අද ජනපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී මහින්ද රාජපක්ෂ ජනපති සිය අන්තිම ඇමැති මණ්ඩල රැස්වීම පැවැත්වීය.
සිය සගයනට තුති පළ කළ ඔහු ඉන් පසු නික්ම ගියේය. ජනපති ලේකම් ලලිත් වීරතුංගද සුබ පැතීමට පැමිණ සිටියේය. සැමගෙන් සමුගත් ජනපති ඉන්පසු සිය මෝටර් රථයට නැගී පිටත්ව යාමට පෙර සුරත ඔසවා සියලු දෙනාට ආචාර කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැබෙවින්ම මේ රට වෙනුවෙන් විශාල සේවයක් ඉටු කල නායකයෙකි. ඔබගේ අඩුපාඩුකම් තිබු බව සැබෙවකි. එනමුදු ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ දී ඔබ කල මෙහෙය සදා අමරණීය වනු නොඅනුමානය. මෙවර මැතිවරණ ප්‍රතිපල විදහා දක්වන්නේ රටේ ඕනෑම රජෙකු සමග ජනතාව සිටුනුයේ රජ ජනතාව සමග සිටින තෙක් පමණක් බවය. අනාගත රජවරුන්ට මෙයින් උගතයුතු දෙය බොහොමයකි. මැතිදුනි ඔබට සුබ අනාගතයක්.! (ර)
අතිගරු ජනාධිපතිතුමනි, පරාජය වූයේ ඔබ නෙමෙයි. සැමදා අපේ ජනපති ඔබයි. අපි සැමදා ඔබ සමඟයි. ඔබතුමන්ට බුදු සරණයි..! (නි)
ඔබතුමන්ට අපි මෙච්චර ආදරය කළ බව අපේ හිත් වලට දැනුනේ ඔබ නික්ම යන විටයි. (ස)
ජීවිතය පුදා හෝ අපි ඔබ ජාතියේ පියා කරවමු. (නි)
හිටපු ජනපතිතිතුමාට යන්නේ වුණේ එයාගේ වටේ සිටි අය නිසා (නි)
ජනාදිපති තුමනි, ඔබ නොව පරාජයට පත් උනේ. සිංහල බෞද්ධ අපි. ඔබතුමන්ගෙන් ලැබුන සේවය අමරණීයයි (නදි)
අතිගරු ජනපති තුමනි ඔබයි අපේ ලක් රජු.බලා සිටිමි නැවත ඔබ අපේම ජනපතිවී එනතුරා නොඉවසිල්ලෙන්.....සැමදා අපි ඔබ සමගයි..එතෙක් ඔබට ආයුබෝවන් (නදි)
අපේ ජනාධිපතිතුමනි, අපි සැමදා ඔබ ලගයි (නදී)
ඔබ සැබෑ විරුවෙකි (නි)
සිංහලයාට සියල්ල ඉක්මනින් අමතක වෙන බව ප්‍රභාකරන් එදා කියපු දෙය අද අපට සිහි වෙනවා. අපේ ලෝකයේ හිරුත් සඳුත් ඔබය. මහින්ද රජතුමනි ඔබ නැති අඩුව කිසිවෙකුට පිරවිය නොහැක. රජතුමනි හැකිනම් නැවත අපට රජෙක් වන්න. ඔබගේ නාමය ලක් දෙරණේ සදා බැබළෙනු ඇත.රජතුමනි ඔබට බුදු සරණයි...! (අ)
ඔබ නැවත මෙහි එනතුරු ආයුබෝවන්! (නි)
ඔබ නැවත මෙහි එන දිනක අපිද අපිටත් රටක් ඇති බව පසක් කරගන්නෙමු. එතෙක්, ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු! (නි)
අතිගරු ජනාධිපතිතුමනි, පරාජය වූයේ ඔබ නෙමෙයි. සැමදා අපේ ජනපති ඔබයි. අපි සැමදා ඔබ සමඟයි. බුදු සරණයි...! (නි)
ඔබ පමණක් අපට රජෙකි මහින්ද උතුමානනි(නදී)
මට හරිම දුකයි (නි)
ඔබවන් කෙනෙක් මේ ලක් දෙරණේ බිහි නොවනු ඇත පියාණෙනි. ඔබ කල සේවයට අපි සදා ආදරෙයි. (ර)
රට බේරාගත් නායකයා ඔබයි. සදා ජය පතමු.! (ර)
ඔබ නොමැති අඩුව අපට තදින්ම දැනෙනු ඇත. ඔබට සදා ජය. අප සැමදා ඔබ සමගයි. (ර)
දැන් තමයි අපි මේ මනුස්සයව ආරක්ෂා කරන්න ඕනේ. (ස)
යුද්ධයට නායකත්වය දුන් නායකයාණෙනි අප ණයගැතියි. (ර)
හොද නායකයෙක්. (ර)
ඔබ යුග පුරුශයකි. ඔබට දීර්ගායූෂ. (ර)
ඔබ අපට දුටුගැමුණුයි.ඒකීය රටක් අපට දුන් මහාරජාණන් ඔබයි.(හේ)
වසර 30ක බිහිසුණු යුද්ධය නිමකර මව්වරුන් පියවරුන් සැනසූ ඔබතුමාණන්ට සදා අප ණය ගැතියි. ඔබතුමන්ට සුවෙසත පතන අතර ජනතාව අදට වඩා අගය මතුවට දකීවී. ජනාධිපතිතුමණි.මා කුස උපන් දරුවකු මා හට අහිමිවුණා බදු දුකකි.ඔබතුමන් අප හදවත් තුළ සාදා ජීවමානයි.මා මුදුන් මල් කඩ වු දළදා සමිදු පිහිටයි. (අ)
ඔබ තුමාට තව අවුරුදු දෙකක් තිබියදීත් හඳහන් කාරයන්ට හසුවී කරගත් දෙය ගැන හරිම කණගාටු දායකයි. ඔබ සීලාචාර ලෙස සමුගැනීම අගය කරමි. ඔබට දීර්ගායුෂ ප්‍රාර්ථනා කරමි. (නදී)
ඔබට අපගේ ගෞරවාන්විත ආචාරය. ඔබ රට එක්සේසත් කල දුටු ගැමුණු රජු මෙන් ලංකා ඉතිහාසයේ සහ අපගේ හදවතේ සැමදා රැදේවි. ඔබට තෙරුවන් සරණ පතමි. (නදී)
අපි ඔබ තුමාට සැමදා ගෞරය කරනවා (නදී)
ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා.(හේ)
ඔබයි තාමත් ජනපති .(හේ)
අප හට සැක බිය නැති සුභ අනාගතයක් උරුමකර දුන් ඔබතුමාට සුභ අනාගතයක්.දීර්ඝායුෂ වේවා.(හේ)
ඔබට අපි සදා ණයගැති වේ. පියාණෙනි ඔබට තෙරුවන් සරණ පතමි.! (ර)
ඔබයි අපේ රජු. (ර)