(මනෝප‍්‍රිය ගුණසේකර)

වාර්ෂික බදු මුදල් අඩුවෙන් අයකිරීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් ලක්‍ෂ 04ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරු වු දේශිය ආදායම් දෙපාර්තමෙන්තුවේ හිටපු තක්සේරුකරුවකුට වසර 16ක බරපතල වැඩ සහිත සිරදඬුවම් කොළඹ මහාධිකරණය නියම කළේය.

අදාළ රජ්‍ය සේවකයාගේ ප‍්‍රජා අයිතියද වසර 07ක කාලයකට අහෝසි කිරීමට නියම කළ අධිකරණය ඒ බව මැතිවරණ කොමිසම ඇතුළු රාජ්‍ය ආයතන දැනුවත් කිරීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමිර්ශන කොමිසමේ නිලධාරීන්ට නියම කළේය.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඞ් මිහාල් මහතා විසිනි.

මහජනතාවගෙන් බදු මුදල් අයකර ගැනීමේ ප‍්‍රධානතම ආයතනය වන දේශිය ආදායම් දෙපාර්තමෙන්තුව වන බවත් බදු මුදල් නොගෙවු අවස්ථාවකදී එම ආයතනයෙන් ජනතාවට අත්විදීමට සිදුවන අහිතකර ප‍්‍රථිපල අනුව විත්තිකරුට ලිහිල් ආකාරයෙන් කටයුතු කිරීමේ හැකියාවක් නැති බව පෙන්වා දෙමින් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් පැමිණ වීය.

විත්තිකරුට එරෙහි එක් චෝදනාවකට වසර 04 බැගින් චෝදනා හතර සඳහා වසර 16ක සිරඳඩුවම් නිම කළ විනිසුරැවරයා විත්තිකරුගේ රෝගී තත්වයන් සහ වයෝවෘද්ධ භාවය සැලකිල්ලට ගෙන එම දඬුවම් කාලය වසර 04ක කාලයකින් ගෙවී යන අන්දමට ක‍්‍රියාත්මක කිරීමට නියම කළ විනිසුරුවරයා විත්තිකරුට නියම කළ රුපියල් 3,75,000/-ක දණ්ඩනය සහ රැපියල් 20,000/-ක දඩ මුදල් නොගෙවුවහොත් අමතර මාස 14ක ලිහිල් වැඩ සහිත සිරදඬුවමකටද ඔහු යටත් කළේය.

වසර 15ක කාලයකට පෙර විත්තිකරු කළ මෙම අල්ලස් සිද්ධියට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවට තීරණය කරමින් විත්තිකරුට අදාළ දඬුවමම් පැමිණ වීය.