හත් හැවිරිදි පිරිමි දරුවකුට පසුගිය දිනක අඩන්තේට්ටමක් කළැයි කියන සිද්ධියකින් පසු අලුත්ගම නගරයේ තෑගි භාණ්ඩ වෙළඳ සලක් අද (09) අලුයම මුළුමනින්ම ගින්නෙන් වැනසී ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බළකායද ඇතුළුව විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් අලුත්ගම නගරය පුරා ආයුධ සන්නද්ධව මුර යෙදී සිටී. දෙපිරිසක් අතර ඇතිවන්නට ගිය ගැටුමකට මැදි වු පොලිස් විශේෂ කාර්ය බළකායේ රියකටද ගල් මුල් ප්‍රහාර වලින් අලාභ හානි සිදු විය.
අද අලුයම හතරට පමණ වෙළඳසල ගින්නට අසු විය. ගිනි නිවන හමුදාව කැඳවා ගින්න අවට වෙළඳ සල්වලට පැතිර යාම වළක්වා උදෑසන වන විට ගින්න නිවා දැමූ නමුත් ඒ වන විට එම දෙමහල් ගොඩනැගිල්ලේ භාණ්ඩ සියල්ලම ගින්නෙන් දැවී ගොස් තිබිණි.
රජයේ රස පරීක්ෂකගේ සහාය ඇතිව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.
මේ අතර අලුත්ගම නගරයේ බොහෝ වෙළඳසල් රැසක්ම අද (09) වසා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද අලුත්ගම පකිස්ථානය වෙලා. හෙට ඇෆ්ගනිස්ථානය වෙනවා . එතකොට ඔක්කොම වහගෙන තමයි ඉන්න වෙන්නේ. එදාට ඔය ධර්ම කතා කියන්න ගියොත් බෙල්ල කන්දෙන් වෙන් වෙනවමයි. (ස)
මොනවා වුණත් පවු අසරණ මිනිස්සු (නි)
පොලිසිය මොනවා කරනවද මන්දා? (නි)
සමහර කාන්තාවන් පොඩි දරුවන් සමග කඩ සාප්පු වලට ගොඩ වෙනවා. ඇඳුම් පැළඳුම් බඩු භාණ්ඩ දුටුවහම පියවි සිහිය නැති වෙනවා. එක්ක ආපු දරුවා තමන් ළඟද, පිට තැනකදී දරුවාගේ ආරක්ෂාව යනාදී කිසිවක් මතක නැහැ. අතවරයට ලක් වූ දරුවාගේ අම්මා මේ සියල්ල සිදු වෙනතුරු සාප්පුවේ මොනවා කළාද යන්න මට හරිම ගැටළුවක්. (නි)
මේක වැඩේ කළේ කඩේ අයිතිකාරයාම වෙන්න බැරිද? උද්ගෝෂණය කළාට අන්තිමට අර අසරණ අම්මට සහ දරුවාට කිසිම නීතියේ පිහිටක් ලැබුනේ නැහැ. ඔන්න ඔහොම තමා වැඩ වෙන්නේ මේ රටේ (නි)
සමහර කාන්තාවන් කඩ සාප්පු වලින් බඩු සොරකම් කරන්න පොඩි දරුවන් යොදා ගන්නවා. එවැනි සිද්ධියක් මගේ ඥාති දුවක් මීට කලකට පෙර ඇස් දෙකෙන්ම දැක ඇයට සාක්කි දෙන්න යන්නත් සිද්ධ වුණා. මෙතනත් ඒ වගේ වැඩක් කියලා තමා ආරංචි. (නි)
රටේ මිනිස්සුන්ට ඇත්ත දැන ගැනීමේ අයිතියට ගරු කරමු. මෙතන සිදුවේ තිබෙන්නේ මේ දරුවා කඩයේ සොරකමක් කර ඇති බැවින් අයිතිකරු ඔහු පරීක්ෂා කිරීමයි. ඉන් ලැජ්ජාවට හා අපහසු තාවයට පත් වූ මව අලුත්ගම පොලිචියට පැමිණිල්ලක් කර ඇත, පසුව පොලිසිය මේ සිද්දිය සමාදානයෙන් සමථයකට පත් කර ඇත. (ස) නමුත් රටේ අවාසනාවට ඉතාමත් සුළු ජාති වැදී පිරිසක් මෙය තමන් ගේ ගොදුරක් කර රටත් ජාතියත් පාවාදීමේ වැඩපිළිවලක යෙදී සිටිනවා.
ළමයට කරදර කරපු අයගේ පැත්තට කතා කරන අයගේ ළමයින්ට මොනවා වේවිද ? (ස)
මෙහි ඇත්ත සිද්ධිය වෙන දෙයක්. (ස)
මටත් මේ සිද්ධියේ අමුත්තක් දැනෙනවා. ළමය සාප්පුවට ගියේ අම්ම එක්ක නම් ළමයාට අතවරයක් වෙන්න යන බව ඇයට නොදැනුනේ කොහොමද ? අපි නම් කඩයකට දරුවන් රැගෙන ගියොත් අපේ අත පොවන මානයෙන් එහාට දරුවාට යන්න දෙන්නේ නැහැ. ඇත්තටම මේ කියන විදියට අතවරයක් වෙලා නම් ඒ වෙලාවේ ළමයාගේ මව කඩයේ සිටම භාවනාවකට වත් සම වැදිලා හිටපු වෙලාවක මේ දේ වුනා වෙන්න ඕන. මම මේ කඩය අයිතිකරු සුද්ධ කරනවා නෙවෙයි. නමුත් මේ සිද්දියේ මවගේ ක්‍රියාපටිපාටිය හරිම සැක සහිතයි. (අ)
කෙනෙක් යමක් හොරකම් කරලා ඇඳුම තුළ දාගත්තා කියලා ඇඳුම ගලවා බලන්න නීතියේ කොහෙවත් කාටවත් අයිතියක් දී නැහැ. කරන්න තිබුනේ එහෙම දෙයක් වෙලා නම් දෙන්නව රඳවාගෙන පොලීසියට කතා කරන්න. පොලීසිය දැනගන්න ඕනෑ බේදයක් නැතුව පරීක්ෂණ කරලා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. නීතිය රකින්න ඉන්න මිනිස්සු වලිගෙ පාගා ගත්තම මිනිස්සු නීතිය අතට ගන්නවා එතකොට වෙන්නේ කැළේ නීතිය රජ කරන එකයි (නි)
කුසුම් කියන විදිහට ඒ ළමය බදු හොරකම් කල කියමුකෝ. එක ගන්න ඇඳුම අස්සට ඇතත් දැම්ම කියමුකෝ.එත් ඉතින් ඒ ළමයට ඔච්චර අමාරු වෙනකම් ඒ මිනිහ මොනවද කලේ?ප්‍රශ්නය සදරණය කරන්න හදන්නෙපා.එක එහෙම උනානම් ජය කිව්වා වගේ ඒ කඩේ මිනිස්සු නීතියේ පිහිට පතුවනම් ඉවරනේ.අනික එහෙම හොරකමක් උනානම් ඒ කඩේ අනිත් සේවකයන්ටත් දැනුම් දෙන්න තිබුනනේ.ඇයි ඒ මිනිහ එහෙම නොකළේ? අනික පොලිසේයෙන් ඒ පැමිණිල්ල බර නොගත්තේ මොකද?ටිකක් හිතන්න (අ)
ඔය හොරකම් කතාව බොරු කතාවක්. කරපු වරදින් බේරෙන්න ගොතපු කතාවක්. (අ)
සකී මගේ ප්‍රශ්නය මෙච්චර හරියක් දරුවාට වෙනකන් ඒ සාප්පුවේම හිටිය දරුවාගේ අම්ම මොකද කලේ ? අම්ම දරුවා කඩේ තියලා වෙන කොහෙවත් ගිහිල්ලාද ? (අ)
ඔය කඩේ සී.සී.ටී.වී. කැමරා සවිකරලා තියෙනවා. අතවර කිරීමට තරම් වටපිටාවක් නැහැ එතැන. මේ වගේ කඩ වලට එන දරැවන් ඔවුන් ආස හිතන දේ සාක්කුවට දාගන්නවා. ඉනේ ගහනවා, අතේ තියාගන්නවා. ඒ හොරකමටම නොවේ. දරැවන්ගේ හැටි එහෙමයි. කඩ වල මේවගේ සිද්ධි ගොඩාක් සිදුවෙනවා. කඩහිමියන් මේව හොදට දන්නවා. ඒ බව සීසීටීවි කැමරාවේ සටහන් වෙලා තියනවා එම ක්ලිප් එක අන්තර් ජාලයට මුදාහැර තිබෙනවා. නමුත් මෙතැන සිදුව ඇත්තේ වෙනත් දෙයකි. මෙය හුදෙක්ම බොරැ චෝදනාවක් බව අධිකරණයෙන් ද ඔප්පුකර තිබියදී ඇතැමුන්ගේ උසිගැන්වීම මත මේ මව රැවටිලා... එය දෙමහල් සේවකයින් විශාල සංඛ්‍යාවක් සේවය කළ ප්‍රධාන පෙලේ කඩයක් බව ද සදහන් කරමි. (අ)
මම අලුත්ගම කෙනෙක්විදිහට මේ සිද්දිය දන්නවා ළමය මුකුත් හොරකම් කරලනනැ කඩේ අයිතියි කාරයාගේ අයිය තමයි මේ වැඩේ කරලා තියෙන්නේ cc tv එකේ තියනවා මොකද උනේ කියල නිතිය කරන අය නිතිය හරියට කරානම් මිනිස්සු නිතිය අතට ගන්නේ නැ (අ)
චාමර , දරුවාට අතවරයක් වෙනකන් ඒ මව සිටියේ කොයි ලෝකයේද කියා තමා මම අහන්නේ. මමත් මගේ දරුවන් කඩේට එක්ක ගෙන යනවා. මගේ ලඟින් හෙල්ලෙන්න ඉඩ දෙන්නේ නැහැ. හොඳින් ඇස ගසා ගෙන ඉන්නේ. (අ)
ඇත්ත මෙය නොවේ. (ස)
මං නම් කැමති අර පොඩි එකා අපේ රටේ ජනාධිපති වෙනවානම්.වීර මාතාවටත් ජයවේවා. (ස)
එතකොට ධර්මේ, පොලිසිය දරුවාගේ මවට කුඩම්මාගේ සැලකිලි දැක්වුවා කියල අර මනුස්සයාගේ කඩේ ගිනි තියල හරියනවද? ධර්මේ ඔයා මතක තියා ගන්න! මම මේ සටහන හරි දමන්නේ " අධර්මය, ධර්මයෙන් ජය ගත හැකිය" කියන පරමාර්ථයෙන් බව. වැරැද්ද කලේ කවුද කියල අපි හොඳට දන්නවා. (ස)
නොබෝ දිනකින්ම දැනගන්න පුළුවන් සත්‍යය මොකක්ද කියලා (නි)
සදුනි, නීතිය කරන්න ගියාම පෙරකදෝරුවන්ට සල්ලි දෙන්නෙ ඔයාද? ඔවුන් සමහරු පැමිණිලිකාරයන්ගෙ ලේ බීලයි නවතින්නෙ (නි)
දැන් මොකද්ද මේ අළු යට ගිනි සිද්ධිය? (නි)
අපි නොදන්නා මේ අලුත් සිද්ධිය මොකක්ද? (නි)
රුපියල් දෙදහස් පන්සියයයි දඬුවම. ළමා අපචාරකයන්ටම හදපු නීතියක්. කඩේ නෙවෙයි, කරපු කෙනාවයි ගිනි තියන්න තිබ්බේ. (නදී)
ධර්මේ,ඔබ හරි.ඊළඟ පියවර ඒක වෙන්නම ඕනෑ. අළුත්ගම ජනතාවට ජය වේවා! (නි)
ධර්මේ, ඔබ කරුණු කාරනා හරි හැටි නොදැන අධර්මය පතුරුවන්න උත්සහ කරන්න එපා. (ස)
මෙකී ඇත්ත කතාව ..ඔතන ඇත්තටම අපචාරයක් වෙලා නැහැ කියන එකද ?
කුසුම්, ඔබයි කරුණු දන්නේ නැත්තේ. මේ පැමිණිල්ල ගැන පොලිසියෙන් දරුවාගේ මවට ලැබිලා තියෙන්නේ කුඩම්මාගේ සැලකිලි. ඇගේ පැමිණිල්ල ලියන්න පැය කිහිපයක් රස්තියාදු කරලා. (ස)
ඒ පොඩි දරුවට කරපු වැඩේට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණා නම් මේ ප්‍රශ්න මොකුත් නැහැනේ.මේවායින් වෙන්නේ රට අපකීර්තියට පත්වීමයි. (නි)
ජනතාව හිංසාව ප්‍රිය කරනවා නොවේ. වල් වැදුන නීතිය ඉදිරියේ විකල්ප හොයනවා. පව් අසරණ මිනිස්සු. (ස)
ධර්මෙයි, කුසුම් කොහොම කිව්වත් නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැතිවෙනකොට මිනිස්සු උත්සාහ ගන්නවා සාදාරනය කරන්න, ඒකෙ ඇති වරද්දක් කියන්න බෑ, මොකද අපි අද මෙතන අදහස් දක්වන්නෙ අපිට මේ කරදරය නොවී ඉන්න අවස්තාවක, නමුත් මේ දේ අපේම කෙනෙක්ට උනා නම් අපිත් මේකම තමා කරන්නෙ (දී)
කුසුමි නගා ඔයා හරියට හරි අද ලංකාෙවි අධර්ම යෙන් නෑගී සිටින්න උත්සහ දරන අැත්තන්ට වැඩිකල් යන්නට ඉස්සෙල්ලා ධර්මය කුමක්ද කියා පෙන්වා දේන්නට දැන් කාලය ඒලඔිලා තියෙනවා (දී)
සෑම්, මෝඩකම තිබුනට එක ප්‍රදර්ශනය කරන්න එපා. එතකොට දැන් වැරැද්ද කරලා තියෙන්නේ පොලිසියද? අම්මල එක්ක දරුවෝ කඩවල්වලට රිංගල බඩු හොරකම් කරලා කලිසම අස්සේ ගහගත්තම හරියනවද? පොලිසිය උනත් කරන්නේ කලිසම ගලවා හෝ හොරබඩු හොයන එක තමයි. එතකොට එකත් ලිංගික අපචාරයක්ද? එහෙම නම්, මේ රටේ නිතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවෙනවා නම් පාලකයෝ එයට වග කිව යුතුයි. රටේ නිතිය ක්‍රියාත්මක වෙන විදිහට, ඔය විදිහට පාරට බැහැල හැමෝම ගිනි තියන්න ගත්තොත් මොකද වෙන්නේ? ඔය ටිකිරි මොලය ටිකක් ක්‍රියාත්මක කරලා බලන්න සෑම්?(දී)
පේන විදියට කුසුම්ට අය එක්ක මොකක් හරි සම්බන් දයක් තියනව වගෙයි. (ස)
මම ඉහත සෑම් නොවේ. කුසුම්, ඔබ කියන දේ හරි. මේකේ මුලින්ම අදහස දාලා තිබෙන සඳුනි කියන විදියට කටයුතු කළා නම් අම්මා රිමාන්ඩ්, පුතා පරිවාසයේ (නි)
සොරකම වහන්න කඩය ගිනි තියලා?? (නි)
වැඩේ නම් හොඳයි. (නි)