IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


අලුත්ගම අළු යට ගිනි

හත් හැවිරිදි පිරිමි දරුවකුට පසුගිය දිනක  අඩන්තේට්ටමක් කළැයි කියන සිද්ධියකින් පසු  අලුත්ගම නගරයේ තෑගි භාණ්ඩ වෙළඳ සලක් අද (09) අලුයම මුළුමනින්ම ගින්නෙන් වැනසී ඇතැයි අලුත්ගම පොලිසිය කියයි. 

පොලිස් විශේෂ කාර්ය බළකායද ඇතුළුව විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් අලුත්ගම නගරය පුරා ආයුධ සන්නද්ධව මුර යෙදී සිටී. දෙපිරිසක් අතර  ඇතිවන්නට ගිය ගැටුමකට මැදි වු  පොලිස් විශේෂ කාර්ය බළකායේ රියකටද ගල් මුල් ප්‍රහාර වලින් අලාභ හානි සිදු විය.

 අද අලුයම හතරට පමණ වෙළඳසල ගින්නට අසු විය. ගිනි නිවන හමුදාව කැඳවා ගින්න අවට වෙළඳ සල්වලට පැතිර යාම වළක්වා උදෑසන වන විට ගින්න නිවා දැමූ නමුත් ඒ වන විට එම දෙමහල් ගොඩනැගිල්ලේ භාණ්ඩ සියල්ලම ගින්නෙන් දැවී ගොස් තිබිණි.

 රජයේ රස පරීක්ෂකගේ  සහාය ඇතිව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.

මේ අතර අලුත්ගම නගරයේ බොහෝ  වෙළඳසල් රැසක්ම අද (09) වසා තිබිණි.

 



අදහස් (0)

අලුත්ගම අළු යට ගිනි

ධර්ම‍ෙ Friday, 09 May 2014 07:40 PM

රුපියල් දෙදහස් පන්සියයයි දඬුවම. ළමා අපචාරකයන්ටම හදපු නීතියක්. කඩේ නෙවෙයි, කරපු කෙනාවයි ගිනි තියන්න තිබ්බේ. (නදී)

:       0       0

මංජුල Friday, 09 May 2014 07:49 PM

ධර්මේ,ඔබ හරි.ඊළඟ පියවර ඒක වෙන්නම ඕනෑ. අළුත්ගම ජනතාවට ජය වේවා! (නි)

:       0       0

චාමර Saturday, 10 May 2014 11:39 PM

ඇත්ත මෙය නොවේ. (ස)

:       0       0

ගිහාන් Saturday, 10 May 2014 02:06 PM

සකී මගේ ප්‍රශ්නය මෙච්චර හරියක් දරුවාට වෙනකන් ඒ සාප්පුවේම හිටිය දරුවාගේ අම්ම මොකද කලේ ? අම්ම දරුවා කඩේ තියලා වෙන කොහෙවත් ගිහිල්ලාද ? (අ)

:       0       0

කුසුම් Friday, 09 May 2014 08:05 PM

ධර්මේ, ඔබ කරුණු කාරනා හරි හැටි නොදැන අධර්මය පතුරුවන්න උත්සහ කරන්න එපා. (ස)

:       0       0

කුමාර Saturday, 10 May 2014 05:53 AM

මොනවා වුණත් පවු අසරණ මිනිස්සු (නි)

:       0       0

කුමාර Friday, 09 May 2014 08:35 PM

මෙකී ඇත්ත කතාව ..ඔතන ඇත්තටම අපචාරයක් වෙලා නැහැ කියන එකද ?

:       0       0

එස්. Saturday, 10 May 2014 06:30 AM

පොලිසිය මොනවා කරනවද මන්දා? (නි)

:       0       0

චාන්දනී Saturday, 10 May 2014 06:30 AM

සමහර කාන්තාවන් පොඩි දරුවන් සමග කඩ සාප්පු වලට ගොඩ වෙනවා. ඇඳුම් පැළඳුම් බඩු භාණ්ඩ දුටුවහම පියවි සිහිය නැති වෙනවා. එක්ක ආපු දරුවා තමන් ළඟද, පිට තැනකදී දරුවාගේ ආරක්ෂාව යනාදී කිසිවක් මතක නැහැ. අතවරයට ලක් වූ දරුවාගේ අම්මා මේ සියල්ල සිදු වෙනතුරු සාප්පුවේ මොනවා කළාද යන්න මට හරිම ගැටළුවක්. (නි)

:       0       0

මොහමඩ් - බේරැවල Saturday, 10 May 2014 03:38 PM

ඔය කඩේ සී.සී.ටී.වී. කැමරා සවිකරලා තියෙනවා. අතවර කිරීමට තරම් වටපිටාවක් නැහැ එතැන. මේ වගේ කඩ වලට එන දරැවන් ඔවුන් ආස හිතන දේ සාක්කුවට දාගන්නවා. ඉනේ ගහනවා, අ‍තේ තියාගන්නවා. ඒ හොරකමටම නොවේ. දරැවන්ගේ හැටි එ‍හෙමයි. කඩ වල මේවගේ සිද්ධි ගොඩාක් සිදුවෙනවා. ‍කඩහිමියන් මේව හොදට දන්නවා. ඒ බව සීසීටීවි කැමරාවේ සටහන් වෙලා තියනවා එම ක්ලිප් එක අන්තර් ජාලයට මුදාහැර තිබෙනවා. නමුත් මෙතැන සිදුව ඇත්තේ වෙනත් දෙයකි. මෙය හුදෙක්ම බොරැ චෝදනාවක් බව අධිකරණයෙන් ද ඔප්පුකර තිබියදී ඇතැමුන්ගේ උසිගැන්වීම මත මේ මව රැවටිලා... එය දෙමහල් සේවකයින් විශාල සංඛ්‍යාවක් සේවය කළ ප්‍රධාන පෙලේ කඩයක් බව ද සදහන් කරමි. (අ)

:       0       0

‍ධර්මේ Friday, 09 May 2014 09:51 PM

කුසුම්, ඔබයි කරුණු දන්නේ නැත්තේ. මේ පැමිණිල්ල ගැන පොලිසියෙන් දරුවාගේ මවට ලැබිලා තියෙන්නේ කුඩම්මාගේ සැලකිලි. ඇගේ පැමිණිල්ල ලියන්න පැය කිහිපයක් රස්තියාදු කරලා. (ස)

:       0       0

චාමර Saturday, 10 May 2014 04:09 PM

මම අලුත්ගම කෙනෙක්විදිහට මේ සිද්දිය දන්නවා ළමය මුකුත් හොරකම් කරලනනැ කඩේ අයිතියි කාරයාගේ අයිය තමයි මේ වැඩේ කරලා තියෙන්නේ cc tv එකේ තියනවා මොකද උනේ කියල නිතිය කරන අය නිතිය හරියට කරානම් මිනිස්සු නිතිය අතට ගන්නේ නැ (අ)

:       0       0

කුසුම් Friday, 09 May 2014 10:46 PM

එතකොට ධර්මේ, පොලිසිය දරුවාගේ මවට කුඩම්මාගේ සැලකිලි දැක්වුවා කියල අර මනුස්සයාගේ කඩේ ගිනි තියල හරියනවද? ධර්මේ ඔයා මතක තියා ගන්න! මම මේ සටහන හරි දමන්නේ " අධර්මය, ධර්මයෙන් ජය ගත හැකිය" කියන පරමාර්ථයෙන් බව. වැරැද්ද කලේ කවුද කියල අපි හොඳට දන්නවා. (ස)

:       0       0

රුවන් Saturday, 10 May 2014 08:05 AM

මේක වැඩේ කළේ කඩේ අයිතිකාරයාම වෙන්න බැරිද? උද්ගෝෂණය කළාට අන්තිමට අර අසරණ අම්මට සහ දරුවාට කිසිම නීතියේ පිහිටක් ලැබුනේ නැහැ. ඔන්න ඔහොම තමා වැඩ වෙන්නේ මේ රටේ (නි)

:       0       0

කාන්ති Saturday, 10 May 2014 08:06 AM

සමහර කාන්තාවන් කඩ සාප්පු වලින් බඩු සොරකම් කරන්න පොඩි දරුවන් යොදා ගන්නවා. එවැනි සිද්ධියක් මගේ ඥාති දුවක් මීට කලකට පෙර ඇස් දෙකෙන්ම දැක ඇයට සාක්කි දෙන්න යන්නත් සිද්ධ වුණා. මෙතනත් ඒ වගේ වැඩක් කියලා තමා ආරංචි. (නි)

:       0       0

සත්‍යයා Friday, 09 May 2014 10:53 PM

ජනතාව හිංසාව ප්‍රිය කරනවා නොවේ. වල් වැදුන නීතිය ඉදිරියේ විකල්ප හොයනවා. පව් අසරණ මිනිස්සු. (ස)

:       0       0

අනිල් Saturday, 10 May 2014 09:18 AM

රටේ මිනිස්සුන්ට ඇත්ත දැන ගැනීමේ අයිතියට ගරු කරමු. මෙතන සිදුවේ තිබෙන්නේ මේ දරුවා කඩයේ සොරකමක් කර ඇති බැවින් අයිතිකරු ඔහු පරීක්ෂා කිරීමයි. ඉන් ලැජ්ජාවට හා අපහසු තාවයට පත් වූ මව අලුත්ගම පොලිචියට පැමිණිල්ලක් කර ඇත, පසුව පොලිසිය මේ සිද්දිය සමාදානයෙන් සමථයකට පත් කර ඇත. (ස) නමුත් රටේ අවාසනාවට ඉතාමත් සුළු ජාති වැදී පිරිසක් මෙය තමන් ගේ ගොදුරක් කර රටත් ජාතියත් පාවාදීමේ වැඩපිළිවලක යෙදී සිටිනවා.

:       0       0

සදුනි Friday, 09 May 2014 05:16 PM

ඒ පොඩි දරුවට කරපු වැඩේට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණා නම් මේ ප්‍රශ්න මොකුත් නැහැනේ.මේවායින් වෙන්නේ රට අපකීර්තියට පත්වීමයි. (නි)

:       0       0

වරුණි Saturday, 10 May 2014 06:29 PM

චාමර , දරුවාට අතවරයක් වෙනකන් ඒ මව සිටියේ කොයි ලෝකයේද කියා තමා මම අහන්නේ. මමත් මගේ දරුවන් කඩේට එක්ක ගෙන යනවා. මගේ ලඟින් හෙල්ලෙන්න ඉඩ දෙන්නේ නැහැ. හොඳින් ඇස ගසා ගෙන ඉන්නේ. (අ)

:       0       0

තරංග Saturday, 10 May 2014 10:06 AM

ළමයට කරදර කරපු අයගේ පැත්තට කතා කරන අයගේ ළමයින්ට මොනවා වේවිද ? (ස)

:       0       0

බිහාර Friday, 09 May 2014 05:42 PM

නොබෝ දිනකින්ම දැනගන්න පුළුවන් සත්‍යය මොකක්ද කියලා (නි)

:       0       0

සෑම් Saturday, 10 May 2014 12:26 AM

ධර්මෙයි, කුසුම් කොහොම කිව්වත් නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැතිවෙනකොට මිනිස්සු උත්සාහ ගන්නවා සාදාරනය කරන්න, ඒකෙ ඇති වරද්දක් කියන්න බෑ, මොකද අපි අද මෙතන අදහස් දක්වන්නෙ අපිට මේ කරදරය නොවී ඉන්න අවස්තාවක, නමුත් මේ දේ අපේම කෙනෙක්ට උනා නම් අපිත් මේකම තමා කරන්නෙ (දී)

:       0       0

පඥානන්ද Saturday, 10 May 2014 12:32 AM

කුසුමි නගා ඔයා හරියට හරි අද ලංකාෙවි අධර්ම යෙන් නෑගී සිටින්න උත්සහ දරන අැත්තන්ට වැඩිකල් යන්නට ඉස්සෙල්ලා ධර්මය කුමක්ද කියා පෙන්වා දේන්නට දැන් කාලය ඒලඔිලා තියෙනවා (දී)

:       0       0

සමන් Saturday, 10 May 2014 10:26 AM

මෙහි ඇත්ත සිද්ධිය වෙන දෙයක්. (ස)

:       0       0

කුසුම් Saturday, 10 May 2014 01:01 AM

සෑම්, මෝඩකම තිබුනට එක ප්‍රදර්ශනය කරන්න එපා. එතකොට දැන් වැරැද්ද කරලා තියෙන්නේ පොලිසියද? අම්මල එක්ක දරුවෝ කඩවල්වලට රිංගල බඩු හොරකම් කරලා කලිසම අස්සේ ගහගත්තම හරියනවද? පොලිසිය උනත් කරන්නේ කලිසම ගලවා හෝ හොරබඩු හොයන එක තමයි. එතකොට එකත් ලිංගික අපචාරයක්ද? එහෙම නම්, මේ රටේ නිතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවෙනවා නම් පාලකයෝ එයට වග කිව යුතුයි. රටේ නිතිය ක්‍රියාත්මක වෙන විදිහට, ඔය විදිහට පාරට බැහැල හැමෝම ගිනි තියන්න ගත්තොත් මොකද වෙන්නේ? ඔය ටිකිරි මොලය ටිකක් ක්‍රියාත්මක කරලා බලන්න සෑම්?(දී)

:       0       0

අශෝක Saturday, 10 May 2014 11:17 AM

මටත් මේ සිද්ධියේ අමුත්තක් දැනෙනවා. ළමය සාප්පුවට ගියේ අම්ම එක්ක නම් ළමයාට අතවරයක් වෙන්න යන බව ඇයට නොදැනුනේ කොහොමද ? අපි නම් කඩයකට දරුවන් රැගෙන ගියොත් අපේ අත පොවන මානයෙන් එහාට දරුවාට යන්න දෙන්නේ නැහැ. ඇත්තටම මේ කියන විදියට අතවරයක් වෙලා නම් ඒ වෙලාවේ ළමයාගේ මව කඩයේ සිටම භාවනාවකට වත් සම වැදිලා හිටපු වෙලාවක මේ දේ වුනා වෙන්න ඕන. මම මේ කඩය අයිතිකරු සුද්ධ කරනවා නෙවෙයි. නමුත් මේ සිද්දියේ මවගේ ක්‍රියාපටිපාටිය හරිම සැක සහිතයි. (අ)

:       0       0

ඩීසීඩී Friday, 09 May 2014 06:09 PM

සදුනි, නීතිය කරන්න ගියාම පෙරකදෝරුවන්ට සල්ලි දෙන්නෙ ඔයාද? ඔවුන් සමහරු පැමිණිලිකාරයන්ගෙ ලේ බීලයි නවතින්නෙ (නි)

:       0       0

චමල් Saturday, 10 May 2014 11:24 AM

අද අලුත්ගම පකිස්ථානය වෙලා. හෙට ඇෆ්ගනිස්ථානය වෙනවා . එතකොට ඔක්කොම වහගෙන තමයි ඉන්න වෙන්නේ. එදාට ඔය ධර්ම කතා කියන්න ගියොත් බෙල්ල කන්දෙන් වෙන් වෙනවමයි. (ස)

:       0       0

නාමල් Friday, 09 May 2014 06:36 PM

දැන් මොකද්ද මේ අළු යට ගිනි සිද්ධිය? (නි)

:       0       0

නාමල් Friday, 09 May 2014 06:36 PM

අපි නොදන්නා මේ අලුත් සිද්ධිය මොකක්ද? (නි)

:       0       0

ශාන් අමිත් Sunday, 11 May 2014 10:47 PM

මං නම් කැමති අර පොඩි එකා අපේ රටේ ජනාධිපති වෙනවානම්.වීර මාතාවටත් ජයවේවා. (ස)

:       0       0

දර්ශන Saturday, 10 May 2014 02:37 AM

පේන විදියට කුසුම්ට අය එක්ක මොකක් හරි සම්බන් දයක් තියනව වගෙයි. (ස)

:       0       0

සකී Saturday, 10 May 2014 12:29 PM

කුසුම් කියන විදිහට ඒ ළමය බදු හොරකම් කල කියමුකෝ. එක ගන්න ඇඳුම අස්සට ඇතත් දැම්ම කියමුකෝ.එත් ඉතින් ඒ ළමයට ඔච්චර අමාරු වෙනකම් ඒ මිනිහ මොනවද කලේ?ප්‍රශ්නය සදරණය කරන්න හදන්නෙපා.එක එහෙම උනානම් ජය කිව්වා වගේ ඒ කඩේ මිනිස්සු නීතියේ පිහිට පතුවනම් ඉවරනේ.අනික එහෙම හොරකමක් උනානම් ඒ කඩේ අනිත් සේවකයන්ටත් දැනුම් දෙන්න තිබුනනේ.ඇයි ඒ මිනිහ එහෙම නොකළේ? අනික පොලිසේයෙන් ඒ පැමිණිල්ල බර නොගත්තේ මොකද?ටිකක් හිතන්න (අ)

:       0       0

මේනක Saturday, 10 May 2014 12:38 PM

ඔය හොරකම් කතාව බොරු කතාවක්. කරපු වරදින් බේරෙන්න ගොතපු කතාවක්. (අ)

:       0       0

සෑම් Saturday, 10 May 2014 03:49 AM

මම ඉහත සෑම් නොවේ. කුසුම්, ඔබ කියන දේ හරි. මේකේ මුලින්ම අදහස දාලා තිබෙන සඳුනි කියන විදියට කටයුතු කළා නම් අම්මා රිමාන්ඩ්, පුතා පරිවාසයේ (නි)

:       0       0

විශාකා Saturday, 10 May 2014 04:02 AM

සොරකම වහන්න කඩය ගිනි තියලා?? (නි)

:       0       0

ගයාන් නිශාන්ත Saturday, 10 May 2014 04:05 AM

වැඩේ නම් හොඳයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 10 May 2014 04:54 AM

කෙනෙක් යමක් හොරකම් කරලා ඇඳුම තුළ දාගත්තා කියලා ඇඳුම ගලවා බලන්න නීතියේ කොහෙවත් කාටවත් අයිතියක් දී නැහැ. කරන්න තිබුනේ එහෙම දෙයක් වෙලා නම් දෙන්නව රඳවාගෙන පොලීසියට කතා කරන්න. පොලීසිය දැනගන්න ඕනෑ බේදයක් නැතුව පරීක්ෂණ කරලා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. නීතිය රකින්න ඉන්න මිනිස්සු වලිගෙ පාගා ගත්තම මිනිස්සු නීතිය අතට ගන්නවා එතකොට වෙන්නේ කැළේ නීතිය රජ කරන එකයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1310 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 82 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 757 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1053 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 295 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 662 1

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39943 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25922 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 205 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 400 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1288 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site