නවගත්තේගම බුද්ධි ආසිරිගම නිවසකට අලි පැටියෙක් අද අලුයම රිංගා ගත්තේය.
වයස අවුරුදු පහක් පමණ වන මේ අලි පැටියා දින කිහිපයක්ම මේ ගමේ සැරිසැරු බව කියති. නිවසට ද හානි සිදු වී ඇත.
නවගත්තේගම බුද්ධි ආසිරිගම නිවසකට අලි පැටියෙක් අද අලුයම රිංගා ගත්තේය.
වයස අවුරුදු පහක් පමණ වන මේ අලි පැටියා දින කිහිපයක්ම මේ ගමේ සැරිසැරු බව කියති. නිවසට ද හානි සිදු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් තිබෙන එකම විකල්පය තමා,අලි පැටියාව ගෙදරම තියාගෙන ඉන්න එක (නි)
මේ උදවියට නිවසක් තනාදෙන්න (නි)
ගං වතුර බැහැලා එක දවසයි ගියේ. දැන් අලි කරදර. හැම පැත්තෙන්ම ගොඩක් අසරණ මිනිස්සු තමයි මේ පළාතේ ඉන්නේ. (නි)
අලි හොරුන්ට බයේ සැඟවෙන්න ඇති (නි)
ගුණරත්න කියන්න වාගේ මටත් දුකයි. (නි)
මේ අර ගුරුවරිය දන ගස්සපු පළාතේ. අනේ අනිච්චන් මිනිස්සු විදින දුක.(නදී)
මමත් කියන්නේ අර අහිංසක මිනිසුන්ට ඉන්න නිවසක් හදල දෙන්න. පින් සිද්ධ වෙයි. (ස)
රණසිංහ ඔබ තමයි ඉතාම වටිනාම අදහස දාල තියෙන්නේ. ඡන්ද කාලෙට විතරක් ඕනෙ තරම් කට්ටිය එනවා පැල්පත් වලට එබෙන්න. අපි මාලිගාවල් දෙන්නම් කියල. (ස)
ඇත්තටම ඔව් කමනි. මෙම ප්‍රවෘත්තිය බලන විට දකින්නේ මෙම මිනිසුන් ජීවත් වන ජීවන රටාව මොන වගේද කියල.එක දවසට අපේ ලොකු ලොක්කන් වියදම් කරන මුදල් මහා ජනතාවගේ මේ වගේ මිනිස්සුන්ට උදව් කරන්න රටේ පාලකයෝ දැන ගන්න ඕන. (ස)
අලි පැටියත් පව් ගේ අයිති අසරනයත් පව් (දී)
අනේ මේ මිනිසුන්ට ඒ වගේ ලොකු පව් වැඩක් කරගන්න ශක්තියක් නැහැ. ඉන්දික සොයුර, අසරණ මිනිසුන් වග පෙනෙනවා ඒ අසරණ පැල්පත දැක්කාම ඕන මනුස්සයෙකුට ..? ඒ අලි පැටිය කැලේට යාවි. (ස)
අනේ පව්. මේ අසරණයාගේ අම්මාව ඉක්මනින් සොයා දෙන්න. (නි)
මෙතැනදී මට දුක අලිපැටියා ගෙට ගියපු එක ගැන නෙවි. මේ ගමේ මිනිස්සුන්ට හරියට ඉන්න ගෙයක් දොරක් නැති කම ගැන. මෙන්න මේවා හොයල බලලා මේවගේ අසරණ මිනිසුන්ට පිහිට උනොත් නරකද අපේ ඡන්දෙන් මන්ත්‍රී කම් ඇමති කම් ලබාගත්ත මහත්තුරු.(නදී)
නොදෙනුවත්කමින් වුනත් මේ මිනිස්සු දූෂිතයන්ට කඩේ යන්නේ ජීවත්වීමට යමක් බලාපොරොත්තුවෙන්නේ. නැතුව කුඩු ගෙන්නන්න, හොර ජාවාරම් කරන්නඔවුන්ගේ සහයෝගය ඉල්ලා ගන්න නොවෙයි පොඩ්ඩක් හිතන්න. (දී)
අලි නෙමෙයි කොටි වලසුත් රිංගනවා ඇති මේ පැල්පත තියන විදිහට.අර ගුණරත්න කියන්න වාගේ මටත් අර සතා ගැන දුකයි. (ස)
මේ රටේ මිනිස්සු බඩේ බත් නැතත් කඩේ යන්නේ දුෂිත දෙසපාලකයන්ට දැන් මට ලංකාවේ දුක්විදින මිනිස්සු ගැන අනුකම්පාවකට වඩා තියෙන්නේ තරහක්. කොහොම උනත් අහිංසක සත්තු නම් පවු. (දී)
අලි ඉන්න තැන්වල ගෙවල් නොහදා ඉන්නවා ඇරෙන්න ඕවට වෙන කරන්න දෙයක් නැහැ (නි)
අලි ඉන්න පැති වල ගෙවල් හැදුවම ඔහොම තමයි. දැන් ඉතින් අලි පැටියෝ ඔයයි මමයි කියාගනෙ ඉන්න බලන්න. (ස)
මේ අලි පැටියාගේ පස්සෙනුත් අර ගොල්ලෝ පැන්නුවද දන්නේ නෑ. වන ජීවී එකේ මහත්තයෙක්ට දැන්නුව නම් අලි පැටියව කැලයකට යවයි. (ස)
පහත් නිවට මිනිසුන් නම් සත්වයින් විසින් සමස්ත පරිසර පද්ධතිය සහ එහි වෙසෙන ලොකු කුඩා සියලුම ජීවීන් ප්‍රාණ ඇපයට ගෙන තිබේ. ලංකාව පාරිසරික අතින් උඩු-යටිකුරු වෙමින් පවතී. (නදී)
මෙයා අතරමං වෙලා අම්මව හොයනවද දන්නේ නැහැ. (ස)
පව් මේ අලි පැටියා. අතරමං වෙලා වෙන්න ඇති. දැන් කෝ අලි පැටියා. (ස)
අපේ සමහර අයත් දැන් ඔය හරියෙන් පොඩියට ගෙවල් හදාගනි. එතකොට අලි පැටවූ ගේ ඇතුළටම එනවනේ. (ස)