අධිකරන නියෝග මත වනජීවී භාරයට ගත් අලින් පෙරහැර සදහා නිදහස් කරන්නැයි කියමින් අඟහරුවාදා (09) මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ ඇරඹූ සත්‍යග්‍රහය මධයම පළාත් ආණ්ඩුකාරතුමියගේ මැදිහත්වීම මත තාවකාලිකව අවසන් කළ බව හීලෑ අලි ඇතුන් සුරකීමේ සංවිධානයේ ජාතික සංවිධායක මාගල් කන්දේ සුදත්ත හිමියෝ අද (10) පැවැසුහ.
අධිකරන නියෝග මත වනඡිවී භාරයට ගත් අලීන් 39 දෙනෙක් වනඡිවී මධ්‍යස්ථාන වල රදවා තබාගෙන සිටින බවත් එයින් වැඩි දෙනෙකු නීත්‍යානුකූල අලින් බවත් වනඡිවී භාරයට ගත් අලීන් නැවත අලි හිමිකරුවන්ට භාර දෙන බවට ලිඛිත ව පොරොන්දුවක් ලබා නොදෙන්නේනම් පෙරහැර සදහා අලීන් ලබා නොදෙන බව කියමින් මෙම උද්ඝෝෂණය අරඹා තිබුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරහැර පැවැත්වීම හරියට කරන්න බැරි වුනොත් එක යලි නිවැරදි කර ගන්න බැරි වැඩක් වෙනවා.(රේ)
දැන් මට හිතෙන විදියට අපේ වගේ රටක මිනිස්සුන්ට නීති ගරුක යහ පාලනයක් ගැලපෙන්නේ නැ. ඒකාධිපති පාලනයක් සහ සුදු වැන් සංස්කෘතියක් නැතිව මේ රට පාලනය කරන්න බෑ. (රේ)
දළදා සමිඳුන්ගේ පෙරහැර කඩාකප්පල් කිරීමට සංඝයා වහන්සේලා ඉදිරිපත්වීම අනුමත කරන්න බැහැ. (නි)
දර්ශන, ඇයි මොකක්ද ප්‍රශ්නය? ඔබේ අදහස මෙතනට අදාළ වෙන්නේ කොහොමද? (නි)
මව් ඇතින්න මරා හෝ අලි පැටව් රැගෙන සම්බුද්ධ ශාසනයත්, සිංහල ජාතියේ උරුමයත් රකින්නද හදන්නේ? මේ වෙලාවට තමයි දිඹුලාගල නායක හාමුදුරුවෝ වැනි උදාර ස්වාමින් වහන්සේලාව මතක් වෙන්නේ ...!!
මේ අලි ප්‍රශ්නය ලොකු කරගෙන ඉන්නේ කවුද කියලා අපි දන්නවා. අපේ රටේ ඉන්න ඇත්ත හොරු අල්ලනවා නම් වැඩිය හොඳයි (නි)
ඔව් දර්ශන, හොරු නැතුවත් බැහැ තමයි (නි)
කොයි කාලේද ඇත්ගොව්වෝ වර්ජනය කළා කියලා ඇහුවේ? ඔන්න යහපාලනය යටතේ එ්කත් වුණා (නි)
දර්ශන නිවැරදියි (නි)
දර්ශන, ඔබ හරි. මටත් කියන්න තියෙන්නේ එච්චරයි (නි)
සුනිමල් කියනදේත් ඇත්තක් කිබෙනවා තමයි (නි)