වැල්ලම්පිටිය කැලණිනදීගම ප්‍රදේශයේ දී අද (26) දහවල් සොහොයුරන් දෙදෙනෙකුගේ බහින්බස් වීමකින් පසු අයියාගේ පිහි පහරින් මල්ලී මරණයට පත් වූ බව පොලිසිය කියයි.
ව්‍යාපාරිකයෙකු වූ මිය ගිය පුද්ගලයා දෙදරු පියෙකි.
සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹා ඇති බවත් වැල්ලම්පිටිය පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදේ හවස නිතිපතා අහන්න ලැබෙන "කාලීන බණ, සුමධුර දහම් දෙසුම්, විරිදු බණ, කවිබණ, සදහම් චාරිකා“ කෙළවරක් නැහැ. කෝ ඒවායින් ප්‍රතිඵලයක් වෙලා තියෙන බවක් පෙනෙන්න නැහැනේ. රෑ පැය ගණනක් තුට්ටුදෙකේ ටෙලිනාට්‍ය පෙන්වන ටී.වී. නාලිකා, පෝය දවසට තරඟෙට බණ, පිරිත්, ධර්ම සාකච්ඡා පවත්වනවා. එහෙත් අද මිනිස්සු අම්මා, තාත්තා, අක්කා නංගී, අයියා මල්ලි හඳුනන්නේ නැහැ. එ්කේ ප්‍රතිඵල තමයි මේ අහන්න දකින්න තියෙන්නේ (නි)
මේ ආත්මයේ සහෝදරයෝ වුණාට සසරට අනුව පෙර ආත්මයක වෛරක්කාරයෝ (නි)
අහෝ! බුදුන් තෙවරක් වැඩිය පින්බිමක් වූ මේ දේශයට මොකද වෙලා තියෙන්නේ? (නි)
මිනිස් ජීවිතයක වටිනාකම නොදත් මිනිස්සු! (නි)
අහෝ ලෝකයේ සුන්දරම රට! (නි)
මේ සහෝදරයෝද? පුදුම තරහක් හිතට එන්නේ (නි)
ක්ෂණික කෝපය පාලනය කරගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. කුඩා කල සිටම එයට පුරුදු පුහුණුව ඇති තැනැත්තා තමාගේ සිතින් පහළවෙන නොයෙකුත් ආවේග මර්දනය කර ගනියි. කුඩා කල සිටම දෙමව්පියන්ගේ අවවාද අනුශාසනා වගේම දහම් පාසල් අධ්‍යාපනයෙන්ද හොඳ ගති පුහුණුවුණා නම් මෙවන් ඛේදවාචකයනට මුහුණදීමට සිදු නොවනු ඇත. (නි)
නන්ද කියන දේ හරි. බලන්න රජයේ නාලිකාවල පෙන්නන ටෙලිනාට්‍ය. සම්පුර්ණයෙන් මිනීමරන හැටි පෙන්වන්නේ. (නි)
දරු සෙනෙහස සහ සහෝදර සෙනෙහස මට නම් එක වගේමයි.කොහොමද මේ දේවල් කරන්නේ.පෙර සසරේ ප්‍රාර්ථනා කරගන එන දේවල්. (බ)
ශ්‍රී ලංකික සමාජය හා සංස්කෘතිය විනාශ කරන ඉන්දිය මෙගා ටෙලිනාට්‍ය ලංකාවේ රුපවාහිනී චැනල ඔස්සේ ප්‍රදර්ශනය කිරීම වහාම නතර කරන්න. ඒවයින් දකින දේවල් ආදර්ශයට අරගෙන මේ වගේ පහත වැඩ කරන්නේ, අද ගොඩක් දෙනෙක් අම්මා ,තාත්තා, සහොදර , සහෝදරියන් අදුනන්නේ නැහැ. එතරම්ම අපේ සමාජය පිරිහෙලා.උදාහරණයක් ලෙස රට හදන තැන බලන්නකෝ. (ම)
ඔබ හරි නන්ද,ධර්මයත් අද තමන්ගේ වාසියට, ලාභයට හරවන් ඉන්නේ ගොඩක් කට්ටිය.විශේෂයෙන් සියලුම නාලිකාවන්.තරගෙට වැඩසටහන් කරන්නේ. (බ)
ඔය පැතිවල ඉන්නේ ඔයවගේ අය තමයි. (බ)
මෙවැනි අවස්ථාවක වරද පටවන්නේ කෝප වුන කෙනාටද කෝප කරවූ කෙනාටද? (බ)
ශෂී රජයේ නාලිකාවල පෙන්වන ඉටිගෙඩියක් නැත. පුද්ගලික නාලිකාවල පෙන්නන ඇමරිකන් මූවීස් බලන්න මිනීමරන හැටි දකින්න ඕනෙනම්. (බ)