(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අල්ලේ සඟවාගෙන රැගෙන යා හැකි අඟල් 4 - 1/2 ක් පමණ දිගැති ඉතාලියේ නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් කහතුඩුව මාගම්මන ඉදිකරමින් පවතින නිවසක කුෂන් මෙට්ටයක් තුල සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයා ගත් බව මොරගහහේන පොලිසිය කියයි.
එම ගිනි අවිය සමග 2 දශම 2 ජීව උණ්ඩ පහක් සහ 9 එම් එම් වර්ගයේ ජීව උණ්ඩ 12 ක් පොලිස් භාරයට ගෙන ඇත.
එම ගිනි අවියේ හිමිකරු වන මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරමාගේ මස්සිනා ආධාර අනුබලදීම යටතේ හෝමාගම දොලේ කඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
මීට සිව් දිනකට ඉහතදී ඉතාලියේදී මිය ගිය පුද්ගලයෙකුට අයත් හෝමාගම මාගම්මන ඉඳිකරමින් පවතින නිවසක මත්ද්‍රව්‍ය චෝදනාවකට මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පුද්ගලයෙකු විසින් ගිනි අවියක් සඟවා ඇති බවත් එය ඔහුගේ මස්සිනාට රැගෙන යාම සඳහා දුරකථන ඇමතුම් මඟින් උපදෙස් ලබා දී ඇති බවත් තොරතුරක් ලැබී තිබූ බව පොලිසිය කියයි
ඒ අනුව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. සි. මදුශංක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පොලිස් විශේෂ කාර්ය බළකා හොරණ කඳවුරේ නිලධාරීන් සමඟ එම නිවස වටලා පුරා පැය 4 කට අසන්න කාලයක් සෝදිසියට ලක්කර මෙට්ටිය තුළ තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ ගිණි අවිය සහ ජීව උණ්ඩ සොයාගැනීමට සමත් වී ඇත
මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම
මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත
තලවකැලේ, නානුඔය, ග්ලාස්ගෝ වත්තේ දේව පූජාවක් සිදු කිරීම සඳහා විවෘත භූමියක සකස් කරන ලද විශාල උසකින් යුත් කොටයකට සවි කරන ලද ලී ඉණිමගකින් බිමට ඇද වැටීම හේතු
දෙවියන් ආරූඪ වන බව පවසමින් අනවසරයෙන් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් මැදවච්චිය, කනදරාව ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරමින් තිබූ වාහන වලට කලාකාරී ලෙස පහර දුන් බව
ජාතික ජන බලවේගයේ මෙවර මැයි රැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට තීරණය කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අල්ලේ සවාගෙන යා හැකි ගිනි අවියක් කහතුඩුවෙන් සොයාගනී