IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අලුත උපන් දරුවාගේ වැඩට පියාටත් නිවාඩු

අලූත උපන් දරුවකු වෙනුවෙන් අවශ්‍ය අවස්ථාවලදී නිවාඩු ලබාගැනීමේ අවස්ථාව පියාට ද හිමිවන අයුරින් නීතිමය ප්‍රතිපාදන ඇතිකිරීමට බලාපොරොත්තු වන බව  ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති  ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර මහත්මිය පැවසුවාය.

දැනට අලූත උපන් දරුවෙකු වෙනුවෙන් මවට මාස 4ක්, 6ක් හෝ වසරක් නිවාඩු ලබාගත හැකි වුවත් පියෙකුට ලැබෙන්නේ දින තුනක් බව කී සභාපතිනිය දරුවා වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් අනුව පියෙකුට එම නිවාඩුව ප්‍රමාණවත් නොවන බව ද සඳහන් කළාය.

දරුවකු වෙනුවෙන් වඩාත් කැප විය යුත්තේ මවය යන සංකල්පය වෙනස් කර පියාද දරුවා වෙනුවෙන් කැපවිය යුතුය යන සංකල්පය සමාජගත කිරීම, දරුවා හා පියා අතර සම්බන්ධය ශක්තිමත් කිරීම යන අරමුණු ඇතිව මෙම පියවර ගන්නා බව ද ඇය පැවසුවාය.

එමෙන්ම පසුගිය වසරේ දී ළමා අපචාර ඇතුළු දරුවන්ට එරෙහිව සිදුවන හිංසනයන් පිළිබද පැමිණිලි 10,732ක් ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙත ලැබී ඇතැයි කී සභාපතිනිය එයින් 2784 කට අදාළව පියවර ගෙන අවසන් කර ඇතැයි ද කීවාය.

 



අදහස් (0)

අලුත උපන් දරුවාගේ වැඩට පියාටත් නිවාඩු

ප්‍රදීපා Sunday, 24 January 2016 03:44 PM

පියාට සති 2 ක නිවාඩුවක් දීම වරදක් නැහැ. නමුත් දරුවෙක් ලැබීම හදිසියේ දැනගන්නා දෙයක් නොවන නිසා කවුරුත් නිවාඩු ඉතුරු කරගෙන මේ වෙලාවේ ගන්නවා. පිට රටවල වැඩිපුර ඉන්නේ පරම්පරාවේ නෑයන් නැති තනි පවුල්. උදවුවට කවුරුත් නැහැ. මිතුරන්, අසල් වැසියන් හැමෝම කාර්යබහුලයි.ඒනිසා පියාට නිවාඩු අවශ්‍යමයි. ඒ වගේම ලංකාවේ තරම් නිවාඩු දින රාශියක් කැලැන්ඩරයේ නැහැ. (බ)

:       0       0

ප්‍රියා Saturday, 23 January 2016 05:13 AM

මාස 3 ක් පිය හිටියොත් අම්මට හැමදාමත් නිවාඩු ගන්න වේවි (බ)

:       0       0

ප්‍රියංග Friday, 22 January 2016 02:49 PM

ගොඩක් හොඳයි (නි)

:       0       0

කොඩිකාර Friday, 22 January 2016 03:25 PM

ඒක නම් හොඳ වැඩක්. (නි)

:       0       0

කුමාර Friday, 22 January 2016 03:29 PM

අඩුමගානේ මාසයක් පියාට නිවාඩු දෙන්න ඕනෑ (නි)

:       0       0

රවී Friday, 22 January 2016 03:40 PM

ඇත්තටම හොඳ යෝජනාවක්, දරුවන් වෙනුවෙන් (නි)

:       0       0

ටෙරන්ස් Friday, 22 January 2016 04:39 PM

බොහෝ බටහිර රටවල මේ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා (නි)

:       0       0

අශෝක Friday, 22 January 2016 07:43 PM

නියම වැඩේ! ඒ කියන්නේ අනෙක් නිවාඩුත් එක්ක බැලුවහම 365 දවසම නිවාඩු ආණ්ඩුවේ අයට (නි)

:       0       0

සමිත් Saturday, 23 January 2016 01:07 AM

ආණ්ඩුවේ ගොඩක් අය වැඩි හරියක් ගෙදර තමා ඉන්නේ (නි)

:       0       0

සේනක Saturday, 23 January 2016 04:37 PM

සමාජ රක්ෂණ වැඩසටහන් යටතේ යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 තුළත් ස්කැන්ඩිනේවියානු රටවල් වලත් ඉතා ආකර්ශනීය ප්‍රසුති නිවාඩු සහ මුදල් පහසුකම් ලබාදෙනු පිණිස නීති සම්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවේ මව්වරුන් සඳහාද මුල්‍යමය ආරක්ෂණ ක්‍රමයක් ඇති කළහැකි නම් අසරණ අහිංසක මව්වරුන්ට සහ දරුවන්ටද ලැබෙන යහපත අමිලය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 61 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 287 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1528 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1671 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 584 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1850 4

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37037 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24405 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site