රබර් ගසකට යටවු පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ සිරුරෙන් දැඩි ලෙස ලේ පිට වී තිබු බවත් ලේ නතර කිරීමට සැත්කමක් ඇතුළු සැත්කම් තුනක් සැලසුම් කළ බවත් අවිස්සාවේල්ල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ එස් ජයතිලක මහතා පැවසීය.
ඔහුගේ පිට කොන්ද හා උදරයට හානි සිදු වී තිබිණි.
තුන්නානේ සිද්ධියේදී පොලීසියේ තවත් හය දෙනෙක් තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළු කරනු ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේ රටට කවදා හරියයිද කියලා. රට කරවන අය නීති කඩන නිසා රට්ටු නීතිය අතට අරගෙන. ඒකයි ලංකාවේ ප්‍රශ්න. අනේ මේ ලංකාව කවදද ශ්‍රී ලංකාවක් වෙන්නේ.(නදී)
මේ මරණයට හේතු භූත වූ සාධක අතර දුෂණ අක්‍රමිකතා, කර්මය හෝ අනුවණ කමද සම්බන්ධ වී තිබෙනවා. ඒවා එකිනෙක අධ්‍යනය කර ගැටුම් අවම කරන යහපාලනයකට අත වනනවා වෙනුවට දර දිය ඇදීම කොතරම් ශෝචනීය ද? (නදී)
ශිලා ඔබගේ නිදහස් අදහසට මමත් ගරුකරනවා. අපේ දහමට අනුව අපි කරනදේ අපේ පසුපස එනවා. කරුමේ නවත්වන්න කාටවත් පුළුවන් කමක් නැ. සමහර කරුම මේ ලෝකෙදීම පලදෙනවා. ඔය කව්රුත් මේක හිතනවානම් රටට මෙහෙම වෙන්නේ නැ. (නදී)
ශිලගේ අශිලාචාර කතාව ඇහුවම මුන් ගැණුද කියල හිතෙනවා. ගස් පෙරලුවත් පාරවල් හරස් කලත් ගිනි තිබ්බත් දේපල විනාශ කලත් පොලිසියට හමුදාවට ගැහුවත් අන්තිමට උන් ඔක්කොම අහිංසකයෝ. මේ සිදු වීම ගැන පත්තර වල ගම්වැසියෝ කියල කියාගන්න ඔක්කොම දාල තියෙන දේවල් කියල තියෙන දේවල් බැලුවම මේ වගේ අහිංසක කිරි බොන තොත්ත බබාලට ගහන්න පොලිසියට පිස්සුද කියලා හිතෙනවා. වෙඩි කනකම් ගුටි කනකම් ඔක්කොම වීරයෝ. කෑවට පස්සේ ලෝකේ ඉන්න ලොකුම අහිංසකයෝ. (නදී)
කාගේ කාගේත් කෙරුවාවන් සහ නොසැලකිල්මත් බව නිසා අහිංසක දරුවන් දෙදෙනෙකුට ආදරණිය පියෙක් නැතිවිය. වන්දි මුදලින් පියෙකු නැති අඩුව පියවිය නොහැක.(නදී)
ගහ කැපුවම ගහ පාර අසල ඇති විදුලි හෝ ටෙලිපෝන් කේබල් එකක් මතට වැටිලා එල්ලිලා තිබිලා තියෙන්නේ. එහෙම අවදානම් තැනක තමයි මේ පොලිස් පිරිස ඉඳලා තිබෙන්නේ , නැතුව ගහකපල පොලිස් නිලධාරීන්ගේ ඇගට දමලා නොවේ.(නදී)
