IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


අලි හිමියයි ගොව්වයි යළි රිමාන්ඩ්

අවුරුදු පහක අලි පැටවකු මහනුවර ගන්නෝරුවේදී නීතී වීරෝධිව සන්තකයේ තබා ගත් බව කියන තිදෙනෙක් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් ශ්‍රී නිත්  විජේසේකර මහතා ලබන 20 දක්වා රිමාන්ඩ් කරනු ලැබුහ.

හොරණ කනන්විල වරුණ ලංකා  විජේසිංහ කන්නන්ගර හා ඇත් ගොව්වා වන බණ්ඩාරගම ඩබ්ලිව් ආර් ජී සෝමරත්න අලි පැටියාද උසාවියට ගෙනවුත් තිබිණි.

මහේස්ත්‍රාත්  අලි පැටවා බලා  වාර්තාවක් ලබා  දෙහිවල සත්වෝද්‍යානය මගින්  අලි පැටියා උඩවලව ඇත් අතුරු සෙවණට  බාර දෙන ලෙස දැන්වීය.

එහිදී  ප්‍රතිකාර හා ආරක්ෂාව ලබා දෙන ලෙසත් ඇත් පැටවා භාර ගත් බවට ලිපියක් ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා බස්නාහිර සහකාර වනජීවී අධ්‍යක්ෂ  ඩබ් ලිව් ඒ ඒ ඩී යු ඉන්ද්‍රජිත් මහතාට නියෝග කළේය.

 



අදහස් (0)

අලි හිමියයි ගොව්වයි යළි රිමාන්ඩ්

කෝසල Saturday, 10 May 2014 05:35 AM

අලින්ටත් ගිය කලක්! (නි)

:       0       0

තිලක Saturday, 10 May 2014 06:25 AM

මොකද මේ අලින්ට කවදාවත් නැති තරමට ඉල්ලුමක්? (නි)

:       0       0

ගනේ‍ෂ් Friday, 09 May 2014 09:35 PM

එතකොට මේ අලි පැටියාත්, අනික් අලි පැටවුන් 63 දෙනාත්, අර අම්මා මරා පැහැර ගත් අලි පැටියාත් හැර වෙනත් අලි පැටවුන් සිටීද? (ස)

:       0       0

රෙක්ස් Saturday, 10 May 2014 07:22 AM

කවදා වෙනකල් මෙහෙම රිමාන්ඩ් කරයිද? ඉන්පස්සේ? (නි)

:       0       0

රොකී Saturday, 10 May 2014 07:22 AM

තිලක ගොයියෝ, අලි කිරි මනුස්ස ශරීරයට බොහොම ගුණයිලු. අලි මස් වලින් හදන බිස්ටේක් සොසේජස් වලින් යෝධ බල යෝධ ශක්තිය ලැබෙනවාලු. (නි)

:       0       0

මොහමඩ් ඉස්රත් Saturday, 10 May 2014 07:31 AM

අලි පැටවුන් මිලට ගන්න ධනපති පිරිසක් රටේ ඉන්නවා කියන එක පැහැදිලියි. වන ජීවී අමාත්‍යංශයෙන් මේකට පිළිවෙළක් යොදන්න ඕනෑ. මොන දේ කළත් අවශ්‍ය මිනිහා අලි එකෙ‍ක් නෙමෙයි 10ක් වුණත් තියාගන්නවා නීති විරෝධිව. වැටළීමකින් අහුවුණොත් රටේ වාසනාව. මේකට විසඳුමක් ලෙස වාර්ෂිකව අලි 3ක්,4ක් වෙන්දේසියෙන් හෝ ටෙන්ඩර් මගින් විකුණලා වල් අලින් ටික බේරාගත්තා නම් හොඳ නැද්ද? (නි)

:       0       0

භානු Saturday, 10 May 2014 07:38 AM

මිටි තැනින් වතුර බහිනවා කියන්නේ අපේ රටේ සාමාන්‍යයෙන් වෙන දෙයක්. අලි ඇත්තු පහර ගන්න හදපු උදවිය නිදැල්ලේ. කාගේවත් අලි බලාගත්ත අසරණ ඇත්ගොව්වා හිරේ. (නි)

:       0       0

පියල් Saturday, 10 May 2014 08:19 AM

මම දන්නවා රිමාන්ඩ් කරපු අලි හිමියා පරම්පරාවේම අලි ඉන්න කෙනෙක්. මේ හොර අලියෙක් වෙන්න හේතුව මොකද්ද කියලයි මම කල්පනා කළේ. කොහොම වුණත් මෙයාලා රටේ සියලුම පෙරහැර වලට අලි දෙනවා.එන් ජී ඕ සංවිධාන මේවට කැමති නැති බව අපි දන්නවා. පෙරහරින් අලි ඉවත් කරන්න ඩොලර් වලට ආවඩන ශ්‍රී ලාංකිකයෝ ගැන අපට දුකයි (නි)

