IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අල්ලස් කොමිසම මහින්ද ළඟට යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ළඟට ගොස් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් කොමිසමේ සභාපතිට දන්වන බව අධිකරණ ඇමැති තමාට දැන්වී යැයි කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අද යළි රැස්වූ අවස්ථාවේදී ප්‍රකාශ කළේය.

මුදල් ඇමැති රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීන් ගැන කළැයි කියන ප්‍රකාශයක් ඉවත් කරගන්නා ලෙස විපක්ෂ මන්ත්‍රීවරු බල කළහ. එවැනි ප්‍රකාශයක් හැන්සාර්ඩ් වාර්තාවේ සටහන් වී නැති නිසා එවැනි ප්‍රශ්නයක් මතු නොවන බවද කථානායක කීවේය.

කරුණානායක මහතාගේ ඒ කථාව මාධ්‍යවේදීන්ට ඇසුණේ නම් එය තම වාර්තාවලින් ඉවත් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය. යළිත් මිනිත්තු කිහිපයකට පාර්ලිමේන්තුව කල් තැබූ කථානායක පැවසූයේ 19 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී තීරණයක් ගන්නා ලෙසයි.

ජනපති සිරිසේන මහතා අද උදේ සිටම පාර්ලිමේන්තුවේ සිය කාමරයේ සිටී.

 

 

 



අදහස් (0)

අල්ලස් කොමිසම මහින්ද ළඟට යයි

සම්පත් Tuesday, 21 April 2015 08:16 AM

එයා දැන් සිවිල් වැසියෙක්.ලඟට යන්නේ මොකටද.පොදුවේ සලකන්න. (ස)

:       0       0

මහානාම - කඳාන Tuesday, 21 April 2015 08:16 AM

නීතිය කාටත් පොදුයි , නමුත් 78 ව්‍යවස්තාව අනුව ජනාධිපති ට නඩු පැවරිය නොහැක , උසාවි ගෙන ආ නොහැකිය . අනෙක මෙතන ප්‍රශ්න කරන්න යන්නේ තිස්ස අතතනායකයට දුන් ඇමති කම අල්ලසක් යන්නලු , එය ජනාධිපති ගේ බලතල යටතේ සිදු වුවකි , එහෙම නම් 28 වතාවක් පාරද උන , ලජ්ජා නැති නායකයා කියා රුපවාහින්යෙන් පතුරු ගහපු කෙනෙක් කොහොමද අගමැති වෙන්නේ සුලුතරක් ඇතිව , සරත් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් පදවියක් දෙන්නේ කොහොමද ? මේවා ඡන්දෙ දිනූ පසු , ඒවාට උදව් කරපු අයට දුන් ජනාධිපති ත්‍යාග . ඒ පිළිබඳව ප්‍රශ්න කරන්න කාටවත් අයිතියක් නැ. 1948 ඉදන් ආපු ආණ්ඩු ගැන අහලා තියෙනවා , දැකලා තියෙනවා , මේ දින සියට පත් උණු සදාචාර විරෝධී ආණ්ඩුව තරම පොලගකු මෙන් එලෝ එලෝ පලි ගන්නා කුහක් ආණ්ඩුවක් නම් දැක්කේ නැ , දක්කිනත් එපා ආයේ . 17 වසරක එජාප් ශාපය අවසන් කර ලබා ඓතිහාසික ජයග්‍රහණයෙන් පසු මේ වගේ පලි ගත්තා නම් අද මේ එජාපයේ ඉන්න අයගෙන් හතරෙන් තුනක් ඉන්නේ හිරේ , කොටින්ම නායක එල්ලුම් ගස් . මෙතන යහපාලනක් ගැන හීන දකින අය 1987 - 1989 කාලයේ උන දේවල් දන්නේ නැති නිසා ඒ අයට සමාව දෙමු . කරුණාකර වැඩිහිටි අයගෙන් අහගෙන යාවත්කාලින වෙන්න .(ස)

