ගලහ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති හා අපරාධ අංශයේ ස්ථානාධිපති රාජකාරි වේලාවේ බීමත්ව සිටියේ යැයි කියන චෝදනාවක් මත අද (29) සිට වැඩ තහනම් කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයය කියයි. පෙර දින රාත්‍රී බීමත්ව රාජකාරී කරන බවට ලැබුණු තොරතුරක් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණි පෙරේරා මහතා සිදුකළ නිරීක්ෂණයකින් පසු මෙම තීරණයගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහෙමඩ්,පෙරේරා සහ හැමදාම විහිලු කතා කියන ගාමිණී-සිරිට, රාත්‍රී බීමත්ව රාජකාරී කරන පොලිස්කාරයා ලොකු වරදක් කරන්නේ නැහැ.අපිට නම් බීමත් රියදුරා දරුණු වරදක්, දවසක මිනිස්සු ගොඩක් යටකරගෙන යන නිසා. බීමත් දොස්තර වරදක්, ලෙඩෙක්ට වැරදි බෙහෙතක් හෝ දුෂණයක් කල හැකි නිසා. බිමත් පොලිස්කාරයා වරදක්, හොද සිහියෙන් නොවෙන නිසා. පොඩි දෙයකට තුවක්කුව අරන් ඔලුවටම වෙඩිතියන හෝ දරුණු ලෙස පහරදී අහිංසකයන් මිය යන නිසා.එහෙත් නොබී ඉන්න වෙලාවටත් අමන කතා කියන සමහරු දැක්කම දැන් හැම කෙනා ගැනම බයයි.නොබිත් ඔලුව අවුල් වුන අය ගොඩක් ඉන්නවා (නි)
හැම පොලිසියකම වගේ රෑට තත්වේ ඕක තමා. අහුවෙලා තියෙන්නේ මේ දෙන්නා විතරයි (නි)
"මතට තිත" තියන්න ඉන්න අය ඉන්නේ මතින්ය. මහජනයා ආරක්ෂා කළයුත්තෝ කොන්ත්‍රාත් ගෙන මිනී මරන්නේය. පියා දුව දූෂණය කරන්නේය.දේශපාලකයා රට පාලනය කිරීම හැර අනෙක් සියලුම දුශ්චරිත වැඩෙහි යෙදෙන්නේය. ලෝක සත්වයාට මෙත් පතුරවන සංඝයා මිනී මරන්නේය. සියල්ල කණපිට හැරී ඇත. මේ ආසියාවේ ආශ්චර්ය වන්නේය. කොසොල් රජු දුටු සිහින 16 කියවන්න (නි)
ආණ්ඩුවේ ගොඩක් ඔපිස් වල ඉංජිනේරුවෝ, ප්‍රධාන ලිපිකරු , වගේ අය කොහොමත් බීලම තමයි වැඩිපුර ඉන්නේ. මේවා අල්ලන්න වැටලීම් කරන එක බලධාරීන් ගේ වගකීමකි. කාමරේකට යන්න බැහැ, ගන්ධය උහුලන්න බැහැ. මේකයි සත්‍ය තත්වය. (නි)
මේ අදහස් දාලා තියෙන වැඩි දෙනෙක් පොලිසියේ මහත්වරු බීගෙන රාජකාරි කිරීම ගැන දක්වලා තියෙන්නේ උදාසීන සහ ඇල් මැරුණු හැගීමකින්. රාළහාමිලයි එයාලගේ රාජකාරියයි ගණන් ගන්න තරම ඒකෙන්ම තේරෙනවා. (නි)
පොලිසියේ විතරක් නෙමෙයි, මත්වතුර බිලා වැඩ කරන එක අද සමාජයේ හැම තැනකටම පැතිරි ගිය රෝගයක් වෙලා. එහෙම වුනත් ඒක පොලිස් නිලධාරීන්ට බීමත්ව රාජකාරි කරන්න හේතුවක් නෙමෙයි. මිනිස්සු බීමත්ව හිටියාම හිතනවා තමන් හරි සිහියෙන් ඉන්නවා කියලා. නමුත් ඒක නමටම පමණයි. එබැවින් රාජකාරි වෙලාව තුල බීමත්ව සිටීමට එරෙහිව විනයානුකුල ක්‍රියාමාර්ග ගැනීම නිවැරදියි. (නි)
නෑ බුදු අප්පෝ ...කලාතුරකින් ෂොට් එකක් දානවා. ඒකත් පිනට ලැබුනු දවසක.... (නි)
සමහරු මහජනයා වෙනුවෙන් කතා කරන්න යන්නෙත් පොඩි අඩියක් ගහලා. ඉතින් ඕක සුලු දෙයක්නේ (නි)
ලලිත් බොරු කියන්න එපා. ඔයා 119 ට ගත්තා නම් ඒ ගැන බලනවා. කොළඹ යනවද ඔයා? ඒ නිලදාරියාට කණගාටුව පලකරනවා මම (නි)
හීන් අඩියක් ගැහුවා කියල වැඩ තහනම් කරන එකනම් හොඳ මදි. (නි)
බොරු වැඩ. එහෙම බැලුවොත් අපේ පැත්තෙ පොලිසියෙ වැඩිදෙනෙක් ඉන්නෙ බීලා. බුලත්විට කකා. ඔන්න ඔය කොල්ලන්ව නිදහස් කරලා දාන්න (නි)
පොලිසිය මනුස්සකමක් නැති කට්ටියක් වෙලා (නි)
පොලිස්පතිතුමා මධ්‍යසාරය නොබොන හොද මහත්මයෙක්. එතුමා පොලිසිස සුද්ධ කරලා දමාවි. (නි)
හැම තැනම වගේ එහෙමයි. මේක වෙන කොක්කක් වගේ.(නදී)
ඇත්තටම පොලිසියේ මාමලා බොනවද මන් අහලවත් නැනේ (අ)
මේ සෑම් කාරයා ඉපදිලා තියෙන්නේ මහින්ද මහත්තයා ජනාධිපති උනාට පස්සේ. අනේ අම්මේ කුක්කු ටිකක් දීලා සුප්පුව කටේ ගහලා දොයි කරවන්න. පොලිස් කාරයෙක් අඩියක් ගහපු එකත් මෙයා දැකලා අහලා තියෙන්නේ අද.(නදී)
ලංකාවේ පොලිසියේ රාජකාරි කරන්නේ කොහොමද නොබී. සිහියෙන් කරන්ට දෙනවද? නාහෙන් ගිහිල්ල තියෙන එකේ ඔලුවට ඉහලින් ගැලුවම මොකද?(නදී)
රයිගමයයි ගම්පලයයි වගේ.(නදී)
අනේ මුන්ට පිස්සු හැදිලාවත්ද? අප්පා මොනවද මේ වෙන්නේ.(නදී)
ඔය කියන කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තියෙනවා. කව්රුත් කන බොන මිනිස්සු. පගාවක්, අල්ලසක්, දුෂණයක් නොවන නිසා වැඩ තහනම් නොකර තරයේ අවවාද කිරීම වඩාත් යෝග්‍ය බව පෙනී යනවා.(නදී)
එහෙම පොලිසියෙන් අල්ලනවද. මම පහුගිය දවසක පොලිස් පැමිණිලි අංශයට කතා කරලා තබූත්තේගම පොලිසියේ ඕ.අයි.සී බිලා ඉන්නේ කියල කිව්වම මට කිව්වා කොලඹට ඇවිත් පැමිණිලි කරන්න කියලා. මම කොළඹ ඇවිත් පැමිණිලි කරලා කොලඹින් යනකොට ඕ.අයි.සී ගේ වෙරි හිදිලා ඉතින් මම වැඩේ අත ඇරලා දැම්මා.(නදී)
මෙය ඇත්තටම ක්‍රියාවට නගනවා නම් ඔබට මගේ ප්‍රණාමය පුද කරන්නෙමි. එතනින් නොනැවතී මින් මතුවට මෙවැනි දේ අකුරටම පිළිපදිනවනම් නිසැකයෙන්ම සතුටුවෙමි.(නදී)
පොඩ්ඩක් අඩියක් ගහල පගාවක් ගහල ගෙදර රකින්න ඉන්න අපේ රාලහමිලගේ වැඩ තහනම් කරපු එක සාදාරන නැහැ. මිට වඩා දරුණු දේවල් කරන පොලිසියේ ලොකු නිලදාරීන් ඉන්නේ.(නදී)
මේ විදිහට පොලීසියේ භාගයක්ම එලවන්න වේවි. (නදී)
ඇත්තටම මුන්ට අමුකවිලද. මේ හැම දෙකටම මුල මේ අයගේ විනයක් නැතිකම. ආණ්ඩුවේ අය වැරදි කලහම දේශපාලන හයියෙන් නිදහස් කරගන්න නිසා දැන් රටේම විනය අන්තිමටම පිරිහිලා. යුද්දේ දිනුවට දැන් රටම නැතිවෙලා.(නදී)