අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යවා ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
මෛත්‍රීපාල සිරිසේන ජනපති අල්ලස් කොමිසමට පසුගියදා බරපතල චෝදනා එල්ල කළේය.
ඇගේ ඉල්ලා අස්වීමට හේතුව අල්ලස් කොමිසමේ කටයුතු ජනපති දැඩි ලෙස විවේචනය කිරීමදැයි විමසීමට අධ්‍යක්ෂ ජනරාල්වරිය සම්බන්ධ කර ගැනීමට උත්තාහ කළත් එය අසාර්ථක විය.
ස්වාධීන කොමිසමක වුවද අධ්‍යක්ෂ ජනරාල්ලා පත් කරන්නේ තමා බැවින් කොමිසමේ කටයුතු ගැන තමා දැනුම්වත් කළ යුතු බව ජනපති පසුගිය දා කියා තිබිණි. ජනපතිගේ එම ප්‍රකාශයට සිවිල් සංවිධානවලින් දැඩි විවේචන එල්ල විය.
නීතිපති දෙපාර්තමේන්තුවේ කාලයක් වැඩ කළ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය වැඩ බාර ගැනීමෙන් පසු මාධ්‍ය හමුවක් අමතමින් කීවේ ශ්‍රී ලංකාවේ අල්ලස් ගැනීම හා අල්ලස් දීම සම්පූර්ණයෙන් නැවැත්වීමට හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවයි.
පසුගිය වකවානුවේ අල්ලස් කොමිසම මේ ආණ්ඩුවේ ද ඇමැතිවරයකු වන ඒ එච් එම් ෆවුසි මහතාට එරෙහිව චෝදනා ගොනු කළ අතර ඊට ජනපතිගේ පාර්ශ්වයෙන් නොසතුට පළ වූ බව දැනගන්නට ඇත.
හිටපු ආරක්ෂක ලේකම්ට, හිටපු ඇමැතිවරුන් කිහිප දෙනකුට, හිටපු නාවික හමුදාපතිවරුන් කිහිප දෙනකුට මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂටද අල්ලස් කොමිසම නඩු පවරා තිබිණි.
සබැඳි පුවත්
‘රාජපක්ෂ පවුලේ ෆයිල් යට ගසා නෑ‘
(දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ජනපතිගෙන් පත්වීම් ලිපිය ලැබූ දා)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තනතුරට හොඳ නැද්ද හිටපු මහා බැංකු අධිපති? දැනට රටේ ප්‍රධාන ආර්ථික සැළසුම් උපදේශක ලෙස තවමත් කටයුතු කරන අර්ජුන් මහේන්ද්‍රන්? (නි)
දැන් මොකද කරන්නේ? රැකියාවක් කරනවද? නැත්නම් ගෙදරට වෙලා ඉන්නවාද? (නි)
පැණිවරකා ගහටත් හෙණ ගහනවලුනේ... (නි)
අසාධාරණ විවේචනයක් (නි)
ගරු ජනාධිපතිතුමා ලැජ්ජා විය යුතුයි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තරඟකොට ජයග්‍රහණය කර එයට පිටුපා පසුගියදා කළ ප්‍රකාශය ගැන! (නි)
දැන් හරිනේ, දැන් හොරුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕක කරන්න තමයි මෙච්චරකල් නැටුවේ. (නි)
'ස්වාධීන කොමිසම' කියන එකේ තේරුමවත් දන්නෙ නැද්ද? (නි)
හරි ලස්සනයි. දැන් ඔබට සතුටුයිද? (නි)
මේ වෙන්නේ නම් සුබ දේවල් නොවේ (නි)