උසාවියේ නඩුව කොච්චරකල් ඉදන් ඇදෙනවළුද? අවුරුදු 10 එහා මයේ හිතේ. පෙරකදෝරුවෝ කීදෙනෙක් පොහොසත්වෙලා ඇතිද මේ නඩුවෙන්. පගාව කිදෙනෙක්ට මේ මිනිස්සුන්ට විසි කරන්ට වෙලා ඇතිද. මේ කොම්පැනි කාරයාගේ ජරාව කාල මැති ඇමැත්තෝ කියක් පෝසත් වෙලා ඇතිද? ඉතින් මෙහෙම නොවුනොත්නේ පුදුමේ. ඔය ඊනියා සුචරිතවාදියෝ ඒ ගැනත් හිතන්න.(නදී)
ශිලා හරි ශි.(නදී)
ශීලා , කාල කන්නි කියන්න දෙයක් නැහැ ,ජීවිතේට දැක්ක අප්‍රසන්නම ප්‍රතිචාරයක්. අඩුම ගානේ මේ මනුස්සයා ගැන දැනගෙනවත් කතාකරන්න ඉගෙනගන්නවා.(නදී)
රවිදුගේ අදහසට මමත් එකගයි. නීතියට ගරු කරන සමාජයකවත් සමාජය දිහා මානුෂිකව බලන්න හැකි තත්වයක් දේශපාලකයින්ටත් අද නැහැ. මොනවා හරි දෙනවා කිවොත් එක විතරයි බලාපොරොත්තුව.(නදී)
මට අවශ්‍යදේ රවිදු හොදින් කියල තියෙනවා. මේවා සාමාන්‍ය මිනිස්සුන්ගේ ක්‍රියා නෙමෙයි. ගැටුම් ඇතිකරගන්න බලාගෙන සංවිදානත්මකවම ඇතිකරන සිදුවීම්. මළමිනී දේශපාලනයෙන් බඩ වියත රැක ගන්න කාලකන්නි මේ හැම සිදුවීමකම පිටිපස්සේ ඉන්නවා. රතුපස්වල වගේ මළමිනී කීපයක් තමයි කට්ටියගේ අරමුණ. මේ කාලකන්නි මළමිනී දේශපාලනය මේ රටින් අතුගාල දාපු දවසට මේ රටට ලොකු යහපතක් වේවි. එම ක්‍රියාවලිය මැතිවරණයෙන් මැතිවරණයට සිදුවෙමින් පවතින බව දැකීම හිතට ලොකු සතුටක්. (නදී)
බොන්න වතුර ප්‍රශ්ණයක් තියනවා කිව්වත් දැනට ඒක උසාවියේ විභාග වෙන එකක්. කම්හල ගැන උසාවි තීන්දුව එනකන් ඉන්නේ නැතිව රෑ තිස්සේ ප්ලෑන් ගහලා ආන්ඩුව අසීරු කරන්න ගහපු ප්ලෑන් එකෙන් අන්තිමට වන්දි ගෙව්වේ අහිංසක මිනිස්සු. කොහොමත් මනුෂ්‍යෙයක්ගේ ජීවිතයක් කියන්නේ ගොඩක් වටිනවා. දේශපාලනේ බලය ගන්න ගූටි කන ගානට මිනිස්සු වැටිලා. ඔහොම කරලා මොනවද ගන්න බලාපොරොත්තු වෙන පහසුකම්. ඔය උද්ගොෂණය සැලසුම් කරෙත් ඔය වගේ අවසානයක් ඔයිටත් වඩා ලොකුවට කරගන්න හිතාගෙන. අහිංසක ජීවිත ගානක් බිලි දෙන්න හිතාගෙන. එහෙම ජීවිත බිලි දීලා ලෝකෙටම පෙන්නන්න අපේ රටේ මානව හිමිකම් ගැන. ඔය කොයි තර්ක දැම්මත් ඇත්ත ඕකයි. ඔවාට උදව් කරන වචනයකින් හරි සුභ පතන අයගේ දෙමාපියන්ගේ ඉදලා හත්මුතු පරම්පරාවටම විදවන්න වෙනවාමයි.(නධී)
