
(අංජුල මහික වීරරත්න)
"හොරුන්ට දඬුවම් දීමට එරෙහි කුමන්ත්රණ පරදවමු" යන තේමාවෙන් " ජනවරමේ පුරවැසියෝ " සංවිධාන කළ උද්ඝෝෂණ පා ගමන කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණියේය.
භික්ෂූන් වහන්සේ ප්රමුඛ අති විශාල ජනකායක් ඊට සහභාගී වී සිටිති.
"හොරුන්ට, දූෂිතයන්ට මෙන්ම කුඩු ජාවාරම්කාරයන්ට දඬුවම් දීමට එරෙහිව ක්රියාත්මක වන කුමන්ත්රණය පරාජය කරමු" යනුවෙන් සඳහන් විරෝධතා පාඨ රැගෙන ගාලු මුවදර පිටියේ ජනාධිපති කාර්යාලය ආසන්නයට ඔවුහු පැමිණියහ.
අනතුරුව ජනාධිපතිවරයාට සංදේශයක් බාර දීමට අවශ්ය බව විරෝධතා කරුවන් පැවසූ අතර එහි සිටි පොලිස් නිලධාරීන් පැවසූයේ මේ මොහොතේ ජනාධිපතිවරයා නොමැති බවත් නිලධාරීන්ට අදාළ සංදේශය බාරදීම සඳහා පහසුකම් සලසා දිය හැකි බවත්ය.
අනතුරුව භික්ෂූන් වහන්සේලා අදාළ සංදේශය බාරදීම සඳහා ජනාධිපති කාර්යාලයට වැඩම කළහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd