සෞදි අරාබිය විසින් අනවසරික විදේශිකයින් සදහා ලබා දෙන පොදු සමා කාලයට සමගාමීව තාවකාලික ගමන් බලපත්‍ර සහ අලුත් සේවා යෝජකයකු සොයා රැකියාව කිරීම සදහා අලුත් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට ජෙඩා නුවර කොන්සියුලර් කාර්යාලයට පැමිණෙන බෝහෝ ශ්‍රී ලාංකිකයින්ට විවිධ දුෂ්කරතා වලට මුහුණ පෑමට සිදුව ඇති බව වාර්තා වේ.
ඇතැම් කොන්සියුලර් නිලධාරීන්ගේ බැන වැදීම් ,පළවා හැරීම් වැනි අසාධාරණ සිදුවීමි වලට ලක් වන ශ්‍රමිකයින් දින ගණන් එක දිගට කොන්සියුලර් කාර්යාලයට පැමිණ තොරතුරු විමසුවද කිසිදු තොරතුරක් ලබා නොදෙන අතර වැඩි විස්තර විමසීමේදී පරුෂ වචනයෙන් බැන වැදී පලවා හරින බවද වාර්තා වේ.
විශේෂයෙන්ම වීසා මාරු කර ගනිමින් නව සේවායෝජකයකු වෙත රැකියාව කිරීම සදහා අදාලව අලුත් ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් සදහා ශ්‍රී ලංකා ජාතික හැදුනුම්පතෙහි පිටපතක් , පරණ ගමන් බලපත්‍රයේ පිටපතක් හා උප්පැන්න සහතිකයේ පිටපතක් අවශ්‍ය වන බව පවසන නිලධාරීන් එම සහතික ඇත්නම් පමණක් සෞදි රියාල් 750 මුදලක් (රුපියල් 24000) අයකරන අතර එම ලියකියවිලි සන්තකයේ නොමැති නම් සෞදි රියාල් 850 (රුපියල් 25000) ක් අය කරන අතරම දින තුනක කාලයක් අවශ්‍ය බවද කියති.
මෙම හේතුව මත අවතැන් වුවන් හට දින ගණන් ගිනි අව්වේ කොන්සියුලර් කාර්යාලය අවට රැදී සිටීමට සිදු වෙතියි කියති.
මේ හේතුව මත කාන්තාවන්ට විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුව ඇත.විශේෂයෙන්ම විසා මාරු කර ගනිමින් අලුත් සේවායෝජකයකු යටතේ රැකියාව කිරීමට බලාපොරොත්තු වන අයකුට මෙපමණ විශාල මුදක් ගමන් බලපත්‍රය සදහා ගෙවීමට සිදුවීම බරපතල අසාධාරණයක් බව ඔවුහු කියති.
ඉන්දුනීසියා තානාපති කාර්යාලය ඔවුන්ගේ ප්‍රජාව සදහා වසරක ගමන්බලපත්‍රයක් නිකුත් කිරීමට අයකරනු ලබන්නේ සෞදි රියාල් 52 (රුපියල්1600) බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම රජය මෙයට මෙදිහත් විය යුතුය . (අ)
හම්බ කරන්න ,,, තව හම්බ කරන්න ... දුක් විදින මිනිස්සුන්ගේ බඩට ගහල කන ඒවා වමාරන්න වෙනකොට ලේසි වෙන එකක් නෑ (අ)
මහ මුදලින් යැපෙමින් විපතට පත් වුවන් ගසා කන කැත මිනිස්සු. මේ අය හරියට ඉරාකය කුවෛට් එක අල්ලපු වෙලාවේ කුවෙට් තානාපති කාර්යාලයේ හිටපු සමහර අය වගේනේ.(නදී)
