මොරගොල්ලාගම ,පොතාන ප‍්‍රදේශයේ අනාරක්ෂිත පාළු ළිඳකට වැටුණු වල් අලියකු ගොඩ ගැනීමට හේරත්ගම වන ජීවී නිළධාරීන් සැරැසෙයි.
අඩි 09 ක් පමණ උසැති මෙම අලියා අක‍්‍රිය වී ඇති විදුලිවැට සීමාව අසලින් ගම් වැදීමට පැමිණෙන අවස්ථාවේ දී ඊයේ (28) රාත‍්‍රියේ දී අඩි 15 ක් පමණ ගැඹුරැති මෙම පාළු ළිඳට වැටී ඇත.
බැකෝවකින් ළිඳ කපා අලියාට ගොඩට ගැනීමට පියවර ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි වැට වෙනුවට සිරස් ඉවුරු හැදුවා නම් අලින්ට ගම් වදින්න බැහැ. මෙතැනින්ම පේනවානේ අලියට සිරස් ඉවුරු වලින් ගොඩ එන්න බැරි වග. (ස)
අලින්ට ඇස් පේන්නේ නැද්ද?... (ස)
කොහොම හීටපු අලිද ? දැන් ඔක්කොම වැටෙනවා. පව්.(නදී)
බයේ බෑ.මේ ඉවුරුවල ඉන්න අයෙක් වළට වැටුණොත් අලියා තරහට පාගයි.එක්කෙනෙක් අඩමානෙට වගෙයි ඉන්නෙත් තව මදිවට දරුවෙකුත් අල්ලගෙන. (ස)
අනේ දම්ම, ඔයාගේ මොලේ තමා මොලේ? වැටුන අලියා ගොඩ එන්න බැරවා දඟලනවා. ඔයා තව සිරස් ඉවුරු කතා කරනවා (නි)
කරුණාකර කියන්න එහෙම ඉවුරු හදන්නේ කොහොමද කියලා? (නි)
ඇත්තටම මෝඩකමේ මහත..? දරු පැටවුනුත් අරන් ගිහින් අර පතහට එබෙන ලස්සන ...? තව විනාඩි 10 ක් සේරම ටික ඔහොම බලාගෙන හිටියොත් අර බාගෙට කඩන් වැටිලා තියන ළිං ඉවුරත් සමඟ සේරම ටික අලියාගේ පිට උඩ ඉදියි ...? අපේ චන්දි නංගිත් එබීගෙන ඉන්නවා වගේ මට පේනවා ...?සරත් ද ? වැටිලා ඉන්නේ කියලා වෙන්න ඇති බලන්නේ ...? (ස)
අලින්ටත් වෙන නස්පැත්ති! (නි)
මේ වල් අලි නිසා ගැමි ජීවිත විශාල ගණනක් නිරපරාදේ නෑති වෙනවා... දේපල වගා බිම් විනාශ වෙනවා..මේ වගේම පුවතකට දවසක් කෙනෙක් අදහසක් දාලා තිබුනා අලි මස් සම්බන්ධව..අනාගතයේදිත් මෙහෙම වුනොත් ඒ අදහස ක්‍රියාවට නංවන්න මිනිසුන් උනන්දු වේවි බොහෝ දුරට (නි)
මර මර බොරුවට ගොඩ ගන්නවා, තව ටික දවසකින් අලියෝ කියන්නේ කවුද කියලා පෙන්නන්නවත් එකෙක්වත් ඉතුරු වෙයිද දන්නේ නැහැ. (ස)
අලින්ගේ ඇස් පෙනීම දුර්වලයි. නමුත් හොඳ ඉවක් තියෙනවා. ඇස් හොඳට පෙනෙන අය අන්ධයින් සේ කටයුතු කරන මෙවැනි රටක ඇස් හරි හැටි නොපෙනෙන අලි ඇතුන් වැටී ඇති අගාධයක මහත! (ස)
වගා ළිඳ වටේට වැටක් ගැහුවා නම් අලි වැටෙන්නේ නැනේ , කරුණාකරලා වන සතුන් ආරක්ෂා වෙන වැඩපිළිවෙලක් ගොවියන්ට හදුන්වා දෙන්න පුළුවන් නම් පරිසරයත් රැකිලා ගොවියොත් රැකෙනවනේ. (ස)
පව් අලියා කොහොමහරි ගොඩට ගන්න බලන්න (නි)
රූපවතී නංගි, බලාගෙන වත්තේ වලවල් හාරන්නේ.පොලිසියෙන් බේරුනාට අලින්ගෙන් බේරෙන්න බැරිවේවි (නි)
මම අහලා තියෙනවා අන්නාසි පදුරු හරහා අලින්ට ගමන් කරන්න අමාරුයි කියලා. ඒක ඇත්ත නම් වවන්න තමයි තියෙන්නේ (නි)
බන්දුල අයියේ, බයවෙන්න එපා.මමත් වත්ත වටේටම අන්නාසි හිටවලා තියෙන්නේ (නි)