(අංජුල මහික වීරරත්න)
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සාම්පලතිව් කලපුව අවට ප්‍රදේශය සංවේදී පරිසර කලාපයක් මෙන්ම ස්වභාවික වන රක්ෂිතයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගනු ලැබීය.
සාම්පලතිව් කලාපය අවට ප්‍රදේශය විශාල කඩොලාන ගහනයකින් ද සමන්විත ප්රදේශයකි. නමුත් පසුගිය වසර කිහිපයේ හෙක්ටයාර් 2043ක් වූ ත්‍රිකුණාමලයේ කඩොලාන පරිසර පද්ධතිය හෙක්ටයාර් 1491 දක්වා අඩු වී ඇති බව මෙම සාකච්ඡාවෙිදී අනාවරණය විය.
ඒ අනුව සාම්පලතිව් කලපුව අවට සල්ලි, ඉලුප්පයිකුළම්, වරෝධය නගර් හා උප්පුවේලි ග්‍රාම නිලධාරී වසම්වලට අයත් හෙක්ටයාර් 239.58ක භූමි ප්‍රමාණයකින් සමන්විත මෙම ප්‍රදේශය සංවේදී පරිසර කලාපයක් මෙන්ම ස්වභාවික වන රක්ෂිතයක් ලෙස නම් කිරීමට තීරණය කරනු ලැබීය. මීට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකසන ලෙස අමාත්‍යවරයා ව අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දුන්නේය.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලුත් වන රක්ෂිතයක් නම් කරයි