IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘‘අයවැය බැම්ම කැඩූ වැවක් වගෙයි‘‘

මුදල් අමාත්‍යවරයාගේ  අයවැය  අලංකාර  ලෙස පෙනුණත් එයින් අත්වන ඉදිරි ප්‍රතිඵලය අති බිහිසුණු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

වැව් බැම්ම කඩා දැමූ ආකාරයේ අයවැයක් වන මෙයින් මුලදී ආණ්ඩුවට මුදල් ටිකක් ලැබුණත් එයින් දේශීය ව්‍යාපාරිකයින්ට හා නිෂ්පාදකයින්ට මරු පහරක් එල්ල වී ඇති නිසා ටික කලක් යනවිට රටේ ආර්ථීකයේ සියල්ල කුණු වී යනු ඇතැයි ද මන්ත්‍රීවරයා සදහන් කළේය.

පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන පාලනයත්, ඊට පෙර පැවති එක්සත් ජාතික පඬ රජයනුත් වෙන් වෙන්ව ක්‍රියාත්මක කළ බංකොලොත් ආර්ථීක ක්‍රමවේදය දැන් ඔවුන් එක්ව ක්‍රියාත්මක කිරීමට යන බව පෙනෙන්නේ යැයි ද විජිත හේරත් මහතා කීවේය.

Jvp_201511234



අදහස් (0)

‘‘අයවැය බැම්ම කැඩූ වැවක් වගෙයි‘‘

නුවරඑළියේ වසන්ත Monday, 23 November 2015 10:34 AM

සමස්ත අය වැය දිහා බලපුවහම පෙන්නේ රටේ ජනතාවට ඉදිරි කාලය පහසු නොවන බවයි. ජනතාවගේ ආදායම වැඩි වෙන කිසිම යෝජනාවක් මේ තුළ නොමැති වුවත් සියලු යෝජනා සකස් කොට ඇත්තේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ ආත්මාර්ථකාමී අදහසිනුයි. (ම)

:       0       0

නාමල් Monday, 23 November 2015 06:15 PM

නියම කතාවක්! (නි)

:       0       0

ඉන්දික Monday, 23 November 2015 11:03 AM

ඉතින් ඔයගොල්ලෝත් උදව් කරානේ. (ර)

:       0       0

ප්‍රදීප් Monday, 23 November 2015 11:00 AM

ඉතින් ඔයාලා කියන්නකෝ මොකක්ද හොඳම ක්‍රමය කියලා ? (ර)

:       0       0

ලාල් Monday, 23 November 2015 11:40 AM

ඉතින් මේගොල්ලෝ කියන රටට ගැලපෙන නිවැරදි ක්‍රමය මොකක්ද කියල කියන්නේ නැහැනේ. මෙයාල තවම හිතාගෙන ඉන්නේ කොමියුනිස්ට් පාලනයක සංවෘත ආර්ථික ක්‍රමයක් හොඳයි කියල නම් ඒක කෙලින් කියන්නේ නැත්තේ ඇයි ? ඒක කිසිම රටක් අද නැහැ චීනය අද මේ තරම් ආර්ථික වශයෙන් බලවත් වෙලා තියෙන්නේ කොමියුනිස්ට් ක්‍රමයෙන් බැහැරවෙලා වෙළඳපොල ආර්ථික ප්‍රතිපත්ති යොදා ගත්ත නිසා නේද ? (බ)

:       0       0

සුනිල් ගිකියනගේ Monday, 23 November 2015 11:46 AM

ඔය කියන අන්ඩර දෙමළ සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නහැ. ඒ මිනිස්සු බලන්නේ ගෑස් මිල අඩු වුණා. භූමිතෙල් මිල අඩුවුණා වගේ ඒවා. එම නිසා කරුණාකරල යෝජනාවලියේ නරක ඒවා මෙන්න මේවා මේවාට අපේ යෝජනා මේවාය කියල ඉදිරිපත් කරන්න. අනෙක මේ අයවැයේ හොද යෝජනාවක් තිබේ නම් මේවා හොදයි කියලත් කියන්න. එතකොට විශ්වාසය ඇතිවෙනවා. ආණ්ඩු පක්ෂයේ අය උසස්ම අයවැයක් කියනවා විපක්ෂයේ අය නරකම අයවැයක් කියනවා. සාමාන්‍ය මිනිස්සු හොල්මන්. (බ)

:       0       0

බෙනට් Monday, 23 November 2015 01:26 PM

අර මත විමසුම තීරුවේ අහල තියෙන්නේ නව රජයේ මංගල අයවැය හොඳද නරකද කියල .. එක රවී අයවැය කියල වෙනස් කරන්න .. මංගලට ඕක ගැන කරන්න දෙයක් නැනේ .. මට මතක් වෙන්නෙම අර ඡන්දෙ දින්නම වාහන ගන්න බලන් හිටපු ජෝඩුව (අ)

:       0       0

ඇසළ Monday, 23 November 2015 01:42 PM

දැන් කොහොමද කියන්නේ හොද නැහැ කියලා. තවත් දැන් ඕව විශවාස කරන කෙනෙක් නැහැ. (ර)

:       0       0

සොබා Monday, 23 November 2015 01:53 PM

ඔයාලා ඉතින් ඕනෙම දේකට කියන්නේ ඔය කතාවම නේ. ලෝකේ ඉන්න හොඳම ආර්ථික ඔස්තාර් අය වැය හැදුවත් ඔයාලා නම් හොඳයි කියන්නේ නැහැ. (ර)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Tuesday, 24 November 2015 03:15 AM

වසරකට සැරයක් රටේ මුල්‍ය කළමනාකරණය ගැන මැති සබයට ඉදිරිපත් කරන යෝජනා වලට අය-වැය කියා සාම්ප්‍රදායිකව කිව්වත්, රටේ පාලනය සුද්දාගෙන් තමන් අතට ගත් දා සිටම අපේ පාලකයින් කර ඇත්තේ අදුරදර්ශීව හා අතාර්කිකව කරන ලද 'වැය' පියවාගන්න බැරුව හැමදා සිහිනයක්ව පවතින 'අයක්' ගැන යෝජනා කරමින් ඊට අය-වැය කියා නම් කරමින් කාලය ගෙවාදැමීමක්. අවාසනාව නම් අපට කිසිදාක සැබෑ ධනවාදී ආණ්ඩුවක් හෝ පිරිසිදු වාමාංශික ආණ්ඩුවක් නොතිබීමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2644 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2337 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2918 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5842 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1965 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6643 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18595 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site