
(සුජිත් හේවාජුලිගේ )
තම නිවාස හා දේපළ හානි කළ අරගලකරැවන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම තවමත් හරියාකාරව සිදුව නැතැයි දේපළ හානිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා පැවසුවේ තමාගේ නිවසට හානි කිරීම සම්බන්ධයෙන් නීති ක්‍රියාමාර්ග තවමත් ගෙන නැති බවයි.
මේ සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසියෙන් විමසු අවස්ථාවේදී පරීක්ෂණ ලිපිගනු නීතිපතිවරයාට යොමු කර ඇති බව ප්‍රකාශ කළේ යැයි පැවසූ මානගේ මහතා එවැනි ලිපි ගොනු කිසිවක් ලැබී නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව තමාට දැනුම් දුන්නේ යැයිද සඳහන් කළේය.
පොලිසිය SP3/81/2022 අංකය යටතේ ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබූ බව හෙතෙම ප්‍රකාශ කළේය.
එ් අනුව කොතැනක හෝ කඹ ඇදීමක් පවතින බව තමාට හැගී යන්නේ යැයි ඔහු පෙන්වා දුන්නේය.
නිවසට සිදුවූ හානිය වෙනුවෙන් යම් වන්දි මුදලක් පමණක් ලැබුණු නමුත් එම වන්දි මුදලද සිදුවූ හානියට ගැලපෙන එකක් නොවන බව ප්‍රේමසිරි මානගේ මහතා පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට ආරංචි හැටියට, ලැබූ වන්දිය විනාශවූ දේපොළට වඩා වැඩි කියලයි.
ලසන්තගේ නඩුව කොච්චර පරණද, තාම නෑ. ඒක දැක්කෙ නැද්ද? බටලන්ද ඊටත් පරණයි. තාජුඩීන්, එක්නැලිගොඩ, මිග් ගනුදෙනුව මේවා විසඳලා අනුපිළිවෙලට එමු නේද ...
ඕවාට පරීක්ෂන පවත්ව්න්න ගියොත් පාපිසි 159 සහ ඩෝබි බලකායේ 2/3ක් ඇප පිට සහ සැක පිට තමයි.
යම් ප්‍රමාණයක වන්දි” හා හා.