පිටරට ගොස් පැමිණියකු සේ රඟපාමින් පිටරට සිට එන මිනිසුන්ගේ බෑග් කටුනායකදී හෝ පිටකොටුවේදී සොරකම් කැර රුපියල් ලක්ෂ පනහකට වැඩි දේපොළ එකතු කළැයි කියන අයිආර්සී කාරයකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කන්තලේ රජඇළ පදිංචිකරුවකු වන ඔහු වසර හතහමාරක් හිරේ ගිය දිවයිනේ නම ගිය අපරාධකරුවෙකියි පොලීසිය පවසයි.
ඔහු පදිංචි කැණියේ කුලී ගෙයි තිබී බෑග් 17ක් ලැප්ටොප් ,ටැබ් පරිගණක 9ක් ,රන්බඩු ,සුවඳ විලවුන් අත් ඔරලෝසු තොගයක් සොයාගෙන ඇත.
ඔහු දවසකට රුපියල් පහළොස්දහසක මත් කුඩු ඉරීමට පුරුදු වී සිටි බවද පොලීසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චමල්,මෙතන තිබුනේ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. ඇය ගෙන එන්න ගෙදරින් ඒ පවුලම ගියා. ඒ කාන්තාවගේ බෑග් එක ගුවන් තොටුපලට වෙනතුරු පැමිණ තිබෙනවා. නමුත් බෑග් ගන්න කොන්වෙයර් එකේ බෑග් එක ආවේම නැහැ. ඒ කියන්නේ ගුවන් යානාවේ සිට බෑග් එකතු කරගන්න තැන අතරදී මේවා කවුරුහරි පන්නනවා. (නි)
මෙයා මාස 2 ක් 3 ක් හිරේ ගිහින් ඇවිත් මේකම තමා කරන්නේ. පොටෝ දැම්මොත් මේක කරලා හමාරයි. පව් අහිංසකයාගේ දරු පවුල් බඩගින්නේ ඒ නිසා පොටෝ දෙන්නේ නෑ. (නදී)
බඩු ටික පෙන්නපු විදියටම මේක කරපු කෙනාගෙත් මූණත් දැම්ම නම් මොකද පත්තරේ. ?(දිල්)
දුක් මහන්සි වෙන අයට වෙන්නේ ඔය වගේ දේවල්. එහෙත් ඉංජීනේරුවරුන්ගේ ළමයින්ට මහපොළ ශිෂ්‍යත්වත් ලැබෙනවා (නදී)
තිලක් ඩුබායිගේ අදහස හරියටම හරි. රට ඉන්න අයගේ දරුවන්ට විභාග පාස් උනාම ශිෂ්‍යත්වයක් දෙනවා කිව්වා මගේ දුව ඕ ලෙවල් පාස් වෙලා උසස් පෙළ ලියලා දැන් ගෙදර ඉන්නේ. අර ඒ ලෙවල් වලදි දෙනවා කිව්ව ශිෂ්‍යත්වය තවම හම්බ උනේ නැහැ (නදී)
මම නම් ගුවන් තොටුපොළට ඇතුළු වුන වෙලාවේ ඉදල ගුවන් යානය ගුවන් ගත වෙනකම් අයිආර්සී කාරයෝ/කාරියෝ හැම තැනම දකිනවා. ඔවුන් අපිට රක්ෂනයක් කියල පටවල අපෙන් රුපියල් 11800 ක් ගසා කනවා. එ්ත් අපිට කරදරයක් වෙලා ලංකාවට එන්න සිද්ද උනොත් බස් එකේ යන්න කියල රුපියල් 200 ක් දෙනවා. (නදී)
කවුරු කවුරුත් කතා කරන්නේ අහුවෙන හොරු ගැන. (නි)