යහපාලනය, යහපත් අයට නොකියා පලයන් කියන විගඩමක් වෙලා (නි)
අනේ නෝනේ, දැන් ඉතින් අපි අපේ වැඩක් බලාගෙන ඉමු. මේ රට කවදාවත් හරි මඟට ගන්න බැහැ කියලා තේරෙනවා නේද? (නි)
ඉක්මන් කොටයි අවම වශයෙන් අගමැතිතුමා එනතෙක් ඉවසන්න තිබුනා (නි)
ඉතා හොඳ තීරණයක් (නි)
යමර දේශපාලනය නිසා අවංකව වැඩක් කරන්න යන කෙනෙකුට කොන්ද කෙලින් තියන් කිසි දෙයක් කරන්න බෑ (අ)
ජනාදිපති තුමනි,ඔබගේ වචනය, බුද්දිය, පෞර්ෂත්වය වර්දනය කරගත යුතුය.නොඑසේනම් ඔබට අනාගතයක් නැත.කන්ඩ දීපු අත හපා නොකනු.පනින්ඩ පෙර සිතා බලනු! (අ)
ආණ්ඩුවේ ඇතුළේ ඉන්න අයට නඩු දැම්මා නම් ඔහොම වෙන්නේ නැහැනේ (නි)
එහෙනම් මේ බනින්නේ සාධාරණ බැනිල්ලක් තමයි. (නි)
හොඳයි අස්වුණ එක (නි)
අපිට මෙයා ගැන විශ්වාසයක් නැහැ. ස්වාධින අවංක දේශපාලන සම්බන්ධකම් නැති කෙනෙක් ලංකාවෙන් නැත්නම් පිටරටින් හරි පත්කරන්න. (නි)
ස්වාධීන කොමිසමක් යනු ඔවුන්ගේ වැඩ කටයුතු දේශපාලකයන්ගේ ඇඟිලි ගැසීම් වලින් තොරව ස්වාධීනව කරන ආයතන ලෙසයි අපි හිතාගෙන ඉන්නේ. (නි)
මොනවා කරන්නද? මීට වැඩිය හොඳ රැකියාවක් ඇයට ලැබේවි (නි)
පක්ෂය රැකගන්න ගිහින් සරල අයත් ඉල්ලන්කන්න වගේ හදන්නේ. කලින් හිටිය කෙනත් නීතිය හරියට ක්‍රියාත්මක නොකළ නිසා තමයි ජනතාවගේ සල්ලි මහදවල් මංකොල්ල කාපු හොරු ගොඩ ගියේ. ඒ වෙනස තමයි අපි සැවොම බලාපොරොත්තු වුණෙත්, අවාසනාවට අද නොවෙන්නෙත්. (නි)
දැන් තියෙන්නේ යහපාලනයක්නේ! (නි)
ඔබට සතුටුයිද දැන්! (නි)
අනේ මන්දා මේ රට කවදා ගොඩගන්නද කියලා (නි)
විරුද්ධ පක්ෂයේ වැඩියෙන්ම කෑ ගහන උදවියට ඇති පැමිණිලි වලට අමතරව අල්ලස් කොමිසමෙන් හොයන්නේ ඔය පොඩි ලිපිකරුවෙක්, කොස්තාපල් කෙනෙක් රුපියල් 1000ක් 2000ක් ගත්තා වගේ දේවල් විතරයි. තිබෙන ආණ්ඩුවේ අැමතිලට විරුද්ධ පරීක්ෂණ කිසි දවසක කෙරෙන්නේ නැහැ. මේවත් නිකන් මිනිසුන්ගේ සල්ලි නාස්ති කරන බොරු සංදර්ශන විතරයි. (නි)
සැහෙන්න දුක හිතෙන්න ඇති. ඇයි අනේ කොච්චර නම් විරුද්ධ පක්ෂේ උදවිය ඕකට ඇදගෙන ගියාද? පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට විරුද්ධව කට ඇරියොත් ඊළඟ දවසේ අල්ලස් කොමිසමේ. හැබැයි ආණ්ඩුවේ ඉන්න අමතිලට තියන චෝදනා මිටි ගණන් දුන්නත් කිසි සද්දයක් නැහැ. (නි)
මොකක්ද මේ වෙන්න යන්නේ? (නි)
මෙතුමිය ඉතා දක්ෂ, අවංක උසස් නිලධාරිනියක්. එ්ත් ඒ වාසනාව රටට ගන්න බැරිවුණා. දැන් ඉතින් අල්ලස් කොමිසමක් නැහැ කියලා හිතාගත්තට කමක් නැහැ. (නි)
මෙවැනි වගකිවයුතු ගෞරවනීය තනතුරකට ගැළපෙන්නේ දේශපාලන අතකොළු නොවේ (නි)
හැමදාමත් මේ රටේ සිද්ධ වුණේ මේක තමයි. බලයට එනකොට පොරොන්දු කප්පරක් දුන්නට ඒවා ක්‍රියාත්මක කිරීමේදී තමන්ගේ ගජ මිතුරන්ව බේරාගැනීම සඳහා දුන් පොරොන්දු පැත්තකට දාන්න පාලකයෝ සුදානම්. එතකොට නීතියට අනුව කෙළින් හරියට වැඩ කරන නිලධාරීන් ලොකු අපහසුතාවයකට පත්වෙනවා. තමන්ගේ හිතට එකඟව වැඩ කරන්න බැරිවෙනකොට අස්වෙනවා හැර කරන්න දෙයක් නැහැ (නි)
රටම දැන් අවුල් ජාලයක් (නි)
කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන අය එළවා දමනවා. නැත්නම් යන්න සළස්වනවා (නි)
මම නම් හිතන්නේ මේ රට හදන්න පුළුවන් වේවි කියලා. රට හදනවා නම්, මේක තමයි හොඳම අවස්ථාව. ඒ කියන්නේ වර්තමාන ජනපති සහ අගමැතිලාගේ යුගය දෙන්නා දෙපැත්තට අදිනවා වගේ තමයි දැන් නම් පෙනෙන්නේ. (නි)
ජනතාව හිතාගෙන හිටියේ සහ බලාපොරොත්තුව හිටියේ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉල්ලා අස්නොවී, දිගටම නොබියව රාජකාරිය ඉටිකරාවි කියලා. එහෙත්, කාටත් ආත්මාභිමානයක් තියනවනේ. මේ සිදුවීමෙන් සිරිසේන මහත්මයා ගැන ජනතාව තුළ තිබුණු ගෞරවය බෙහෙවින් පලුදු වුණා කියලයි අපට හිතෙන්නේ. (නි)
හැමදාම අවුරුදු 2500 කයිවාරුව විතරයි තියෙන්නේ. මැඩම් දිල්රුක්ෂිට අපේ ප්‍රණාමය! (නි)
එතකොට මහබැංකුව? වෝටර්ස් එජ්? මේ ආණ්ඩුවේ හොරු? ඒවා අල්ලන්නේ නැද්ද? (නි)
ලොක්කෝ හැමදේටම ඇඟිලි ගහනකොට ඕනෑම දෙයක් එපා වෙනවානේ (නි)
නීතිය ඉදිරියට දක්කන එක හරි නැහැ වගේ. කැතයි වගේ. (නි)
අයියෝ මේ මොකද මේ වුනේ.(හේ)
කොයි හරම් හොඳට වැඩ කරගෙන රටට ආදරයෙන් හිටපු කෙනෙක්ද. (හේ)
ජනපති පත් කලේ ජනතාව,එහෙනම් අපිත් එහෙම කරමු එයට.(හේ)
අධ්‍යක්ෂකතුමිය කිව්වේ නම් එය සර්ව සාධාරණයි කියලා. (හේ)
නොහොබිනා කතාවක ප්‍රතිපලයක්, මිට පසුවවත් කට ප්‍රවේසම් කරගන්න. (අ)
ලක්ෂ 62 ට වැඩි ජනතාවක් ඡන්දෙ දුන්නේ රටේ දුෂණ නැතිකරන්න මිස නීති ගරුක අවංක නිලධාරීන් ඉලලා අස්වෙන තැනට කටයුතු කරන්න නොව .. ඔහොම ගියෙත් ගොයියේ .ඉදිරියේ ප්‍රතිපල භයානකයි (අ)
ඔන්න යපාලනයේ ගමන් මග ..(අ)
රුපියලක් හොරකම් කළත් රුපියල් සියයක් හොරකම් කලත් තරාතිරම් නොබලා දඩුවම් කල යුතු නේද? ජනාදිපතිතුමනි.(අ)
ජනාධිපතිතුමා අප්‍රසාදයට පත්වෙනවා (අ)
මේයාට මහ බැංකුව වූ දේ පේනුනේ නැද්ද දන්නේ නැහැ (අ)
මින් ඉදිරියට මේ වගේ කතා පැවැත්වීමට ප්‍රථම උපදේශක කෙනෙකුව හමුවන්න. (අ)
