කැලණිය, ගඟේ පාවි ආ බිළිඳු මළ සිරුරක් පෑලියගොඩ කැලණි පාලම අසලින් ගොඩ ගත් බව පොලීසිය කියයි.
මෙම බිළිඳිය පෙර දින බිහිවන්නට ඇතැයි සැකකරයි.
බිලිඳිය ගඟට විසි කළ සැකකරු හෝ සැකකාරිය අත් අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.
කැලණිය, ගඟේ පාවි ආ බිළිඳු මළ සිරුරක් පෑලියගොඩ කැලණි පාලම අසලින් ගොඩ ගත් බව පොලීසිය කියයි.
මෙම බිළිඳිය පෙර දින බිහිවන්නට ඇතැයි සැකකරයි.
බිලිඳිය ගඟට විසි කළ සැකකරු හෝ සැකකාරිය අත් අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජිලෝ මහත්මය, මේක රට,ජාතිය, ආගම වනසන්න කරන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් එහෙම නෙවෙයි. අහඹු දරු පිළිසිඳ ගැනීමකට ලක් උන කාන්තාවකට සමාජය හමුවේ මුහුණ පෑමට සිදුවන ගැටළු ගැන සමහරුනට වැටහීමක් නැතිව ඇති. මෙවැනි සංවේදී කරුණු ගැන සමාජය මිට වැඩිය දැනුවත්වී, මෙවැනි ගැටළු ගැන යහපත් ආකල්පයක් සමාජය දරනවා නම්, ඉදිරියේදී මෙවන් ඛේදවාචක අසන්න දකින්න නොලැබේවි. තමන් පමණක් ශුද්ධවන්තයන් වෙමින් යම් ඇබැද්දියකට පත්වූවන් පව් කාරයින් ලෙස හංවඩු ගසමින් ගල් ගසා මරා දැමීමට උත්සහ කරන සමාජයක අවාසනාවන්ත ඉරණමකට ගොදුරු උන සමහර කාන්තාවන් මෙවන් පාපිෂ්ඨ සිතුවිලි මත ක්‍රියා කිරීම ඉතා කණගාටුයි. නමුත් ඇයගේ හර්ද සාක්ෂිය මත හෝ ලොව පවතින නිතිය මත ඇයට ගැලවීමක් නම් නොලැබෙනු ඇත. ඇයට මේ අවාසනාවන්ත ඉරණමට පත් වීමට දායක වූ ඒ "අධම හවුල් කරුවා" තව දුරටත් සමාජයේ ධර්මිෂ්ඨයෙක් ලෙස පෙනිසිටිනු ඇත. එවන් අධමයන් මෙවන් පව් කාරියකට පළමු ගල ද ගසනු ඇත. (අ)
මේවට වග කිව යුත්තේ මේ රට පාලනය කරන දේශපාලුවන්. (නදී)
මොන ප්‍රශ්න තිබ්බත් මොන කරදර ආවත් මොන හිතකින්ද දෙය්යනේ මේවගේ අපරාදයක් කරන්නේ. (දී)
අපේ රටේ තියන අමුතුම ආකල්පයක් තමා සිය දිවි නසා ගැනීම් සහ , වෙනත් නොහොබිනා වැඩ සාදාරනීකරණය කිරීම. ඉතින් තව තවත් උදවිය මේවා ට පෙළඹෙනවා. අනේ එයාට එක කරන්න සාධාරණ හේතු තිබුනා. මේක මේ සමාජ ක්‍රමයේ වැරැද්ද කියලා. මේ දරුවා ගඟට දැමීම ගැන ඒ මවට නිදහසට හේතු සපයා දුන්නොත් තවත් කාන්තාවන් මේකම කරාවී. (දී)
තමන්ට අනපේක්ෂිත අයුරින් ලැබුන දරුවා වුනත් මරා දැමීම මම නම් සාධාරණීකරණය කරන්නේ නැහැ. අඩු වශයෙන් පන්සලක් පල්ලියක් ළඟ තබා ගියානම් පරිවාස භාරයට වත් පත් වේවි. එහෙමත් කරගන්න බැරි නම් දරුවාට අනතුරු නැති තැනක. දැකපු කෙනෙක් පොලිසියට දන්වා හෝ ආරක්ෂා කරාවී. ආර්ථික හෝ සමාජ ප්‍රශ්න වලට කාන්තාවන් ලෙස අපි හැමෝම ජීවිතයේ එක වතාවක් හෝ අහු වෙලා තියනවා. තමන්ගේ දරුවකු මරන්න ඒ කිසිම සාදකයක් සාධාරණ හේතුවක් වෙන්නේ නැහැ. මේ මගේ අදහසයි. (දී)
මේ වගේ දරුවෝ නැති කරන මිනිස්සු ගැන හිතනවාට වැඩ අමාරුවෙන් හරි දරුවෝ රකින උදවියට අපි පිහිට වෙමු. මම නම් අර ඇස් අන්ධ වෙලාත් දරුවා රකින සෙල්වරාජ් ට උදව්වක් කරන්න සැලසුම් කරගෙන ඉන්නේ. එහෙම බැරි නම් දරුවෝ නැතිව දුක් වන උදවියට සතුටක් ලබා දෙමු. ඒ වගේ අය අනුන්ගේ දරුවන් කවියක් ගීතයක් ගයනවා බලා හෝ සතුටු වන බව මම අත්දැකීමෙන් දන්නවා. (දී)