සෞදි රජයෙන් ක්‍රියාත්මක නීතියවත් තානාපති කාර්යාල ක්‍රියා නොකරන එක තමයි ගැටලුව. ජෙඩා කොන්සියුලර් කාර්යාලයේ කතා කරන්න දන්නේ නැති නිලධාරීන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අය ගැන සෞදි විදේශ අමාත්‍යංශයට මේවන විටත් පැමිණිලි රාශියක් ගිහින් තියන්නේ. මේ නිලධාරීන් ගැන ශ්‍රී ලංකා රජයට ඉතාම ඉක්මනින් පියවරක් ගන්න සිදුවේවි. (නි)
හරිනම් මේ මිනිසුන්ට මේවා නොමිලයේම කර දිය යුතුයි. මේ මිනිස්සු මෙහේ ඉදන් දුක්විඳලා හම්බකරන සල්ලි එවන්නේ ලංකාවට.පිට රට වලදී ශ්‍රී ලාංකිකාන්ගෙන් , ගමන් බලපත්‍ර අලුත් කිරීමට සහ අලුතෙන් නිකුත් කිරීමට අයකරන මුදල ඉතා ඉහලයි. කරුණාකර මේ විෂයට සම්බන්ධ ඇමති කෙනෙක් හෝ නියෝජ්‍ය ඇමති කෙනෙක් වහාම සෞදි අරාබියට ගොස් මේ පිරිසට ඉක්මන් සහනයක් සලසන්න බලන්න. (නි)
මේවා කරන අයට මම හිතන්නේ මේ ලෝකෙදීම ඕවට වන්දි ගෙවනන් වෙයි (නි)
අපේ කාන්තාවන් ලංකාවට පැමිණෙන්න (දී)
ජෙඩා කොන්සියුලර් කාර්යාලයෙන් සේවාවක් ලබාගන්න ගියහම ලංකාවේ රාජ්‍ය බැංකුවකින් ණයක් ගන්න ගියා වගේ. තුට්ටු දෙකේ සැලකිලි. එක වැඩක් කරගන්න දින ගණනාවක් බඩගාන්න වෙනවා ඒත් වැඩේ කෙරෙන්නේ නැහැ. පොදු සමාකාලය අවසන් වෙන්න දින 34 යි තියන්නේ. දැන්වත් අවදි වෙන්න, රටවිරුවෝ ගැන බලන්න . (නි)
ඔය ටිකම ඉතාලියේත් වුණා නේද? (නි)
මේ කතාව සම්පූර්ණ ඇත්ත. රටේ ජනතාවගේ ගැටළු විසඳන්න පත් කරලා එවපු නිලධාරී වශයෙන් මිට වඩා මානුෂිකව කටයුතු කළ යුතුයි. අනෙක දෙයියනේ රියාල් 750 කියන්නේ මාසයක් දැලි වලං හෝදලා, වැසිකිළි හෝදලා ඉඳුල් කාලා ගන්න වැටුපනේ. ඒක මේවට වියදම් කලාම දරුවෝ ටික බඩගින්නේ. මේ ගැන සාධාරණ මුදලක් අය කළා නම් නේද හොඳ. (නි)
විදේශ විනිමය රටට හොයන අපේ අහිංසකයන්ට නොමිලේ මෙම පොදු සමා කාලයේදී අවශ්‍ය ලිපිලේඛන සකසා දීමට වහාම පියවරක් ගතයුතුයි. (නි)
වහාම විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේවට පියවර ගන්න ඕනෑ (නි)
බංගලිදේශ රජය බංගලිදේශ ජාතිකයන්ගෙන් අය කරනු ලබන්නේ රියාල් 250ක් පමණයි (නි)
මමත් දැනට සෞදියේ රැකියාව කරනවා. මෙහෙ නිලධාරීන්ට වැඩ කරන මිනිස්සු ගැන කිසිම හැගීමක් නැහැ. අහිංසක මිනිහෙක් මොකක් හරි කරදරයකට ගියොත් සත්තුන්ට වගෙයි කතා කරන්නේ. මේ ගැන වැඩි විස්තරයක් ඕනෑ නම් මට ඕනෑ වෙලාවක ඕනෑ කෙනෙක් එක්ක කතා කරලා කියන්න පුලුවන් (නි)
තම ලංකාවට ආපු කෙනෙක් නැහැ. ගොඩක් අය එයාර්පොර්ට් ගිහින් ආපහු එවනවා. මේකට විසදුමක් තාම නැහැ (නි)
අනේ මන්දා මොනවාද කියලා