වමට සිග්නල් දම දකුණට හැරවීමට දරන උත්සාහය නැවතත් නායකින්ජ නතාවට පෙන්නමින් සිටි (අ)
අපිට වැරදුනා (අ)
මැතිනියනි, කළ සේවය හර්ද සක්ෂියට එකඟනම් පසුතැවිලිවීමට හේතුවක් නොවේ නම් ,ඒකතමයි හරි. ඔබතුමියගේ ඉදිරි අනාගතය යහපත් එකක්ම වේවා!!! ආයුබෝවන්! (අ)
ඒතෙකාට වැරදි කරු ජනාධිපතිතුමාද. ඒවැනි ප්‍රකාශයක් කරන්නට ඒතුමා ඒ තැනට පත් කරපු අය නොවෙයිද වැරදි.මට පේන විදිහට ජනාදිපතිතුමා ගාව යහපාලනය තිබෙනවා. අපේ රටේ නායකයා නේද මේ ප්‍රකාශය කෙල්.වැරැද්දක් තිබෙනවයි කියල දැක්කහම ඒක හිතට ඒකගව කියල නිවැරදි කරන්න හදන ඒක විෙව්චනයක් කියල කීම කොයි තරම් වැරදිද. මම කියන්ජනේ නාධිපතිතුමා හරි කෙලින් මිනිෙහක්.ජය පතනවා.(අ)
මහින්දගෙන් ආප්පයක් කාලා, පසුදිනඑජාපය සමග මහින්දට විරුද්ධව ගිය මිනිහා ගැන එජාපය වුණත් මීට වඩා හිතන්න තිබුණා . (අ)
බලය ලැබීමට පෙර කී දේවල් බලය ලැබුන පසු අමතක වීම පොදු දෙයක් (අ)
මෙතන කවුරු හරිද කවුරු වැරදිද කියල කියන්න බැරි තරමට අවුලක්. දිනෙන් දිනම අපේ රට පිරිහෙනවා එච්චරයි. (අ)
අපිටත් බැරිද ඉල්ලා අස්වීමේ ලිපි බාර දෙන්න ,, මේ ගොන් ආණ්ඩුවෙන් අයින් වෙන්න, (අ)
අර හන්දියේ සිරිපාල වගේ කතා කරන්න හොද නැත ජනාධිපති කෙනකුට. ප්‍රස්නයක් තියනවා නම් සාකච්ඡා කරන්නේ කැබිනට් එකේ. ප්‍රසිද්ධ වේදිකාව ඒවාට සුදුසු තැනක් නොවේ. අනිත් එක ජනතාව ඔබට ඡන්දය දුන්නේ හොරු අල්ලන්න මිසක හොරු රකින්න නොවේ. ඔබ පත් කරන නිලධාරීන් ඔබට අස් කරන්න පුලුවනිනම් ඔබ පත් කරපු අපිටත් එම අයිතිය තිබියයුයි. (අ)
බුදුහාමුදුරුවෝ ඒක තමා සියලු දේ තාවකාලිකයි කියල. ඒක නිසා සියලු දෙනා තනතුරු, තානාන්තර, වරප්‍රසාද, මිලමුදල් නොව සසර දුකින් මිදීමට ක්‍රියා කරමු (අ)
මේ අල්ලස් කොමිසම සාධාරණව කටයුතු කළා කියල කියන්න පුළුවන් ඒකාබද්ධ විපක්ෂයෙන් පිට , කිසිවෙකුට හෝ චෝදනාවක් ඉදිරිපත් කළා නම්. චෝදනා එල්ල කළේම විපක්ෂයේ අයටමනේ. මම හිතන්නේ තනතුර ඇයට වැඩ ස්ථුලයි කියලයි.(අ)
අපේ රටේ ජනාධිපති කියන්නේ රට පාලනය කරන තැනැත්තා.එතුමාව පත්කළේ රටේ මහජනතාව.එතුමා බැඳිලා ඉන්නවා රටේ සිද්ධවෙන දේවල් වලට රටවැසියාට වගකියන්න.කරුණු එසේනම් රටේ සිදුවෙන,සිදුකරන සියලුම දේවල් එතුමා දැනගත යුතුමයි,එතුමාට දැන්විය යුතුමයි.එසේ නොවුනහොත් එතුමා පත්වන අසීරුව විශේෂයෙන් රාජ්‍ය නිලධාරීන් (මහජන මුදලින් යැපෙන්නන්) දැනගතයුතුයි. (අ)
