
(සුජිත් හේවාජුලිගේ)
විශ්ව විද්යාල බොහොමයක ආචාර්ය මණ්ඩලයට සහ සිසුන්ට එරෙහිව පැවැත්වෙන විමර්ශන අවුරුදු ගණන් ප්රමාද වෙමින් පවතින බව වාර්තාවේ.
සමහර විමර්ශන වසර පහ හය ප්රමාද වී පවතින බව ආරංචි මාර්ග පවසයි.
එම ප්රමාදවී පවතින විමර්ශන කඩිනම් කරන ලෙස විශ්ව විද්යාල ප්රතිපාදන කොමිසමට සහ උප කුලපතිවරුන්ට උපදෙස් දී ඇති බව අධ්යාපන සහ උසස් අධ්යාපන නියෝජ්ය අමාත්ය වෛද්ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය
අධ්යාපන අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේදීද මේ පිළිබඳව පසුගියදා දීර්ඝව සාකච්ඡා කෙරිණ.
නවකවදය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සිසුන්ට එරෙහිව පැවැත්වෙන බොහෝ විමර්ශනද ප්රමාද වී පවතින බවට අධ්යාපන අමාත්යාංශයට තොරතුරු වාර්තා වී ඇත.
විශ්ව විද්යාලවල විනය පවත්වාගෙන යෑමට මෙවැනි විමර්ශන කඩිනම් කිරීම වැදගත් අවශ්යතාවක් බව අධ්යාපන නියෝජ්ය අමාත්යවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd