උතරු මැද, නැගෙනහිර සහ සබරගමු පළාත් සභා තුන සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට නියමිත අපෙක්ෂකයින් තෝරා ගැනෙන සම්මුඛ පරීක්ෂණ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද පැවැත්විණි. මහා ලේකම් තිස්ස අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පරීක්ෂණ මණ්ඩලයට පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ජෝෂප් මයිකල් පෙරේරා, ලක්ෂ්මන් කිරිඇල්ල, රවී කරුණානායක හා පක්ෂ භාණ්ඩාගාරික සෙනරත් කපුකොටුව යන මහත්වරු ද එක් වූහ. මෙවර නවක අපෙක්ෂකයින් තුන්සීයකට වඩා අධික ප්‍රමාණයක් අයදුම් කළ බවත් කිසිදු සමාජ විරෝධී ක්‍රියාවකට හෝ වංචා දූෂණ චෝදනාවකට ලක් වූ කිසිදු අපේකෂකයකුට නාම යෝජනා නොදෙන බවත් මහාලේකම් තිස්ස අත්තනායක මහතා පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්
අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්
අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අලි නාම යෝජනා සුපිරිසුදු අයට පමණයි
රාවන Friday, 13 July 2012 03:08 PM
පිරිසිදු අය ඉඳියිද ??
අපේක්ෂක Saturday, 14 July 2012 07:26 AM
මේ පැත්තට අපි පිරිසුදු මදිනම් අපි අනිත් පැත්තෙන් ඉල්ලනවා! කවුරුත් දන්නවා කොහොම වුනත් චන්දෙ දිනන්නේ අන්තිම අපිරිසුදුම අපේක්ෂකය බව...අපරාදේ කියන්න බෑ, ඒ අතින් අපේ අපේ චන්ද දායකයන්ට පුදුම ටේස්ට් එකක් තියෙන්නේ?!
නීල , සිංගප්පුරුව Saturday, 14 July 2012 07:12 AM
හැම පක්ෂයකින්ම ඉල්ලන අය පිරිසිදුද නැත්ද බලන්න හේනේ මාමා ගාවට යවල බලන්න .
උපුල් Friday, 13 July 2012 02:47 PM
මේ පාරත් සන්ධානයට විශිෂ්ඨ ජයක් නියතයි
අසංක Friday, 13 July 2012 02:48 PM
එහෙනම් කවුරුවත් නැති වෙයි !
දයා,saudi Friday, 13 July 2012 07:24 PM
ආවට පස්සේ තමයි බලා ගන්න පුලුවන් වෙන්නේ
මොහෝ Friday, 13 July 2012 08:07 PM
තේරීම් කමිටුව සුපිරිසිදුයිද කියලා අපි දැන ගන්නේ කොහොමද?
රජිත මන්ජුල Friday, 13 July 2012 03:36 PM
එනකොට බෝ පැල...ආවට පස්සේ ඹාඳුරා...
කමල් Friday, 13 July 2012 07:50 PM
කොට ඇදපු අලින්ට හම්බ වෙන්නේ නෑ
ඩයස් Friday, 13 July 2012 03:06 PM
සුපිරිසිදු වුණාට වැඩක් නෑ.පුලුවන් නම් ඡන්දේ දිනලා පෙන්නන්න.මේක අභියෝගයක්.
සහන් Friday, 13 July 2012 08:33 PM
මේ වතාවෙත් පැරදුනොත් නම් මම ආයිත් ඡන්දේ දෙන්නේ නෑ. මේ අන්තිම පාර.
සල්ස් Friday, 13 July 2012 03:22 PM
මටනම් පිස්සු වගේ මෙයාලා....
ශා Friday, 13 July 2012 03:24 PM
කට වචනෙට නැතුව ක්‍රියාවෙනුත් එහෙම කරනවානම් ඇත්තටම ආදර්ශමත්....
රොෂාන් Friday, 13 July 2012 03:35 PM
අපි නොදන්නවායැ මෙයාලගේ පිරිසිදුකමේ තරම...
amila katunayaka Friday, 13 July 2012 09:15 PM
මම හිතුවේ මේ ඉන්නේ මාස්ටර් බ්ලාස්ටර් කියල
අමිල Friday, 13 July 2012 09:19 PM
පිරිසිදුවට නාලා එහෙම ගියා නම් මටත් ගන්න තිබුණා
කුමාර Friday, 13 July 2012 04:56 PM
නියමයි.සෑම පක්ෂයකටම ආදර්ශයක්
රුවන් Friday, 13 July 2012 09:52 PM
ප්‍රධාන පක්ෂ දෙකම මැරයන් , කුඩුකාරයන් නාම යෝජනා වලට ඉදිරිපත් නොකිරීමට ගත්ත තිරණය ඉතාම හොද දෙයක් . මම හිතන්නේ මිට කලින් වෙන්න ඕනේ දෙයක් ප්‍රමාද වෙලාහරි වෙච්ච එක මට බොහොම අගේ. භාරත ගේ දුව හිරුනික ඉල්ලපු දේ පක්ෂ දෙකම පිළිඅරගෙන තියන එක හිටත බොහොම සන්තොසි .