මැය වෙනුවෙන් මසකට වියදම් කළ ලක්ෂ 18 කට වඩා මුදල ඉතුරුවක් ...සාදු සාදු ...(අ)
මි අබ ගසක් මුල වටේට කොහොබ ,කරවිල ගස් වැල් වවා ගත්තම මි අබත් තිත්ත වීම අරුමයක්ද ? (අ)
ප්‍රිය මහත්මියනි, ඔබ තුමිය 100% නිවැරදියි. හදවතට නොව බුද්ධියට එකඟව ඔබ ඔබගේ රැකියාව කරගෙන ගියේ අත්‍යන්තයෙන්ම අවංකව බව අපි හොඳින්ම දන්නෙමු. කොටින්ම ඔබ ඔබගේ ජීවිතය පරදුවට තබා කරපු රැකියාවක් මේ රස්සාව. ගෝත්‍රික දේශපාලනයක් තියන රටක අවංක කම යනු හුදෙක්ම වචනයක් පමණයි...ඔබ තුමිය අවංකවම රැකියාව කරගෙන ගියා..නමුත් අවසානයේදී ..ඔබතුමියගේ හිසට කඩාවැටුන අනපේක්ෂිත චෝදනාවට ඔබ වරද කරු නොවනබව මේ රටේ බුද්ධිමත් කවුරුත් සාක්ෂි දරනවා....ඔබ තුමියට හොඳ " කොන්දක් " සහ හොඳ ආත්ම ශක්තියක් තිබෙන බව ඔබ ක්‍රියාවෙන්ම පෙන්වා තියෙනවා.ඔබ බොහෝ සෙයින් උගත් කෙනෙක්. ඔබතුමියට සුදුසු රැකියාවන් ලෝකයේ ඕනෑම තැනකින් ඔබ සොයා පැමිණේවි. ඒවගේමයි අපි ඔබ තුමියට ගොඩක් ආදරෙයි ..ඒ නිසයි කියන්නේ මැතිනියනි යන්න ,මේ ජරා ගොහොරු වුණරටෙන් පිටවෙලා සාමකාමී රටකට ගොස් ජිවත් වන්න. දේශපාලන මිනීමරු වන්ගේ ගොදුරක් වෙන්න එපා.ඔබ තුමියට තිසරණ සරණයි.දෙවි පිහිටයි. (අ)
අස්වුණේ මොකද කියලා අපිට නම් හිතාගන්න පුලුවන් (නි)
හරි විදිහට පරීක්ෂණ කළොත් මහින්ද මහත්තයාගේ කැබිනෙට්ටුවේ හිටපු අැමතිවරු වැඩි දෙනෙක් අමාරුවේ වැටෙනවා. (නි)
අයියෝ මෙහෙමත් දේවල්! (නි)
ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කරගැනීම දේශපාලකයන්ගේ පැවැත්මට හේතුවන්නකි. ලක්ෂ 62 ක් ජනතාව ජනපතිවරයෙක් පත්කර ගනු ලැබුවේ පක්ෂයක් ආරක්ෂා කිරීමටවත්, චෝදනා ඇති අය ආරක්ෂා කිරීමටත් නොවේ. ජනතාවගෙන් යැපෙන කව්රුත් ජනතාවට වගකිවයුතු බව අමතක නොකළ යුතුය. (නි)
මෙතුමිය ඉල්ලා අස්වීමේ වාසිය හොරුන්ටයි. පාඩුව මහජනතාවට. කවුරුහරි මෙම තනතුරට එන කෙනා තනතුරේ ගෞරවය ආරක්ෂා කරාවි කියලා මම සුබවාදීව හිතනවා. (නි)
ඉල්ලා අස්වීම ලකුණු දමාගන්න කරන දෙයක් විදියටයි මට නම් පෙනෙන්නේ. හරිනම් මීට කලින් අස්වෙන්න තිබුනේ. අපි බලමු නැවත පත්වෙයිද කියලා (නි)
මහ බැංකු සොරකම ගැන මොකුත්ම සෙව්වේ නැහැ නේද? (නි)
අස්කරන්න කලින් ඉල්ලා අස්වුණ එක හොඳයි. (නි)
ඇත්තටම මහබැංකු වංචාව හෙළිකළේ ජවිපෙ යි. එ්ත් මේ රටේ බහුතරයක් ජවිපෙ ට බනිනවා. එහෙම තමයි මේ රටේ මිනිසුන්ගේ හැටි. එහෙම රටක මේ වගේ දේවල් වෙන එක පුදුම දෙයක් නෙමෙයි. මේ රට හදන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද ජනතාව මෝඩයි (නි)