:       0       0

ලක්සි Tuesday, 21 April 2015 08:19 AM

විධායක ජනාදිපති කියන්නේ ඕකටනේ (ස)

:       0       0

නිශාඩ් ප්‍රීනා Tuesday, 21 April 2015 08:20 AM

නිතිය හමුවේ කවුරුත් එක සමානයි නම් මෙයිට පස්සේ සාමාන්‍ය ජනතාව උනත් පොලිසි ගානේ රස්තියාදු වෙන්ට ඕනේ නැහැ, පොලිසිය උදවිය ගෙදරට ඇවිල්ල කට උත්තර ගනීවි. මෙම පහසුකම ලබදෙන්ට වක්‍රව හෝ දායකත්වයක් ලබාදුන්නට හිටපු ජනාධිපති මහින්ද මහතාට බොහොම පින්. (ස)

:       0       0

අමර Tuesday, 21 April 2015 08:20 AM

අමාලි,,, අන්ද මිනිස්සුන්ට පෙනීම ලබාදීම ඉතා දුෂ්කර කටයුත්තක් (ස)

:       0       0

දුමින්ද Tuesday, 21 April 2015 08:30 AM

ලංකාවේ ලොකුම අල්ලස-දූෂණය වන 30 වසරක යුද්දේ නතර කරපු එක ගැනත් හොයමුද (අ)

:       0       0

සජිත් Tuesday, 21 April 2015 08:34 AM

අමාලි එක කලේ අපේ හමුදාව එය නෙවෙයි ඔච්චර ජීවිත පරිත්‍යාගයෙන් ඕක දිනලා දුන්නේ අපේ හමුදාව ඒ වගේම කුරිරු ත්‍රස්තවාදීන්ව පරාජය කරයි කියල රට සූරන් කන්න දෙන්න බැහැ (අ)

:       0       0

ක්‍රිෂාන්ත තුරුවිල. Tuesday, 21 April 2015 08:38 AM

මොකද කට්ටියට මහින්ද මහත්තයව. ඔච්චරටම හිරකරන්න තියන උවමනාව කියල අපි හොදට දන්නවා. මොනදේ වුණත්. මහින්ද මහත්තයව බලයට ගෙන එක කාටවත් නවත්තන්න බෑ. (අ)

:       0       0

රෂිකා Tuesday, 21 April 2015 09:07 AM

ඔක්කොටම කලින් අල්ලස් කොමිසමට ගෙන යන්න ඕනා රනිල් සහ රවී කුමන්ත්‍රණ කරලා පිනට අගමැති කම සහ ආණ්ඩුව ගැනීමත් බටහිරින් ලබාගන්න ඩොලර් කුට්ටි ගැනත් සෙවිය යුතුමයි අනෙක සුදු හඳුන්වලට සල්ලි කොහෙන්ද? (බ)

:       0       0

කපිල Tuesday, 21 April 2015 09:27 AM

සැමට කලින් අල්ලස් කොමිසම සුද්ද කළ යුතුයි. පක්ෂපාතී ගහලයින් පන්න දැමිය යුතුයි. රනිල් වහාම අල්ලස් කොමිසමට කට උත්තරයක් දෙන්න ඕන,(බ)

:       0       0

නිශේන්ද්‍ර Tuesday, 21 April 2015 10:49 AM

සුදු හදුන් කිලෝ එකක් කීයද ? (බ)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 21 April 2015 11:28 AM

නහි වෙරෙන වේරානි කියාගෙන කදුළු සල සල මාධ්‍ය සංදර්ශන පාල දින 100න් ගෙදර යන්න පොරොන්දු දීල බලේට ආව බෝධිසත්ව චරිතවල සුදු රෙදි වලට යටින් තියෙන කඩු කිනිසි මේ රටේ ජනතාව මේ දින 100දි හොදින් දැක්ක..තමන්ට අයත් නැති මහජන මතයක් තමන්ට අකමැති වුනු මහජන මතයක් මංකොල්ලකාගෙන චිත්ත රෙදි ඇදගත් චරිත කීපයක පිහිටෙන් විධායක ජනපති පුටුව තම පාලන කාලය තුල රැක ගන්න මේ ගහන ගැට කරන කුමන්ත්‍රණ ඉදිරියේදී රටට හෙළිදරව් වේවි..එදාට යහපාලනයේ නමින් ආ යම පාලනයේ නිරුවත වගේම තමන් රැවටුන තරම අවංකව වෙනසකට ඡන්දය දුන් ටොයියන්ට පෙනේවි...යාම පාලනයේ ආයුෂත් ඒ සමගම ඉවර වේවි. 2002දි සිදු වුනු රටට අහිතරකර ක්‍රියාවලිය 2004 දී අවසන් කලා වගේ ඊට වඩා ඉතාමත් අඩු කාලයකදී රටට අහිතකර මේ ක්‍රියාවලිය අවසන් වී දේශප්‍රේමී පාලනයක් නැවත බිහිවේවි.. .(ස)

:       0       0

ගමරාල Tuesday, 21 April 2015 12:03 PM

අවදියෙන් සිටීම ශුබයි. (ර)

:       0       0

නිමල් Tuesday, 21 April 2015 07:04 AM

නීතිය සැමට එක නෙමෙයිද? (නි)

:       0       0

අජිත් Tuesday, 21 April 2015 01:28 PM

තව ඉදිරියට හොද හොද සෙල්ලම් තියෙයි. (ත)

:       0       0

යසස් Tuesday, 21 April 2015 07:13 AM

ඇයි ඒ එයාට විතරක් අමුත්තක්? (නි)

:       0       0

අනුර Tuesday, 21 April 2015 07:25 AM

රට හරිමගට ගන්නනම් හරි නිතිය ස්ථාපිත කරන්න ඕනි එහෙම නොනොත් වෙන්නේ රට අගාදයකට ගමන්කරනවා. (ර)

:       0       0

සුනිල් Tuesday, 21 April 2015 07:28 AM

මීට පස්සේ මේ ක්‍රමය හැමෝටම ක්‍රියාත්මක කරනවද? මට එන්න කිව්වොත් මටත් කියන්න පුළුවනි නේ මා ළඟට එන්න කියල. (අ)

:       0       0

සුමුදු Wednesday, 22 April 2015 05:36 AM

නිමල් , යසස් , සුනිල්, බණ්ඩාර, කොයි රටේද අනේ නිතිය සැමට එක වෙලා තිබුණේ? අඩු ගානේ අර රතු සහෝදරයන්ගේ පරමාදර්ශී සමජවාදී රටවල වත් එහෙම තිබුණලු ද? රට රටවල් මට්ටමින් බැලුවත් අර අනිත් රටවලට චන්ඩිකම් පාන ලෝක පොලිස්කාර ඇමරිකාවට මොන නීතිද? ඔක්කොම නීති හාල්මැස්සන්ටම තමයි. අඩු ගණනේ ඕගොල්ලන්ගේ ගෙදරවත් හැමට ම හැම අතින්ම සමාන සැලකුම් ලැබෙනවයි කියලා හොඳටම විශ්වාසද? මේක කිව්වයි කියලා දැන් ඉතින් මාව හපාකන්න එන්න එපා මේ මගේ නිරීක්ෂණයක් විතරයි. (ස)

:       0       0

රකිත් රෝහිත් Wednesday, 22 April 2015 05:38 AM

නිමල්, සුනිල්, යසස්,බණ්ඩාර, ඕගොල්ලෝ කොයි රටේද ජනාධිපති වෙලා හිටියේ? මතුරටේ ද?... ඒ රට කොටින්ගෙන් බේර ගත්තෙත් ඔයගොල්ලොද? (ස)

:       0       0

බණ්ඩාර Tuesday, 21 April 2015 07:31 AM

ඇයි එයාට විතරක් ලගට යන්නේ.? (ර)

:       0       0

මදුසංක Tuesday, 21 April 2015 07:34 AM

මම යහපාලනයට ඡන්දය දුන් කෙනෙක්. නමුත් මීට කලින් ඇස්පනාපිට හොරකම් කල අය, ඇස්පනාපිට කුඩු ගෙන්නපු අය ඇලුලුවා නම් තමයි හොඳ. ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒ දේවල් මිස මේ දේවල් නෙමෙයි. (ර)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Tuesday, 21 April 2015 07:33 AM

අනේ මන් කරගත්තු මෝඩකමක් කියලා හිතිනවා ඇති අර මැඩම්ගේ ලනු කාලා .(ස)

:       0       0

කුමාර් Tuesday, 21 April 2015 07:36 AM

නිමල්, යසස්; ඇයි මතක නැද්ද එයා රටේ හිටපු ජනාධිපතිබව. එම ධුරයේ ගරුත්වය රකින්න සැමදෙනාම වගබලා ගන්න ඕනා. (ස)

:       0       0

චින්තක Tuesday, 21 April 2015 07:38 AM

මීලග ආණ්ඩුවක් පත්වූ විගස අල්ලස් කොමිසමේ සභාපතිව දුෂණ මර්දන ඒකකයට හෝ අල්ලස් කොමිසම හමුවට පමුණුවා මෙවැනි පහත් වැඩ කිරීමට ගත් අල්ලස ගැන විභාග කල යුතුයි. ඊයේ පාර්ලිමේන්තුවේ අගමැතිතුමා පැහැදිලිව කියනවා, අල්ලස් කොමිසමේ සභාපති එයාගේ සමීපතම හිතවතෙක් බව. (ස)

:       0       0

අමාලි Tuesday, 21 April 2015 07:44 AM

යසස් එයා විතරනේ අමුත්තක් කලේ. මොකද හැමෝම ඉවර කරන්න බෑ කියපු යුද්ධය එයා විතරනේ ඉවර කලේ. (ස)

:       0       0

සරත් Tuesday, 21 April 2015 07:52 AM

ඇයි මගේ ප‍්‍රතිචාර පළ නොවෙන්නේ (බ)

:       0       0

ඇසළ Tuesday, 21 April 2015 07:54 AM

ඇයි එයට විතරක් අමුත්තක්. සිංහල ජාතිය ශ්‍රී ලංකාව බේරාගත් නායකයා නිසා. සිංහලයන්ට ඒ බව තේරෙනවා ද්‍රවිඩ කලවමුන්ට තේරෙන්නේ නැහැ. උතුර උන්ගේ ජාතිය රැක ගන්න ජිවිතේ උනත් දෙනවා අපේ උන් රට බෙදල දෙන්න පොරකනවා. කිසිම ජාතික හැගීමක් නැති ජාතිය කලවම් සිංහල. (බ)

:       0       0

පින්සර Tuesday, 21 April 2015 08:02 AM

මේක මහා හතර බීරි කතාවක් , තිස්ස අත්තනායක පොදු පෙරමුනට අරගෙන අමැති තනතුරක් දීම ගැන මහින්දගෙන් ප්‍රශ්නකරන්න ඕනලු , එතකොට සිරිසේන කාගෙන්වත් අහනේනැතිව රනිල්ට අගමැති කම දීම ප්‍රශ්නයක් නෙමේද හිරුනිකා, සෝලංගලාට ශ්‍රී ලං නි ප යෙ මධ්‍යම කාරක සභාවට දැමීම ප්‍රශ්නයක් නෙමේද (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 2 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 125 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 339 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 157 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4088 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 537 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37923 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25000 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site