
(රෝෂන් තුෂාර)
වසර දාසයක සිර දඬුවම් ලද හිටපු ඇමති සරණ ගුණවර්ධනට එරෙහි තවත් අල්ලස් නඩුවක් සඳහා අත්හිට වූ දඬුවම් ලබාදීමේ කටයුතු සම්පාදනය කිරීමට අල්ලස් ලබාදීම හා ලබා ගැනීම කළේ යැයි කියන සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 20 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.
රුපියල් පනස්දහසක අල්ලස් ලබා ගත්තේ යැයි කියන කොළඹ මහාධිකරණයේ ආරච්චිවරයා, ආධාර අනුබල දුන්නේ යැයි කියන මිනුවන්ගොඩ දිසා අධිකරණ රෙජිස්ට්රාර් හා සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ඡායා ශාන්ත රත්නායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd