රාත්‍රියේ ආහාර සොයා යමින් සිටි දිවි දෙනක පදවිය අභය භූමියේදී වල් අලි පහර දී මිය යන්නට ඇතැයි පදවිය අඩවි වනජීවී කාර්යාලයය කියයි.
දිවි දෙනගේ වයස අවුරුදු පහක් පමණ වන බවත් දිවියා වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති බවත් කියති.
ස්වාභාවික නොවන හේතු මත වසරකට දිවියන් 20 ක් පමණ මිය යන බව අඩවි වනජීවී ආරක්ෂක ඩබ්ලිව් ජේ කේ හේරත් මහතා කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවියන් වඳ වුණාට කොටි වඳ වෙන්නෙ නැහැනේ. (නි)
දැන් දිවියන් බේරා ගැනීමට අලි මරමුද? (නි)
මෝඩ කතා කියන්න එපා චන්ද්‍ර වීරසින්ගේ,මේවා ස්වභාවික දේවල්. මේකට කියන්නේ වනයේ නීතිය. අපි නවත්තන්න ඕනෑ මේවා නෙමේ. මිනිස් ක්‍රියාකාරකම් නිසා නැතිවන සත්ව ජීවිත. (නි)
මොහාන් , චන්ද්‍රා කියන්නේ මෝඩයෙක් නම් නෙවෙයි හොඳ ඉගෙන ගත්ත මහත්තයෙක් මේක පොඩි විහිළුවක් වෙන්න ඇති , (අ)
අලි මරමුද කියපු ගමන් මොහාන් මහත්තයා කලබල වෙලා (නි)
අපරාදේ. (අ)
අපිට ස්වාසිලන්තය,උගන්ඩාව වැනි රටවල් වලින් දිවියන් ගෙන්වා බෝ කරන්න නොහැකිද? මේක මෝඩ අදහසක් කියන්නේ නැතුව දිවි ගහනය වැඩි කිරීමට වැඩ පිළිවෙලක් කියන්න මහත්වරුනේ. (නි)
ලංකාවේ මිනිස්සු කන්නේ දිවියන්ව නෙමෙයිනේ. මේ රටේ වැඩිපුරම පැටවූ දාන හරකව. ඒ හින්දා මිනිස්සු හරක් කෑවාට කමක් නැහැ. (නි)
අනේ ඔයගොල්ලෝ අලියන්ව දිවියන්ව ජිවත් කරවන්න බලනවා. ලංකාවේ හාමතේ ඉන්න දරුවන්ට හෙට දවසක් උදාකරන හැටි බලන්න, ඒවාට උදවුකරන්න කවුරුවත් නැහැ. (නි)
සිංහයාත් දිවියන් මරනවා (නි)
බොරු..බොරූ, මම දැක්කා ඔය අලියා, කොටියත් එක්ක කොළඹ තරු පහේ හෝටලයක, ටෝක් එකක් දා ගෙන ඉන්නවා.(නදී)
විශ්වාස කරන්නත් අමාරුයි. කණගාටුයි (නි)
උපුල් මට හොඳ අදහසක් ආවා, නුවර බල්ලෝ බන්දල දුන්න වගේ අපි පෝරු හදල නම් රේජිස්ටර් කරලා ලොකු වෙඩින් එකක් අරන් දිවියන්වත් කසාද බන්දමුද ?(නදී)
ත්‍රි පුද්ගල කමිටුවක් පත් කරලා මේ ගැන සොයා බැලිය යුතුයි. (ස)