චමල්,මේවා බවලතුන්ට විතරක් නෙමෙයි සිදුවෙන්නේ. අපේ ආයතන ප්‍රධානියා පිටරට ගිහින් එනකොට ගෙනා ගමන් මල්ලක් කකුල් දෙක ළඟම තියාගෙන ඉඳලත් අතුරුදහන් වුණා. ජංගම දුරකතනයට ඇමතුමක් ඇවිල්ලා කතා කර කර හිටපු ටිකට බෑග් එක උස්සලා. (නි)
කාන්තාවන්ගේ විතරක් නෙමෙයි , පිරිමින්ගේත් ගමන් මලු සොරකම් කරනවා. හුඟක් වෙලාවට මේක වෙන්නේ ඔවුන් ඩියුටි ෆ්‍රී ආදී තැන් වලට ගිහින් හැමතැනම කරක් ගසා අන්තිමට ගමන් මලු එකතුකර ගන්න එනකොට. ඒ වෙනකොට මෙහෙම හොරුන් අවට අයට ඔවුන්ගේ බෑග් එක වගේ පෙන්නලා මේවා අරන් ගිහින්. ඉස්සල්ලා බලනවා බෙල්ට් එකේ එන බෑග් අතරින් අයිතිකාරයෙක් නැතුව ඔහේ කැරකි කැරකි තිබෙන ගමන් මලු තිබෙනවද කියලා.. එහෙම නම් ඔවුන් දන්නවා අයිතිකාරයා කොහෙට හරි ගිහිල්ලා කියලා. (නි)
අයි ඡායාරූප සමඟ නම පල නොකරන්නේ ? තවත් කල මගෝඩි වැඩ ගැන මහජනයාගෙන් තොරතුරු ලැබේවි. මාස දෙකකට කලින් අපේ අල්ලපු ගෙදර ඇන්ටි පිටරටක ඉන්න දුවගේ ගෙදර නිවාඩුවට ගිහින් එනකොට ගෙනාපු බෑග් එක ගුවන් තොටුපලේදී අතුරුදහන් වුනා. ඒ වගේ වයසක කෙනෙක්ටත් මේ හොරු වැඩේ දීලා. (නදී)
තමන්ගේ බෑග් ගැන සහ තමන්ගේ ආරක්ෂාව ගැන තම තමන්ම අවධානයෙන් ඉන්න ඕනෑ (නි)
හැම කෙනෙකුටම ගෙදරින් එන්න බැරි හේතු තියෙනවා. දුරවැඩිකම, එන්න කෙනෙකු නොමැතිකම වගේ නොයෙක් හේතු. එවැනි හැම දෙනාටම තියෙන එකම විසදුම ගුවන්තොටුපොළ ඇතුළෙන්ම වාහනයක් ගැනීම. එය ඉතාම ආරක්ෂාසහිතයි. හොරුන්ගෙන්ද ප්‍රවේශම්.එහෙත් ඒ රියදුරුගෙන්ද ප්‍රවේශම් වියයුතුයි. විශේෂයෙන් දුර පළාත්වල කාන්තාවන් (නි)
කටුනායක රට ඉඳල එන කාන්තාවන් මෙයට අහු වෙනවා කියන්නේ එක පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා. සාමාන්‍යයෙන් රට ඉඳල එන කෙනෙක්ව එක්කන් යන්න ගෙදරින් වාහනයක් අරන් එනවා. කාන්තාවකට එහෙම කවුරුත් එක්කන් යන්න එන්නේ නැහැ කියන්නේ එතන මොකක් හරි අවුලක් තියෙනවා. ඒ අවුල නිසාම තමයි මේ වගේ අයට අහු වෙන්නේ. අවුල මොකක්ද කියල ඔබලාම හිතා ගන්න. (ර)
සදහටම හිරබත් කන්න දුන්නොත් තමයි හොඳ. (ර)
ජායාරුපයක් පලකරන්න අනිත් අයටත් අඳුර ගන්න පුළුවන්. (නදී)
අඩුම තරමේ ඡායාරූපයක්වත් පල කලානම් මතු ආරක්ෂාවටවත්. (නදී)
තිරිසන්නු (නදී)