මධු Friday, 13 July 2012 10:06 PM
දැන් නිකන් සුදනෝ වෙන්න හදනවා.අපි නොදන්නවායැ
අමිල Friday, 13 July 2012 05:24 PM
අනික් පිළේ අය අපිරිසිදුද එතකොට?
ලුම්බිණි Friday, 13 July 2012 04:51 PM
පින්තුරේ ඉන්න සමහර අයගේ පෙනුමෙම තියනවා මහජනයාට සේවය කරන ලක්ෂණ.
වාසල Friday, 13 July 2012 05:37 PM
බොරු කියනවා කියලා මෙහෙමත් බොරු කියනවද අප්පා
ජයන්ත Saturday, 14 July 2012 12:25 AM
එතකොට ඔය නාමයෝජනා මණ්ඞලයේ ඉන්න අයට මොකද වෙන්නේ
නිෂාඩ් Friday, 13 July 2012 05:58 PM
පාර්ලිමේන්තුවට තේරී පත්වුණාට පස්සේ නරක දේවල් කළොත් එතකොට මොකද වෙන්නේ?
අනුර Saturday, 14 July 2012 08:16 PM
මොනවා සාකච්චා කලත් සන්ධානේ තාම දින්නන්නේ
චතුල වෙරෝනා Saturday, 14 July 2012 12:44 AM
දෑන් ල0කාවෙ ටිපෙක්ස් විකුනන එක නතර කරලද?
දසතටිටයා Friday, 13 July 2012 05:35 PM
අර මාමාව දැක්කහම හිතාගන්න පුලුවන්
දයා,saudi Saturday, 14 July 2012 12:29 PM
එතකොට තේරීම් කමිටුවේ ඉන්නේ පස්පවු වලින් ආරක්ෂා වූණු නියම පිරිසිදු අයද? දෙවියන්ගේ පිහිටයි ඔබ සැමට!
කවි Friday, 13 July 2012 06:18 PM
දූෂිත වැඩ කරන්න බලයක් නොතිබුණු නිසා ඔක්කොම පිරිසුදුයි තමයි
පී.ඩී.එම්.එස් Saturday, 14 July 2012 01:09 PM
කිලිනොච්චි යනවා කියල මැදවච්චි යනවා, ඕනගොනෙකුට යුද්ද කරන්නත් පුළුවන්, මෙහෙම කියපු අය නේද සම්මුඛ පරීක්ෂක මණ්ඩලයේ ඉන්නේ, ආහාර සම්බන්ද ආයතනයක් කාපු කෙනෙකුත් ඉන්නවා, බොරු විදින කෙනෙකුත් ඉන්නවා මෙයාල දම්මලද පිරිසිදු චරිත තෝරාගන්නේ....?
ලාල් ගලබඩ ,ඉතාලියෙන් .. Friday, 13 July 2012 07:05 PM
අනේ හාමුදුරුවනේ මට නම් බොරු කියන්න බැහැ.අපේ පක්ෂයෙන් නම් දෙන්නේ හොදම අයට.පිරිසිදු පෝස්ටරුත් ගහලා තියෙන්නේ.!
පොතේගුරා Friday, 13 July 2012 06:31 PM
හැබෑවටම එහෙම කරනවා නම් පක්ෂෙට හොද අනාගතයක් නිකන්ම ගොඩ නැගේවි
දකුණේ සිංහලයා Friday, 13 July 2012 07:13 PM
පෙරහරේ යන ඇත්තු තමයි ගන්න වෙන්නේ
විභූති Friday, 13 July 2012 02:22 PM
පක්ෂය මොකක් වුණත් හොද ආදර්ශයක් දුන්නේ
M.Sira Friday, 13 July 2012 07:16 PM
සුපිරිසුදුයි කියන්නේ යනතැන සුද්ධකරන අයටනේ.
ආර්.ආර් Friday, 13 July 2012 01:59 PM
සොරිම තමයි..?
පිලිපිනෝ Friday, 13 July 2012 07:02 PM
විපක්ෂයේ ඉදගෙන කොහොමද අනේ වංචා කරන්නේ? මේ හැමෝම තවමත් අති පිරිසිදුයි
ෆාරු Friday, 13 July 2012 02:11 PM
ඔන්න දුරකතනයෙනුත් නාම යෝජනාවක්....