උද්ගෝෂකයන්ට ප්‍රහාර එල්ල කරන්න අණ දීල තියෙන්නේ මේ උත්තමයාවත්ද? (නදී)
මේ ගස කපල පාරට දාපු අයව තවම අත් අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි ? (දී)
වැටෙන්න යන ගහක් යට හරකෙක්වත් නතර වෙන්නේ නැහැ.(නදී)
මන් මේ කියන්නේ කාලකන්නි කතාවක්. නමුත් නොකියාම බැහැ. හැමදාම සැලසුම් හදල පන්න පන්න ගහල අහිංසක මිනිස්සු මරන්නේ පොලිසියෙන් නිසා මේ පාර වැරදීමකින් පොලිසියේ කෙනෙක් මිය යාම ගැන මන් නම් අමනාපයක් නැහැ.(නදී)
ගහ කැපුවම ගහ පාර අසල ඇති විදුලි හෝ ටෙලිපෝන් කේබල් එකක්මතට වැටිලා එල්ලිලා තිබිලා තියෙන්නේ. එහෙම අවදානම් තැනක තමයි මේ පොලිස් පිරිස ඉඳල තිබෙන්නේ , නැතුව ගහකපල පොලිස් නිලධාරීන්ගේ ඇගට දමල නොවේ , කොහොම නමුත් නිකරුනේ ගස් කැපීම සහ පොදු දේපල විනාශ කිරීම අනුමත කරන්න බැහැ. ලංකාවේ ජනතාව දැන් ඉස්සර වගේ නෙවේ ඉක්මනට කුපිත වෙනවා. ලංකාවේ ජිවනබර වැඩිවීම ,අනාගතය පිලිබඳ බලාපොරොතු සුන්වීම වැනි දේවල් නිසා ලංකාවේ බොහෝ දෙනෙකුගේ මානසික තත්වය අවුල්.(නදී)
පොලිස් නිලධාරීන් කියන්නෙත් ජනතාවගෙන් කොටසක්. අවාසනාව කියන්නේ ඔවුන් පාලක පන්තියේ අවශ්‍යතාවයන් සඳහා සේවය කරනවා හැර ජනතාවගේ ප්‍රශ්න දෙස මානුෂිකව බලන්න ඉඩක් පවතින ක්‍රමය විසින් ඇතිකරලා නැහැ. ඒනිසා නිතර ජනතාව සමගයි ඔවුන්ට ගැටෙන්න වෙලා තියෙන්න. මේ තත්වය දෙපාර්ශයම අවබෝධ කරගෙන වැඩ කලොත් පාලක පන්තියට ජනතාව හා පොලිසිය බෙදා වෙන්කොට පාලනය කරන්න ලැබෙන්නේ නැහැ. (නදී)
පාරට ගස් කපලා දාල මේවගේ ටයර් පුච්චලා අතීතයේ මිනිස්සු භීතියට පත් කරේ කව්ද කියල මිනිස්සු දන්නවනේ (දිල්)
නීතීය අතට ගෙන කටයුතු කිරීමේදී මෙවැනි දේ සිදු වෙනවා (දිල්)
බාගෙට කපපු ගහ යටට නොගිහින් හිටියානම් හරිනේ (අ)
දැන් නම් ලංකාවේ මිනිස්සු ගානට වැඩි.හැම දේටම පර වහන්න බලන්නේ.පස්සේ වෙඩි කාල තමා නිකම් ඉන්නේ. (අ)
මේ ගහ වැටිලා කම්බියක් උඩ රැදිලා තියෙනවා. එක යටින් යනකොට තමා ගහ වැටිලා තිබෙන්නේ. (අ)
මේ ගහ කපන ශබ්ධ මේ අයට ඇහුනේ නැද්ද මන්ද,පාරේ ඉඳගෙන ගහ වැටෙන කම් බල ඉන්න ඇති.මේ ගොල්ලන්ගේ නොසැලකිල්ල නිසා ජිවිතයක් නැති උනා.(දිල්)
අනිත් අයට හොද පාඩමක් (දිල්)