(උපාලි ආනන්ද)
රියදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාදී බලහත්කාරය පා තර්ජනය කිරීමේ සිද්ධියේ නිවැරදි සැකකරු යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රාමනාදන් අර්චුනා යන අය බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය, යළි වැඩි දුර වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ, මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර මූලස්ථාන පොලිසිය කළ ඉල්ලීමකට අනුව මෝසමක් මගින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදීය.
අදාල වැඩි දුර වාර්තාව ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසිය තව දුරටත් අධිකරණයට දැනුම් දුන්නේ, මෙම රථ වාහන නඩුවට අදාළ සැකකරු ලෙස අර්චුනා ලෝචනා නමැති නම මීට පෙර මුල් බී වාර්තාවේ සඳහන් වූයේ අතපසුවීමකින් බවය. ඒ පිළිබඳව අධිකරණයෙන් සමාව අයදින බවද පොලිසිය කීවේය.
ඒ අනුව මෙම රථ වාහන නඩුවේ නිවැරදි සැකකරුගේ නම ලෙස රාමනාදන් අර්චුනා වශයෙන් යළි සංශෝධනය කිරීමට අධිකරණයේ අවසරය ලබා දෙන ලෙසත්, නිවැරදි සැකකරු රාමනාදන් අර්චුනා ලෙස පිළි ගන්නා ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශවලට අද(30) අලුයම ඇඳහැලුණු අධික වර්ෂාවත් සමඟ නුවරඑලිය කදපොල ප්‍රදේශයේ පහත් බිම්වල සිදුකර ඇති එළවළු වගාව සම්පුර්ණ
’’ජාතික පුනරුදයට පෙළ ගැසෙමු’’ යන තේමාවෙන් 77 වන ජාතික නිදහස් සමරු උත්සවය පෙබරවාරි 04 වැනිදා පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
ඝානා රාජ්‍යයේ ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ශ්‍රී ලංකාවෙන් පළා යාමට තැත් කළ නයිජීරියානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ
නැවත වරක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාව සහ ජලගැලීම් හේතුවෙන් කුඹුරු අක්කර 500 කට අධික වී යලි පැලවීමේ දැඩි අවධානමක් පැවතීම හේතුවෙන් ග
රුපියල් මිලියන 183 ක මුදලක් සමූපකාර දින සැමරුම් උත්සවයක් සදහා වැය කළ බව කියන සමූපකාර හා අභ්‍යන්තර වෙළෙද අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් ප්‍රියන්ත කුමාර
1990 ඇමතුම් අංකය ඔස්සේ නොමිලේ පූර්ව රෝහල් ප්‍රතිකාර සපයමින් මෙරට සියළුම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක “සුවසැරිය” ගිලන්රථ සේවාව තවදුරටත් පුළුල් සේව
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අර්චුනාගේ සිද්ධියට පොලිසිය අධිකරණයෙන් සමාව ගනී