කුසුම් මගේ අදහස රට තුල මෙවැනි දරුණු අපරාද සිදුවෙන්නේ ධර්මයට මුල්තැන නැති උක කිසා. අද අපිට අවශ්‍ය ධර්මයෙන් ජිවත් වෙන්න අවශ්‍ය පරිසරයක් සැදීමට අපි එකමුතුව විය යූතූයි. (නදී)
කුසුම් ගේ අදහස් දෙකම හරි,(ස)
ශ්‍රී ලංකා සමාජය තවම කාන්තාවට සලකන්නේ ඉතා පහත් තත්වයන්. බැදපු නැති කාන්තාවකට ළමයක් ලැබුනම ඒක මහා පහත් කමක් වගේ සලකනවා . අනික ඒකට වගකියන පිරිමියා අතුරු දන්වනවා .අර කාන්තාව තවත් අසරණ වෙනවා .දියුණු රට වල ඔකේ අනිත් පැත්ත .පිරිමියා කාන්තාව ගැන වැඩියන් හොයබලානේ ළමය ඉපදුනාට පසු .සමහර අය විවාහ යෝජනාව කරනෙත් ළමය ඉපදුනාට පසු. (දී)
දැන් ගබ්සාව නීති ගතකරන්නට කල් ගත්තා අැති.(නදී)
මෙවැනි අපරාධ වලට හේතුව සොයා පිළියම් කරන්න (දී)
කුසුම් ඔබ හරි. ජනක ඔය කියපු එකත් හරි. හැමදෙයක් ගැනම හොඳට හිතන්න ඕන.(දී)
කුසුම් ඔබ වැනි 1ක් අයෙක් හෝ මේ රට පාලනය බාරගන්නවා නම් (අ)
නිල්වලා ගගට දරුවන් විසි කරපු පියාව ආදර්ශයට ගන්න ඇති.කාටද මේවා කියන්නේ.ලබන ආත්මයේ මේ අපරාධය කරපු අයටත් සිදු වන්නේ ඔවැනිම සිදුවීමක් තමයි. (අ)
පුරවැසියනි ! අවදිවෙන්න .රට විනාස මුකයට රැගෙන යන .ජාතින් අතර බේද ඇති කරන.ධර්ම දීපය අධර්ම දීපයක් කරන්නට උත්සහ කරන විදෙස රටවල්වල අවශ තාවයන් මුදලට සපුරාලන ජාතිය රකින බවට මහජනයා මුලාකරන්නන්ට එරෙහිවන්න !සත්‍ය බුදුදහම නැවතත් රටේ ප්‍රචාර කර ධර්මය රකින සමාජයක් ගොඩනැගිමට ඒකරාශි වෙන්න.අ(අ)
මේකත් රැල්ලට යයිද ?.මේවගේ වැඩකරන පාපතරයින් පන පිටින් වලලන්න ඕන .(අ)
අනේ දෙවියනේ මොනවද මේ අපට අහන්ඩ ,දකින්ඩ ලැබෙන්නේ ?දුවේ ඔබට නිවන් සැප ලැබේවා (අ)
අනේ ජෙසුනේ අපේ රට යන දිසාව නම් හොද නැහැ ඉදිරියදී අපට මිට වඩා භයානක දේවල්වලට මුහුණ දෙන්න විද දන්නේ නැ (අ)
අවුරුදු වලින් පසුව අහන්න ලැබෙන්නේම කණගාටුදායක සිදුවීම් මේවගේ ලමය් ගංගාවල්වලට විසිකරන්න පුළුවන් උනේ ලංකාවේ නීතියේ දුර්වලතාවයක් ඇතිබවයි (අ)
සමහර අම්මලා තාත්තලා දරු සම්පත් නැතුව අනන්ත දුක විඳිනවා.. මේ කාලකන්ණි ඇගේ අමාරුවට දරුවන්ව හදලා මරලා දානවා.. පාරවල් වල නෙවෙයි කැමරා තියන්න ඕනේ. ගඟවල් වල්. පාලම් වල. අනේ අපේ රටට ගිය කලක්,,(අ)
අහඹු පිළිසිඳ ගැනීම් වලින් බිහිවෙන දරුවන් භාර ගන්නා ක්‍රමවේදයක් රාජ්‍ය අනුග්‍රහයෙන් ස්ථාපිත කල යුතුයි. මේ දරුවන් භාර ගන්න ඕනෑ තරම් අය ඉන්නවා මේ සමාජයේ. (අ)
බුදුන් තුන් වරක් වැඩි ශ්‍රී ලංකා දීපය. දහම් සගුන් සෙවනේ දරුවෝ හැදුනු දේශය මොකද්ද ශ්‍රීලංකාවට උණු විනාසය. තුට්ටු දෙකට මිනි මරනවා නැහැනේ කිසි බිය. (අ)
හිතක් පපුවක් නැති අම්මා කෙනෙක්.අම්මා කියන වචනයටත් සුදුසු නැ. (අ)
මේවා තිරිසන් වැඩ
මේකට හේතුව යම් ප්‍රචාරයක් උනාම එවිදිහට වෙනත් අයත් ක්‍රියාකිරීම. කලකට ඉහත කප්පන් ඉල්ලලා ළමුන් පහර ගැනීමත් මේ වගේ පැතිරුණ. (අ)