(ෂේන් සෙනෙවිරත්න)
අලවතුගොඩ ඓතිහාසික සමන් දේවාලයේ දොරගුළු කඩා එහි තිබූ දේවාභරණ ඇතුළු කෞතුක භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇති බව අලවතුගොඩ පොලිසිය කියයි.
අලවතුගොඩ පොලිසිය පවසා සිටියේ එම දේවාලයේ දොරේ ආරක්ෂාවට යොදා තිබූ යකඩ පට්ටම කඩා සොරුන් ඇතුළු වී ඇති බවත් ඊයේ රාත්‍රී 10.00ට සංචාරක පොලිස් නිලධාරීන් එහි ආරක්ෂක සටහන් පොතේ සටහන්ද යොදා ඇති බවත් එම වේලාවෙන් පසු සොරුන් ඇතුළු වී ඇති බව විශ්වාස කරන බවයි.
වළගම්බා රජ සමයට අයත් වසර 700 කට වඩා ඉපැරැණි ඉතිහාසයකට උරුමකම් කියන මෙම දේවාලය මීට පෙරද අවස්ථා ගණනාවකදී සොර සතුරන්ගේ ග්‍රහණයට පාත්‍ර විය .
අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිලමේ කුලතුංග බණ්ඩාර මහතා පවසා සිටියේ දේවාලයේ දේවාභරණ මෙන්ම කෞතුක භාණ්ඩ ද ඇතුළු දේවාලයේ පින් කැටය පවා කඩා එහි තිබූ මුදල් රැගෙන ගොස් ඇති බවයි .
දේවාලයේ දේවාභරණ සොරකම් කරගෙන ගොස් ඇති බැවින් දේවාලයේ මෙවර වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීම සම්බන්ධයෙන්ද ගැටලු උද්ගතව ඇති බවද බස්නායක නිලමේවරයා කියයි .
නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර
එල්ල වන බාහිර පීඩනයන්ට ශ්‍රී ලංකාව හිස නොනැමිය යුතු බවත් විශේෂයෙන් මෙරට ආර්ථික තත්වයෙන් වාසි ගැනීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරන අවස්ථාවක ශ්‍රී ලංකාව ස්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරුකට අනුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 400 කට වැඩි තොගයක් රැගෙත් මෙරට බහුදින යාත්‍රා දෙකක් සමග ලාංකික සැක
කොළඹ ප්‍රදේශ කීහිපයකට පැය දහ අටක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි
එක් මිසයිලයකින් මුළු එක්සත් රාජධානියම බිමට සමතලා කළ හැකි රුසියාව සතු මාරාන්තිකම අවිය ලෙස සැලකෙන ’’සාතන් 2’’ අන්තර් මහද්වීපික න්‍යෂ්ටික මිසයිලය හැකි
අධික වර්ෂාව හේතුවෙන් හානි වූ වගාවන් නැවත ආරම්භ කිරීමට ගොවීන්ට අවශ්‍ය පූර්ණ සහය දීමට තීරණය කළ බව කෘෂිකර්ම, පශුසම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය අද (
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලවතුගොඩ සමන් දේවාලය හොරු කඩලා
Lalla Thursday, 25 July 2024 10:14 PM
මේ දේවාලය කා හට අයත් දේපලක්ද? රාජ්‍ය පාලනයේ ඇතී තැනක් නොවේ නේද? බස්නායක නිලමේකමට පත්වනුයේ කෙසේද?
රෝයි ෆෙඩ්රික්ස් Friday, 26 July 2024 11:51 AM
හා හා හා නියමයි නියමයි. මහා බලගතු දෙවියෝ . ලොව පුරාම සිටින නරයන්ට කෙලෙසක පිහිට වෙද්ද? තමන්ගේ දේවාලය හොරුන්ට කඩන්න දීල බලාගෙන ඉඳල.මේ දෙවියෝ යදින බැතිමතුන් මහා ගොන් තඩියෝ . බුදුගුණ අලංකාරය කියවූ දේව භක්තිකයෝ කිසිවෙක් මෙලොව නැති බවයි පෙන්නේ.