ශුද්ධෝත්තම 16 වැනි ලියෝ පාප්තුමාගේ පිළිකා තත්ත්වය ගැන බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත්, එහි පැතිරීමක් දකින්න නොලැබෙන බවත්, පාප්තුමාට පිළිකා ප්‍රතිකාර අවශ්‍ය නොවන බවත් පාප්තුමන්ට ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරු පවසති.

පාප්තුමන්ගේ දකුණු පෙණහැල්ලේ පහළින් වූ පිළිකා ගැටිත්ත පසුගිය දා සැත්කමකින් ඉවත් කෙරුණු අතර, එහි පටක වැඩිදුර පරීක්ෂණවලට යොමු කෙරුණු බව වෛද්‍යවරු පැවැසූහ. පරීක්ෂණ වාර්තා මේ වනවිට ලැබී ඇති බවත්, එහි පැතිරීමක් දකින්න නොලැබෙන බවත්, වැඩිදුර ප්‍රතිකාර හෝ සැත්කමක් හෝ කිරීමට අවශ්‍ය නොවන බවත් වෛද්‍යවරුන් අවධාරණය කර ඇත.

පාප්වහන්සේගේ ප්‍රධාන ශල්‍යවරයා ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය ස්ටෙෆානෝ මාගරිටෝරා ය. පාප්තුමාගේ පෞද්ගලික වෛද්‍යවරයා වන්නේ ලුයිජි කාබෝනි ය. පාප්තුමාගේ සෞඛය තත්ත්ව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ දැනුවත් කළේ මෙම වෛද්‍යවරුන් දෙදෙනාය.

71 හැවිරිදි පාප්තුමා, පිළිකා ගැටිත්ත ඉවත් කිරීමේ සැත්කමට ලක් වූයේ පසුගිය 13 වැනිදාය. එම ගැටිත්ත පෙණහලු පිළිකා තත්ත්වයක් බව මූලික පරීක්ෂණවලදීම අනාවරණය විය. සැත්කම සිදු කළේ රෝමයේ ගෙමෙල්ලි රෝහලේදීය.

සැත්කමින් පසු සිවු දිනක් රෝහලේ සිටි පාප්තුමා වතිකානයට බලා ගොස් මේ වනවිට සුපුරුදු රාජකාරිවල නියැලෙමින් සිටී. ලබන නොවැම්බරයේ පාප්තුමා විදෙස් සංචාරයකට සහභාගී වීමට ද නියමිත බව වතිකාන වාර්තා පවසයි.