:       0       0

හේරත් Friday, 09 May 2014 04:42 PM

අනේ පව් ඇත් ගොව්වා? ඇයි එයා හිරේ දැම්මේ? ඒක එයාගේ රස්සාවනෙ. (ස)

:       0       0

ජයසිංහ Friday, 09 May 2014 04:52 PM

හේරත්, මටත් හිතුනේ ඒකමයි. ඒ මිනිස්සු ඔය නීති බලපත්‍ර ගැන දන්නේ නෑ. ඒවා දන්නවනම් අලි බලයි ද රස්සාවට. (ස)

:       0       0

අමාලි Friday, 09 May 2014 04:59 PM

අනේ ඇත්තටම අලින්ට ගිය කලක්. වල්ලපට්ට වගේ වෙලා අලිත් දැන්. (ස)

:       0       0

නිශාර්ඩ් Preena Saturday, 10 May 2014 09:44 AM

අභාග්‍යකට හෝ බලපත්‍රයක් ඇතිව හෝ නැතිව මිනිසෙක් ළඟ ඇති දැඩිවන අලියාගේ ජීවිතය වඩාත් සුරක්ෂිතයි කැලේ ජිවත්වෙනවට වඩා. මොකද ඌට කැලේ නිදහසේ ඇවිද ගෙන තමාට රිසිසේ ආහාර ගන්ට තියෙන නිදහසට මිනිසා විසින් සිමා පනවලයි තියෙන්නේ. කැලේ සතුන්ට අයිති, උන් ගැවසෙන සහ ආහාර ගන්ට උන්ට පුරුදු තැන්වලට මිනිස්සු බලෙන් රිංගගෙන ගෙවල් හදල, වගා කරලා. ඉතින් අලි හෝ අනිත් වනසතුන් තමන්ට පුරුද තැන්වලට කෑම සොයා ගෙන එනකොට උන්ගේ ජිවිතවලට හානි වන අන්දමේ කටයුතු කරනවා. වෙඩි වැදිලා එහෙමත් නැතිනම් වෙඩි තියල අලින් සහ අනෙකුත් සතුන් බොහෝ දෙනෙක් මිය යනවා. වනජීවී නිලධාරීන් අලි ඇති කරන මිනිසුන්ගෙන් උන්ව ඇති කරන්න ලයිසන් චෙක් කරනවා වගේ, කැලේ ඉන්න සතුන්ටත් තමන්ගේ නිජ භූමිය වන කැලේ නිදහසේ ජිවත් වීමේ අයිතිය තහවුරුවන ලයිසන් එක දෙන්ට කටයුතු කලොත් හොඳ නැතිද මහජනයා දැනුවත් කර සහ ඔවුන්ගේ සහයෝගයත් අරගෙන. ඒවගේම යල්පැනගිය නීති අහෝසි කරලා දැඩි නීති ක්‍රමයක් හඳුන්වල දෙන්ටත් ඕනේ. එන් ජි ඔ කාරයෝ ගැන කියනවනම් ඒගොල්ලෝ නිකන් බොරුවට කෑගහනවා. එහෙමනම් මුළු ලෝකෙම කොයි ගෙදරකවත් බල්ලෝ බලල්ලුවත් ඇති කරන්න හොඳ නැහැනේ ? පොලිසිවල සත්තු ඉන්න හොඳ නැහැ. අන්ධ මිනිසුන්ට මග පෙන්වන්න බල්ලන්ව යොදවන්ට හොඳ නැහැ. සත්තු වත්ත තියෙන්න හොඳ නැහැ. (ස)

:       0       0

දිනා Saturday, 10 May 2014 12:20 AM

මේ වගේ දෙයක් කරන්නේ මේ මිනිස්සුන්ට ඇත්තටම පිස්සු වෙන්න ඇති (දී)

:       0       0

සරත් බණ්ඩාර Saturday, 10 May 2014 12:20 AM

එහෙනම් අලි පැටියා ඔව්න්ට දුන්නේ මොකද ,මේ රජයේ ඇමති වරුන්ගේ විෂයන් පිරිහිලා ජනතාව ඒ ගෙන කලකිරිලා (දී)

:       0       0

චින්තක Saturday, 10 May 2014 10:14 AM

මේකත් අර බුදු රුව අතේ ගහගෙන හිටපු බෞද්ධ සුදු කාන්තාව රිමාන්ඩ් කළා වගේ වැඩක්. ඇත්ගොව්වා ගේ රස්සාව අලි බලන එක. හොරට මිලට ගත්ත බස් එකක් පාරට දාල අහු උනොත් රියදුරාවත් හිරේ දානවද ? (ස)

:       0       0

අනුර Friday, 09 May 2014 05:48 PM

මෙහමත් රටක්. පුදුම නඩු තීන්දුවක් නේ? අර අහිංසක ඇත්ගොව්වා? (ස)

