත්මයෙක්. එතුමා පොලිසිස සුද්ධ කරලා දමාවි. (නි)

:       0       0

කොස්තා Sunday, 30 June 2013 01:10 AM

පොලිසිය මනුස්සකමක් නැති කට්ටියක් වෙලා (නි)

:       0       0

චතුල වෙරෝනා Sunday, 30 June 2013 02:50 AM

බොරු වැඩ. එහෙම බැලුවොත් අපේ පැත්තෙ පොලිසියෙ වැඩිදෙනෙක් ඉන්නෙ බීලා. බුලත්විට කකා. ඔන්න ඔය කොල්ලන්ව නිදහස් කරලා දාන්න (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 30 June 2013 03:54 AM

හීන් අඩියක් ගැහුවා කියල වැඩ තහනම් කරන එකනම් හොඳ මදි. (නි)

:       0       0

මහින්ද Sunday, 30 June 2013 04:18 AM

ලලිත් බොරු කියන්න එපා. ඔයා 119 ට ගත්තා නම් ඒ ගැන බලනවා. කොළඹ යනවද ඔයා? ඒ නිලදාරියාට කණගාටුව පලකරනවා මම (නි)

:       0       0

සරත් Sunday, 30 June 2013 05:02 AM

සමහරු මහජනයා වෙනුවෙන් කතා කරන්න යන්නෙත් පොඩි අඩියක් ගහලා. ඉතින් ඕක සුලු දෙයක්නේ (නි)

:       0       0

හේරත් Sunday, 30 June 2013 05:04 AM

නෑ බුදු අප්පෝ ...කලාතුරකින් ෂොට් එකක් දානවා. ඒකත් පිනට ලැබුනු දවසක.... (නි)

:       0       0

සමරසේකර Sunday, 30 June 2013 05:07 AM

පොලිසියේ විතරක් නෙමෙයි, මත්වතුර බිලා වැඩ කරන එක අද සමාජයේ හැම තැනකටම පැතිරි ගිය රෝගයක් වෙලා. එහෙම වුනත් ඒක පොලිස් නිලධාරීන්ට බීමත්ව රාජකාරි කරන්න හේතුවක් නෙමෙයි. මිනිස්සු බීමත්ව හිටියාම හිතනවා තමන් හරි සිහියෙන් ඉන්නවා කියලා. නමුත් ඒක නමටම පමණයි. එබැවින් රාජකාරි වෙලාව තුල බීමත්ව සිටීමට එරෙහිව විනයානුකුල ක්‍රියාමාර්ග ගැනීම නිවැරදියි. (නි)

:       0       0

රසාදරී Sunday, 30 June 2013 07:38 AM

මේ අදහස් දාලා තියෙන වැඩි දෙනෙක් පොලිසියේ මහත්වරු බීගෙන රාජකාරි කිරීම ගැන දක්වලා තියෙන්නේ උදාසීන සහ ඇල් මැරුණු හැගීමකින්. රාළහාමිලයි එයාලගේ රාජකාරියයි ගණන් ගන්න තරම ඒකෙන්ම තේරෙනවා. (නි)

:       0       0

අංජන Sunday, 30 June 2013 08:16 AM

ආණ්ඩුවේ ගොඩක් ඔපිස් වල ඉංජිනේරුවෝ, ප්‍රධාන ලිපිකරු , වගේ අය කොහොමත් බීලම තමයි වැඩිපුර ඉන්නේ. මේවා අල්ලන්න වැටලීම් කරන එක බලධාරීන් ගේ වගකීමකි. කාමරේකට යන්න බැහැ, ගන්ධය උහුලන්න බැහැ. මේකයි සත්‍ය තත්වය. (නි)

:       0       0

ලකී ජයසූරිය ලන්ඩන් Sunday, 30 June 2013 03:53 PM

හැම පොලිසියකම වගේ රෑට තත්වේ ඕක තමා. අහුවෙලා තියෙන්නේ මේ දෙන්නා විතරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 880 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 314 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3996 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1440 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 690 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2437 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37796 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site