ලිපි ගොනු ඇති පල් හොරුන්ට නම් හිනාවට කරුණක්. මේක ජනාධිපතිට ආණ්ඩුවට ප්‍රභලව බලපානවා. එක්කො මෙතුමියව තියාගන්න උත්සාහ කරන්න. නැත්නම් මීටවඩා හොඳ, හොරුන්ට සමාවක් නොදෙන, කොන්ද පණ තියෙන කෙනෙක් වහාම පත්කරන්න. (නි)
හැම කොමිසමේම ඒවා ජනාධිපතිට දන්වා දන්වා කරන්න ගියොත් මේ කපේදී ඉවරයක් කරන්න බැහැ. අනික ජනාධිපති කියන්නේ ඒ ඒ විෂය ගැන විශේෂ දැනුමක් ඇති කෙනෙක් නෙමෙයි. මේවා කවුරු ජනපති වුණත් හොඳ පාඩම්. හොරුන්ට නම් දැන් සතුටු ඇති (නි)
මදැයි අපි යහපාලනයක් ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා (නි)
මේ සිදුවෙන දේවල් නම් රටට එච්චර හිතකර නැහැ (නි)
මේ ලංකාවේ මිනිසුන්ගේ අවාසනාව. කෙළින් වැඩකරන කෙනෙකුට කොතනද ඉන්න පුළුවන්? ජනාධිපතිතුමා නිලධාරීන් පත්කළා කියල ඒ නිලධාරීන් කරන හැමදෙයක්ම ජනාධිපතිට දන්වන්න ගියොත් ජනාධිපතිට වෙන වැඩක් කරන්න වෙලාවක් නැතිවෙනවා. ස්වාධින කොමිසමක් කියන්නේ මොකක්ද එතකොට? (නි)
මෙතුමිය කළේ හරි දෙයක්. තමන්ට ස්වාධීනව කටයුතු කරන්න බැරිනම් මොකටද මෙවැනි තැනක ඉන්නේ? (නි)
ෆැන්ක්, මේවා මහජනයා දැනගතයුතු දේවල්. එ්කයි මේවා ප්‍රසිද්ධියේ කිවුවේ. තොරතුරු දැනගැනීමේ අයිතිය අපට තිබෙනවා. (නි)
කාගේ කාගේ කිල්ලෝට වලත් හුණු. වෙනසකට තියෙන්නේ යහපාලනයේ අයගේ කටවල් වල දුම්කොළ නිසා, බැඳෙන කහට එන්න තව කාලයක් අවශ්‍යයි. (නි)
හරිම කණගාටුයි. නූගත් දේශපාලකයන්ගේ වචන නිසා මේ රටට හැමදාම මෙහෙමයි. අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන බලයට ගෙනා අය දවසින් දවස කරන වැඩ නම් සතුටුදායක නැහැ. නමුත් මෙයාලා තේරුම් ගතයුතු දෙයක් තියෙනවා. එයාලා වටේ ලෝකය කැරකෙන්නේ නැති බව (නි)
එයාලා එහෙමනම් අපි අපේම ආණ්ඩුවක් හදාගත්තාම ඉවරනේ. අපිට ඕනෑ අපේම ආණ්ඩුවක් මිස මේ වගේ නිදහස් පක්ෂයක් නොවේ. (නි)
දූෂිතයන්ට නම් රෑට නින්දයයි. ඒත් මේ රට ජනාධිපතිගෙවත් මැති ඇමතිලාගෙවත් නෙමෙයි. මහජනතාවගේ. ඒ නිසා කොන්ද පණ තියෙන, කෙළින් වැඩකරන කෙනෙක් වහාම පත්කරන්න. මෙතුමිය තියා ගන්න හැකිනම් තියාගන්න. (නි)
දැන් මේ අල්ලපු ඉඩම් ලංකාවෙ තිබුනෙ නැද්ද? මහා පරිමාණ වංචා වෙලා තිබුනෙ නැද්ද? ඒවා කරලා තියෙන්නෙ පසුගිය කාලේ හිටිය අය නම් ඒ අයව අල්ලන්නෙ නැතුව ගෙදර ඉන්න අපිව අල්ලන්නද කියන්නේ? (නි)
පසුගිය පාලනය දූෂිත නිසා ඒ අයව එළවලා යහපාලනය රටේ ස්ථාපිත කරනින කියලා ඡන්දෙ අරගෙන දැන් පරණ දුෂිතයන්ව අල්ලනකොට ඒකට අංචි අදිනවා. (නි)
