ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනපති තීරණය කිරීම හොඳ දෙයක් බව පවසන සමන්තා පවර් එක්සත් ජාතීන්ගේ ඇමරිකා නියෝජිතවරිය ඇගේ රටේ විධායක ජනපති ක්‍රමය ගැන කථා නොකරන්නේ ඇයි දැයි පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතා ප්‍රශ්න කරයි.
‘ලෝකයේ වැඩිම කාලයක් විධායක ජනපති කෙනකු සිටින රට ඇමරිකාවයි. එසේ තිබියදී ඇය අපේ රටට ඇඟිලි ගසන්නේ ඇයි? රවී කරුණානායක මහතාගේ අය වැයේ දර්ශනයක් නෑ. වැඩපිළිවෙළකුත් නෑ. එය එජාපයේ බැරිකම පෙන්වූ පුස්සක්. වී කිලෝවට මිලක් නියම කිරීමේදී අඩු ගණනේ ජනපතිතුමා නියෝජනය කරන පොළොන්නරුව ගැනවත් බැලුවද? ජනපතිගේ නම්බුවත් බම්බුවට දාපු අයවැයක්. අය වැයෙන් මෝටර් රථ මිල වැඩිවීමට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය කළු කොඩි දානවා.‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙයාට කීයක් හරි දෙන්න කාර් එකක් ගන්න, මෙදා සැරේ පෙර්මිට් නැහැනේ. අමෙරිකාවේ ජනපති ක්‍රමය ගැන පවෙර් කතා කරන්න කොහොමත් වුවමනාවක් නැහැ, (බ)
ඔබතුමා ඇමරිකානු ජනාධිපති බලතල, ව්‍යවස්ථාව ගැන දන්නවාද? ජනාධිපතිගේ නිලකාලය ගැන දන්නවාද? කොන්ග්‍රස් මණ්ඩලය ගැන දන්නවාද? පත්වන ආකාරය දන්නවාද? (නි)
දර්ශන, දීප්ති සහ සුනිල් යන අයගේ අදහස් වලට එකඟ වෙමි. (නි)
මෙතුමා කියන දේ ඇත්ත (නි)
දැන් අපේ බයියන්ට කාර් ගන්න එක ද ලොකුම ප්‍රශ්නේ (අ)
තමන් කතාකරන දේවල් වල සත්‍ය අසත්‍ය වත් නොදැන ඔහේ කියනවා (බ)
ගිය ආන්ඩුව කාලේ බඩුමිල ගෑන කට ඈරියද (බ)
තරුණයන්ට කාර් කටු ගන්න ඉඩ දෙන්න බලය ඉල්ලපු අගමැති බලය ගත්තට පස්සෙ කොහොමද, ලංකාවට කාර් සිහිනයක් පමණි. (බ)
පොරොන්දු දෙන විටදී පාරේ වාහන තද බදයක් තිබුනේ නැහැ නොවැ (බ)
දැන් ඔහොම කිව්වට ඔයාල අාවත් ඔය ටිකම තමයි කරන්නේ. මේ ගොල්ලොත් (යහපාලන) බලයට එන්න කලින් මේවගේ ජනතාවට අවාසි වෙන දේවල් ගැන කටක් ඇරියද. (බ)
මේ අනාතයන්ගෙන් මෙවැනි විවේචනයක් හැර වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද ?(ම)
ඔස්ට්‍රේලියාවේ එක්කෙනාට මෙහෙම බලයක් තිබුනානම් මොනවා වේවිද? (බ)
ඔය කියන කෙනාට නම්බුවක් තියනවද කියලා අපි මේ කල්පනා කරන්නේ (බ)
ඇත්තටම මෙයා දන්නේ නැද්ද ලංකාවේ විධායක ජනාධිපතිට තියෙන බලය ඇමරිකාවේ ජනාධිපතිට නැති බව? ඇමෙරිකානු සෙනෙට් එකට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඇමරිකානු ජනාධිපතිගේ බලය මට්ටු කරන්න පුළුවනි නේද? මෙය කාවද මේ බබා කරන්න හදන්නේ? ජනතාව මෝඩයෝ කියල හිතලද මේ ඇත්තෝ කතාකරන්නේ? (බ)
ඇමරිකාවේ කිසිම ජනාධිපතිවරයෙක් ව්‍යවස්ථා වෙනස් කරගෙන සදහටම බලයේ සිටින්න දඟලන්නේ නැහැ (බ)
දැන් තේරෙනවා. (ර)
දර්ශනට ඔය තරම් තරහා යන්නේ මොකෝ. (ර)
පාරේ පුදුම වාහන තදබදයක් තියෙන්න. පොදු ප්‍රවාහනය දියුණු කරලා වාහන ගෙන්වන එක සීමා කරන එකෙන් හැමෝම තදබදයට මුහුණ දෙන එක නවතිනවා .(ම)
පොඩි පහේ දියුණුවක් තියෙනවා දැන් . දෙතුන්දෙනෙක් අරගෙන මාධ්‍ය සාකච්ජා තියන්න.(ම)