(රෝෂන් තුෂාර)
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ චෝදනාවට දඩ නියම කිරීමෙන් අනතුරුව විත්තිකූඩුවේ සිට බෙල්ල කපා ගත් සැකකරුවෙකු වහාම ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට අද (04) පොලිසියට නියෝග කළේය.
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශුභ්‍රමනිම් නැමැති සැකකරු විත්ති කූඩුවේ සිට මෙසේ සිය බෙල්ල බ්ලේඩ් තලයකින් තුන් පාරක් කපා ගත්තේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් පවසා සිටියේ සැකකරු පුනරුත්ථාපනය සඳහා යොමු කරන ලෙස ඔහුගේ බිරිඳ ඉල්ලා සිටින බවය.
සැකකරුගේ මානසික තත්ත්වය අයහපත් බැවින් ඔහු සමග ජීවත්වීමට නොහැකි හෙයින් ඔහු පුණ්ඨත්ථාපනය සඳහා යොමු කරන ලෙස ඉල්ලා සිටින බවද පැවසීය.
පැමිණිල්ලේ පළවෙනි සාක්ෂිකාර බිරිඳ එසේ ඉල්ලීමක් කිරීමට හේතුව කුමක්දැයි විමසා සිටි මහේස්ත්‍රාත්වරයා, ඇය වෛද්‍යවරියක් දැයි නීතිඥවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.
කෙසේ වෙතත් වරදේ ස්වභාවය අනුව සැකකරුට රුපියන් නම දහසක දඩයක් නියම කරන බව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
දඩ නියම කිරීමෙන් පසුව සැකකරු සඟවාගෙන සිටියේ යැයි කියන බ්ලේඩ් තලයකින් බෙල්ල කපා ගත්තේය.
සැකකරු බෙල්ල කපාගන්නා බවත් වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා පොලිසියට හා බන්ධනකාර නිලධාරීන්ට වහාම නියෝග කළේය.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පරීක්ෂා නොකිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට ක්‍රියාමාර්ග ගත යුතු බවට සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන් අලසව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් සිය මතය ප්‍රධාන මහේස්ත්වරයාට යොමු කළේය.
සැකකරු හොඳින් පරීක්ෂා කළ බවත් ඔහුගේ කකුලේ තිබූ තුවාලයක මෙම බ්ලේඩ් තලය සඟවාගෙන සිට ඇති බවත් බන්ධනාගාර නිලධාරීන් කරුණු ඉදිරිපත් කර ඇත.
සැකකරු මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී වරක් පුනරුත්ථාපනය වූ පුද්ගලයකු බවද කරුණු ඉදිරිපත් කර ඇත.
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අයිස් ලඟ තබාගත්තාට දඬුවම නියම වෙද්දී ගෙල කපාගනියි
නිහාල් Monday, 04 March 2024 10:10 PM
ඇමැති කෙනෙක් වුණා නම් නිකන්ම බන්ධනාගාර රෝහලට ඇතුළත් වෙන්න පුළුවන්. බෙලි කපා ගන්න ඕන නෑ..