අපි බලාහිටියා දූෂිත ඇමතිලයි දූෂිත නිලධාරින් ටිකයි අල්ලනකම්. මදැයි කරපු හරිය. පරණ ඇමතිලා ආණ්ඩුවට අරගන්නකොටයි, පරණ දේශපාලනය කළ නිලධාරින් ඒ පුටුවලම තියාගන්නකොටයි අපිට නම් හිතුනා මේක නම් කරන්න බැරිවෙනවා කියලා. (නි)
ජවිපෙ සහ අනෙකුත් බලවේග නිදිද? අපිට දැන් කොළ නිල් දෙකම එපාවෙලා තියෙන්නේ. අනේ ඇයි මේ හරියට සංවිධානය වෙලා අාණ්ඩුවක් හදන්න ජවිපෙ ඉස්සරහට එන්නෙ නැත්තේ? (නි)
බලය තිබුන අය තමයි හොරකම් දුෂණ කළේ. ආයේ කවදාවත් ආණ්ඩුව පෙරළෙයි කියලා හිතුවෙ නැති නිසා ඒක මහා පරිමාණව වුණා. මේවා අල්ලනකොට අහුවෙන්නෙ පසුගිය කට්ටිය තමයි. මේ කරන වැඩ නිසා දූෂිතයන්ට හොඳ කලක් යයි. (නි)
අපිට වැරදුනා. නමුත් නිවැරදි කරන්නෙ නැවත මහින්ද සහ ඒ නඩය බලයට ගෙනවිත් නම් නෙමෙයි. (නි)
වසර 30 යුද්ධය අවසන් කළත් මහින්ද මහතාව සහ පරපුර එපාවුණේ දුෂණය නාස්තිය මහජනතාව එතරම්ම පිළිකුල් කළ නිසයි. දුෂණය අල්ලන නිවැරදි අය අධෛර්යමත් කරන අයවත් ඒ තරමටම එපාවෙනවා සිකුරුයි. ඒ නිසා ඉක්මනින් දූෂිත දේශපාලඥයින්, නිලධාරින් නීතියේ රැහැනට ගෙන පෙන්වන්න. (නි)
සුදුස්සෝ යයි එළියට, නුසුදුස්සෝ එයි ඇතුළට, සෙතක් වෙයිද මෙහෙම රටකට... (නි)
ෆව්සි අල්ලස් ගත්තා කියා චෝදනා එල්ල වී තිබේ නම් ජනාධිපතිතුමාට තරහ යන්න හේතුවක් තිබේද? විනිවිදභාවය වහන්නේ කවුද මන්දා (නි)
අස්වෙන්න තිබුනේ මිට කලින්. පහුවෙලා හරි, හරි තීරණය ගත් එක හොඳයි. (නි)
යහපාලන නම් වූ මඩේ සිටවූ ඉන්නක් බදු වූ රජයට තිබුණු එකම ශක්තිය තමයි දුෂණයට විරුද්ධව සටන් කරන එක. එ්කත් නැතිකර ගත්තා නම් තමාගේ වළ තමාම කපා ගත්තා කියලා හිතාගන්න. (නි)
ප්‍රියාන්ටත් ලිපිගොනුවක් ඇරිලා තියෙනවා වගෙයි. එහෙම අය තමයි මේකට සතුටු වෙන්නේ. (නි)
දැන්නම් කාලය අවසානයි වගෙයි කාගෙ කාගෙත් (නි)
මේ සිදුවුණ දෙය ඒකාබද්ධ විපක්ෂයේ සමහර හබන් කුකුළන්ට රජ මඟුල් වගේ ඇති (නි)
මෙතුමිය හිටියා නම් මේ ආණ්ඩුවේ දුෂිතයෝ මේ කපේට අල්ලන එකක් නැහැ කියලයි හිතෙන්නේ (නි)
උඩ පැන්නොත් බිම වැටෙයි (නි)
පොදු විපක්ෂ කට්ටිය විතරක් ඇතුළට දානවා. යහපාලන හොරු අල්ලන්න බයද? මහබැංකු මගඩියට මුහුණදෙන්න බයද? (නි)
ඔබට සතුටුයිද දැන්! (නි)
අනේ මන්දා මේ රටට වෙන දේ! (නි)
නැවත පැරදුනු පක්ෂයක් දිනවන්න හොරු රකින වැඩපිළිවෙලකට යනවා නම් මේ කපේදී එහෙම වෙන්නේ නැහැ. ජනතාව අන්ධ, ගොළු, බිහිරි නැහැ (නි)