IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


අලි අනාථාගාරයේ අපද්‍රව්‍යවලින් ජීව වායු නිපදවන්න යයි

(අංජුල මහික වීරරත්න)

පින්නවල අලි අනාථාගාරයෙන් බැහැර කෙරෙන අපද්‍රව්‍ය භාවිත කර  මහා පරිමාණ ජීව වායූ නිෂ්පාදනාගාරයක් ඇරඹීමට  අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පින්නවල අලි අනාථාගාරයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය.

පින්නවල අලි අනාථාගාරයෙහි දිනකට ටොන් පහකට ආසන්න අපද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු වන අතර එමගින් මහා පරිමාණ ජීව වායූ නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීමට නියමිතය. 

ශ්‍රී ලංකාව තුල දේශගුණික විපර්යාසයන් අවම කිරීම සදහා අවශ්‍ය “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම” සකස්කිරීම සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින Climate Vulnerable Forum (CVF) ආයතනයේ නියෝජිතයින් පිරිස ද මෙම  ක්ෂේත්‍ර චාරිකාවකට සහභාගී විය.

දේශගුණික විපර්යාස පිළබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ආරාධනයෙන් මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණ සිටියි. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත පින්නවල  අලි පර්යේෂණ  මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය වීමට නියමිතය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා විසින් මෙම චාරිකාව සංවිධානය කර තිබූ අතර CVF නියෝජිතයින් වන සාරා ජේන් මෙනවිය, මුනියට් ෆාබියා මෙනවිය, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (1)

අලි අනාථාගාරයේ අපද්‍රව්‍යවලින් ජීව වායු නිපදවන්න යයි

ganegoda Monday, 03 October 2022 03:19 PM

ඔයවගේ දේවල් වලට ඔරොත්තුදෙන ටැංකි හදන්න තරම්වත් අපේ රට දියුණු නැහැනේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් කැබිනට්ටුව 23යි : අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 2173 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2299 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 850 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 2273 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 254 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1500 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1797 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site