:       0       0

සිරියලතා Friday, 09 May 2014 05:50 PM

මේක තමා ලංකාවේ නීතිය,අලි පැටියව බලාගන්න මිනිහ කොහොමද දන්නේ මේ පැටිය හොරෙන් ගත්ත පැටියෙක් කියල,මිනිහට රැකියාවක් නැති නිසා හොර බොරු නොකර අලි පැටියව බල ගත්ත,අන්තිමට හිරේ යන්නත් උනා,රැකියාවක් නැතිව හොරකන් කරන මිනිසුන් කොපමණ අපේ රටේ සිටීද? (ස)

:       0       0

ක්‍රිෂාන් Friday, 09 May 2014 05:57 PM

පව් නේද ? (නදී)

:       0       0

ක්‍රිෂාන් Friday, 09 May 2014 05:57 PM

පව් වැඩේ.(නදී)

:       0       0

කෝසල Friday, 09 May 2014 05:59 PM

අලි පැටියට අම්මත් නැති උනා.(නදී)

:       0       0

තිලක Friday, 09 May 2014 06:00 PM

අනේ පවු, අලි පැටියට දැන් පාලු ඇති (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 10 May 2014 02:08 AM

කරුණාකර අවරුදු 5 ට අඩු අලි පැටවූ ළඟ තබාගැනීම පුද්ගලයන්ගේ තරා තිරම නොබලා තහනම් කරන්න මේ සිමාව අව්රුදෙන් , අව්රුද්ද වැඩි කරන්න . (උදහරණ 2015 -6. 2016-7 වශයෙන්) අවරුදු 5 ට අඩු අලි පැටවූ සියලු දෙනා අලි අනාථාගාරයට භාර දෙන්න , නැත්තම් අලි පැටවූ ගන්න අලි මැරීම නිසා කැලේ අලි රංචු වන්දවේවි , අලි කැලේ සහ පින්නවල සිටියහම හොඳටම ඇති , බුදුරජාණන් වහන්සේ අලි පිට තබා ධාතු වඩම්මන්න, කියා දේශනා කර නැත , බුදුදහම සතුන්ට හිංසා කරනවට විරුධය , හින්දු ආගමත් එසේමය , එමනිසා පෙරහැරවල් වලට අලි ගෙනයාම කරුණාකර නවත්වන්න .(ස)

:       0       0

ජයන්ත Saturday, 10 May 2014 02:11 AM

අලි වගේ විශාල සත්තුත් හංගන්න තරම් දක්‍ෂ මිනිස්සු ඉන්න ලෝකයෙ තියන එකම රට හැටියට ලංකාව ගිනස් පොතෙත් සටහන් වෙයි.කවුරු මොනව කිව්වත් ඒක අපට කොච්චර ආඩම්බරයක්ද.?ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඒකට හම්බවෙන කප් එකත් උස්සයිද කියන එකයි,!!!(ස)

:       0       0

රුක්සාන් Saturday, 10 May 2014 08:15 PM

එයි,පියල්. ඔබත් කැමතියි වගේ අලි හොරකම් කරනවට! ය, පෙරහරට අලි ඉන්නම ඕනද? අයි ඇමතිවරුන් ටිකක් සරසලා අරන් ගිහාම නරකද? තමාගේ මහන්තත්ත කම පෙන්නන්න අහිංසක සත්තුන්ගේ නිදහස නැති කරන එක හරිද? ඔබ වගේ අය ගැන අපට දුකයි! (ස)

:       0       0

සිල්වා Saturday, 10 May 2014 02:21 AM

දැන් යූ.එන්.පී. එක නැත්තටම නැතිවෙලා නිසා සල්ලි තියෙන කට්ටිය හිතනවා ඇති තමන්ම අලි පැටියෙක් හදා ගත්තම හරි කියලා (ස)

:       0       0

පිටිගල Friday, 09 May 2014 06:42 PM

අලි හොරකම ගැන වනජීවී ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී කළ නිර්භීත කතාව හරි අපූරුයි. නියමයි. ඒ විදිහටම වැඩත් කෙරෙනවා නම් හොඳයි.අර ආණ්ඩුවේ ඇමති කෙනෙක් හෙළිදරව් කළ අලි පැටවු 63 දෙනා ගැනත් හොයලා උන්ට පිහිටක් වෙන්නකෝ.පින් සිද්ධ වෙනවා. අම්මාගෙන් වෙන් වුණ කිරි බොන වයසේ පැටවු. අපි ඡන්දෙ දෙන්නම් (නි)

:       0       0

සිතුම් Saturday, 10 May 2014 03:04 AM

අනේ මෙහෙම ලංකාවක් .අනේ මෙහෙම තණ්හාවක්. රත්තරන් පොලු වගේ ගුද මාර්ගයේ ගහගන යන්න පුළුවන් තරමේ පැටවූ නම් මේ වෙනකොට පැටවූ කීයක් රට යවලද? අපරාදේ විදේශ විනිමය ලබාගන්න විදිහක් නැහැනේ.මොවුන් හොරෙන් ලංකාව ඇතුලේ අරන් යන්නේ කිහිල්ලේ ගහගන වත්ද ආයුබොවන්ඩ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1309 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 77 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 753 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1042 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 295 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 659 1

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39943 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25922 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 205 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 400 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1288 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site